Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හොඳම ඇන්ඩ්‍රොයිඩ් Apps- 2019 මාර්තු

දිනෙන් දින PlayStore වෙතට එකතු වෙන අපූර්ව Apps අතරින් බොහොම ප්‍රවේශමට වටිනා කියන අලුත්ම ඒවා කිහිපයක් මේ මාසය වෙනුවෙන් අපි තෝරාගත්තා. එදිනෙදා වැඩ පහසු කරන්නට මෙන්ම, දුරකතනයකට කළ හැකි දේවල් නවමු මානයකට ගෙන යන්නට මේ Apps උපකාර වන හැටි පුදුමාකාර යි.

Apps පරිවර්තනය කරන්න Language Navi

භාෂාව තෝරා, අවශ්‍ය ඇප් එක මෙතැනින් විවෘත කරන්න (Google Play Store)

Google Translator මඟින් වෙබ් අඩවිවල භාෂාවන් පරිවර්තනය කරන්නට හැකි නමුත්, App එකක් පරිවර්තනය කිරීමේ හැකියාවක් එයට නැහැ. Play Store සතුව ඇති ඇතැම් වටිනා Apps වෙනත් භාෂාවලින් තිබෙන අතර, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ඒවා පවා භාවිතය පහසු කරගන්නට එය පරිවර්තනය කර ගැනීම පහසුවක් වෙනවා. මෙම Language Navi ඇප් එක Google Translator API එකම පාවිච්චි කරන නිසා සිංහල භාෂාව ද ඇතුළු භාෂාවන් රැසක් මෙහි අන්තර්ගත වෙනවා. මෙය ක්‍රියා කරන්නේ තිරය මතට ලැබෙන ලේබල් (වචන) මත අලවන ලද නව ලේබල් මඟිනුයි. App එකක් Scroll කරද්දී මෙය හොඳින් දකින්නට පුළුවන්. තිරය මත අලුතින් මතුවන ලේබල් එය නැවතත් පරිවර්තනය කරන්නට පටන් ගන්නවා. බොහෝ දුරට, Google Translator සතු කැමරාව වෙනත් භාෂා කැමරාව මතට ම පරිවර්තනය කරමින් පෙන්වන්නාක් වගේ යි.

App එක ස්ථාපනය කිරීමෙන් පසු එහි ඉහළ ඇති Error එක ක්ලික් කළා ම එය Accessibility සැකසුම් වෙත අපව රැගෙන යනවා. එහි තිබෙන Language Navi වෙත ගොස් සබල කිරීමෙන් පසුව යි ක්‍රියාකාරීත්වය ඇරඹෙන්නේ. අනතුරුව නැවතත් ඇප් එකට ගොස් එයින් ඔබට අවශ්‍ය App එක Launch කරන්න. සිංහලවල නම් අකුරු ප්‍රමාණ මඳක් විශාලත්වයෙන් වැඩි යි. නමුත්, භාවිතයට එය එතරම් ම ගැටළුවක් වන්නේ නැහැ. මොබයිල් ක්‍රීඩාවලට නම් OCR සක්‍රීය කිරීමට ගෙවීම් කරන ලද වෙළුම ලබා ගන්නට සිදුවෙනවා. බාගත කරගන්නට වැය වන්නේ මෙගාබයිට් 2.9ක් පමණ යි. අලුතින් භාෂාවක් ඉගෙන ගන්නා කෙනෙක්ට වුවත් මින් විනෝදයක් ලබමින් ඉගෙනුම් කරන්නට අවස්ථාව ලැබෙනවා.

බාගන්න: Language Navi

පහසුවෙන් වීඩියෝ සකසන්න YouCam Video

ඡායාරූප ගැනීම සඳහා ප්‍රසිද්ධ ඇප් එකක් වන YouCam Perfect නිෂ්පාදකයන් විසින්ම ගෙන එන මෙය වීඩියෝ සැකසීම අරමුණු කරගත් එකක්. වීඩියෝ කිහිපයක් එක් කිරීම, ඡායාරූප මෙන් වීඩියෝවල කොටස් Crop කිරීම, Trim කිරීම, ඡායාරූප රැසක් යොදා Time lapse වීඩියෝ සැකසිය හැකි වීම, වේගය වෙනස් කරමින් Slow motion හෝ වේගවත් විඩියෝ සැකසීම මෙහි මූලික ලක්ෂණ අතරට එක් වෙනවා. සැකසුම් Templates ලෙස තබාගත හැකි නිසා ඒවා නැවත වීඩියෝවලට යොදමින් සැකසිය හැකි වීම කාලය ඉතුරු කරනවා. වීඩියෝ සඳහා මෙහි Filters යොදන්නට පුළුවන්. වර්ණ වෙනස් කරමින් වඩාත් වැඩි වින්දනයක් එක් කළ හැකි අතර, කැමරාව එතරම් හොඳ නැති දුරකතනයකින් පවා ඉහළ ගුණාත්මක බවකින් යුතු වීඩියෝ සකසන්නට මින් අවස්ථාව ලැබෙනවා.

Caption, උපසිරැසි ආදිය එක් කරන්නට පුළුවන් නිසා ඔබ ප්‍රියතම වීඩියෝවක් අරගෙන එය meme එකක් වගේ හාස්‍යජනක බවට පත් කරමින් දුරකතනය තුළින්ම සකසා ගන්නට පුළුවන්. නැතහොත්, එය ඔබේ වීඩියෝවක කතෘ අයිතිය රැකගන්නට පාවිච්චි කරන්නට පුළුවන්. බාහිර ශබ්ද ඉවත් කර ගීත එක් කළ හැකිවීම සහ HD වීඩියෝ YouTube, Instagram සේවාවන්ට ගැළපෙන සේ Share කරන්නටත් පුළුවන්. බාගත කරගැනීමට මෙගා බයිට් 64ක් වැය වෙනවා.

බාගන්න: YouCam Video

ඕනෑ හැටියට මැනගන්න Moasure

මනින ලද දේ සටහන් කර තබා ගන්නටත් පුළුවන් (Google Play Store)

ඉංග්‍රීසියෙන් මැනීම හෙවත් Measure යන වචනය මඳක් කළ මේ App එක ටිකක් පරණයි. හැබැයි, Paid එකක්ව පැවතී දැන් නොමිලේ ලබා ගත හැකි එකක් බවට පත්වූයේ මෑතක දී යි. යන යන තැන අඩිරූල් ඇතුළු කවකටු පෙට්ටියම අරගෙන යනවා වෙනුවට නිතරම ළඟ තිබෙන ෆෝන් එකෙන් පහසුවෙන් ඔබ අලුතෙන් හදන ගෙදර බිත්ති මැනගන්න මේ App එක උපකාර වෙනවා. බාස් කෙනෙක්ට කතා කරන්න ගියාම, මිනුම් කරගන්නට ඔවුන් වෙනම දවසක් වැය කරනවා. ඉන්පසු නැවත කතා කරගැනීමේ ගැටළුව පමණක් නොව ඔවුන් නිසි ආකාරව මිනුම් කළා ද යන්න ඔබට ගැටළුවක්. එයට විසඳුමක් තමයි Moasure කියන්නේ. ටේප් එකක්, අඩිරූලක්, කෝණමානයක්, ගෝනියෝමීටරය හෙවත් මුලු මැනීමට ගන්නා තලකෝණමානය මෙහි තනි ඇප් එකකින් පාවිච්චි කරන්නට පුළුවන්. 10cm සිට 300m දක්වා දිග මැනීමට, රවුම් හැඩැති ගැටිති මඟහැර (කාමර ආදියෙහි) මැනීම් සිදුකිරීම, ලේබල් එක් කිරීම හා මිනුම් නැවත බැලීමට save කළ හැකි වීම මෙහි විශේෂත්වයන් වෙනවා. මීටර් හෝ අඩි ලෙස ඔබට හුරු මිනුම් ක්‍රමයකින් අගයයන් ලබා ගත හැකි නිසා තමන්ගේ පහසුව අනුව භාවිතයට ගන්න පුළුවන්. මේ සඳහා ඇතැම්වායේ මෙන් අන්තර්ජාල භාවිතයක් අවශ්‍ය නොවන අතර, 1% සිට 3% දක්වා වූ අවම දෝෂයන් සමග මිනුම් කරන්නට පුළුවන්.

බාගන්න: Moasure

ඡායාරූපවලට මතකයන් එක් කරන Auto Stamper

ඉස්සර කාලේ කැමරාවල ඩිජිටල් තොරතුරු තබා ගැනීමක් නොකළ නිසා (සහ මුද්‍රණය කරන ලද ඡායාරූප බැලීම ප්‍රචලිත නිසා) ඒවායේ තොරතුරු ඡායාරූපය මත ම සඳහන් කරන්නට සිදුවුණා. නමුත් නූතන ඡායාරූපවල අපිට දිනය බලන්නට සාමාන්‍ය ක්‍රමයේ දී, ඡායාරූපයක් පාසා එහි Info වෙත ගොස් ඉන් දිනය සහ ස්ථානය ආදී දත්ත (metadata) බලන්නට සිදුවෙනවා. ඒ වෙනුවට, ඉස්සර වගේ ම පින්තූර මතට දිනය සහ වේලාව ‍පමණක් නොව, ස්ථානය, ඡායාරූපයේ අයිතිය සම්බන්ධ තොරතුරු ඇතුලත් කළ හැකි Auto Stamp සතු විශේෂත්වයක් වන්නේ එය දුරකතනයේ තිබෙන default කැමරා App එක මත ම ක්‍රියාත්මක වීම යි. මේ නිසා වෙනත් ඇප්වල වගේ ඇප් එක තුළ ඇති කැමරාවකින් ඡායාරූප ගැනීමට නව පුරුද්දක් ඇති කර ගත යුතු නැහැ. මෙහි ඇති ස්විචය වරක් සබල කර තැබීමෙන් පසු, ඔබ ඡායාරූප ගනිද්දී ඒ මත අදාළ ‍තොරතුරු දර්ශනය වන ආකාරය දැකගත හැකියි. Font එක, වර්ණ, ඡායාරූපයේ අකුරු අඩංගු විය යුතු ස්ථානය හා Transparent බව වැනි සැකසුම් කිරීමට අවස්ථාව තිබෙනවා. බාගැනීමට වැය වන්නේ මෙගාබයිට් 21 යි.

බාගන්න: Auto Stamper

නොඇසෙන ශබ්ද ළඟට ගෙනැ එන Sound Amplifier

ශබ්දය අවශ්‍ය පරිදි හසුරුවා ගත හැකියි (Google Play Store)

සාමාන්‍යයෙන් අපි හෙඩ්සෙට් එක දාගන්නේ බාහිර ලෝකයෙන් මිදිලා සංගීත ලෝකයේ අතරමං වෙන්නට යි. Sound Amplifier ඇප් එක එහි අනෙක් පස විශේෂාංගයක් ගෙන එනවා. ඉන් කරන්නේ හෙඩ්සෙට් එක පැළැන්දාම එහි ඇති මයික්‍රොෆෝනය පාවිච්චි කරමින් බාහිරින් එන ශබ්ද වඩාත් හොඳින් ඇසෙන්නට සැලැස්වීම යි. ඔබ ඝෝෂාකාරී පරිසරයක සිට තවත් කෙනෙක් එක්ක කතා කරනවා නම් මහා සද්දෙට කතා කරනවා වෙනුවට දෙන්නා මේ ඇප් එක දාගත්තා නම් දුරකතන ඇමතුමකට මුදල් හෝ ‍ඩේටාවලට මුදල් වැය නොකර මේ ඇප් එක යොදාගෙන සෙමින් කතා කළාම හරි. එහෙමත් නැත්නම්, ශ්‍රවණාබාධ උපාංගයක් ලබාගන්නට ආර්ථික අපහසුතා ඇති කෙනෙක්ට බාහිර ශබ්ද තීව්‍ර කොට කණට ලබා ගන්නට මෙය පාවිච්චියට ගන්නට පුළුවන්. බාහිර ඇති අනවශ්‍ය ශබ්ද කපා හරිමින් කටහඬ වඩාත් හොඳින් මෙය ලබා දෙන නිසා noise ඇතිවීම් වැළකී යනවා. මෙය ඇතැම් දුරකතන සඳහා සහාය නොදක්වන අතර බාගැනීමට මෙගාබයිට් 3යි වැය වන්නේ.

බාගන්න: Sound Amplifier

කවරය: kkomando.com

Related Articles