Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔක්තෝබරයේ හොඳ ම Android Apps

හැම මාසයක ම වගේ අපි ඔබට ඔබේ Android දුරකතනයට භාවිත කරන්නට පුළුවන් වටිනා apps ගණනාවක් ගැන ලිපි අරගෙන එනවා. මේ Themes,Wallpapers, Widgets, Icon Packs, Customization සඳහා ඔක්තෝම්බර් මාසයේ හොඳ ම වගේ ම පෞද්ගලිකව මට හමුවුණු මගේ වැඩ පහසු කරගන්න උද ව්වුණු හොඳ ම apps.

FacesFilm for Movies and TV

අපිට හරියන චිත්‍රපටියක් තෝරාගෙන ඒක බලන එක ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි හැම වෙලේ ම. එත් අපි වෙනුවෙන් ඒක කරලා දෙන්න කෙනෙක් දැන් ඉන්නවා. මේ යෙදුම මේ කටයුත්ත සිදු කරන්නේ AI තාක්ෂණයේ පිහිටෙන්. සාමාන්‍යයෙන් ඔබට චිත්‍රපට සොයාදෙන appsවලට වඩා මේක ගොඩාක් විශේෂ එකක් වෙනවා.

 මේ තියෙන්නේ මට suggest වුණ Films – Screenshot

 

මොකද මේක ඔබට ගැළපෙන චිත්‍රපට හොයලා දෙන්නේ ඔබේ මුහුණේ ඒ වෙලාවේ තියෙන ඉරියව් සහ ප්‍රකාශනවලින් කියලා තමයි Developers ලා නම් කියන්නේ. FacesFilm for Movies and TV තමයි මේ app එකේ නම. ඔබට නොමිලයේ බාගත කර ගන්න පුළුවන් වෙන මේ යෙදුම ඔබට අලුත් අත්දැකීමක් වේවි. කොහොම නමුත් මේ යෙදුම සම්පුර්ණයෙන් ම නොමිලයේ ක්‍රියාත්මක වෙන එකක් නම් නෙමෙයි.

TV Time – Track Shows & Movies

සාමාන්‍යයෙන් ඔයාලත් මං වගේ නිතර ම Films, Tv series එහෙම බලන කෙනෙක් නම් ඔයාට මේ app එක ගොඩාක් වැදගත් වේවි. TV Time app එක හරහා ඔයාලට පුළුවන් ඔයාල බලන Films, Tv series track කර ගන්න. අන්තිමට බලපු episode එක වගේ දේවල් මේකේ ගබඩා කරන්න. ඒවගේම අවශ්‍ය නම් මෙහෙ තියෙන ලොකු සමාජ ජාලයට එකතු වෙලා ඔයා කැමති Films, Tv series ගැන ලෝකේ වටේ ම ඉන්න අය එක්ක අදහස් බෙදා ගන්නත් පුළුවන්.

 Films, Tv series track කරන්න TV Time – Screenshot

ඒවගේම ඔයා මේකට එකතු කරන Films, Tv series අනුව ඔයාට ඉස්සරහට බලන්න suggestions ගන්නත් හොඳ ම options ගොඩක් එය සතුව තියෙනවා. ඒ වගේම ඔබ සම්පුර්ණයෙන් ම Films, Tv series බලන්න වැය කරපු වෙලාව ගැනත් ලොකු අදහසක් මේක හරහා ගන්න පුළුවන් වෙනවා.

Chocolate KWGT

Chocolate KWGT කියන්නේ ලස්සනට තමන්ගේ phone එක තියාගන්න කැමති ඕනෑම කෙනකුට අපූරුවට ගැළපෙන app එකක්. මේ app එක හරහා ඔයාට පුළුවන් විවිධ විවිධ widgets ඔයාගේ දුරකතනයට එකතු කර ගන්න. සාමාන්‍යයෙන් ඔබේ දුරකතනයේ ලැබෙන basic widgetවලට අකමැති කෙනෙක් නම් වගේම ඔයාට තීම් එකට හරියන්න කාලෙන් කාලෙට ඔයාගේ phone එකේ පෙනුම වෙනස් කරගන්න ආස නම් මේ තියෙන්නේ ඒකට හොඳ ම ක්‍රමවේදය.

 ලස්සනට තමන්ගේ phone එක තියාගන්න කැමති අයට – filecr.com

 

මේකේ විශේෂත්වය වෙන්නේ මේ මගින් ලබාදෙන හැම widget එකකට ම අමුතු ඩාර්ක් ෂෙඩ් එකක් එකතුව තිබීම යි. හැබැයි මේ app එක නම් ඔබට නොමිලයේ ලබාගන්න හැකි වෙන්නේ නැහැ. $1.149 වගේ මුදලක් ඔබට මේ වෙනුවෙන් වැය කරන්න සිදු වෙනවා.

Foca

Foca: Pomodoro Focus Timer, Stretch Exercise කියන්නේ ඔබේ productivity එක උපරිමයට ගෙනියන්න උදව් කරගන්න පුළුවන් app එකක්. මේකේ තියෙන ප්‍රධාන ම පහසුකම තමයි focus time එක. මේ හරහා ඔබට ඔබේ දුරකතනයේ යම් වෙලාවක් යනකම් focus ඉන්න උදව් වෙනවා. කිසිම call එකක් හෝ notification එකක් මේ කාලය ඇතුළත ඔබට පෙන්වන්නේ නැහැ.

 

 Foca: Pomodoro Focus Timer, Stretch Exercise – apk.support

 

ඊට අමතර ව ඔබ කැමති නම් මේ කාලය ඇතුළත විවිධ ambience music වැනි දේ play වෙන්නත් ඔබට settings හදාගන්න පුළුවන්. ඔබට අවශ්‍ය විදිහට කාලය වෙනස් කරගන්න වගේම අවශ්‍ය music එක තොරාගන්නත් පුළුවන්. මේකේ ලබා දෙන අනෙක් ප්‍රධානත ම පහසුකම වෙන්නේ Stretch Exercise කියන පහසුකම. සාමාන්‍යයෙන් පෞද්ගලිකව මා වගේ බොහෝ වෙලාවක් පරිගණකයක් ඉස්සරහා හෝ කර්යාලකය රැඳී ඉන්න කෙනකුට පොඩි විරාමයක් අරගෙන Stretch Exercise කිහිපයක් කරලා නැවතත් energy එක up කරගන්න මේ යෙදුම ඔබට උදව් වේවි.

Radio Garden

ඔබ ගුවන් විදුලියට සවන් දෙන්න කැමති කෙනෙක් නම් මේ Radio Garden යෙදුම ගැළපෙන්නේ ඔබට ම තම යි. ලෝකයේ ඕනෑම තැනක සිට ක්‍රියාත්මක වෙන ගුවන් විදුලි නාළිකාවකට සවන් දෙන්න ඔබට මේ හරහා පුළුවන් වෙනවා. සාමාන්‍ය ප්‍රධාන ධාරාවේ නාළිකාවලට විතරක් නෙමෙයි කුඩා කුඩා ගුවන් විදුලි සම්ප්‍රේෂණ පවා මේ app එකේ ඔබට දැක ගන්න පුළුවන් වෙනවා.

ඔබ කැමති රටක් තෝරාගෙන එහි ගුවන් විදුලි නාළිකාවලට සවන් දෙන්න මෙයින් පහසුකම් ලැබෙනවා. මෙය සම්පුර්ණයෙන් ම පාහේ ක්‍රියාත්මක වෙන්නේ අන්තර්ජාලය හරහා යි. නොමිලයේ ලබාගන්න පුළුවන් මේ යෙදුම ඔස්සේ ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි නාළිකාවලටත් ඔබට සවන් දෙන්න පුළුවන්.

Sunny Side

ඔබ නිතර නිතර දහවල් කාලයේ එළියේ ගැවසෙන කෙනෙක් නම් මේ Sunny Side app එක ඔබේ දුරකතනයේ තිබීම ඔබේ සෞඛ්‍යට වැදගත්වේවි. ඉරෙන් පෘතුවියට එන UV කිරණ කොයි තරම් නම් ශරීරයට අහිතකර ද කියන එක අපි දන්නවා. ඔබ ඉන්න ප්‍රදේශයට අනුව කොයි තරම් නම් මේ කිරණ ඔබේ හමට පතිත වෙනව ද කියන එක මේ app එක හරහා ඔබට දැනගන්න පුළුවන් වෙනවා.

Sunny Side app එක – xtremedroid.com

 

www.met.no (Norwegian Meteorological Institute) කියන වෙබ් අඩවිය දත්ත මූලාශ්‍රය කරගෙන මේ app එක නිර්මාණය වෙලා තියෙන බව තමයි එහි සඳහන් වෙන්නේ. ඒවගේම ඔබ ඉන්නේ අවදානම් කලාපයක නම් ඉන් ආරක්ෂා වෙන්න ගත හැකි ක්‍රියාමාර්ග ගැනත් මේ මගින් අපිට කියනවා. සම්පුර්ණයෙන් ම නොමිලයේ දෙන මේ app එක ඉතා ම කුඩා ඉඩක් තමයි ඔබේ දුරකතනයෙන් ලබා ගන්නේ.

කවරයේ ඡායාරූපය - Andrea Piacquadio - Pexels

මූලාශ්‍ර:
Play.google.com
Met.no
Youtube.com
Apk.support
Reddit.com
Xtremedroid.com

Related Articles