Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හොඳම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස්: 2019 පෙබරවාරි

Android Play Store එක වෙතට එකතුවන ඇප්ස් අතුරින් වඩාත්ම හොඳ ඒවා අපි මාසිකව ගෙන එනවා. මේ ලිපිය එනතෙක් පුල පුලා බලා සිටි ඔබට පෙබරවාරි මාසය සඳහා අප තෝරාගත් ඇප්ස් කිහිපයයි මේ.

Instagram බලගන්වන GBOX

පහසුකම් රැසක් එක්තැන් කරමින් පරිශීලක නම දුන්විට DP එක විශාලව වෙන්වන විශේෂාංගයක් ද ගෙන එයි  (Google Play Store)

Instagram බොහොම කැමැත්තෙන් පාවිච්චි කරන ඔබ සතුව ඒ වෙනුවෙන්ම වුණු Apps කීයක් තිබෙනවා ද? Caption හදන්න, Font දාන්න, ඡායාරූප සංස්කරණය කරන්න, Repost කරන්න විවිධ ඒවා ඔබ ස්ථාපනය කරගෙන තබාගෙන ඇති. ඒ සියල්ලම වෙනුවට එකක් පාවිච්චි කරන්නට තිබුණා නම් ෆෝන් එකේ ඉඩත් ඉතිරි කරගෙන slow වෙන එකත් අඩු කරගන්නට පුළුවන්. GBox ඇප් එක සතුව ඒ හැමදේම තිබෙනවා.

Lollipop Instagramවලට Panorama ආකාරයේ ඡායාරූප දාන්න නොදෙන නිසා ඇතිවන අපහසුතාව වළක්වා ගන්න මෙමඟින් තනි ඡායාරූපය තුනක් බවට පත් කර, තනි post එකකින් දාන්න අවස්ථාව දෙනවා. දිගු වීඩියො තත්පර 15කට අඩු කරගන්නට, Repost කරන්නට, ස්වයංක්‍රීයව හෑෂ්ටැග් සහ Captions ලබා දෙන්නට එයට පුළුවන්. ඔබේ Account එකට ගියාම එකම ඡායාරූපය, ඡායාරූප 9කින් පෙන්වන trick එක කරන්න ඔබ මීට කලින් ගොඩක් මහන්සි වෙන්නට ඇති. නමුත් මෙහි එය බොහොම පහසුවෙන් කරන්නට විශේෂාංගයක් ලබා දී තිබෙනවා. Play Store එකෙහි 4.7ක rating අගයක් ලැබූ මෙය බාගැනීමට මෙගාබයිට් 39ක් වැයවෙනවා.

බාගන්න: Gbox – Toolkit for Instagram

දුරකතන ඇබ්බැහියෙන් මිදෙන්න ActionDash

දෛනික සහ සතිපතා දත්ත දර්ශනය (Google Play Store)

Android 9.0 Pie හඳුන්වාදෙද්දී ගූග්ල් සමාගමේ මූලික පරමාර්ථකයක් වූයේ ඩිජිටල් යහපැවැත්ම හෙවත් තාක්ෂණික උපාංගවලට වූ ඇබ්බැහිවීම් හරහා ලොව පැනනැඟී ඇති ගැටළු මඟහරවාලීම යි. නමුත්, මේ විශේෂාංගය ඔවුන් තවමත් ලබාදෙන්නේ Google Pixel සහ Android One දුරකතන මාදිලි සඳහා පමණ යි. Pixel පෙනුමැති Action Launcher එක ගෙන ආ නිෂ්පාදකයන් විසින්ම සකසා ඇති ActionDash ඒ පහසුකම් අනෙක් දුරකතනවලටත් ගෙන එනවා.

Lollipop වලින් ඉහළ දුරකතනවල ධාවනය වන මෙමඟින් දෛනිකව සහ සතිපතා අප විසින් Apps පාවිච්චි කළ කාල ප්‍රමාණයන්, දුරකතනය Unlock කළ වාර ගණන, පැමිණි Notifications ප්‍රමාණය සවිස්තරව බලාගත හැකියි. මෙහි ඇති විශේෂත්වයක් වන්නේ, බැටරිය භාවිතා කරමින් Background run නොවීම යි. Lollipop වලින් පසු ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය අපිටත් නොකියා මේ දත්ත තබාගෙන සිටිනවා. ඒවා පෙන්වීම පමණයි මේ ඇප් එකෙන් සිදුවන්නේ. එසේම, එම දත්ත ඔවුන් එක් රැස් කිරීම හෝ වෙනත් පාර්ශවයකට ලබාදීමක් සිදු නොකරන බවයි පවසන්නේ. බාගත කිරීමට වැයවන්නේ මෙගාබයිට් 5.4 යි.

බාගන්න: Action Dashboard

පරිගණක අගුළු ඇඟිලි සලකුණෙන් හැරදෙන Remote Fingerprint Unlock

ගිණුම් එක් කිරීම හා පෙළගැස්වීම (Google Play Store)

ලැප්ටොප් එකක් මිල දී ගන්න ගියාම ඇඟිලි සලකුණු ආරක්ෂාව තිබෙන එකක් ඔබේ අතේ තියෙන මුදලට වඩා වැඩි නිසා අතහැර සාමාන්‍ය එකක් ගන්නට ඇති. ඩෙස්ක්ටොප්වලට නම් FingerPrint තවමත් සිහිනයක්. නමුත් අඩුමිල ෆෝන්වලත් තිබෙන මේ පහසුකම පරිගණකයට නැති එක ගැන දුක් වුණා නම්, Remote Fingerprint Unlock ඇප් එක ඒ පහසුකම පරිගණකයට එක් කරනවා.

පහත ඇති Link වලින් ඇප් එක සහ වින්ඩෝස් Client මෘදුකාංගය ස්ථාපනය කරගැනීමෙන් පසුු, පරිගණකය අගුළු ලන්න (කෙටිමඟ: Windows යතුර + L). එවිට මෘදුකාංගය පරිගණකය මත සක්‍රීය වෙනවා. දැන්, ඇප් එකෙහි වම් පස මෙනුවෙන් Scan යන්න තෝරන්න. එවිට එය ඔබේ පරිගණකය එක් කරගන්නා අතර එතැන් පටන් දුරකතනයේ ඇඟිලි සලකුණු සංවේදකයෙන් පරිගණකයේ අඟුළු හරින්නට හැකි වෙනවා. නොමිලේ ලබා දෙන්නේ තනි පරිගණකයක් සඳහා පහසුකම් පමණක් වන අතර මෙය ප්‍රසිද්ධියේ පාවිච්චි කරන පරිගණක සඳහා අප නිර්දේශ කරන්නේ නැහැ.

බාගන්න: Android app | Windows client

පැරණි ක්‍රමයට වීඩියෝ හදන්න VHS Camcorder Lite

විශාල බොත්තම් සහිත අතුරුමුහුණත (Google Play Store)

ඉස්සරම විශාල VHS පටියක් ඩෙක් එකට දාලා ඒකෙන් මැදින් ඉරි යන, පැත්තකින් දිනය සහ වේලාව පෙන්වන හිටපු සියල්ලම නැති වී, පුංචි කාලයේ හිතපු විධියට screen එකේ “කූඹි ගිහින්” කළු-සුදු තිත් ඇවිල්ලා බොහොම අමාරුවෙන් වීඩියෝ නරඹපු කාලය සමහර විට ඔබටත් මතක ඇති. ඒ වගේ වීඩියෝවල මතකයන් යළි සිහිගන්වන ඇප් එකක් තමයි VHS Camcoder Lite කියන්නේ. මෙය ඇවිත් දැන් ටිකක් කාලයක් නමුත් මෑතක දී තමයි නොමිලේ බාගන්නට අවස්ථාව දුන්නේ. නෙළුම් කුළුණ වගේ අලුත් ගොඩනැගිලි මේ වගේ Effect එකකින් වීඩියෝ කළාම, ඔබ පැරණි කැමරාවකුත් අරගෙන අනාගතයට කාලතරණය කරපු කෙනෙක් වගේ පෙනේවි. නැත්නම්, යාළුවො රවට්ටන්න බොරු CCTV දර්ශනයක් මින් හදාගන්නටත් පුළුවන්. මෙහි UI එකේ තිබෙන විශේෂත්වයක් තමයි, පැරණි කැමරාවක වගේම Zoom කරන්නට, රෙකෝඩ් කරන්නට විශාල ප්‍රමාණයේ බොත්තම් තිබීම. ඉතින් ඒ කාලේ අත්දැකීම එලෙසින්ම ලබන්නට මේ සමග පුළුවන්. බාගැනීමට මෙගාබයිට් 3 යි වැයවන්නේ.

බාගන්න: VHS Camcoder Lite

දුරකතන තිරය ස්වයංක්‍රීයව හැඩගන්වන Redpapers

යෙදුමේ සරල අතුරුමුහුණත (Google Play Store)

ඔබ අන්තිම වතාවට ෆෝන් එකේ Wallpaper එක වෙනස් කළේ කවද්ද? සමහරු ෆෝන් එකට default ආපු එක තවමත් තියාගෙන ඇති. ෆෝන් එක unlock කරද්දි ඔබව පුදුම කරවමින් wallpapers මාරු කරදෙන ඇප් එකක් තමයි Redpapers කියන්නේ. මෙහි නමේ විශේෂත්වයක් තිබෙනවා. ඔබ Reddit වෙබ් අඩවියේ ෆෑන් කෙනෙක් නම් එහි විවිධ මාතෘකා යටතේ පළවන ඡායාරූප ගැන දන්නවා ඇති. මේ ඇප් එකෙන් කරන්නේ ඔබ දෙන ලද r/ එකක් යටතේ ඇති ඡායාරූප දුරකතන තිරය මතට ගෙන ඒම යි.

ඡායාරූප වෙනස්වීම සඳහා විනාඩි 10, පැයක්, දිනයක් හෝ සතියක් වැනි කැමති කාල ප්‍රාන්තරයක් සහ හැමෝම කැමති එකක් හෝ අලුතින්ම පළවුණු එකක් ද යනා දී ලෙස පෙරහන් සකසන්නට පුළුවන්. App එක විසින් නිර්දේශිත චැනල වන්නේ wallpapers, mostbeautiful, earthporn, space, skyporn, art යනාදිය යි. ඇතැම් දුරකතනවල මෙය ධාවනය වීමේ ගැටළු ඇති වෙනවා නම් battery saving සැකසුම් වලින් මේ ඇප් එක ඉවත් කරන්න.

බාගන්න: RedPapers

කවරය: Play Store

Related Articles