Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Online පරිගණක ක්‍රීඩා කරන ඔබ ළඟ තිබිය යුතු ම මෘදුකාංග 6ක්

අවුරුදු ගණනාවක් තිස්සේ තනිව ම විනෝද වන ක්‍රමවේදයක් ව තිබුණු පරිගණක ක්‍රීඩා, දැන් තමන්ගේ දක්ෂතා ලෝකයට පෙන්වන්නට පුළුවන් තෝතැන්නක් බවට පත් ව තිබෙනවා. අන්තර්ජාලයේ ප්‍රසිද්ධිය සමග ලංකාවේ බොහෝ දෙනෙක් දැන් Online Multiplayer ක්‍රීඩාවන්ට යොමුව තිබෙන අතර, අධ්‍යාපනික ආයතනවල පවා eSports තරගාවලි බොහොම දකින්නට ලැබෙනවා.

නිවසේ දී ක්‍රීඩා කරමින් අන්තර්ජාලය හරහා සජීවී ව හෝ YouTube වීඩියෝ ලෙස පළ කරමින් ප්‍රසිද්ධ වූ Pewdiepie ආදීන්, මුදල් උපයන්නන් පවා ලොව බිහි ව සිටිනවා. එවන් පසුබිමක් යටතේ පරිගණක ක්‍රීඩා කරන ඔබට, තවත් හැකියාවන් වැඩි කරගන්නට පරිගණකයේ තබා ගත යුතු ම, නොමිලේ බාගත කළ හැකි මෘදුකාංග කිහිපයක් අපි ඔබට මේ ලිපියෙන් ගෙන එනවා.

Discord

Audio chatවලට උචිත යි (discordapp.com)

Online ක්‍රීඩාවන්, කණ්ඩායමක් ලෙස කරද්දී එකිනෙකා සමග අදහස් හුවමරු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එවිට එක ම plan එකකට අනුව ක්‍රියා කරන්නට, අනෙක් අය ව මෙහෙයවන්නට, හා අනතුරු ගැන දැනුම් දෙන්නට හැකි වෙනවා. කාලයක් මේ සඳහා ජනප්‍රිය ව පැවති සේවාවක් වූයේ TeamSpeak වුවත්, දැන් ඊටත් වඩා Discord ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතිනවා.

ඕනෑම කෙනෙකුට භාවිතයට පහසුව, Invitation link එකකින් මිතුරන් එක් කරගත හැකි වීම, Slack වැනි කාර්යාලීය සේවාවන්ට සමීප UI එකක් තිබීම, නොමිලේ චැට් කිරීමේ සහ හඬ භාවිතා කරමින් කතා කිරීමේ පහසුව, ප්‍රසිද්ධ මෙහෙයුම් පද්ධති සහාය, සහ දුරකතන Apps තිබීම මෙහි ඇති විශේෂත්වයන් වෙනවා. එපමණක් නොව, අවශ්‍ය පරිදි Botලා අඩංගු කරන්නට හැකි වීම නිසා අසීමිත විශේෂාංග ප්‍රමාණයක් ලබා ගන්නට හැකි වීම නිසා උදාහරණයක් ලෙස, YouTube හරහා ගීත play කරන Botලා පවා සකසා ගන්නට පුළුවන්.

බාගන්න: Windows, Mac, Linux (deb | tar.gz), Android, iOS

Razer Cortex

Game boost කළ හැකියි (razerzone.com)

වාර්ෂික ව ගේම්වල requirements වැඩි වුණත්, පරිගණකය ඊට සාපේක්ෂ ව upgrade කරන්නට අපිට සල්ලි නැහැ. Budget laptop පාවිච්චි කරන බොහෝ දෙනෙක් ගේමිංවලට කැමැත්තක් දැක්වූවත්, තමන් කැමති ගේම් බොහොමයක් slow වීම නිසා කරදර රැසකට මුහුණ පානවා. මෙයට විසඳුමක් වශයෙන් Game boosting මෘදුකාංගයක සහාය ලබා ගන්නට පුළුවන්.

පරිගණකයේ තිබෙන විවිධ මෘදුකාංගවලින් RAM, CPU, GPU පාවිච්චි කරද්දී අපට ගේම් එකට පාවිච්චි කරන්න තිබෙන resources ප්‍රමාණය මදි වෙනවා. නමුත් Razer cortex මෘදුකාංගයෙන් ගේම් එක open කළාට පස්සේ අනෙක් දේවල්වලට වඩා game එකට වැඩි ජවයක් ලබා දෙන්නට කටයුතු කරනවා. ඒ වගේ ම අනවශ්‍ය ෆයිල් ඉවත් කරලා හාඩ් එකත් පිරිසිදු කරමින් වැඩි ඉඩක් ද ලබාදෙනවා.

බාගන්න: Razer Cortex වෙබ් පිටුව

Parsec

අන්තර්ජාලය හරහා Multiplayer හැකියාවන් නොමැති අපි ඉස්සර ආසා කරපු ගේම් බොහොමයක් තිබෙනවා. ඒ වගේ ම, දැනටත් කුඩා ප්‍රමාණයේ ගේම් ඒ ආකාරයට පැමිණෙන අතර, තවත් ඒවා අන්තර්ජාලය හරහා play කරන්නට ඔවුන්ගේ වෙබ් අඩවිවල ගිණුම් සැකසීම්, ඊට මුදල් ගෙවීම් ඉල්ලා සිටිනවා.

Parsec හරහා මෙම ගැටළුව විසඳමින් Online multiplayer නොමැති ගේම්වලට පවා යහළුවන් සමග සම්බන්ධ වන්නට අවස්ථාව සලසනවා. ඔබේ පරිගණකයේ ගේම් එක ස්ථාපනය කර නැතත්, මිතුරාගේ පරිගණකයේ ඇති game එකක් play කරන්නට ද මින් අවස්ථාව සලසන අතර, අවශ්‍ය නම් මුදල් ගෙවා ඔවුන්ගේ සර්වරයක් ඔබ කැමති ගේම් ස්ථාපනය කරන්නටත් පුළුවන්.

බාගන්න: Parsec download පිටුව

MSI Afterburner

Afterburner හි අතුරුමුහුණතේ තිරදසුනක් (imgur.com)

තමන්ගේ පරිගණකයේ ගේමිං හැකියාවන් වැඩිදියුණු කරගන්නට අවශ්‍ය අයට මෙය විවිධ පහසුකම් සලසන tool එකක්. නොමිලේ ලබාදෙන MSI Afterburner මෘදුකාංගයෙන් ඔබේ graphics card එක overclock කරන්නට හැකිවීම එහි මූලික විශේෂත්වය යි. නමුත් ඒ සඳහා සහාය දක්වන්නේ සීමිත GPU නිෂ්පාදනයන් ප්‍රමාණයක් පමණයි. මෙසේ කිරීමෙන් සාමාන්‍යයෙන් ලැබෙන හැකියාවන්ට වඩා වැඩි performance අගයක් ඔබේ පරිගණකයෙන් ලබා ගන්නට අවස්ථාව ලැබෙනවා.

මෙහි ඇති අනෙකුත් විශේෂාංග අතර: ගේම් එක ධාවනය වීමේ දී පරිගණකයේ Hardware දත්ත දැකීමට හැකිවීම, ඒවා ගේම් එකෙහි තිරය මතට ම ලබා ගන්නට හැකි වීම, Skins රැසක් තිබෙන නිසා සිතැඟි අත්දැකීමක් ලැබීමට හැකිවීම තිබෙන අතර, Android ඇප් එක මඟින් GPU එක පාලනය කළ හැකි වීම, පරිගණකයේ අනවශ්‍ය ගොනු මකා දැමීම වැනි හැකියාවන් පවා මෙය සතු වෙනවා.

බාගන්න: Afterburner වෙබ් පිටුව

OBS Studio

Fortnite ක්‍රීඩාව රෙකෝඩ් කරමින් (defkey.com)

තමන්ගේ ගේමිං හැකියාවන් අනෙක් අයට පෙන්වන්නට, Challenge කරන්නට හැකි හොඳම ක්‍රමය ගේම් එක record කර Social media හරහා හෝ YouTube හරහා බෙදා ගැනීම යි. ඕනෑම කෙනෙක්ට පහසුවෙන් අවබෝධ කරගත හැකි UI එකක් ද සහිත ව එන OBS Studio මෘදුකාංගය සියලු පහසුකම් නොමිලේ ම සලසනවා.

තිරය රෙකෝඩ් කිරීම, Audio input, සහ output ඊට එක් කළ හැකි වීම නිසා ගේම් එකේ ශබ්ද මෙන්ම ඔබට Mic එක හරහා ද කතා කරන්නට අවස්ථාව සලසනවා. Video සහ Audio Mixer එකක් ලැබෙන නිසා වෘත්තීය මට්ටමේ වීඩියෝවක් නිපදවන්නට මෙය හොඳට ම ප්‍රමාණවත්. Game play කිරීම මෙන්ම Game Tutorial පවා කරන්නට මෙය පහසුවෙන් යොදා ගත හැකියි.

බාගන්න: Open Broadcaster වෙබ් අඩවිය

වැඩිපුර එකක්: CPU-Z

CPU-Z මෘදුකාංගයේ අතුරුමුහුණත (sftcdn.net)

Online Gaming වලට අමතර ව අපි තවත් මෘදුකාංගයක් ගැන යි මේ කියන්නට යන්නේ. ගේම් එකක් අලුතින් හොයා ගනිද්දී තමන්ගේ පරිගණකයට ගැළපෙන එකක් නිවැරදි ව සොයා ගන්නට නම් පරිගණකයේ Specs ගැන පූර්ණ අවබෝධයක් තිබිය යුතු වෙනවා. විශේෂයෙන් Afterburner වැනි මෘදුකාංගයකින් Overclock කරන්නට අදහස් කරනවා නම්, දැනට පරිගණකයේ තිබෙන Ghz ප්‍රමාණයෙන්, ධාරිතා ප්‍රමාණයන් පිළිබඳ ව සහ GPU ආදියේ නිෂ්පාදන දත්ත දැනගෙන සිටීම වැදගත්.

අමතක වුණු වෙලාවට Desktop පරිගණක ගලවා බැලීම, ලැප්ටොප් එකේ විස්තර Search කරන්නට සිදුවීම වැනි කරදර රැසක් වළකා ගන්නට පහසුවෙන් පාවිච්චි කළ හැකි මෘදුකාංගයක් තමයි CPU-Z කියන්නේ. එමඟින් ප්‍රොසෙසරයේ විස්තර, Motherboard, chipset විස්තර මෙන්ම සජීවී ව ද පරිගණකයේ තොරතුරු පෙන්වීම විශේෂත්වයක්.

බාගන්න: Windows, Android

Online Gaming කරන කෙනෙක් වශයෙන් ඔබ මීට අමතර ව පාවිච්චි කරන මෘදුකාංග තිබෙනවා ද? අනෙක් අයටත් දැනගන්න Comment කරන්න.

කවරය: akamaihd.net

Related Articles