Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගණිත ගැටළු පහසුවෙන් විසඳා දෙන ඇප්ස්

“ගණන් තමයි මගෙ හිතට වදේ” යන්න ගීත සාහිත්‍යයට ද යන්නට තරම් පොදු කාරණාවක්ව තිබෙනවා. කුඩා කාලයේදී අංකවලින් පමණක් සමන්විත වුණු ගණිතය පසුකාලීනව ඉංග්‍රීසි පීරියඩ් එකටත් වඩා ඉංග්‍රීසි අකුරු ගෙන එන දැවැන්තයෙක් බවට පත් වුණා. මේ කුමන බාධකය ආවත් ජීවිතයේ හැම දේකටම අවශ්‍ය වෙන ගණිත විෂය ඉගෙන ගත යුතු වෙනවා. නමුත් පාසලෙන් හෝ අධ්‍යාපනික ආයතනයෙන් ප්‍රශ්නාවලි ලබාදුන් විට ඒවායේ පිළිතුරු නිවැරදිද කියා දැනගන්නට, අපහසු ගණන් හදන හැටි ඉගෙන ගන්නට පසුදාක නැවත එහි යනතෙක් ම සිටිය යුතු වෙනවා.

තාක්ෂණය දියුණු අද කාලයේ, හුදෙක් ගණන කැමරාවට හසුකරගත් විට එය සජීවීව ම පියවර සහිතව විසඳන හැටි කියා දෙන ඇප්ස් බොහොමයක් බිහිව තිබෙනවා. මේ, ඇන්ඩ්‍රොයිඩ් වෙනුවෙන් එලෙස තිබෙන ඇප්ස් කිහිපයක්.

Photomath

ගණිත ගැටළු විසඳීමට පහසු ක්‍රමයක් ගෙන එන Photomath ඇප් එකේ කරන්නට තිබෙන්නේ අවශ්‍ය ගණිත ගැටළුවට එහි ඇති කැමරා දසුන යොමු කිරීම පමණයි. මෙය සතුව අත් අකුරු හඳුනා ගැනීමේ හැකියාව නිසා මුද්‍රිත ගණන් පමණක් නොව අතින් ලියන ලද ඒවා පවා පෙන්වා එය සුළු කරන ආකාරය පියවරෙන් පියවර ලබා ගන්නට පුළුවන්. අලුත් වෙළුමෙහි ගණිත සමීකරණයට අදාල ප්‍රස්ථාරය අඳින ආකාරය පවා පෙන්වා දෙන නිසා භාවිතයට තවත් පහසුයි.

Mathway

ගණිත ගැටළුවක් හදාගන්න බැරිවුණාම යාළුවෙක්ගෙන් මැසේජ් එකක් දාලා අහනවා වගේ Mathway ඇප් එකෙනුත් එහි සිටින assistant ගෙන් චැට් එකේම ප්‍රශ්නය ටයිප් කරලා අහන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඡායාරූපයක් අරගෙන එය විශ්ලේෂණය සඳහා යොමු කරන්න පුළුවන්. එවිට එහි පිළිතුර සහ කෙටි පියවර කිහිපයක් පෙන්වන අතර පූර්ණ පියවර ලබා ගැනීමට නම් මුදල් ගෙවා upgrade කරගන්නට සිදු වෙනවා. සුළු ගැටළු, වීජ ගණිතය, කලනය, සංඛ්‍යාන විද්‍යාව, රසායන විද්‍යාව, ප්‍රස්ථාර ඇතුළු පුළුල් පරාසයක ගැටළුවලට විසඳුම් මෙහි අඩංගු වෙනවා.

MyScript Calculator

කළු ලෑල්ලේ ලියපු දෙයක ඡායාරූපයක් ගැනීම අපහසු නම් හෝ ඉරුණු, පොඩිවුණු කොළයක ඇති ගණනක වර්ගමූල ලකුණු, බල නිරූපණය, ඔමෙගා ලකුණු වගේ දේවල් ටයිප් කිරීම අපහසුවක් වෙන්න පුළුවන්. එවන් අවස්ථාවලදී ඇප් එකේම ඒක ලියලා ගණනය කරවා ගන්න පුළුවන් නම් එය පහසුවක් වෙනවා. ඒ සඳහා MyScript Calculator ඇප් එක ඉවහල් වෙනවා. එහි ඔබට අවශ්‍ය ගැටළුව ලියා, වැරදුණහොත් ඉලක්කම් මත කුරුටු ගා මකා අවසානයේ Calculate බොත්තම තදකළ වහා ලියන ලද අකුරු, digital text බවට පත්වෙලා උත්තරයක් ලබා දෙනවා. ඊට පස්සේ ඔබ ලියපු ගණනත් එක්කම කොපි කරගන්නට, share කරන්නටත් අවස්ථාව ලැබෙනවා.

MalMath

Google Play Store

අන්තර්ජාලයට සබැඳෙන්නේ නැතිවම ගණිත ගැටළු විසඳා දෙන්නට Malmath ඇප් එක සමත් වෙනවා. ඔබ දෙන ලද ගැටළුවට සමාන ගැටළු තනිව විසඳමින් පුරුදු වෙන්නට කැමති නම් ඒ සඳහාත් එවන් සමාන ගැටළු ඔබට ලබා දෙමින් හුරු කරවන්නට මෙයට පුළුවන්. සාමාන්‍ය අංක පෑඩයට වඩා වෙනස් සිරස් අතට තිබෙන අංක පුවරුව හැරුණු කොට මෙහි වෙළඳ දැන්වීම්වත් නොමැති නිසා එය පූර්ණ සංඛ්‍යා, ව්‍යුත්පන්න, ත්‍රිකෝණ මිතිය, ලඝු ගණක ආදිය විසඳමින් භාවිතයට පහසු ඇප් එකක් බවට පත් වෙනවා.

MathAlly

Google Play Store

කාටිසීය තලවල සමීකරණ විසඳීම මූලික අවශ්‍යතාව වන විට දුරකතන තිරය මතට එන ප්‍රථම ඇප් එක වන්නේ MathAlly ඇප් එකයි. පරාමිතික සහ ධ්‍රැවීය ප්‍රස්ථාර, x හෝ y නොවිසඳුණ ද සමීකරණයට අදාල ප්‍රස්ථාරය ඇඳීම, අඳින ලද ප්‍රස්ථාර share කිරීම හෝ screenshot ගැනීම මෙහි විශේෂ ලක්ෂණ වන අතර නොමිලේ ලබාදෙන වෙළුමෙහි වරකට ඇඳිය හැකි ප්‍රස්ථාර ගණන සමීකරණ තුනකට සීමා වෙනවා. එනමුත් මෙය අන්තර්ජාල සබඳතාවක අවශ්‍යතාවකින් තොරව ක්‍රියාත්මක වීම සහ වෙළඳ දැන්වීම්වලින් තොර නිසා අනවශ්‍ය බාධාවන්ගෙන් තොරව සිත එකඟව වැඩ කිරීමට අවස්ථාව ලැබෙනවා.

ඔබ වැඩිපුරම කැමති මින් කුමන ඇප් එකට ද?

කවරයේ ඡායාරූපය: phandroid.comapps-to-solve-maths-problems-easily

Related Articles