Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

භාවිතයට ඉතා පහසු හොඳම ඇන්ඩ්‍රොයිඩ් Photo Editing apps 5ක්

ඡායාරූප සංස්කරණය කිරීම කිව්වාම මීට බොහොම කෙටි කාලයක් වන තුරුම අපේ මතකයට එක් කළේ පොටෝෂොප් මෘදුකාංගයයි. එය හරහා ඉතා සූක්ෂ්මව ඡායාරූපවලට නානාප්‍රකාර වෙනස්කම් කිරීමට හැකියාව තිබුණත්, දැන් ගන්නා ලද ඡායාරූපයක් එවෙලේම ඇප් එකකින් ෆිල්ටර්ස් දාලා ඉක්මණටම පබ්ලිෂ් කරන තත්ත්වයට පැමිණිලා. එනිසා ඉස්සර වගේ ෆොටෝස් එකින් එක එඩිට් කරලා ඇල්බම හැදෙනවා වෙනුවට සජීවීවම ඔන්ලයින් photo sharing කලාවක් බිහිව තිබෙනවා. ඉතින් කාලයේ හැටියට ගැලපෙන්න ඔබේ දුරකතනයට යොදා ගත හැකි හොඳම Photo editing ඇප්ස් ටිකක් මේ ලැයිස්තුව ගෙන එනවා.

01. Portra

Google Play Store

ඔබ Prisma වලට ප්‍රිය කරපු කෙනෙක් නම් තමන්ගේ ඡායාරූපය සිතුවමක් විධියට වෙනස් කරගැනීමේ ක්‍රමයට බොහොම කැමති ඇති. ඉස්සර කෙනෙක්ව චිත්‍රයට නගන්න එක විදියටම වාඩි වෙලා ඉන්න කියලා පින්සල් සහ පාට එකතු කරගෙන ලොකු හරඹයක් කළාට, දැන් ෆොටෝ එක ගත්තා – ඇප් එකට දැම්මා – ඒක චිත්‍රයක් වුණා. Portra ඇප් එකටත් මේ වගේ ගන්නා ලද ඡායාරූපයක් ඉතා වේගයෙන් චිත්‍රයක් බවට පත් කරගැනීමේ හැකියාව තිබෙනවා. ප්‍රිස්මාවලට වඩා හොඳ තෙල් සායම්, water color පෙනුමක් ලබාදෙන මෙය සතුව දැනට Filters 19ක් පමණ ඇති අතර ඉදිරියේදී තවත් ඒවා එකතු කරන්නට බලාපොරොත්තු වන බවයි ඔවුන් Play Storeහි සඳහන් කර ඇත්තේ.

02. Google Storyboard

Google Play Store

දන්න කියන ගූග්ල් සමාගම විසින් නිෂ්පාදිත මේ Storyboard යෙදුම බොහොම සරල එකක්. නමුත් මෙය භාවිතයෙන් ඉතාම පහසුවෙන් ඔබ සතු වීඩියෝවක් චිත්‍ර කතාවක් බවට පත් කරගන්න පුළුවන්. මේ නිසා නිර්මාණශිල්පියෙක්ට වුණත් කොමික් අඳින්න මහන්සි නොවී වීඩියෝ එකක් කරලා ඉන් කොමික් එකක් නිර්මාණය කරලා අලුත්ම ක්‍රමවේදයකින් සෝෂල් මීඩියා දාන්න අවස්ථාව ලැබෙනවා. මොකද, දැන් Vloggersලා (වීඩියෝ බ්ලොග් කරන අය) වැඩි නිසා ඊට වඩා වෙනස් ආරක දෙයක් මේ ඇප් එක භාවිතයෙන් කරන්න පුළුවන්. හුදෙක් වීඩියෝ එකකින් කතාව කියනවාට වඩා පරණ ක්‍රමේට අඳින්න මහන්සියකුත් නොවී චිත්‍ර කතා හදන්න පුළුවන්.

වැඩි සංකීර්ණ සැකසුම් නැති මේ ඇප් එක ඉතා පහසුවෙන් භාවිත කරන්නට හැකි අතර, සකසන ලද චිත්‍රකතාවක් ඉතා පහසුවෙන්ම ඕනෑම සමාජ ජාල වෙබ් සේවාවක්, ඇප් එකක් ආදිය හරහා බෙදා හැරීමට ද හැකියි.

03. Fabby

Google Play Store

කෙටිකාලයකින්ම ජනප්‍රියත්වයට පත්වූ Fabby ඇප් එකට මේ වන විට Play Store එකේ 4.7ක ඇගයුමක් ලැබී තිබෙනවා. බිලියන දෙකක පමණ styles ගොන්නක් ලබා දෙන මෙය හරහා පසුතල වෙනස් කරන්නට, කොණ්ඩයේ පාට වෙනස් කරන්නට, bokeh effect එකතු කරන්නට වගේ හැඩ වැඩ ගොඩක් අපේ ඡායාරූපවලට එකතු කරගත හැකියි. මෙහි ලබාදී තිබෙන පසුතලවල සරල ආකාරයේ ඒවායේ සිට සුපිරි වීරයන් වැනි ඉහළ මට්ටමේ ඒවා දක්වා ලබා දී තිබෙන නිසා අවස්ථානුකූලව සහ ඔබේ ප්‍රියතාවය අනුව ඕනෑම එකක් භාවිත කිරීමේ හැකියාව තිබෙනවා. මිලියනය ඉක්මවා බාගත කිරීම් සහ මිලියන දෙක ඉක්මවා ආදායම් ලබාගත් මේ ඇප් එකේ නිෂ්පාදන සමාගම වන AIMatter සමාගම පසුව ගූග්ල් සමාගම විසින් මිලදී ගන්නට ද පෙළඹුණා.

04. Selfissimo

Google Play Store

 

ඔබ සෙල්ෆි ගන්න ප්‍රිය කරන්නට කැමති කෙනෙක්නම්, Selfissimo ඇප් එක ඔබේ හොඳ සහෘදයෙක් බවට පත් වේවි. ගූග්ල් සමාගමෙන් පර්යේෂණයක් සඳහා නිපදවන ලද මෙය, අප ඡායාරූපයකට පෙනී සිටින අවස්ථාවන් හඳුනාගෙන ස්වයංක්‍රීයව ක්‍රියාත්මකවී ෂටරයේ පාලනය තම අතට ගන්නට කටයුතු කරනවා. මේ නිසා විවිධ පැත්තට මුහුණ හරවමින්, ඇඟිලි උරුක් කර ගනිමින් ඡායාරූප ගන්නා අතරතුරේ බොහොම අමාරුවෙන් ෂටර් බොත්තම ඔබන්නට කරදර වෙන්නට අවශ්‍ය නැහැ. සෙල්ෆිසීමෝ ඒ ගැන තනිවම බලා ගන්නවා. මෙය කළු සුදු ඡායාරූප සඳහා සුවිශේෂී වන අතර ඡායාරූප ගන්නා අතරතුරේ ඒවා පිළිබඳව අදහස් දක්වමින් තව තවත් සෙල්ෆි ගන්නට උනන්දු කරන්නට ද පෙළඹෙනවා. භාවිතයට ඉතාම පහසු මෙය හුදෙක් Start බොත්තම ඔබා විවිධ poses වලින් සිට ස්වයංක්‍රීයව ඡායාරූප ගන්නට ඉඩදී Stop බොත්තම ඔබා නවතාලිය හැකියි. අනතුරුව ඒවා ඍජුවම ශෙයා කරන්නට පුළුවන්.

05. Canva

Google Play Store

මේ වන විට තමන් ගත්තු ෆොටෝ එකක් දාලා ඒකෙන් සුබ පැතුම් හදන්න බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. විශේෂයෙන් යාළුවෙක්ගේ උපන්දිනයක් එහෙම ආවාම පරණ ෆොටෝ එකක් ඇදලා අරගෙන ඒකට වචන ටිකක් දාලා වෝල් එකට අතාරින එක සුලබව දකින්නට ලැබෙන දෙයක්. නමුත් මේවා දුරකතනයෙන් කිරීමේදී ටිකක් අපහසු වෙන්නට පුළුවන් සහ ඒවායේ ගුණාත්මක භාවය අඩු නිසා අප බලාපොරොත්තු වන quality එක නැතිවීමෙන් paint වලින් කරපු එකක් වගේ පෙනෙන්නට පුළුවන්. හැබැයි ඒ වෙනුවට ඉතා පහසුවෙන් Canva ඇප් එකට ඔබ ලබාගත්ත ඡායාරූපයක් හෝ බාගත කළ එකක් ලබාදීලා ඊට අවශ්‍ය ෆ්‍රේම් එකක්, ෆිල්ටර්ස් ආදිය දාලා බොහොම කෙටි කාලයකින් ශෙයා කරන්නට සුදුසු තත්ත්වයට පත් කරගන්නට පුළුවන්.

කවරයේ ඡායාරූපය: gapyear.com

Related Articles