Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අලුතින් ආ හොඳම ඇන්ඩ්‍රොයිඩ් Apps- 2019 දෙසැම්බර්

සුපුරුදු පරිදි මේ වසරේ අවසාන මාසය වෙනුවෙනුත් අපි මෑතක දී නිකුත් වුණු හොඳම Apps තෝරාගත්තා. මේවා සියල්ලම නොමි‍ලේ බාගත කරගන්නට හැකියාව ඇති අතර, මෙතෙක් පුරුදුව සිටි ඒවාටත් වඩා වැඩි විශේෂාංග ප්‍රමාණයක් සමග ඔබේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරනු ඇති.

ගිටාර් වාදනය කරන අයට Guitar Tuner Pro

Chords සඳහා දෘශ්‍යමය නිරූපණයක් (Google Play Store)

සංගීත භාණ්ඩ සුසර කිරීම සඳහා අනන්තවත් ඇප්ස් Play Store එක සතුව තිබේ. මෑතක දී එක් වුණු “Pro” නමුත් නොමිලේ බාගත කරගත හැකි මේ ඇප් එක වඩාත් වැඩි පහසුකම් ප්‍රමාණයක් සපයන අතර, බේස් ගිටාර් මෙන්ම, Ukulele (ගිටාර් පවුලටම අයත්, නයිලෝන් තත් යෙදූ කුඩා සංගීත භාණ්ඩයක්) සුසර කිරීමට ද අවස්ථාව සලසයි.

සුසර කිරීම පමණක් නොව, වාදනය උගනින අයට Chrods වාදනය කරන ආකාරය දෘශ්‍යමය වශයෙන් නිරූපණය කිරීමත්, මාත්‍රාගණකයක් (metronome), සහ ගීත සඳහා ස්වර ප්‍රස්ථාර (Chords) සොයා ගැනීමටත් මෙහි අවස්ථාව සලසා තිබීම විශේෂත්වයකි.

දැනටමත් 4.7ක rating අගයක් ලබා ඇති මෙය බාගත කිරීමට වැය වන්නේ 8.1 MBක් පමණයි.

බාගන්න: Guitar Tuner Pro

වඩාත් හොඳින් ඡායාරූප සංවිධානය කිරීමට 1Gallery 

ඡායාරූප රහස්‍යව ගබඩා කිරීමට හැකියාව (Google Play Store)

බොහෝ දුරකතන මාදිලි හා ලැබෙන Gallery App එකෙන් නොලැබෙන විශේෂාංග ප්‍රමාණයක් ලබා ගන්නට 1Gallery අවස්ථාව දෙයි. පෞද්ගලික ගොනු තබා ගැනීමට Samsung දුරකතනවල ඇති Secure Folder එක අනෙකුත් දුරකතනවලට ද ලබා ගන්නට මෙමඟින් හැකි වේ.

පෞද්ගලික ඡායාරූප, හැඳුනුම්පත්, බලපත්‍ර හෝ වෙනත් අත්‍යවශ්‍ය රහස් ලියකියවිලිවල ඡායාරූප ආකේතනය (Encrypt) කර, මුරපදයක් / PIN අංකයකින් හෝ Fingerprint මඟින් ආරක්ෂණය කර තැබීමේ හැකියාව, RAW හා SVG වැනි ඡායාරූප නැරඹීමේ අවස්ථාව, EXIF දත්ත බැලීම, ඡායාරූප හා වීඩියෝ සංස්කරණය, වීඩියෝ නැරඹීම, Dark mode එක ඇතුළු පහසුකම් රැසක් මෙහි තිබේ.

මෙය බාගත කරගැනීමට 15 MB වැය වේ.

බාගන්න: 1Gallery

දුරකතන ඇබ්බැහිය වළක්වාලන Lock Me Out

Apps භාවිතය සීමා කරන්න (Google Play Store)

Android P හඳුන්වාදීමේ දී ගූග්ල් සමාගම අවධානය යොමු කරුණක් නම් දුරකතනය භාවිතා කරන කාලය අවම කරමින් ජීවිතය සහ ආදරණීයයන් වෙත වැඩි අවධානයක් යොමු කළ යුතු බව යි. ඒ සඳහා Digital Wellbeing නමින් වැඩසටහනක් ද අරඹනු ලැබුවා. Lockdown Lite යනු ද එවන්ම ඇප් එකක් නමුත්, එය Android 4 සහිත දුරකතනවලට පවා ස්ථාපනය කළ හැකි එකකි.

පමණ ඉක්මවා භාවිතා කරන Apps ස්වයංක්‍රීයව හෝ Schedule කොට තබා අවහිර කිරීමට, රැකියා කරන කාලය/ දිනවල පමණක් Apps භාවිතය සීමා කිරීමට, දිනය තුළ Apps භාවිතා කළ කාලය බලාගැනීම ඇතුළු Android හි පෙරනිමි සේවාවට වඩා වැඩි විශේෂාංග ගෙන එන්නට මෙය සමත් ය.

බාගක කිරීමට වැය වන්නේ 2 MBක් පමණි.

බාගන්න: Lock Me Out

වෙනත් අයට Apps වෙත පිවිසීම වළකන Lockdown Lite

Apps වෙත පිවිසුම් සීමා කරන්න (Google Play Store)

“ෆෝන් එක පොඩ්ඩක් දෙන්න” සහ “ෆෝන් එකේ ගේම් නැද්ද?” යනු ඇඟ කිළිපොලා යන ප්‍රශ්න නම්, ඒ ප්‍රශ්න ගැටළුවක් කර නොගන්නට Lockdown Lite සමග අවස්ථාව ලැබේ. දැන් බොහෝ දුරකතනවල Apps ලොක් කිරීමට මෙහෙයුම් පද්ධතිය හරහාම පහසුකම් සලසා ඇතත්, ඔබේ දුරකතනයේ එවැන්නක් නොමැති නම් මෙහි සහාය ලබා ගත හැකි වනු ඇත.

ඉතා සරල App එකක් වන මෙය, ඔබට වෙනත් අයට පිවිසුම් සීමා කළ යුතු ඒවා තෝරා දුන් විට ඒවා විවෘත කරද්දී Pin අංකයක්, මුරපදයක් හෝ Fingerprint එක විමසා සිටියි. එසේම, අනවසරයෙන් Apps Uninstall කිරීම ද වළකයි. වෙළඳ දැන්වීම් පෙන්වීම මෙහි ඇති ගැටළුවක් නමුත්, අවශ්‍ය නම් $ 0.99 (රු. 180ක් පමණ) ගෙවා එය වළකාලිය හැක.

මෙය කෙතරම් කුඩා ද යත්, බාගත කිරීමට වැය වන්නේ 517 KB (මෙගාබයිට් 0.5ක් පමණ)කි.

බාගන්න: Lockdown Lite

සටහන් තැබීමේ කලාව වෙනස් කරන Transno 

Mind Maps සැකසීමේ පහසුකම ඇතුළු විශේෂාංග රැසක් (Google Play Store)

සාමාන්‍යයෙන් Notes තබා ගැනීමට මුලින්ම සිහි වන්නේ Google Keep වුවත්, එයට වඩා වැඩි පහසුකම් රැසක් Transno සපයයි. සාමාන්‍ය සටහන් තැබීමකට අමතරව Mind Maps සැකසීමේ පහසුව ද ලබා දෙන නිසා සිතට ආ අදහස් වඩාත් හොඳින් නිරූපණය කරගත හැකි වෙයි.

ලැයිස්තුවක් තැබීමේ දී ඒවාට නැවතත් අනු කොටස් හැකිතාක් එක් කරන්නටත්, Expand/Collapse කරන්නටත් අවස්ථාව ලබා දීම මහත් පහසුවකි. @ සහ # මඟින් සටහන් සමූහගත කිරීමට, අන්තර්ගතයේ ඇති වචනයකින් සියල්ලම Search කිරීමට, Cloud sync කිරීමට, ඡායාරූප එක් කිරීමට හා අකුරුවල වර්ණ වෙනස් කිරීම ඇතුළු විශේෂාංග රැසක් මෙය සතු වේ.

බාගත කරගැනීමට 21.9 MBක් පමණ වැය වේ.

බාගන්න: Transno

මේ හැර ඔබට හමු වූ තවත් අගනා Apps තිබෙනවා නම් Comment එකකින් අපිටත් කියන්න. 

කවරය: Roar/@thambaru, Mockup - creativetacos.com

Related Articles