Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හොඳම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස්- 2020 පෙබරවාරි

නොදැනීම 2020 වසරේ එක් මාසයක් අවසන්ව ගියා. එහෙත්, App develop කරන අය ඒ ගෙවුණු කාලයෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඇති බව Play Store එකට නිමක් නැතිව අලුතින් එක් වන Apps සාක්ෂ්‍ය සපයනවා.

සින්දු අහද්දී ෆෝන් එක වටා වර්ණ රේඛා යවන්නට මෙන්ම මෙතෙක් කල් නරක නාමයක් ලබා සිට, දැන් බ්‍රවුසර් ලොව ජයගන්නට ‍හැකි විශේෂාංග දරන කෙනෙකුත් අපේ පෙබරවාරි ලැයිස්තුවට එක් වෙනවා.

‍අලුත් වුණු Edge බ්‍රවුසරය

Menu එක සිතැඟි පරිදි වෙනස් කරන්නට හැකියි (Google Play Store)

මෙතෙක් කාලයක් පුරාවට මයික්‍රොසොෆ්ට් සමාගමේ වෙබ් බ්‍රවුසරයක් යනු ‘වහ කදුරු’ වගේ වුණත්, Chromium පදනමක් මත ගොඩනැගූ නව Edge බ්‍රවුසරය බෙහෙවින් සිත් ඇදගන්නාසුලු එකක් බවට පත්ව තිබෙනවා. Chrome app එක සතුව Extension නොමැති නිසා Adblock කිරීමට නොහැකි වුවත්, Edge වෙතින් Adblock Plus ලැබෙන නිසා “ඇයි තවත් Chrome පාව්චිචි කරන්නේ?” යන්න නිතැතින්ම මතු වෙනවා.

මේ මාසයේ දී Tracking prevention නමින් නව සේවාවක් එක් වීමට නියමිත අතර, එමඟින් අප පිවිසෙන වෙබ් අඩවිවලට හැර වෙනත් වෙබ් අඩවිවලට (උදා: Facebook Like බොත්තම් ඇති වෙබ් අඩවිවලට ගිය විට, අප එහි ගිය වග ෆේස්බුක් දැනගන්නවා) අපේ විස්තර දැනගැනීම වළකිනවා.

දැනට (මෙම ලිපිය ලියන අවස්ථාව වන විට) පරිගණකය සමග History, Passwords ආදිය Sync කිරීමට පහසුකම් නැහැ. එහෙත්, “Continue on PC” බොත්තම හරහා දුරකතනයේ ඇති ‍ටැබ් එකක් පරිගණකය වෙත යවන්නට හැකියි.

බාගන්න: Microsoft Edge

Tile Shortcuts සමග Notifications පැනලයෙන් වැඩ ගන්න

App එකේ අයිකනයම හෝ වෙනස් එකක් යෙදිය හැකියි (Google Play Store)

Notifications පැනලයේ ඇති WiFi, Bluetooth ආදී බොත්තම්වලට අමතරව ඔබට කැමති බොත්තමක් ඊට එකතු කරගත හැකි නම් වටිනවා නේද? Tile Shortcuts ඇප් එක එයට කදිම විසඳුමක්. 

Apps, Appsවල විශේෂ විධානයන්, වෙබ් අඩවි ලිපින යනාදිය මේ හරහා Quick Settings වෙත එක් කරගැනීමට අවස්ථාව තිබෙනවා. විශේෂ විධානයන් යනු, උදාහරණයක් ලෙස ඔබට Google Map Navigation බොත්තමක් එක් කරගැනීමට අවශ්‍ය නම්, Shortcut වෙත පිවිස Directions යන්න තෝරන්න. එවිට ඍජුවම Maps තුළින් Navigations වෙත පිවිසිය හැකියි.

මෙය භාවිතා කරන ආකාරය සඳහා වීඩියෝව 1 බලන්න. MIUI සඳහා වීඩියෝව 2 බලන්න. බාගත කරගැනීම සඳහා වැයවන්නේ මෙගාබයිට් 2.3ක් පමණයි.

බාගන්න: Tile Shortcuts

Audio Manager Lite සමග වේලාව අනුව Sound On කරන්න

Dark mode එකක ද තිබෙනවා (Google Play Store)

ගෙදර දී ෆෝන් එකෙන් සද්දෙට සින්දු අහලා, එහෙමම ඔෆිස් ගිහින් ෆේස්බුක් එකේ තිබුණු අමුතු වීඩියෝ එක්ක Play කරලා හැමෝගෙන්ම ලැජ්ජා වෙලා තිබෙනවා නම් Audio Manager Lite එයට විසඳුමක් වේවි.

සතියේ දවස සහ වේලාව අනුව ෆෝන් එකේ Vibration/Ringing On කරන්නට, Media Volume සහ එළාම හඬ පාලනය කරන්නට වැනි Sound Profiles ස්වයංක්‍රීයව මාරු කිරීමේ පහසුකම් Audio Manager ඇප් එක ගෙන එනවා. කරනු ලබන සැකසුම් Backup කරන්නට ද හැකි නිසා වෙනත් දුරකතනයකට මාරු වුවත්, ඒ වෙත Restore කරගන්නට අවස්ථාව තිබෙනවා.

මෙහි Location එක අනුව එනම්, නිවසට ආ විට සහ ඔෆිස් එකට ගිය විට Profile එක මාරු කළ හැකි සේවාවක් තිබුණ ද එය Pro වෙළුමට සීමාකොට තිබෙනවා. එහෙත්, සතියේ දින 5ට උදේ 8 සිට 5 දක්වා Media Volume අඩු කොට Vibration සක්‍රීය කරන ලෙස එය සකසා ගත් විට කිසිදු ගැටළුවකින් තොරව එය භාවිතා කරන්නට හැකි වෙනවා.

බාගැනීමට අවශ්‍ය වන්නේ මෙගාබයිට් 3.5ක් පමණයි.

බාගන්න: Audio Manager Lite

සින්දුවලට Visuals දෙන Muviz Edge

තෝරාගැනීමට වර්ණ සහ රටා රැසක් (Google Play Store)

ඔබ Samsung දුරකතනවල Edge Notifications දැක ඇත්නම්, ඒ ආකාරයේම Effect එකක් ගීත ශ්‍රවණය කරද්දී දාගන්නට Muviz Edge අවස්ථාව දෙනවා. එහි සිදුවන්නේ, ගීතයට අදාළ පරිදි වර්ණ රේඛාවන් තිරයේ දාරය පුරාවට ගමන් කිරීම යි.

මෙහි ඇති විශේෂත්වයක් වන්නේ ඔබ කැමති Music app එකක් භාවිතා කළ ද, එය ඊට අනුරූපව සහාය දැක්වීම යි. Wallpaper එකේ වර්ණ ස්වයංක්‍රීයව යෙදීමට හැකියාව ඇති අතර, තෝරාගැනීමට වර්ණ තේමා සහ ඇනිමේෂන් ආකාර රැසක්, වේග පාලනය, රේඛාවල ඝනකම වෙනස් කිරීම ආදී පුළුල් සැකසුම් ප්‍රමාණයක් එය ලබාදෙනවා.

මෙය බාගත කරගැනීමට මෙගාබයිට් 3.9ක් වැය වෙනවා.

බාගන්න: Muviz Edge

ලේසියෙන් ගණන් හදා දෙන Microsoft Math Solver

අතින් ලිවීමට, Scan කිරීමට සහ ප්‍රස්තාර ලබාගැනීමට ද හැකියි (Google Play Store)

Windows Phone මෙහෙයුම් පද්ධතිය අසාර්ථක වූවාට ‍පසු ඇන්ඩ්‍රොයිඩ් වෙත හැරුණු මයික්‍රොසොෆ්ට් සමාගමේ තවත් App එකක් අපේ ලැයිස්තුවට එක් වුණු එක පුදුමයක් නොවෙයි. සමීකරණ විසඳන Apps බොහොමයක් තිබුණත්, නොමිලේ පහසුකම් රැසක් ලබාදෙන්නට Microsoft Math Solver සමත් වෙනවා.

පොතකින් Scan කිරීමෙන් (ඡායාරූපයක් ගැනීමෙන්) පමණක් නොව, ටයිප් කිරීමෙන් හෝ සමීකරණය App එක මත අතින් ලිවීමෙන් ද කළ හැකි නිසා Samsung Note හෝ Stylus සහිත දුරකතනවල පවා ඉතාම පහසුවෙන් මෙය පාවිච්චි කරන්නට අවස්ථාව තිබෙනවා.

සමීකරණය විසඳූ පියවර සමග ඊට අදාළ ප්‍රස්තාරය ද මෙය ඇඳ දෙනවා. අනතුරුව, එම ගණනට සමාන වෙනත් සමීකරණ සොය‍ාගෙන ඒවා පුහුණු වෙමින් ඔබේ දැනුම දියුණු කරගන්නට ද එය පහසුකම් සැලසීම විශේෂත්වයක්.

බාගන්න: Microsoft Math Solver

කවරය: Roar/@thambaru

Related Articles