Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හොඳම ඇන්ඩ්‍රොයිඩ් ගේම්: 2018 අගෝස්තු

2018 වර්ෂයේ ජූලි මාසය වෙනුවෙන් හොඳම android game අප සුපුරුදු පරිදි පෙර ලිපියෙන් ගෙන ආවා. Sims, Westworld වැනි ඉහළ මට්ටමේ virtual life එකක් සහ ටෙලි කතා පදනම් කරගත් අපූරු ක්‍රීඩා ඒ අතර තිබුණා. එදිනෙදා ජීවිතයේ ඒකාකාරී බව නැති කර ගන්නට සහ බස් එකේ කෝච්චියේ ගමන් ගන්නා අතරතුර කාලය කා දමන්නට අතේ තියෙන ෆෝන් එකෙන් ගේම් එකක් දා ගැනීම මහත් පහසුවක් වෙනවා. එ් අනුව මේ මාසය සඳහා අප තෝරාගත් හොඳම games කිහිපයක් පහතින් දැක්ව‍ෙනවා.

Asphalt 9: Legends

androidheadlines.com

හැමෝම අසාවෙන් අවුරුදු ගණනක් ක්‍රීඩා කළ Asphalt 8 ගේම් එකේ අලුත්ම වෙළුම මීට සති කිහිපයකට කලින් පැමිණියා. ඒ නිසාම එය පළවෙනි game එක ලෙස අපි තෝරා ගන්නවා. Asphalt 9 පැමිණ වැඩිකල් යන්නට ප්‍රථමයෙන්ම සිය දහස් ගණනින් ඊට හොඳ ප්‍රතිචාර ලැබී තිබෙනු දකින්නට ලැබෙනවා. Playstore හි rating එක 4.6ක අගයක් ලබා තිබෙනවා.

හොඳ graphics අත්දැකීමක් සහිතව දුරකථනය හරහා car race එකක් යන්නට මේ හරහා අවස්ථාව ලැබෙනවා. Ferrari, Porsche, Lamborghini සහ W Motors ආදී ඉහළ පෙළ මෝටර් රථ නිෂ්පාදකයන්ගේ බලපත්‍ර‍ ඇතිව සත්‍යය කාර් රථ මෙහි යොදා තිබෙන නිසා ඔබේ සිහින කාර් රථය පැදයන්නට සහ ඒකෙන් රේස් එකක් යන්නට මේ ගේම් එක නිසා හැකියාව ලැබෙනවා. Asphalt ගේම් ශ්‍රේණියේ මුල්වරට අපි වගේම කාර්වලට ආසා කරන ලොව වටා සිටින අයට club එක හරහා සම්බන්ධ වන්නටත් පහසුකම් සපයා තිබෙනවා.

මෙතනින් බාගන්න: Asphalt 9

Battle of Survival

Google Play Store

හමුදා සහ ක්‍රියාදාම ආකාරයේ ගේම් එකක් තමයි Battle of Survival කියන්නේ. යුද්ධ භූමිය තුළ දිවි රැකගෙන තමන්ගේ සගයින් සමග ඉදිරියට ඇදෙමින් සතුරන්ගෙන් ආරක්ෂා වීම හා ඔවුන්ට අභියෝගයක් වීම Battle of Survival ක්‍රීඩාවේ මූලික ක්‍රියාවලිය වෙනවා. හොඳ graphics අත්දැකීමක් සහිත මෙහි controls ද ඉතා පහසුවෙන් පාවිච්චි කරන්නට පුළුවන්.

යුද බිමේ දී ගත යුතු කඩිනම් තීරණ, යුද උපක්‍රම, සතුරන් නොමඟ යැවීම්, කණ්ඩායමක් වශයෙන් ඉදිරියට ඇදීම ආදී පුළුල් ක්‍රමවේදයන් රැසක් මෙහි අඩංගු වන නිසා වෙනත් ලෝකයකට ගියාක් මෙන් යුද්ධ පිටියක තනිවන්නට අවස්ථාව සැලසෙනවා. එකිනෙකට වෙනස් පරිසරයන් 5කින් යුක්තව ක්‍රීඩා කළ හැකි මෙහි සැහැල්ලු ආයුධ රැසක් එක් කර තිබෙනවා.

එය මෙතනින් බාගත කරගත හැකියි: Battle of Survival

Shadow Fighter

Fighting gameවලට කැමති අයට Shadow Fighter හොඳ ක්‍රීඩා අත්දැකීමක් බවට පත්වනු නොඅනුමාන යි. ගොඩක් ගේම්ස්වල දෙදෙනෙකු අතර ගැටුමක් දකින්නට ලැබුණත් ෆිල්ම්වල වගේ එකවර හතර පස් දෙනෙක් එක්ක ගහගන්න මේ ගේම් එකේ දී සිදුවෙනවා. Zombies, රාක්ෂයන්, කළු මකරුන් වගේ මනඃකල්පිත භයානක චරිත එක්ක යි හැප්පෙන්න තියෙන්නේ. ඔවුන් පෘථිවිය ආක්‍රමණය කළ නිසා ඉන් ලොව මුදාගැනීම යි ඔබේ කාර්යභාරය වන්නේ.

වම් අතට ලැබෙන controlsවලින් ඉදිරියට/ පසුපසට ගමන් කිරීමත්, දකුණු පසින් සටන් කිරීමටත් පහසුවෙන් පුළුවන්. මිටිය, පොරව, දුන්න සහ ඊතලය වැනි පැරණි ආයුධ මෙන්ම එකවර කිහිප දෙනෙක්ට මරණීය පහරක් එල්ල කළ හැකි බලයන් මෙහි අඩංගු කර තිබෙනවා.

Play Store ලින්ක් එක: Shadow Fighter

Life Is Strange

Google Play Store

අලුතෙන් එන ගොඩක් ගේම් දැන් කතා මාලාවක් මත පදනම් වූ ආකාරයට යි දිග හැරෙන්නේ. එකිනෙකට වෙනස් mission ගොඩක් වෙනුවට ඒවා අතරේ ෆිල්ම් එකක් වගේ කොටසකුත් දකින්නට ලැබෙනවා. Life is Strange කියන්නෙත් ඒ වගේ ගේම් එකක්. 2018 වසරේ International Mobile Game Awardsහි දී ජනතා සම්මානයට පාත්‍ර වූ මෙයට Play Store එකෙහි ද හොඳ ප්‍රතිචාර සහ 4.2ක rating ද ලැබී තිබෙනවා.

මැක්ස් කෝල්ෆීල්ඩ් නමැති ඡායාරූප ශිල්පිනියට තමන්ගේ ක්ලෝ ප්‍රයිස් යෙහෙලිය බේරාගනිද්දී තමාට කාලය ආපසු හැරවීමට හැකි බව වැටහෙනවා. ඉන්පසු ඔවුන් දෙදෙනාම එක්ව ඔවුන් හා එකට සිට අතුරුදන් වූ රේචල් ඇම්බර්ව සොයා යන්නට පටන් ගන්නවා. කතාව ගොඩ නැගෙන්නේ එලෙස යි. ඉන් ඉදිරියට යද්දී කරන දේවල් හා තෝරාගැනීම් මත විවිධ දේවල් සිදුවෙනවා. එලෙස විය හැකියාවන් බොහොයමයක් තිබෙන නිසා ඔබ අත්විඳින ක්‍රීඩාවට වඩා හාත්පසින්ම වෙනස් දේවල්වලට ඔබට මේක play කරද්දී මුහුණ දෙන්නට පුළුවන්.

මෙතනින් බාගන්න: Life is Strange

Pokémon Quest

Google Play Store

පැරණි වීඩියෝ ගේම්, එහෙමත් නැත්නම් Minecraft වැනි 8-bit පෙනුමැති ක්‍රීඩාවන්ට ප්‍රිය කරන අයට සහ Pokemon ක්‍රීඩාවට ලැදි අයට Pokémon Quest නවමු අත්දැකීමක් වේවි. දිවයින තුළ සැඟවී තිබෙන දේවල් සොයා ගැනීම, දුර්ලභ Pokemonලා ආකර්ෂණය කරගැනීම, සටන් වැදීම මෙහි මූලික ක්‍රියාවන් වෙනවා. එකතු කරගන්නා දේවල් අනුව චරිතවල ඇති හැකියාවන් වැඩි කරගෙන ඉදිරි levelවලට සවිමත්ව මුහුණ දෙන්න පුළුවන්.

පෙර Pokemon ගේම්වල දකින්නට සිටි චරිත ද මෙහි සිටිනවා. වෙනසකට තිබෙන්නේ ඔවුන්ට කොටු හැඩයක් ලැබී තිබීම පමණ යි. මෙය කෙතරම් ජනාදරයට පත්ව ඇති ද යත්, Play Storeහි 4.4ක ඉහළ අගයකට හිමිකම් කියනවා. එසේම Editor’s Choice සඳහා ද තෝරාපත් කරගෙන තිබෙනවා.

Play Store එකෙන් බාගන්න: Pokémon Quest

මේ හැර ඔබට මේ මාසය තුළ හමුවුණු හොඳ ගේම්ස් තිබෙනවාද?

කවරයේ ඡායාරූපය: androidauthority.net

Related Articles