Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Game of Thrones රසිකයන් වෙනුවෙන් Apps 5ක්

ක්‍රියාදාම, රහසිගත සැලසුම් කිරීම්, ප්‍රබන්ධ සතුන් සහ ප්‍රේමය මෙන්ම අමුතු ප්‍රේමයන්ගෙන් ද පිරුණු කතා මාලාවක් වන Game of Thrones හෙවත් GoT කියන්නේ ලොව විශාල පිරිසකගේ හද බැඳි නූතන TV series එකක්. George R. R. Martin අතින් ලියැවුණු පොත් මාලාවක් මත ගොඩනැගුණු TV series එකක් නිසා මෙය වඩාත් ජනප්‍රිය වුණා.

Amino for Game of Thrones

චිත්‍ර, Memes බලන්නට සහ Chat කරන්නටත් අවස්ථාව (Google Play Store)

GoT රසිකයන් එකතු කරන සමාජ ජාලයක් බඳු මෙය එකිනෙකා අතර සම්බන්ධ වීම, GoT ගැන අදහස් බෙදාහදා ගැනීම, Fan fiction හෙවත් රසිකයන් විසින් සකසන ප්‍රබන්ධයන් සහ නිගමන, ඔවුන් නිර්මාණය කරන චිත්‍ර බලන්නට සහ GoT සම්බන්ධ මනාප පළ කිරීම් (polls)වලින් මෙය පිරී යනවා. මෙහි සිටින පරිශීලකයන් බොහොම සක්‍රීයව කටයුතු කරන නිසා අලුතින් ආපු Episode එකක් ගැන වුණත්, ක්ෂණික කතාබහකට යොමු වන්නට පුළුවන්. Chat rooms මෙන්ම තනිව Chat කිරීමටත් අවස්ථාව ඇති අතර ඔබ විසින් සකසන ලද Memes පවා මෙහි ‍Share කරගන්නට අවස්ථාව තිබෙනවා.

මෙම App එක සතුව ඔවුන්ගේම Wiki එකක් ඇති නිසා විවිධ චරිත, ප්‍රධාන කථාංග අවස්ථාවන්, පොත් ආදී ඊට සම්බන්ධ ‍හැමදෙයක් ගැනම දැනුම වර්ධනය කරගන්නට හැකියාව තිබෙනවා. ඔබේ GoT දැනුම වර්ධනය කරගන්නට ප්‍රශ්නාවලි පවා මෙහි ලබා දී තිබීම විශේෂත්වයක්.

බාගන්න: Android | iOS

Map for Game of Thrones

අන්තර්ක්‍රියාකාරී සිතියමක් (Google Play Store)

ලෝක සිතියමටත් වඩා GoT සිතියම අධ්‍යයනය කරන්නට කැමති අය මේ ඇප් එකට බොහොම ප්‍රිය කරාවි. එහි නමින් කියැවෙන්නාක් මෙන්ම මෙහි GoT කතා මාලාවේ විවිධ රාජ්‍යයන් පිහිටා ඇති ස්ථාන අනුව ගොඩනගන ලද සිතියමක් අන්තර්ගත වෙනවා. GoT පොත්වල චිත්‍රවලින් සහ TV Series එකෙහි තේමාවේ දී සිතියම බලනවාට වඩා මේ App එකෙන් සිතියම අධ්‍යයනය කරන එක විනෝදජනක යි. පොත් නොකියවූ කෙනෙක්ට ඇතැම්විට TV Series එකෙන් වැඩිය සිතට නොවැදුණු ප්‍රදේශ පවා මෙහි දැකගන්නට හැකි වේවි.

සිතියම මත tap කරමින් එම ස්ථාන පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්නට පුළුවන්. TV Series එකේ කිසියම් කොටසක් මතක නැත්නම් ඒවා නැවත සිහිපත් කරගන්නට ද මෙහි පහසුකම් සලසා තිබෙන අතර, පොත් මාලාව ගැන දළ විශ්ලේෂණයන් ද ඇතුළත් වෙනවා. විවිධ ප්‍රදේශ මෙන්ම චරිත පිළිබඳව විස්තර ද මෙහි අඩංගු කර තිබෙනවා.

බාගන්න: Android | iOS

A World of Ice and Fire

චරිතයක් තුළින් කතාව දකින්න (Google Play Store)

කතා මාලාව තුළ සිටින චරිත; කතාව සහ අන් චරිත පිළිබඳව දකින ආකාරය මේ App එ‍ක තුළ නිරූපණය කරනවා. මනබන්දන චිත්‍ර ද සමග GoT ප්‍රබන්ධ ලෝකය ගැන හැමදෙයක්ම ඉගෙන ගන්නට මෙය අවස්ථාව සලසනවා. චරිත 1000කට වැඩි ප්‍රමාණයක්, ස්ථාන 550ක් පමණ, ආගම්, කණ්ඩායම්, විවිධ සතුන් සහ ප්‍රධාන පවුල් පිළිබඳව සවිස්තර දත්ත ගෙන එන මෙය GoTවලට ඇබ්බැහි වූවන්ට සිත් බඳවන App එකක් වනු ඇති.

විවිධ චරිත සිතියම පුරා ගමන් කළ මාර්ග ජෝන් ස්නෝ, ටිරියන් ලැනිස්ට්ර්, ඩනේරිස් ටාගේරියන් වැනි තවත් චරිතයකට සාපේක්ෂව දැකගන්නට පුළුවන්. මෙහි නොමිලේ අත්හදා බැලීමට චරිත 8ක් පමණ ලබාදෙන අතර අනෙකුත් වැඩි විස්තර ලබා ගැනීමට ද මුදල් ගෙවා InfoPacks ලබාගත යුතු වෙනවා. බාගැනීම සඳහා මෙගාබයිට් 60ක් වැය වෙනවා.

බාගන්න: Android | iOS

Get Into the Books

පොත් තුළට පිවිසෙන්න

නිල වශයෙන් නිකුත් කරන ලද App එකක් වශයෙන් A Game of Thrones: Get Into the Books හඳුන්වා දෙන්නට පුළුවන්. එහි කතා මාලාව තුළ ඇති වැදගත් සහ සිත්ගන්නා සුළු අවස්ථාවන් ගොනු කරමින් TV show එකෙහි සහ පොත්වල තිබූ කොටස් උපුටා දක්වනවා. කථා ආරම්භයෙහි දකින්නට ලැබුණු වෘකයන්ගේ සිට ම මෙහි විස්තර අන්තර්ගත වන අතර, සවිස්තර සිතියමක් සමග විවිධ සිද්ධීන් අර්ථ නිරූපණය කරනවා. 

පොත් කියවන්නට අවස්ථාවක් නොලැබුණු කෙනෙක්ට මේ App එක හොඳ වාසියක්. සම්පූර්ණ පොත කියවන්නට ම ගතවන කාලය අවම කරගෙන කතාව තුළ ඇති වැදගත් කොටස් මින් ආවරණය කරගන්නට පුළුවන්. රූපවාහිනී කතා මාලාවෙන් දුටු දේවල් ‍ජෝර්ජ් R. R. මාර්ටින්ගේ අතින් ලියැවුණු හැටි කියවන්නට ලැබීම වෙනස්ම අත්දැකීමක් වනු ඇති. අවාසනාවකට මෙය ඇත්තේ iOS සඳහා පමණයි.

බාගන්න: iOS

Soundboard

විවිධ චරිතවල Quotes (Google Play Store)

සාමාන්‍යයෙන් චිත්‍රපටියක්, කතා මාලාවක් නැරඹුවාම අපි ප්‍රිය කරන චරිත කියපු දෙබස්වල වැදගත් කොටස් අපිට මතක හිටිනවා. ඇතැම් දෙබස් ඒ චරිතයට ම ආවේණික ඒවා යි. “Winter is coming” කියලා මුලින්ම නෙඩ් ස්ටාක් කියපු කතාව පසුව GoTවල tagline එක බඳු වූවා. GoT කතා මාල‍ාවේ මෙලෙස විවිධ චරිත විසින් කියන ලද වාක්‍ය චරිත රැසක් සමග Soundboard for Game of Thrones ඇප් එකෙහි අන්තර්ගත වෙනවා.

Text වශයෙන් පමණක් නොව මෙහි ශබ්දයන් ද අඩංගු කර තිබෙන නිසා ඔබේ ප්‍රියතම චරිතයේ quotes නැවත අසමින් රසවිඳින්නට පුළුවන්. GoTවලට පිස්සු වැටුණු යහළුවන් පිරිසක් හමුවුණු අවස්ථාවක දී මෙය ප්‍රශ්නාවලියක් ලෙස යොදාගෙන Game එකක් කරන්නත් පුළුවන්. Android සඳහා පමණක් ඇති මෙය බාගැනීමට වැය වන්නේ මෙගාබයිට් 18ක් පමණයි.

බාගන්න: Android

කවරය: hbo.com

Related Articles