Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හොඳම ඇන්ඩ්‍රොයිඩ් Apps – 2019 නොවැම්බර්

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සතු විශේෂත්වය වන්නේ විවිධාකාර Apps රාශියක් එහි නොමිලේම භාවිතා කරන්නට අවස්ථාව තිබීම යි. පෙර වෛරස අවදානමක් තිබුණ ද දැන් Google Play Protect නිසා හිත වද වීමකින් තොරව අලුත් Apps අත්හදා බලන්නට හැකිව තිබෙනවා. රැවුල නොකපන මාසය වන නොවැම්බරය සමරන්නට සුවිශේෂී ඇප්ස් කිහිපයකුයි මේ.

Android 10වල වගේ Navigation Gestures ගෙන දෙන UbikiTouch

ඇතැම් දුරකතන නිෂ්පාදනවල ඒවායේ තිරයෙහි දාරය Swipe කිරීමෙන් Back කරන්නට හැකියාව තිබිණි. පසුව එය Android 10වලටත් ඇතුලත් වුණා. එහෙත් හැම දුරකතනයකම එම පහසුකම අත්විඳින්නට අවස්ථාව ලබා දෙන්නට UbikiTouch ඇප් එක සමත් වෙයි.

මෙය ස්ථාපනය කරගත් විට තිරයේ පසෙකින් Swipe කරමින් විවිධ දේවල් කරන්නට හැකියාව ලැබේ. Back, Recent, Home පමණක් නොව, Notifications පැනලය විවෘත කිරීම, Settings වෙත පිවිසීම, Screenshot ගැනීම, Wifi/Bluetooth පාලනය කිරීම, Power off සහ Screen lock කිරීම ඇතුළු පුළුල් පහසුකම් ප්‍රමාණයක් මෙමඟින් ලද හැකියි.

බාගත කිරීමට මෙගාබයිට් 3.8ක් වැය වන අතර, Ads නොමැති වීම ද විශේෂත්වයකි.

බාගන්න: UbikiTouch

පාවෙන App drawer එකක් ගෙන එන Zone launcher

Apps වර්ගීකරණය කිරීමේ හැකියාව (Google Play Store)

ඔබ Samsung Note දුරකතනවල ඇති Edge panels දැක තිබෙනවා නම්, Zone launcher යනු එය ඕනෑම දුරකතනයකට ලබා ගන්නට අවස්ථාව දෙන App එකක්. එයට Launcher එකකැ යි කීම අපහසු යි. මන්ද, ඔබ සතුව දැනට තිබෙන ලෝන්චරයට අමතරව මෙය ද පාවිච්චි කරන්නට හැකියි.

එක්වර Apps කිහිපයක වැඩ කරන කෙනෙක්ට මෙය වඩාත් පහසු වන්නේ එක් App එකක හිඳිමින්ම Home එකට නොයා Apps විවෘත කරගත හැකි නිසා යි.

ස්ථාපනය කරගත් විට තිර දාරයට ලැබෙන කුඩා කොටුව තිරය මැදට Swipe කළ විට ඔබ නිතර පාවිච්චි කරන Apps ඉන් ක්ෂණිකව විවෘත කරගත හැකියි. වර්ණ අනුව ඔබට අවශ්‍ය ඒවා සමූහගත (Group) කළ හැකියි. නැතහොත්, App drawer එකෙන් ස්ථාපනය කර ඇති ඕනෑම App එකක් විවෘත කරගත හැකියි. මෙය බාගත කරගැනීමට වැය වන්නේ මෙගාබයිට් 2.6ක් පමණයි.

බාගන්න: Zone Launcher 

Mi දුරකතනයක් ඇති ඔබට MIUI Quick Settings

සැඟවුණු පහසුකම් රැසක් තනි තිරයකින් (Google Play Store)

MIUI සහිත දුරකතනවල සැඟවුණු Menu විවෘත කර ගන්නට සහ බාහිර ලබා දී නොමැති පද්ධති සැකසුම් වෙනස් කරන්නට මේ ඇප් එක අවස්ථාව ලබා දෙයි.

Apps සහ Notifications පාලනය කිරීම, Band එක, තිර ප්‍රමාණය, DNS, Power mode ආදිය වෙනස් කිරීම, මෘදුකාංග විස්තර සහ දෘඪාංග ක්‍රියාකාරීත්වය අත්හදා බැලීම යනාදී පහසුකම් රැසක් මේ හරහා ලද හැකියි. Test කිරීම සඳහා QMMI mode එකට පිවිසීමේදී සාමාන්‍යයෙන් දුරකතනය Power off කර, Vol Down+Up+Power බොත්තම් සියල්ලම එකවර Press කළ යුතු යි. නමුත් මේ ඇප් එක නිසා පහසුවෙන්ම QMMI mode එක වෙත ක්ෂණිකව පිවිසිය හැකියි.

මෙය බාගත කිරීමට මෙගාබයිට් 2.9ක් වැය වේ. මෙය හරහා සිදු කරන ඕනෑම වෙනස්කමක් සඳහා වගකීම ඔබ විසින්ම දැරිය යුතු බව නිර්මාණකරු Play Storeහි තදකුරෙන් සටහන් කර තිබේ.

බාගන්න: MIUI Quick Settings

දුරකතනයට ඇබ්බැහි වෙලාද? Unlock Clock දාගන්න

අමුතු විදියේ වෝල්පේපර් එකක් (Google Play Store)

දුරකතන ඇබ්බැහිකම දැවැන්ත ගැටළුවක් බවට පත්ව තිබේ. මේ නිසාම දැන් Android සමඟ පෙරනිමියෙන් Digital Wellbeing නමින් එය මැනගන්නට පහසුම් සලසා ඇති අතර iOS ද ඒ සඳහා අවධානය යොමු කර තිබේ. එහි තවත් අදියරක් වශයෙන් ගූග්ල් සමාගම විසින් ම සැකසූ ඇප් එකකි, Unlock Clock.

එය ඔබ කී වතාවක් දුරකතනය Unlock කළාදැ යි ගැන, Wallpaper එකක් වශයෙන් එය දක්වන්නට සමත් වෙයි. මේ නිසා Digital Wellbeing විවෘත නොකරම එය දැකගන්නටත්, ඔබ කෙතරම් දුරකතනයට ඇබ්බැහිව ඇත් ද යන්නත් දැක ගන්නට අවස්ථාව ලැබෙයි.

ඔබේ දුරකතනය සතුව Android 8.0 හෝ ඉන් ඉහළ වෙළුමක් තිබෙනවා නම් මෙගාබයිට් 1.9ක් වැය කොට මෙය බාගත කරගත හැකියි.

බාගන්න: Unlock Clock

Boom සමග ඉහළ ගුණාත්මක බවකින් සින්දු අහන්න 

හෙඩ්ෆෝන් වර්ගය අනුව හඬ පාලනය (Google Play Store)

දෘඪාංගවල බලපෑමක් නොමැතිව ත්‍රිමාණ ශබ්ද අත්දැකීමක් ගෙන එන Music Player එකක් ලෙස Boom හඳුන්වා දිය හැකියි. පෙර සැකසූ Equalizer සැකසුම් මඟින් හෝ ඔබේ රුචිය අනුව සකසාගත් ආකෘතියක් අනුව ඉහළ ශ්‍රවණ අත්දැකීමක් ලබා ගන්නටත්, රේඩියෝ සහ පොඩ්කාස්ට් අහන්නටත් ‍මේ ඇප් එක අවස්ථාව ලබා දෙයි.

Spotify සහ TIDAL පමණක් නොව, Google Drive හෝ Dropbox හි ඇති සින්දු පවා මෙමඟින් අසන්නට හැකියි. AIFF, FLAC, ALAC, WAV, DSF වැනි ගොනු වාදන සහාය සමඟ 3D Surround Sound ලද හැකි බව, Bass Boost කිරීම, ඔබ සතු හෙඩ්ෆෝන් වර්ගය අනුව ශබ්දය පාලනය කරගැනීම වැනි ‍විශේෂාංග රැසක් මෙය හරහා ලබාගත හැකියි.

මෙය බාගත කරගැනීම සඳහා මෙගාබයිට් 12ක් වැයවේ.

බාගන්න: Boom Music Player

කවරය: xda-developers.com

Related Articles