Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හොඳම ඇන්ඩ්‍රොයිඩ් Apps: 2019 ජනවාරි

පසුගිය වසරේ අවසාන භාගයේ දී, සැප්තැම්බරයේ දී Play Store සතු ව තිබූ ඇප්ස් ප්‍රමාණය ලක්ෂ 33 සිට 26 දක්වා අඩු වූ නමුත්, එහි සතු සහ නිරන්තරයෙන් එක්වන හොඳ ඇප්ස්වල අඩුවක් නම් නැහැ. එදිනෙදා කටයුතුවලට සහ දුරකතනයේ පහසුකම් තවත් වැඩි කරගන්නට හැකි ඇප්ස් කිහිපයක් මේ මාසය සඳහා අපි තෝරා ගත්තා.

මිතුරන් හා තිරය බෙදාහදාගන්න: PlayJ

මිතුරෙකු හමුවුණා ම දුරකතනය දෙදෙනා ම එකට බලාගෙන ගේම් එකක්, අවසානයට ගිය ට්‍රිප් එකේ පින්තූර ආදිය එකට නරඹන්නට පුළුවන්. නමුත් තාක්ෂණයේ දියුණුවත් එක්ක දැන් ලොව එහා කෙළවර ඉන්නා කෙනෙක් සමග වුවත් ඔබේ තිරය බෙදා ගනිමින් කතාබහ කරන්නට පුළුවන්. PlayJ මඟින් අපට අවශ්‍ය ඇප් එකක් තෝරාගෙන හෝ තිරය ඇති සැටියෙන් යහළුවෙකුට පෙන්වන්නට පුළුවන්. ඒ සඳහා ඔවුන්ට Invite කර ඔවුන් ද PlayJ ඇප් එක ස්ථාපනය කර ගත යුතු යි. අවසානයේ තිරය මත කැමරා වීඩියෝ දර්ශනයන් ද සමග දෙදෙනාට ම තනි තිරයක් දකින්නට අවස්ථාව ලැබෙනවා. අවශ්‍ය නම්, තිරය නොයවා චැට් කිරීමට පමණක් යොදාගන්නටත් පුළුවන්. Sony සමාගම විසින් නිපදවා ඇති මෙය තවමත් beta අවස්ථාවේ පවතිනවා. දැනටම එයට ස්ථාපන 10,000+ක්, 4.7ක rating අගයක් ලැබී තිබෙනවා. බාගැනීමට මෙගාබයිට් 31ක් වැය වෙනවා.

බාගන්න: PlayJ

තිරය පහළට සැකසුම් මෙනුවක්: Bottom Quick Settings

සැකසුම්වලට අමතර ව Links ද එක් කළ හැකියි (Google Play Store)

මෑතක දී පැමිණි ඇතැම් ඇන්ඩ්‍රොයිඩ් දුරකතන මාදිලිවල ඒවායේ තිරයේ දිගු බව නිසා ම ඉහළ ඇති Notifications පැනලය භාවිතා කිරීමට ඇති වන අපහසුතාවන් මඟහරවාලීමට Guestures හරහා තිරය යට කොටසින් Brightness, WiFi, Bluetooth ආදී සැකසුම් වෙනස් කිරීමේ පැනලයක් හඳුන්වා දුන්නා. මෙය ප්‍රථමයෙන් ඇපල් දුරකතනවල යි දකින්නට ලැබුණේ. ඔබ එයට ප්‍රිය කළා නම්, මේ ඇප් එකෙන් එය ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයටත් එක් කරගන්නට පුළුවන්. Android Pie ආකෘතියෙහි පෙනුමක් මෙය සතු යි. සැකසුම් 35කට වැඩි ප්‍රමාණයක්, නිතර පහසුවෙන් පිවිසීමට වෙබ් අඩවි URL එක් කර ගැනීමේ හැකියාව, අවශ්‍ය සැකසුම් තෝරා වෙනස් කරගත හැකි වීම, හා වර්ණ වෙනස් කිරීම ඇතුළු ඔබට සිතැඟි පෙනුමක් සකසා ගත හැකිවීම මෙය සමග ලැබෙන විශේෂාංග ගොන්නට අයත් වෙනවා.

බාගන්න: Bottom Quick Settings

විශේෂාංග පිරුණු ඡායාරූප ගැලරියක්: Memoria

Material design සහ ආරක්ෂාවට විසඳුම් රැසක් (Google Play Store)

දුරකතනය සමග ම ලැබුණු ඡායාරූප කළමනාකරණ මෘදුකාංගයට ඔබ කැමති නැත්නම්, ඇන්ඩ්‍රොයිඩ් විලාසයට ම සමාන (material design) පෙනුමකින් එන Memoria අත්හදා බලන්නට පුළුවන්. සාම්ප්‍රදායික Gallery එකකින් ඔබ්බට යමින් විශේෂාංග රැසක් එය ගෙන එනවා. ඒවා අතර, ඡායාරූප නැරඹීම ඔබට පමණක් සීමා කරමින් පාස්වර්ඩ් හෝ ඇඟිලි සලකුණු ආරක්ෂාව යෙදීමට හැකි වීම, ඇල්බම් සැඟවීමට හැකි වීම, Encrypt කරමින් මේ ඇප් එක හරහා පමණක් අවශ්‍ය ඡායරූප විවෘත කළ හැකි සේ සැකසීම, ඇල්බමයට කවරයක් එක් කළ හැකි වීම ආදී අපූරු දෑ තිබෙනවා. මෙය මෙගාබයිට් 13ක් තරම් කුඩා බාගැනීමක් වන අතර, වේගවත්ව ක්‍රියා කිරීම ද විශේෂත්වයක්. ඡායාරූප Chromecast හරහා නරඹන්නට ද හැකි අතර, පින්තූර Open නොකර pinch කරමින් විශාලනය කර බලන්නටත් පුළුවන්.

බාගන්න: Memoria Photo Gallery

කරදර නැතිව තිරය රෙකෝඩ් කිරීමට: MNML Screen Recorder

විවෘත කේත මෘදුකාංගයක් (Google Play Store)

සාමාන්‍ය Screen Recorder යෙදුම්වල ඇති ගැටළුවක් තමයි, නිරන්තරයෙන් Ads දර්ශනය වීම. ඒ වගේ ම වීඩියෝ එක මතට ද ඔවුන්ගේ logo ආදිය එක් කරමින් කරදරයක් බවට පත් වෙනවා. මේ සියලු ගැටළු විසඳාලන MNML කියන්නේ විවෘත කේත මෘදුකාංගයක්. පහසුවෙන් භාවිතා කළ හැකි වීම, Night mode එකක්, රෙකෝඩ් වීමේ දී Notification පැනලයෙහි ඒ බව දැන්වීම, හා පාලක බොත්තම් අඩංගු වීම මෙය සතු අනෙකුත් විශේෂාංග වෙනවා. Release කරන්නටත් පෙර, 10,000+ වැඩි Downloads ප්‍රමාණයක් එය ලබා ගෙන තිබෙනවා. ඔබටත් මෘදුකාංග නිර්මාණයේ හැකියාවන් තිබෙනවා නම් මෙයට විශේෂාංග එක් කරන්නට පුළුවන්. මෙහි කේතය GitHub තුළ දැකගත හැකියි.

බාගන්න: MNML Screen Recorder

වේගවත් ගවේෂණයට: Mint Browser

හැකියාවෙන් පිරි සැහැල්ලු ගවේෂකයක් (Google Play Store)

බාගැනීමට මෙගාබයිට් 11ක් තරම් අඩු අගයක් සමග Chrome වැනි ඉහළ පෙළ වෙබ් ගවේෂකවලට සමාන සහ එහි ද නොමැති විශේෂාංග ගෙන එන Mint browser එක දුරකතන නිෂ්පාදක Xiaomi සමාගමේ නිෂ්පාදනයක්. අඩු Storage, RAM ප්‍රමාණයක් සමග ක්‍රියාත්මක වන නිසා එය slow වුණු දුරකතනවලට වඩාත් උචිත වෙනවා. මෙහි ඇති විශේෂාංග අතර රහසේ ගවේෂණයට Incognito mode, රාත්‍රියේ වුව කියවීමට Reading mode, කටහඬ භාවිතයට Voice search තිබෙන අතර, අන්තර්ජාල වේගය අඩු අවස්ථාවක දී ඡායාරූප නොමැති ව වෙබ් අඩවිවලට පිවිසීමට හා ලිපි කියවීමට අවස්ථාව ලැබෙනවා. 3000කට ආසන්න Rating සංඛ්‍යාවකින් 4.4ක ඇගයුමක් ලබන්නට එය සමත්ව තිබෙනවා.

බාගන්න: Mint browser

කවරය: techrum.vn

Related Articles