Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පහසුවෙන්ම ලස්සන සෙල්ෆි ගන්නට උදව් දෙන Android සහ iOS ඇප්ස්

සෙල්ෆි යන වචනය ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට ඇතුළු වන්නට 2013 වර්ෂය තෙක්ම ගතවුණත් 1839දී ලොව ප්‍රථම සෙල්ෆිය ගෙන ඇත්තේ ආධුනික රසායනඥයෙක් වූ ෆිලඩෙල්ෆියාවේ රොබර්ට් කෝර්නේලියස් විසින්. ඔහුට තමන්ගේ ඡායාරූපය ගන්නට ලෙන්ස් කැප් එක සමඟ සෙල්ලම් කරන්නට සිදුවුණාට අද දුරකතනවල ඇති ඉදිරිපස කැමරාව නිසා ඉතාම පහසුවෙන් තමන්ගේම ඡායාරූපයක් ගන්නට හැකියාව ලැබී තිබෙනවා. මෙලෙස ගනිද්දීත් අනෙක් අයට වඩා හොඳ ඡායාරූපයක් ගැනීම සහ ඡායාරූප ශිල්පය පිළිබඳ වැඩි දැනුමක් නොමැති නමුත් ලස්සනට තම ඡායාරූපයක් ගන්නට බොහෝ දෙනෙක් වද වෙනවා. ඉතින්, මේ ඒ වෙනුවෙන් පහසුකම් සලසන හොඳම Android හා iOS ඇප්ස් කිහිපයක්.

බොත්තම් වෙනුවට Hand Gestures

Google Play Store

ඡායාරූපයක් ගනිද්දී ෆෝන් එකේ ප්‍රමාණය අනුව එය තනි අතින් අල්ලාගෙන, හතරට පහට නැමිලා ලස්සනයි කියලා හිතුණාම ෆොටෝ එක ගන්නට සැරසෙද්දී ෆොටෝ එක ගන්නට තිරය මත ඇති shutter බොත්තම හෝ volume බොත්තම් ඔබන්නට ඇඟිලි දිග මදි වෙනවා. මේ සඳහා ඇතැම් දුරකතනවල මෙහෙයුම් පද්ධතිය හරහාම hand gestures හෙවත් අනෙක් අතින් කරන සංඥාවක් හඳුනාගෙන shutter බොත්තම් ඔබන්නේ නැතිව ස්වයංක්‍රීයවම ඡායාරූපය ගන්නා ආකාරයේ පහසුමක් ලබා දී තිබුණත් එවැන්නක් නැති දුරකතන සඳහා තෙවන පාර්ශවීය ඇප් එකක් පහසුවෙන් පාවිච්චි කරන්නට පුළුවන්. ඇන්ඩ්‍රොයිඩ් සඳහා Snapi සහ iOS සඳහා GoCam මේ සඳහා යොදාගත හැකියි.

කැමරාවේ ගුණාත්මක බව අනුව මීටර් 3ක් – 4ක් පමණ ඈත සිට වුවත් හස්ත සංඥා කිරීමෙන් ඡායාරූප ගන්නට පුළුවන්. ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකේ මේ සඳහා අත දිග හැර අත්ල කැමරාවට පෙන්වා, මිට මොළවා නැවත දිග හැරිය විට countdown එකකින් පසු ඡායාරූපය ගනු ලබනවා. iOS සඳහාවූ GoCamහි එයට අමතරව V අකුරක් මෙන් ඇඟිලි දෙකක් පමණක් පෙන්වූ විට countdown එකක් නැතිවම ඡායාරූප ගැනීම ද සිදු කළ හැකියි.

ඡායාරූප ගැනීමට පෙර filters අත්හදා බලන්න

Google Play Store

Instagramවල ඡායාරූපයක් ගනිද්දී ඡායාරූපය ගත්තාට පසුව වෙනම edit කරන්නට සිදු වෙනවා. එවිට එහි ඇති ඔබේ ප්‍රියතම ෆිල්ටරයට අමාරුවෙන් ගත් එම සෙල්ෆිය නොගැලපී යන්නට පුළුවන්. නමුත් ඒ වෙනුවට Snapchatහි සහ Facebook ඇප් එකේ ඇති කැමරාවේ මෙන් filters සහ effects ඡායාරූපය ගන්නා අතරතුරේදීම බලන්නට පුළුවන් නම් ඉතාම පහසුවෙන් එක් වරින්ම හොඳ සෙල්ෆියක් ගන්නට හැකියාව ලැබෙනවා. මේ සඳහා Android සහ iOS දෙකටම YouCam Perfect ඇප් එක perfect විසඳුමක්. සමේ ඇති කුරුලෑ ආදිය සැඟවීමට, අකුරු සහ ස්ටිකර් එක් කිරීමට, කොලාජ් සහ frames සැකසීමට මේ ඇප් එක හරහා අවස්ථාව ලැබෙන අතර ඔබ පෙර ගන්නා ලද ඡායාරූපයක් වුවත් මින් අවශ්‍ය පරිදි වෙනස් කරගන්නට පුළුවන්.

හොඳ සෙල්ෆි editor ඇප් එකක්

Google Play Store

ගන්නා ලද ඡායාරූපයක් එඩිට් කරන්නට අවශ්‍ය වුණාම පාවිච්චි කරන්න පුළුවන් හොඳ ඇප් එකක් තමයි ඇන්ඩ්‍රොයිඩ් සඳහා FaceTune සහ iOS සඳහා FaceTune2 කියන්නේ. නම් වෙනස් වුණාට මේ දෙකම එකම ඇප් එකමයි. Photoshopවල මෙන් දුරකතනය හරහා සෙල්ෆි එඩිට් කරන්නට පාවිච්චි කළ හැකි FaceTune ඇප් එකෙන් දත් සුදු පැහැ ගන්වන්නට, කැළැල් මකන්නට, නිකට හෝ මුහුණෙහි හැඩය වෙනස් කරන්නට, රත්පැහැ ගැන්වුණු ඇස් යළි සකසන්නට, පසුබිම blur කරන්නට, Filters සහ Frames එක් කරන්නට පමණක් නොව Makeup කරන්නට ද හැකියාව ඇති අතර ඉතා පහසුවෙන් ඔබට අවශ්‍ය ආකාරයට ඡායාරූපය සකසා ගන්නට මින් අවස්ථාව සලසා දෙනවා.

ෆිල්ටර් සහ ඡායාරූප වලින් GIF හදන්න

Google Play Store

ඉන්ස්ටග්‍රෑම්වල තිබෙන Filters මදි කියලා හිතුණා නම් සහ අකුරු, ස්ටිකර් ආදිය එක් කරමින් ඡායාරූපය වෛවර්ණව හැඩ කරගන්නට කැමති කෙනෙක් නම් Retrica ඇප් එක Android සහ iOS සඳහා තිබෙනවා. මෙහි තිබෙන ෆිල්ටර්ස් ද ඉන්ස්ටග්‍රෑම්හි මෙන් නොව, ඡායාරූප ගන්නා අවස්ථාවේම යෙදිය හැකි නිසා ඡායාරූපය ගන්නා අවස්ථාවේදීම ඔබට ෆිල්ටර් එකට ගැලපෙන ආකාරයට ස්ථාන සකසා ගන්න පුළුවන්. සම්ප්‍රදායනුකූලව තනි සෙල්ෆියක් දානවා වෙනුවට GIF එකක් හෝ වීඩියෝ එකක් විධියට දවස තුළ ගත් සෙල්ෆි සියල්ලම පෝස්ට් කරන්නට මෙයින් හැකියාව ලැබෙන අතර කොලාජ් හදන්නට මෙන්ම මේ ඇප් එක පාවිච්චි කරන අනෙක් අය සමඟ මිතුරු වීමටත් ඒ හරහා අවස්ථාව සලසා තිබෙනවා.

කැමරා දෙකම එකවර සක්‍රීය කරන්න

Google Play Store

සුන්දර පරිසරයක සිට සෙල්ෆියක් ගනිද්දී අව්ව තිබෙන දිශාව අනුව ඔබට ඊට විරුද්ධ දෙසින් සෙල්ෆිය ගන්නට සිදුවන නිසා ඇතැම්විට හොඳ අවට පසුබිමක් මඟහැරී යන්නට පුළුවන්. මෙයට හොඳ විසඳුමක් සහ ඡායාරූපය පළ කරද්දී හාත්පස පරිසරය පිළිබඳ මතකයන් ද ඊට එක් කිරීමට ක්‍රමයක් වන්නේ ඉදිරිපස සහ පසුපස කැමරා දෙකම සක්‍රීය කරමින් තනි ඡායාරූපයකට යොදා ගැනීමයි. මෙම ක්‍රමවේදය ඇතැම් දුරකතනවල පෙරනිමියෙන් ලැබුණත් අනෙක් අයට Frontback ඇප් එක Android සහ iOS වලට දාගන්න පුළුවන්. මේ සඳහා අවස්ථා දෙකකදී ගත් ඡායාරූප දෙකක් එනම්, සෙල්ෆි දෙකක් වුවත් යොදන්නට පුළුවන්. ඒ නිසා කොණ්ඩය කපන්නට පෙර සහ පසු වැනි සංසන්දනාත්මක සෙල්ෆි පළ කරන්නට උචිත ඇප් එකක් බවට ද මෙය පත් වෙනවා.

මේවා හැර ඔබ පාවිච්චි කරන අනෙකුත් ඇප් මොනවාද? අනෙක් අයටත් දැනගන්න Comment කරන්න.

කවරයේ ඡායාරූපය: androidcommunity.com

Related Articles