Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නොවැම්බර් මාසයේ කරළියට පැමිණි, හොඳම ඇන්ඩ්‍රොයිඩ් Apps 5ක්

මේ අවුරුද්දත් දන්නේ ම නැති ව ගෙවී ගිහින් දෙසැම්බරයත් ලැබුවා. ඒ අතරේ සුපුරුදු පරිදි ම සීඝ්‍රයෙන් ඇන්ඩ්‍රොයිඩ් Play Store එක ඇප්ස්වලින් පිරී යමින් තිබෙනවා. දැනට තිබෙන ඇප්ස්වලට තරගකාරී Apps, වැඩි පහසුකම්වලින් යුත් ඒවා, ගෙවා ලබාගත යුතු විශේෂාංග නොමිලේ ම ලබා දෙන අලුත් apps, නවතම අදහස්වලින් පිරිපුන් ව අපේ එදිනෙදා ගැටලු විසඳා දෙන apps ආදී ලෙස හැම app එකක් පසුපස ම සැඟවුණු කතාවක් තිබෙනවා. අපි අද ඔබට ගෙන එන්නේ නොවැම්බර් මාසයේ අගභාගය වන විට, මෙතෙක් ඇවිත් තිබුණු හොඳ Apps සෙට් එකක් ගැන යි.

Tweet එකක් ඡායාරූපයක් කරන්න: Tweet2Pic

Theme වෙනස් කිරීම සහ Media සැඟවීම (Google Play Store)

Twitter සමාජ ජාලය තමයි ගොඩක් ප්‍රසිද්ධ චරිත තමන්ගේ නිල ප්‍රකාශයන්, ප්‍රවෘත්ති පළ කිරීමට පාවිච්චි කරන්නේ. එවන් tweets යාළුවොත් එක්ක බෙදා ගනිද්දි ලින්ක් එකක් විදියට යවනවා වෙනුවට එය ඡායාරූපයක් බවට පත් කරලා යවන එක බලන අයට පහසුවක්. ගොඩක් Facebook pagesවලින් මේ දේ කරනවා ඔබ දැකලා ඇති. Screenshot එකකින් ට්වීට් එකක් ඡායාරූපයක් බවට පත් කරනවාට වඩා, ඉතා ම පහසුවෙන් අවශ්‍ය ආකාරයට හැඩ ගන්වා ගන්නට Tweet2Pic ඇප් එකෙන් අවස්ථාව ලැබෙනවා. Reply එකක් වුවත්, මුල් ට්වීට් එක නොමැති ව ස්වාධීන එකක් ලෙස ඡායාරූපයට නගන්නට, Dark හෝ Light mode එක යොදන්නට, ඡායාරූප ඉවත් කරන්නට වැනි බොහෝ විශේෂාංග වෙළඳ දැන්වීම්වත් නොමැති ව, නොමිලේ ම මෙය ලබා දෙනවා. අපේ @RoarSinhala ට්විටර් ගිණුම follow කළා ම ඔබට අලුත් ම ලිපි ගැන ඉක්මනට ම දැන ගන්න පුළුවන්.

මෙතනින් බාගන්න: https://play.google.com/store/apps/details?id=org.hackesta.tweet2pic

අලුත් Launcher එකක්: Hyperion launcher

Nova, Apex, ADW, Google Launcher වගේ ඒවා ඇන්ඩ්‍රොයිඩ් මුල් තිරය හැඩ ගන්වන්නට ප්‍රසිද්ධ ම ඒවා ලෙස සිටියත්, Play Store එකට හොඳ launchers එන එක නම් නැවතිලා නැහැ. හොඳ වර්ගයේ launchersවල තිබෙන හොඳම විශේෂාංග, එකම තැනකින් ලබා දෙන්නට Hyperion launcher එක පොරොන්දු වෙනවා. සුමට බව සහ වේගය, කැමති ආකාරයකට වෙනස් කරගත හැකිවීම මෙහි ප්‍රධාන ලක්ෂණ වෙනවා. නූතන Android Pie ආකාරයේ පෙනුමක් ලබාදෙන එහි, සාම්ප්‍රදායික drawer අයිකනය වෙනුවට තිරය යටට කෙටි ඉරක් ලබා දෙමින් එය ඉහළට swipe කරන්නට අවස්ථාව දෙනවා. දර්ශනය වන දේවල්: drawer, dock, ෆෝල්ඩර්, හා widgetවල පසුබිම් වර්ණ සහ ප්‍රධාන තේමා වර්ණය වෙනස් කළ හැකි නිසා දුරකථනයේ වර්ණයට ද ගැළපෙන සේ තේමාවක් ඔබට ම සකසා ගත හැකියි. Fingerprint ආරක්ෂාව තිබෙන දුරකථනවල App lock එක හරහා වැඩි ආරක්ෂාවක් ලබාගන්නටත් පුළුවන්.

මෙතනින් බාගන්න: https://play.google.com/store/apps/details?id=projekt.launcher

ඡායාරූපවලට ලස්සන අකුරු හැඩ දාන්න: Typography Master

ඡායාරූප කලාවේ තවත් අංගයක් තමයි ඡායාරූපය ඉදිරිපත් කිරීමේ දී ඊට ගැළපෙන අකුරු පෙළක් ඇතුළත් කරන එක. නමුත් සාමාන්‍ය Sans Serif ආකාරයේ Font එකකින් හිතුමතේ අකුරු ටයිප් කළා ම හරිම කැතයි. ඔව්! ඡායාරූපය කොතරම් හොඳට අරගත්තත්, Filters දැම්මත්, මැදින් අකුරු දාන්න ගිහින් ගොඩක් අය වැඩ වරද්දා ගන්නවා. නමුත් මේ ඇප් එකෙන් වෙනස් ම ආකාරයේ කලාත්මක බවක් අකුරුවලට ලබා දෙන නිසා ඡායාරූපවල වටිනාකම එලෙස ම රඳවාගෙන හෝ අවශ්‍ය නම් තවත් එහි පෙනුම වැඩි කරගන්නට පාවිච්චි කළ හැකි එකක්. ඉතා ම පහසුවෙන් පාවිච්චි කළ හැකි බව, Font 200කට වඩා අන්තර්ගත කර තිබීම වගේ ම Text පමණක් නොව, Photo Editor එකක මෙන් Tint, Vignette ආදී මූලික විශේෂාංගයන් ද ලබා දී ඇති නිසා තවත් ඇප් එකක අවශ්‍යතාව අවම වෙනවා.

මෙතනින් බාගන්න: https://play.google.com/store/apps/details?id=textonphoto.quotestext.typography

ආරක්ෂාව සහතික කරන SAFE

දුරකථනය ගැන Safety Score එකක් පෙන්වනවා (Google Play Store)

දිග නමක් කෙටි කර SAFE ලෙස යොදන ලද මෙය, අපේ දුරකථනයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන සෝදිසියෙන් ඉන්නවා. 0 සිට 5 දක්වා අගයයන් දක්වමින් දුරකථනයේ දත්ත කෙතරම් ආරක්ෂිත ද යන්න එය පෙන්වා දෙනවා. අලුතෙන් දුරකථනයක් ගත්තා ම හෝ තමන්ගේ දත්තවල ආරක්ෂාව ගැන නිතර හිතන කෙනෙක්ට මේ ඇප් එක අපට ගත යුතු ක්‍රියාමාර්ග මතක් කර දෙන නිසා settings හැදීම අමතකවීම් හරහා ඇති වන අනාරක්ෂිත බව නැති කරලනවා. මෙහෙයුම් පද්ධතිය, සැකසුම්, Apps, අන්තර්ජාල සබඳතාව ලෙස කිහිප ආකාරයකින් Score එක වෙන් කරලන නිසා ගැටලු ඇත්තේ කොහිද යන්න පහසුවෙන් තීරණය කර ගත හැකියි.

මෙතනින් බාගන්න: https://play.google.com/store/apps/details?id=com.lucideus.safe

වැස්සත් එක්ක නිදාගන්න: Rain moment

විවිධ ශබ්ද ආකාරවලින් සමන්විත යි (Google Play Store)

රෑට නින්ද යන්නේ නැති එක එදිනෙදා ජීවිතයත් එක්ක උරුම වුණු මානසික ආතතිය හරහා හැම කෙනෙක්ට ම තිබෙන ගැටලුවක්. මේ නිසා ම ඇතැමුන් හෙඩ්සෙට් එක ගහගෙන සින්දු හෝ පිරිත් අහනවා, නගරබද අය රැහැයියන් කෑ ගහන ගම්බද ශබ්දයන් අහනවා. කොන්ක්‍රීට් වනාන්තරයේ සිරවුණා ම වාහනවල ශබ්ද විතරක් ඇහෙද්දි හිත චචංල වෙනවා. ඒ නැතත්, සිතුවිලිවලින් සහ වගකීම්වලින් පිරුණු හිතක් නිශ්ශබ්ද ව ඉන්නෙත් නැහැ. ඒ ප්‍රශ්නයට විසඳුමක් ලෙස වැස්ස වැටෙන ශබ්ද ඔබට කැමති වේලාවක් වෙනකම් ඇහෙන්නට සලස්වන්න මේ ඇප් එකෙන් පුළුවන්. Timer එකක් තිබෙන නිසා එළිවෙනකම් play වෙන්නෙත් නැහැ. ඔබට අවශ්‍ය වැස්සේ හඬ මාදිලිය තෝරාගෙන හිත නිදහස් කරගත හැකියි. ෆෑන් එක හයියෙන් දාලා ළඟට අරගත්තා නම් තවත් හොඳට එය විඳින්නට හැකි වේවි.

මෙතනින් බාගන්න: https://play.google.com/store/apps/details?id=com.rain.relax.moment

කවරය: toiimg.com

Related Articles