Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හොඳම ඇන්ඩ්‍රොයිඩ් Apps – 2019 මැයි

දිනපතා Play Store වෙතට එකතු වන දස දහසක් වූ Apps අතරින් වෙනදා වගේම අප මේ මාසයටත් හොඳම Apps ටිකක් ඔබ වෙනුවෙන් තෝරා ගත්තා.

සින්දු අහන්න Omnia

ෆෝන් එකත් එක්ක ලැබෙන Player එක සාම්ප්‍රදායික විශේෂාංග එක්ක ලැබෙන නිසා ඉන් වැඩි ප්‍රයෝජනයක් ගන්නට බැහැ. සමහර සින්දුවල සද්දෙ බොහොම අඩු යි – තවත් ඒවායේ බොහොම වැඩියි. ඉතින් play වෙද්දි සින්දුවක් පාසා Volume හදන්න සිද්ධ වෙනවා. තවත් සින්දුවල සින්දුවේ අග කොටසේ නිහැඬියාවක් තියෙන නිසා ඊළඟ එකට මාරු වෙන්න ගොඩක් වෙලා යනවා. ඇස් පියාගෙන නිදහසේ සින්දු අහගෙන ඉඳිද්දි මෙහෙම දිගු නිහැඬියාවක් ආවාම සින්දු ඉවර වෙලාද කියලා ෆෝන් එක අතට අරගෙන බලන්න ගියාම මූඩ් එක විනාස වෙනවා. Omnia මේ ප්‍රශ්න ඔක්කොම විසඳනවා. හැම සින්දුවක්ම එකම Volume එකකට ගෙන එන්නට සහ සින්දු අතර පරතරය නැති කරන්න එයට පුළුවන්.

ඉතා හොඳ ශබ්ද ප්‍රතිදානයක්, බෑන්ඩ් 10ක equalizer එකක්, නින්ද ගියාම සින්දු Auto නවතින සේ සැකසීමට Timer එකක්, හඬ පාලක (voice commands) මෙන්ම Chromecast සහාය ද තිබෙනවා. හොඳම දේ, මෙහි Ads නැහැ. ඒ වගේම මේ සියළු දේ සහිත Omnia ඇප් එක මෙගා බයිට් 5ක් තරම් කුඩා යි.

බාගන්න: Omnia music player

Notch තියෙන අයට Battery Notch

ඕනෑම දුරකතනයකට ගැලපෙයි (Google Play Store)

ඔබේ දුරකතනයේත් Notch එකක් තිබෙනවා නම් ඉන් කැමරාවට අමතරව තවත් ප්‍රයෝජනයක් ගන්න මේ ඇප් එක ඉඩ සලසනවා. මෙමඟින් කරන්නේ Notch එක වටා වර්ණ ගන්වමින් බැටරියේ ප්‍රමාණය එහි දැක්වීමයි. එවිට Notification bar එකේ බැටරිය සඳහා වැයවන ඉඩ ඉතිරි කරගෙන Notch එක ඒ සඳහා යොදාගන්නට හැකි වෙනවා.

මෙහි ඇති විශේෂත්වයක් වන්නේ දුරකතනයට ගැලපෙන පරිදි සහ දුරකතනය විවිධ අතට හරවද්දීත් එය නිවැරදිව පෙන්වන ආකාරයට අපටම සකසා ගත හැකි වීම යි. එනිසා ඔබට තිරය මැද සිදුරක් ඇති S10 එකක් තිබුණත්, දුරකතනය ඉහළින් විශාල තීරයක් සහිත ලොකු notch එකක් තිබුණත්, Tear-drop ආකාරයේ ඉතා කුඩා notch එකක් තිබුණත් මේ App එකෙන් එයට ගැලපෙන පරිදි ප්‍රමාණ අඩු වැඩි කරගනිමින් සැකසුම් කරගන්නට පුළුවන්. බාගත කරගැනීමට යන්නේ මෙගාබයිට් 3.1ක් පමණ යි.

බාගන්න: Battery Notch

ගේම් ගහද්දි කෝල් එන එක නවත්වන්න Easy DND

ඇමතුම්, පණිවිඩ වෙන වෙනම පාලනය කළ හැකියි (Google Play Store)

PUBG play කරද්දී ගාණට ඉලක්කයක් අරගෙන වෙඩි තියන්න ඔන්න-මෙන්න ඉඳිද්දී දුරකතන ඇමතුමක් ලැබුණාම ජීවිතේම එපා වෙනවා නම් ෆෝන් එකේ Do not disturb විශේෂාංගය පාවිච්චියට ගන්නට පුළුවන්. නමුත් Settings අස්සෙන් එය හැම වතාවක දීම සොයා ගන්න එක, සංකීර්ණ බව නිසා එහි ඇති දේවල් තේරුම් ගන්නට අපහසු බව වගේ ගැටළු තිබෙන නිසා Easy DND ඇප් එකෙන් ඒ ගැටළු මඟහරවා ගන්නට පුළුවන්.

මෙහි භාවිතයට සහ අවබෝධ කරගැනීමට පහසු ලෙස විශාල ප්‍රමාණයේ බොත්තම් ලබා දී ඇති අතර ඉන් දුරකතන ඇමතුම් පමණක් අවහිර කිරීම් හෝ මැසේජ් පමණක් නැවතීම, එළාම්, ටච් සහ වෙනත් ශබ්ද නැවැත්වීම වැනි වෙන වෙනම අවශ්‍ය පරිදි සකසා ගන්නට පහසුකම් සලසනවා. එසේම අවශ්‍ය අයගෙන් පමණක් ඇමතුම්/මැසේජ් ලැබෙන පරිදි සකසන්නටත් පුළුවන්.

බාගන්න: Easy DND

Apps පාලනයට හා Share කිරීමට Skit

Apps ගැන වැඩි විස්තර බලා ගන්නටත් පුළුවන් (Google Play Store)

Android සමග ලැබෙන App manager එකේ පහසුකම් මදියි වගේ දැනුනා නම් ඒ අඩුව පුරවන්න Skit වලට පුළුවන්. App එකක් ස්ථාපනය කළ දිනය, අවසන් වරට update කළ දිනය, කෙතරම් මතක ප්‍රමාණයක් භාවිතා කරනවා ද ඇතුළු වැඩිපුර විස්තර සමග අපේ දත්ත භාවිතයට ඒවා කුමන ආකාරයේ permissions ලබාගෙන ඇති ද යන්න පෙන්වනවා.

භාවිතයට පහසු ඉතා සරල UI එකක් ඇති මෙහි Tabs දෙකක් තිබෙනවා. ‘User’ tab එකෙන් අපි ස්ථාපනය කළ Apps ද ‘System’ tab එකෙන් දුරකතනය හා ලැබුණු bloatware, මෙහෙයුම් පද්ධතියට අදාල apps ආදිය වෙන් වෙන්ව පෙන්වනවා. මෙහි ඇති විශේෂත්වයක් වන්නේ මෙලෙස දිස්වන Apps (හෙවත් .apk ගොනු) මිතුරන් හා බෙදාගන්නට අවස්ථාව සැලසීම යි. මේ නිසා ඔවුන්ට ඒ ඇප් එකම බාගත කරන්නට යන data ඉතිරි වෙනවා. ඒ වගේම ඇතැම් apps මුලදී Free ලබා දී පසුව Update කළාට පසු මුදල් ගෙවන්න සිදුවන අවස්ථාවලට මුහුණ දීම වළක්වා ගන්නටත් මෙලෙස APK ගොනු backup කර තබාගැනීම නුවණට හුරුයි.

බාගන්න: Skit

බාගත කරන්නට සහ පිළිවෙලට තබා ගන්නට Download Navi

වේගවත් සහ කාර්යක්ෂමව බාගත කිරීම් සඳහා (Google Play Store)

පරිගණකයෙන් IDM, FDM වැනි මෘදුකාංග නිසා download කරන දේවල් අතරමඟ නැවතුණොත් නැවතත් එතැන් සිට අරඹන්නට හැකියාව තිබෙනවා. නමුත් ෆෝන් එකේ Browser එකෙන් යමක් බාගත කරගනිද්දි 98% වෙනකම්ම ඇවිත් Download fail වන අවස්ථා එමට යි. මේ ගැටළු වළක්වා ගෙන වේගවත්ව ගොනු ඩවුන්ලෝඩ් කරන්නට Download Navi ඇප් එක උපකාර වෙනවා. මෙය නිදහස් සහ විවෘත කේත මෘදුකාංගයක් (FOSS) නිසා ඔබටම කේතය GitHub වෙතින් පරීක්ෂා කර බලන්නට පුළුවන්. එනිසා වෙනත් Apps මෙන් අපේ දත්ත සොරාගන්නට මෙය පෙළඹෙන්නේ නැහැ.

ඇසට ප්‍රිය UI එකක්, Dark theme එකක්, ඩවුන්ලෝඩ් pause/resume කිරීමට හැකියාව, තනි ගොනුවක් කොටස් වශයෙන් බාගත කිරීම, වරකට ගොනු කිහිපයක් බාගත කළ හැකිවීම, WiFiවලින් පමණක් බාගත වන පරිදි සැකසීම ඇතුළු විශේෂාංග රැසක් මෙය සතු යි. ඔබ Browser එකෙන් download කරද්දී එම ලින්ක් එක කොපි කර මේ App එකට Add කරන්නට සිදුවෙනවා. මෙගාබයිට් 4.3ක් තරම් ඉතාම කුඩා ප්‍රමාණ නමුත් මින් ලැබෙන පහසුකම් බොහොම යි.

බාගන්න: Download Navi

කවරය: xda-developers.com

Related Articles