Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හොඳම ඇන්ඩ්‍රොයිඩ් ගේම්: 2018 ජූලි

දුරකථන ක්‍රීඩා, ඩෙස්ක්ටොප් පරිගණක ක්‍රීඩාවලටත් වඩා ප්‍රචලිතව ඇති කාලයක එයින් හොඳම ඒවා මොනවාදැයි දැනගැනීම බොහොම වැදගත් වෙනවා. නිදහසේ කාලය ගත කරන වෙලාවක මෙන්ම කරදරයෙන් ඉන්න වෙලාවකත් හිත නිදහස් කරගන්නත්, ගමනක් යන ගමන් ඉන්න ඕන තැනක සිට අතේ තිබෙන දුරකථනයෙන්ම මේවා ක්‍රීඩා කරන්නටත් පුළුවන් වීම පරිගණක ක්‍රීඩාවලට වඩා වාසියි. ඒ අනුව, 2018 ජූලි මාසය වෙනුවෙන් අපට හමුවූ ඇන්ඩ්‍රොයිඩ් games කිහිපයකුයි මේ.

The Sims Mobile

ytimg.com

Sims කියන්නේ අවුරුදු ගාණක් පරණ නමක්! පරිගණකය තුළින් වෙනත් ජීවිතයක් ගෙවන්නට අවස්ථාව ලබාදුන් Sims ගේම් එක පසුකාලීනව mobile devices වලටත් පැමිණියා. නමුත් rebranding එකක් සමඟ නවතම මුහුණුවරක් ගෙන ඇති මෙය සැබෑ ජීවිතය වෙනුවෙන් ඉලක්ක සඳහා අත්හදා බැලීම් කරන්නට හොඳ තෝතැන්නක්. පුද්ගලයන් සමග කතාබහ කළ යුතු ආකාරය, නිවසක් තැනීම, රැකියාව නිසි පරිදි සිදුකිරීම, අලුත් පුද්ගලයන් හඳුනාගැනීම, දරුවන් ලැබීම ආදී සැබෑ ජීවිතය තුළ කළ හැකි බොහෝ දේ මේ ගේම් එක සතුව තිබෙනවා. මඳක් කාලය වැයවන ආකාරයේ ගේම් එකක් නමුත්, ක්‍රියාදාම ආකාරයේ ගේම් වලට අකමැති අයට මෙය හොඳ අත්දැකීමක් වේවි.

Westworld

variety.com

ඔබත් මේ දිනවල අලුතින් ආ Season 2 එක අත නොහැර බලන කෙනෙක් නම් Westworld කොච්චර ඔළුව විකාර කරවන ආකාරයේ කතා මාලාවක්දැයි අමුතුවෙන් කිය යුතු නැහැ. හොඳම ආරංචිය, දැන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් අපිටත් ඒ ලෝකෙට යන්න පුළුවන්!

TV series එක බලද්දී ඔබ දකින්න ඇති අපූරු ටැබ් යන්ත්‍ර අතේ තියාගෙන park එකේ සිටින අයව බලාගන්න පිරිසක්. අපිත් මේ ගේම් එකේ ඒ අය බවට පත් වෙනවා. Park එකේ වෙන දේවල් ගැන අවධානයෙන් ඉඳලා සියල්ල නිසි ආකාරව සිදුවෙනවාද බලන්නට, ඒ රොබෝවරු මැරුණාම ආයෙ අරගෙන ඇවිත් පිළිසකර කරන්නට යොමු කිරීම, රොබෝලාට අලුත් හැකියාවන් එක් කිරීම වගේ වැඩ ගොඩක් එයාලා කරනවා. හැබැයි එයාලාගේ නාහෙ යටින් රිංගන්න කතා මාලාවෙදි පුළුවන් වුවත් ඔබෙන් නම් ගැලවෙන්න රොබෝලාට බැරි වෙතැයි අපි විශ්වාස කරනවා.

Darkness Rises

mmoculture.com

Role playing ආකාරයේ ගේම් එකක් වන Play Storeහි 4.7ක rating ලැබූ Darkness Rises ක්‍රීඩාව හොඳ ග්‍රැෆික්ස් එක්ක ෆැන්ටසියක අපිව තනි කරනවා. පිශාචයන් සහ රාක්ෂයන් විසින් අල්ලාගත් මාලිගාවක් නැවත ලබා ගැනීමයි අපේ ක්‍රියාන්විතය වන්නේ. මෙහි ආරම්භයේම එම කතාව කීම ඇරඹෙන අතර ඇතැම්විට එය කරදරයක් මෙන් දැනෙන්නට පුළුවන්. එහෙත් ගේම් එකේ කතාව අවබෝධ කරගත්තාම ඒ ලෝකයේ සිට උනන්දුවෙන් කරන්නට අවස්ථාව ලැබෙනවා. තෝරාගැනීමට ආයුධ රැසක්, ඒවාටම අනුබද්ධ සටන් ක්‍රම රැසක් මෙහි අන්තර්ගත වන අතර රණ ශූරයෙක්, මායාකාරයෙක්, කිපුණු අයෙක්, සහ ඝාතකයෙක් වශයෙන් චරිත හතරකින් ගේම් එක තෝරාගන්න පුළුවන් නිසා විවිධ අත්දැකීම් ලද හැකියි.

Galaxy Warrior

අභ්‍යවකාශ සහ අහස්යානාවලින් පහරදීම් කරන්නට කැමති අයට හොඳ ග්‍රැෆික්ස් අත්දැකීමක් ද සමග Galaxy Warrior ක්‍රීඩා කරන්න පුළුවන්. තනි අතින් හෝ අත් දෙකෙන්ම ලෙස controls මාරු කළ හැකි නිසා ඔබ සිටිනා ස්ථානය අනුව පහසු ආකාරයට එය මාරු කරගත හැකියි. සතුරන්ට පහරදීම හරහා ලකුණු එක්රැස් කරන්නටත්, Boss fight වලට මුහුණ දෙන්නටත් වගේම Online සම්බන්ධවී multiplayer ආකාරයට ද මෙය ක්‍රීඩා කරන්නට පුළුවන්. ඉතා පහසුවෙන් හැසිරීමට හැකි නිසා සහ accelerometer සංවේදකයේ සහාය ද උපයෝගී කරගන්නා නිසා අමුතුම ක්‍රියාදාම අත්දැකීමක් මෙය හරහා ලැබෙනවා.

Axe.io

පරණ කාලයේ යුද්ධවලට, යුද්ධ උපක්‍රම සහ යුද්ධ  ඇඳුම්වලට ප්‍රිය කරන අයට Axe.io ක්‍රීඩාව නිර්දේශ කරන්න පුළුවන්. හොඳ graphics එක්ක තවත් පිරිසක් එක්ක ගිහින් යුද්ධ වදින්නට ඇති මෙහි ප්‍රධාන ආයුධය වන්නේ අතේ ඇති පොරව යි. පිටිසරබද පළාත්, මාලිගාවන් අතරින් යමින් සටන් කිරීමයි මෙහි කළ යුත්තේ. අතේ තිබෙන පොරව දමා ගසා සතුරන් මර්දනය කිරීම මෙහි මූලික පහරදීමේ ක්‍රමවේදය වෙනවා. Joystick එකක් වගේ වම් පස ඇඟිල්ලෙන් අපේ character එක ගමන් කරවන්නත්, දකුණු පස තිබෙන පොරව සහිත බොත්තමෙන් එය විසි කරන්නටත් පුළුවන්. විසි කර පහර දීමෙන් පසු නැවතත් පොරව ඇහිඳගත යුතු වෙනවා. සතුරන් සතු coins එකතු කරගෙන ඒවායෙන් upgrades කරගත්තාම විවිධ ආකාරයේ පොරව කිහිපයක් ගෙන යන්නටත් හැකියාව ලැබෙනවා.

මේ ගේම්ස් හැරුණාම ළඟදි දැකපු ඔබේ සිත්ගත් ගේම්ස් තිබෙනවා ද?

කවරයේ ඡායාරූපය: vimeocdn.com

Related Articles