හොඳම සහ නොමිලේ දෙන ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් – 2019 ජුලි

Play Store එකට මෑතක දී එක් වුණු Cinemagraphs සැකසීමට apps, Launcher එකක්, Wallpapers මාරු කරන්න App එකක් ඇතුළු නොමිලේම ලබා ගත හැකි හොඳම Apps ටිකක් අප ‍ගෙවුණු මාසය වෙනුවෙන් තෝරාගත්තා.

චලනය වන ඡායාරූප හදන්න Enlight Pixaloop

සාමාන්‍ය, ස්ථිර ඡායාරූපවලට වඩා දැන් Trend එක ඡායාරූපයේ එක් කොටසක් අඛණ්ඩව චලනය වන ආකාරයට සැකසීම යි. මේවා හඳුන්වන්නේ Cinemagraphs කියා යි. ඉතා පහසුවෙන් අහස, ජලය වැනි කොටස් තෝරා Animate කරවීමට මෙම App එක මඟින් අවස්ථාව දෙන අතර හිම, වළාකුළු චලන, සමනල්ලු වැනි Overlays මඟින් ඊට තවත් පෙනුමක් එක් කරගත හැකි වෙනවා.

App එක විවෘත කළාම Tutorial එකක් මඟින් ඡායාරූප චලනය කරන ආකාරය කියා දෙනවා. අනතුරුව ඡායාරූපයේ චලනය විය යුතු කොටස් (Path) සහ ඒ අතර ඇති නොසෙල්විය යුතු කොටස් (Anchor) පවා අපට ලකුණු කිරීම පමණක් කළ යුත්තේ. ඉතිරි ටික App එක බලාගන්නවා. සකසා ගත් නිර්මාණ Export කරද්දි මෙහි සීමාවන් තිබුණත් වෙනත් Appsවල මෙන් අඩු quality එකක් සහිත GIF මින් නොලැබීම විශේෂයක්.

මෙය බාගත කර ගැනීමට මෙගා බයිට් 88ක් වැයවන අතර, ඇතැම් දුරකතනවල ක්‍රියා නොකරන නිසා පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසය සඳහා අප හඳුන්වාදුන් StoryZ ඔබට භාවිතා කළ හැකියි.

බාගන්න: Enlight Pixaloop

Apps දෙකක් එකවර භාවිතයට Shortcuts හදන Split Screen Launcher

ඇන්ඩ්‍රොයිඩ්වල දැන් තිරය දෙකට බෙදා එක්වර Apps දෙකක් පාවිච්චි කිරීමේ හැකියාව තිබෙනවා. මේ නිසා Gmail සමග Slack, Facebook සමග Chrome වැනි Apps එක්වර විවෘත කරගෙන පහසුවෙන්ම වැඩ දෙකක් එක්වර කරන්නට පුළුවන්. නමුත් ඔබ නිරන්තරයෙන් එකම Apps දෙකක් විවෘත කරනවා නම් එය කිරීම කරදරයක් බව ඔබ දන්නවා. මෙයට අපූරු විසඳුමක් Split Screen Launcher එක ගෙන එනවා.

මෙහි නම Launcher නමුත්, එය Launcher එකක් නොවෙයි. ඔබට එක්වර විවෘත වීමට අවශ්‍ය Apps දෙක තෝරා දුන් විට ‍ඒවා Home screen එකට Shortcut එකක් ලෙස එක් වෙනවා. තවමත් නිර්මාණය වෙමින් පවතින්නක් නමුත් දැනටම එය අත්විඳින්නට හැකියාව තිබෙනවා. විවෘත කේත මෘදුකාංගයක් නිසා එහි කේතය ඔබට GitHub එකෙන් බලන්නටත් පුළුවන්.

බාගන්න: Split Screen Launcher

සරල Launcher එකක් සොයපු ඔබට Shade Launcher 

Work Profile එකකුත් තිබෙන නිසා ඔෆිස් එකට වෙනම Apps ටිකක් යොදාගන්න පුළුවන් (Google Play Store)

ඔබ Root Launcher එක පාවිච්චි කර තිබෙනවා ඇති. Shade Launcher ගෙන එන්නෙත් එහි නිර්මාණකරුවාම යි. ඉතා සරල, සැහැල්ලු සහ පැහැදිලි Design එකක් ගෙන එන මෙය EMUI, One UI, MIUI මඟින් ලැබෙන default launcher එකට ප්‍රිය නොකරන අයගේ පාවිච්චියට වඩාත් උචිත යි.

සැහැල්ලු නමුත් කැමති Icon pack එකක් යෙදීමේ හැකියාව, Themes සහ Plugins මඟින් තවත් හැඩවැඩ එක් කර ගැනීමේ හැකියාව, App එකක Icon එක මත ටැප් කරගෙන සිටි විට Shortcuts විවෘත වීම, Apps වර්ගීකරණය කළ හැකිවීම ආදී විශේෂාංග රැසක් මේ සමග ලැබෙනවා. බාගත කිරීමට වැය වන්නේ ද 1.9ක් වන අතර Ads කිසිවක් නොමැතිව නිදහස් අත්දැකීමක් විඳගන්නට හැකි වෙනවා.

බාගන්න: Shade Launcher

Always-On-Display වෙත Notification LED එකක් ගෙන එන aodNotify

Notch සඳහා මෙන්ම Hole punch සඳහා ද ක්‍රියා කරයි (Google Play Store)

දුරකතනවලට මුහුණත පුරාම විහිදුණු තිරයක් ලැබෙන්නට පටන් ගැනීමත් සමග එකල තිබුණු වටිනා විශේෂාංගයක් වන LED Notification එකත් නොදැනීම ගිලිහී ගියා. මුල් කාලීනව Samsung S6 වැනි දුරකතනවල තිබූ මෙය එකල බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගත් විශේෂාංගයක් බවට පත් වුණා. මේ ගැටළුව විසඳමින් Always-On-Display හෙවත් AOD සහිත දුරකතනවලට LED Notifications ලබා ගන්නට මේ ඇප් එක සහාය වෙනවා.

මෙහි Notifications පෙන්වන ආකාර කිහිපයක් තිබෙනවා. Hole punch හෝ Infinity-U ඉදිරිපස කැමරාව වටේ දාරය වර්ණවත් වීම, අලුත් Notifications වලදී දුරකතනයේ තිරයේ දාරය වර්ණවත් වීම මඟින් ඉක්මනින් ඔබේ අවධානය යොමුවන ආකාරයේ දැනුම්දීමක් ලබා දෙන්නට මෙයට හැකියාව තිබෙනවා. Notifications ලැබිය යුතු Apps අපට select කරන්නට පුළුවන්. මෙය දැනට ක්‍රියාත්මක වන්නේ M30, A6, A7, A8, A9, A30, A50, A70, A80 සහ S7 වලින් ඉහළ දුරකතනවල පමණ යි. බාගත කිරීමට වැයවන්නේ මෙගාබයිට් 1.7ක් පමණයි. Adsවලින් ද තොරයි.

බාගන්න: aodNotify

පහසුවෙන් Wallpapers මාරු කරන්න PaperSplash

පහසුවෙන් තෝරාගැනීමේ හැකියාව (Google Play Store)

ෆෝන් එකට හොඳ Wallpaper එකක් හොයාගන්න එක ටිකක් අමාරු වැඩක්. ‍ගොඩක් වෙලාවට සොයා ගන්නා ඒවා ලස්සන නමුත් Resolution අඩු නිසා ෆෝන් එකට ගැලපෙන්නේ නැති නිසා බොඳ වෙනවා, නැත්නම් Crop වෙනවා. මේ කිසිම කරදරයකින් තොරව Adsවලින් වධ දෙන්නේත් නැති App එකක් වන PaperSplash මඟින් ඉතා සරල අතුරුමුහුණතක් හරහා ෆෝන් එකට Wallpapers දාගන්න උදව් වෙනවා.

දිනපතා හොඳම Wallpapers මෙහි ඉදිරිපත් කරන අතර ඊට අමතරව ඔබ කැමති වර්ගයක එකක් Search කර ලබා ගන්නට පුළුවන්. ඔබේ දුරකතනයේ වර්ණයට ගැලපෙන පරිදි Wallpapersනුත් වර්ණය අනුව Filter කළ හැකි නිසා උපරිම පෙනුමක් ලබා ගන්නට හැකි වෙනවා. මෙය බාගත කරගැනීමට මෙගාබයිට් 14ක් වැය වෙනවා.

බාගන්න: PaperSplash 

ඔබ දැනට ෆෝන් එකේ දාගෙන ඉන්න Wallpaper එක මොකක්ද?

Related Articles