Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හොඳම ඇන්ඩ්‍රොයිඩ් ගේම්: 2018 ජනවාරි

දුරකථන ක්‍රීඩා, ඩෙස්ක්ටොප් පරිගණක ක්‍රීඩාවලටත් වඩා ප්‍රචලිතව ඇති කාලයක එයින් හොඳම ඒවා මොනවාදැයි දැනගැනීම බොහොම වැදගත් වෙනවා. නිදහසේ කාලය ගත කරන වෙලාවක මෙන්ම කරදරයෙන් ඉන්න වෙලාවකත් හිත නිදහස් කරගන්නත්, ඉන්න ඕන තැනක සිට අතේ තිබෙන දුරකථනයෙන්ම මේවා ක්‍රීඩා කරන්නටත්, යහළුවන්ට අභියෝග කරන්නට හෝ ඔවුන් සමඟ කණ්ඩායම් ගතවී කරන්නටත් හැකි 2018 ජනවාරි මාසය වෙනුවෙන් අපට හමුවූ ක්‍රීඩාවන් කිහිපයකුයි මේ.

හිම මත වැඩ දා ලිස්සන්න: Snowboard Party

amazon.com

හිම මත ලිස්සා යාම හිම වැටෙන රටවල ජනප්‍රිය ක්‍රීඩාවක් වුවත් හිම ක්‍රීඩා කරන්නට අපෙත් සැඟවුණු ආසාවක් තිබෙනවා. මේවා සංසිඳුවාගෙන නිවසේ සිටම හිමේ ලිස්සා යන්නට ඔබව වෙනත්ම ලොවකට රැගෙන යන Snowboard Party ගේම් එක ත්‍රිමාණ සජීවීකරණයෙන් නිපදවා තිබෙනවා. ඉතා හොඳ සත්‍යාකාරයේම ග්‍රැෆික්ස් නැතත් Temple Runහි දක්නට ලැබුණු තත්ත්වයට ආසන්න ආකාරයේ ගුණාත්මක බවින් යුතු මෙය පුළුල් controllers ප්‍රමාණයක උපකාරයෙන්, විවිධ උපක්‍රම භාවිතයෙන් ක්‍රීඩා කරන්නට අවස්ථාව සලසා දෙනවා. එහි වම් පසින් Joystick එකක් වැනි පාලකයක් ඇති අතර ඉන් ස්කේට්බෝඩ් එකේ දිශාව වෙනස් කරන්නටත් දකුණු පස ඇති බොත්තම් හරහා stunt කරන්නටත් හැකියාව ලැබෙනවා. තරගයේ ඉදිරියට යද්දී ස්කේට්බෝඩ් එක සහ ඇඳුම් පවා වෙනස් කරගෙන ක්‍රීඩාමය හැකියාව වෙනස් කරගත හැකියි.

මහමග කෝලහලය: Streets of Rage

Google Play Store

ඒ කාලේ පරිගණකවලට කාලයට ගැලපෙන හොඳ ගේම් ගෙන ආ Sega සමාගම ඒ තාලයටම දැන් ඇන්ඩ්‍රොයිඩ්වලටත් පරණ මතකයන් ගෙන එනවා. ඒ වගේම ෆයිට් ගේම්ස් වලට කැමති අයටත් හොඳින් ගැලපෙන The Streets of Rage Classic ක්‍රීඩාවේ controls පවා පරණ gamepad වල තිබුණු ආකාරයේ අකුරු සහිත ඒවායි. විවිධ හැකියාවන්ගෙන් යුතු චරිත තුනක් හරහා ක්‍රීඩා කළ හැකි අතර local wifi connection එකක් හරහා යහළුවන් සමඟ ද තරග කරන්නට හැකි නිසා ෆෝන් එකෙන් කළ හැකි multiplayer ගේම් එකක් වශයෙන් මෙය නව අත්දැකීමක්, විනෝදයක් ගෙන එනවා.

සංගීතයට ප්‍රිය ඔබට: Dancing Ball 2

instalki.pl

නම Dancing වුණට Dancing Ball 2 ක්‍රීඩාව තවත් විධියකට බැලුවොත්, ටෙනිස් බෝලයක් රැකට් එක මත නොවැටී බම්ප් කරනවා වගේ ක්‍රීඩාවක්. මෙහි තිබෙන බෝලය දෙපසට මාරු කරමින් අහඹු ලෙස පැමිණෙන කොටුවලට මාරු කරමින් වැඩිම කාලයක් ගත කිරීමයි කළ යුත්තේ. මෙය පහසු කරගන්නට විවිධ ගීත ඛණ්ඩ වාදනය වන අතර එහි තාලයට අනුව අපිට පහසුවෙන් ඊළඟ කොටුවට මාරු වන්නට පුළුවන්. ඒ අනුව මෙය ටිකක් Piano Tiles වගේ.

බාස්කට්බෝල් අලුත් විධියට: Slam Dunk King

සාමාන්‍යයෙන් බාස්කට්බෝල් ගහද්දී පිල් බෙදිලා තනි බෝලයක් බෙදාගන්න බැරිව තරග කළාට, Slam Dunk King පරිගණක ක්‍රීඩාවේදී නම් ඔබට ඕනෑතරම් බෝල ලැබෙනවා. මේ සියල්ල හරියටම දාන අතරේ වැඩ කෑලිත් දැම්මාම වැඩිපුර ලකුණු ගන්නට පුළුවන්. මෙහි තිබෙන ක්‍රමවේදය බොහෝවිට Fruit Ninja ගේම් එකේ වගේ. ඒ නිසා එහි දක්ෂතා දක්වපු කෙනෙක්ට මේ ගේම් එකේ කිසිම අමාරුවක් නැහැ. විවිධ levels, power-ups සහ Time Attack, Arcade, සහ Sudden Death ලෙස ආකාර තුනකට මෙහි ත්‍රාසය වඩවාගෙන ක්‍රීඩා කරන්න පුළුවන්.

ත්‍රාසය පිරුණු Last X

Google Play Store

Play storeහි 4.1ක ඇගයුම් ලබා ඇති Last X ඉහළින් බලාගෙන ක්‍රීඩා කරන God view ආකාරයේ ක්‍රීඩාවක්. 3X3 යුද්ධ භූමියක් තවත් කණ්ඩායම් 23ක් සමග ගෙන එන මෙහි නොහිතන අවස්ථාවක දී නොසිතූ ආකාරයේ පහරදීමකට ලක්විය හැකියි. ආවරණය වන දුර ප්‍රමාණය වැනි අවස්ථාවට ගැලපෙන ආකාරයේ ආයුධ තෝරාගන්නටත්, ශබ්ද නොනගා ගොස් පිහි ඇනුමක් කරන්නටත් මේ ක්‍රීඩාවේ යුද්ධෝපක්‍රම අඩංගු කර තිබෙන අතර භූමියේ අවසානයේ ඉතුරු වන්නා ජයග්‍රහණය කරන Survival වර්ගයටයි මේ ක්‍රීඩාව අඩංගු වන්නේ.

මේ හැරුණාම ඔබේ දුරකථනයේ ස්ථාපනය කර තිබෙන ක්‍රීඩාවන් මොනවාද?

Related Articles