Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නොමිලේ දෙන හොඳම ඇන්ඩ්‍රොයිඩ් Apps – 2019 සැප්තැම්බර්

පෙර මාසවල මෙන්ම මේ මාසය සඳහාත් නොමිලේ ලබාගත හැකි හොඳම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් අපි තෝරාගත්තා. මේවායෙන් ඔබේ එදිනෙදා වැඩකටයුතු පහසුකරගන්නට මෙන්ම ඉහළ දුරකතන අත්දැකීමක් ලබාගන්නටත් හැකියාව ලැබෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

Launcher එකක් නොවන කීබෝඩ් එකක් – LaunchBoard

අකුරු ටයිප් කරද්දී ඇප්ස් Suggest වෙනවා (Google Play Store)

අලුතින් ෆෝන් එකක් අරගෙන මාසයක් යන්නටත් කලින් Launcher එකේ පිටු තුන-හතරක් ඉක්මවා යනතෙක් Apps පිරෙනවා. ෆෝන් Settingsවල විවිධ අවශ්‍යතා සඳහා apps, බැංකුවල ඒවා, ගේම්ස් ඇතුළු සිය දහස් ගණනක් අතරින් හදිසියක දී දෙයක් සොයාගන්නා එක බොහොම අපහසු යි. ගෙදර දෙයක් නැතිවුණාම “අම්මේ..” කියපු ගමන්ම ඒ දේ පහළ වුණාට ෆෝන් එකේ දේවල් සොයාගන්න එහෙම මැජික් ක්‍රමයක් නෑ කියලා හිතුණා නම්, LaunchBoard ඒ සඳහා විසඳුමක් ගෙන එනවා.

LaunchBoard කියන්නේ කීබෝඩ් එකක්. නමුත් එයින් ටයිප් කරන්න බැහැ. සාමාන්‍ය කීබෝඩ් එකක අපි අකුරු ටයිප් කරද්දී වචන/ඉමෝජි යෝජනා ඉහළ ඇති තීරයකින් මතුවන ආකාරයටම, මෙහි ඒ වෙනුවට Apps පෙනෙන්නට ගන්නවා. එවිට ඉතාම පහසුවෙන් ඉන් අවශ්‍ය එකක් තෝරාගත හැකියි. උදාහරණයක් ලෙස “R” අකුර ටයිප් කරත්ම Roar Media app එක දර්ශනය වෙනවා.

මෙය ඔබේ දැනට තිබෙන Launcher එකේ ම App shortcut එකක් ලෙස හෝ widget එකක් ලෙස එක් කරගත හැකියි. නිතර පාවිච්චි කරන Apps කිසිවක් ටයිප් නොකරම විවෘත කරගත හැකි සේ Pin කළ හැකිවීම ආදිය මෙහි තවත් විශේෂාංග ලෙස දැක්විය හැකියි.

බාගන්න: LaunchBoard

Google Go සමග සැහැල්ලුවෙන් ගූග්ල් ‍සේවා අත්විඳින්න

Google Lens, Translate වැනි Appsවලින් ලද හැකි පහසුකම් තනි App එකකින් (Google Play Store)

Appsවල විශේෂාංග වැඩිවත්ම ඒවායේ ප්‍රමාණය වැඩි වෙනවා. මේ නිසා වැඩි RAM සහ Storage ප්‍රමාණයක් මෙන්ම ඒවායේ ඇති High quality ඡායාරූප, වීඩියෝ ආදියට වැඩි මොබයිල් ඩේටා ප්‍රමාණයක් වැය වෙනවා. වසර දෙක තුනක් පැරණි දුරකතන පාවිච්චි කරන අපි සහ තාක්ෂණික දැවැන්තයන්ගේ වැඩිම ‍පාරිභෝගිකයන් පිරිසක් සිටින ඉන්දියාව වැනි රටවල්වල පරිශීලකයන්ට මෙය දරාගත නොහැකියි. ඉන් දුරකතන ඉක්මණින් Slow වෙනවා. මෙය වළකන්නට ගූග්ල් සමාගම Go නමින් සරල App අනුවාදයන් සැකසීම ඇරඹුවා. YouTube Go සැකසුණේ ද එලෙස යි.

Google Go යනු “Google” යන app එකෙහි මෙගාබයිට් 7ක පමණ සරල අනුවාදය යි. එමඟින් සෙවීම් කරන්නට, වෙබ් අඩවියක ඇති හෝ කැමරාව මඟින් පෙන්වන අකුරු පෙළක් හඬ නගා කියවා ගැනීමට, පරිවර්තනය කරගැනීමට ආදී ගූග්ල් සමාගම සපයන සේවා බොහොමයක් ලබා ගන්නට අවස්ථාව තිබෙනවා. මෙමඟින් Google Lens, Translate වැනි Appsවලින් ලද හැකි පහසුකම් තනි App එකකින් ලද හැකි අතර, 40%ක ඩේටා ඉතිරි කරගනිමින් Google Search කරන්න ද හැකිවීම විශේෂත්වයක්.

බාගන්න: Google Go

කොපි කළ දේ රැකගන්නා Clipboard Manager

කොපිකරගත් දේ Notes වශයෙන් රැ‍ඳීම සහ ඒවා Categoryවලට වෙන් කර තබා ගත හැකියි (Google Play Store)

කොපි කරගත් දේවල් Paste කරන්නට අමතකවී, වෙනත් යමක් Copy කළ විට කලින් දේ ගැන පසුතැවුණු අවස්ථාවලට ඔබ අනේකවාරයක් මුහුණ දී ඇති. ඔබේ ඇන්ඩ්‍රොයිඩ් කීබෝඩ් එක එම ගැටළුව වළකන්නේ නැතිනම් ඊට උදව් කරන්නට Clipboard Manager app එකට හැකියාව තිබෙනවා. මෙය ස්වාධීන App එකක් වශයෙන් සිටිමින් ඔබ Copy කරන දේවල් ලැයිස්තුවක් වශයෙන් රැකගන්නා නිසා එක්වර දේවල් කිහිපයක් කොපි කර, පසු අවස්ථාවක එක්වර Paste කිරීමේ අවස්ථාව මේ හරහා ලැබෙනවා.

කොපිකරගත් දේ Notes වශයෙන් රැ‍ඳීම සහ ඒවා Categoryවලට වෙන් කර තබා ගත හැකි අතර ඒවායේ ඇති වචනයකින්-දෙකකින් Search කොට නැවත සොයාගත හැකි නිසා වැඩි පහසුවක් ලැබෙනවා. මෙය බාගත කිරීමට වැය වන්නේ මෙගාබයිට් 3.6ක් පමණයි.

බාගන්න: Clipboard Manager

Man Suit Photo Editor සමග ඔබට ගැලපෙන ඇඳුමක් අත්හදා බලන්න 

මුහුණ සමඟ ඇඳුමක් ගලපන්නටත්, ඊට ෆිල්ටරයක් එක් කොට ඡායාරූපයක් ලෙස Save කරගන්නටත් මෙය පහසුකම් සලසනවා (Google Play Store)

මඟුල් ගෙදරකට හොඳ සූට් එකක් තෝරගන්න ලතැවෙමින් ඉන්නවා නම්, අලුතින් ගන්න හොඳ ටී ෂර්ට් එකක් තෝරාගන්න අපහසු නම් ගෙදර දීම විවිධ විලාසිතා අත්හදා බලන්නට Man Suit Photo Editor මඟින් අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්නා ලද සෙල්ෆියක් බ්ලේසර්, ටී ෂර්ට් මෙන්ම කුර්තාවකට පවා යොදා ඔබට හැඩ බලන්නට හැකියි.

මෙම ඇප් එකෙහි දැනට ඇති දෝෂයන් වන්නේ සෙල්ලක්කාර UI එක සහ පමණ ඉක්මවා Ads දර්ශනය වීමයි. ඒ හැරුණු කොට, හොඳ Photo Editor එකක් වශයෙන් ක්‍රියා කරමින් මුහුණ සමඟ ඇඳුමක් ගලපන්නටත්, ඊට ෆිල්ටරයක් එක් කොට ඡායාරූපයක් ලෙස Save කරගන්නටත් මෙය පහසුකම් සලසනවා. ඔබ වෙනත් කෙනෙක්ට ඇඳුමක් තෑගි දෙන්නට සිටිනවා නම් ඔවුන්ගේ සෙල්ෆියක් වුවත් මෙයට යොදා උත්සාහ කළ හැකියි. මෙය බාගැනීමට මෙගාබයිට් 8.7ක් – 10ක් පමණ (දුරකතන වර්ගය අනුව) වැයවෙනවා.

බාගන්න: Man Suit Photo Editor

ෆේස්බුක් එකට 3D Photos සකසා දෙන LUCIDPIX 3D

ඡායාරූපයකට ත්‍රිමාණ හැඩතල එක් කිරීමේ හැකියාව තිබෙනවා (gadgethacks.com)

ෆේස්බුක් එකේ දකින්න ලැබෙන ඡායාරූපයක් දුරකතනය එහා මෙහි කරද්දි ත්‍රිමාණ ස්වරූපයෙන් දර්ශනය වන ආකාරයේ පහසුකම ඔබ දැක ඇති. නමුත්, පසුගිය දෙවසර සහ ඊට පෙර පැවති දුරකතන වලින් ගන්නා ලද ඡායාරූප 3D Photo ලෙස එක් කරන්නට ෆේස්බුක් ඇප් එකෙන් ඉඩ සලසන්නේ නැහැ. LUCIDPIX 3D මඟින් ඔබ ලබාගෙන ඇති (පසුපස කැමරා) ඡායාරූපයකට හෝ ඇප් එක තුළින්ම ගත හැකි සෙල්ෆියකට ත්‍රිමාණ හැඩතල එක් කිරීමේ හැකියාව තිබෙනවා.

මෙම App එක තවමත් Early access මට්ටමේ ඇති අතර ත්‍රිමාණ විජ්ජාව කරන්නේ අපගේ ඡායාරූප මතට Filter එකක් යෙදීම මඟින් ලේයර් ප්‍රමාණය වැඩි කරගැනීමෙනුයි. ඇප් එක තුළින් ගන්නා සෙල්ෆි Beautify කරන අතර එය නැවැත්වීමට, දකුණු පස ඉහළ කෙළවර ඇති තිත් තුනක අයිකනයෙන් Settings වෙත ගොස්, එහි පහතින් ම ඇති “Beautify your selfe” යන්න off කරන්න. සකසාගන්නා ලද ඡායාරූප ඍජුවම ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වෙත Share කළ හැකියි. මෙය බාගැනීමට මෙගාබයිට් 14 සිට 17 දක්වා ප්‍රමාණයක් වැයවෙනවා.

බාගන්න: LUCIDPIX 3D Photo Generator

මේවා හැර ඔබට මේ මාසයේ හමුවුණු අලුත් දේවල් තිබෙනවා ද? අපිත් එක්ක බෙදාගන්න.

කවරය: vamers.com

Related Articles