Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ බිහිවුණු ප්‍රයෝජනවත් apps 5 ක්

ලොව කොයිතරම් apps බිහි වී තිබුණත් ලංකාවේ අවශ්‍යතාවයන් සඳහා සේවාවන් සකසා ගන්නට සිදු වෙන්නේ අපි අපිටමයි. මේ නිසා කිසියම් හොඳ නිර්මාණයක් කළ හැකි නම් එය මුළු රටටම ඉමහත් පහසුවක් ගෙන දෙන්නේ නිතැතින්මයි. මෙහි එවන් ආකාරයේ මෙතෙක් බිහිවී ඇති වඩාත් ප්‍රයෝජනවත් ලාංකේය apps කිහිපයක්.

01. කොළඹ බස් පාරවල් දැනගන්න

Google Play Store

ඔබ දුරබැහැර පළාතක සිට කොළඹ නගරයට පැමිණෙන කෙනෙක් නම් එහි තිබෙන බස්මාර්ග අංක අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතු වෙනවා. ඒත් ඉතින් කාටද පුළුවන් ඒවා මතක තියාගෙන ඉන්න? ඒ වෙනුවට මේ Colombo bus route app එක පාවිච්චි කරලා ඔබට ඔබ ගමන අරඹන ස්ථානයේ සහ අවසන් කරන ස්ථානය ලබා දුන් විට ඒ සඳහා ගමන් කළ යුතු බස්මාර්ග අංක මොනවාදැයි ඉතාම පහසුවෙන් බලා ගන්නට මේ ඇප් එක හරහා අවස්ථාව ලැබෙනවා.

02. පහසුවෙන් සිංහල ටයිප් කරන්න

Google Play Store

දුරකථන මෙහෙයුම් පද්ධති වල සිංහල අකුරු අඩංගු වෙන්නටත් පෙර සිටම සිංහල ටයිප් කරන්නට හැකියාව ලබා දුන් හෙළකුරු යතුරුපුවරුව දුරකථනයට නැතුවම බැරි ඇප් එකක්. පසුකාලීනව වෙනත් යතුරු පුවරුවල ද සිංහල අකුරු ලබාදුන් නමුත් විජේසේකර යතුරු පුවරුව ලබාදෙනු ලැබුවේ අපේ රටේම නිෂ්පාදනයවූ මේ යතුරු පුවරුව හරහායි. මෙහි ඇති විශේෂත්වය වූයේ ඇප් එක මත ටයිප් කර එය copy කර තවත් එකකට පේස්ට් කරනවා වෙනුවට සෘජුවම, යතුරු පුවරුවක් වශයෙන්ම ඕනෑම app එකක ටයිප් කරන්නට හැකියාව ලැබීමයි.

03. නොදන්නා ඉංග්‍රීසි වචන වල තේරුම දැනගන්න

Google Play Store

අතීතයේ දී පරිගණක වලට මධුර ශබ්දකෝෂය තිබුණත් දුරකථන සඳහා හොඳ ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂයක් ලැබුණේ බොහෝ කාලයක් ගතවීමෙන් අනතුරුව යි. Sinhala dictionary ලෙස නම් කර ඇති මෙම යෙදුම සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාවටත් ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල භාෂාවටත් ඉතා පහසුවෙන් සෙවීම් කළ හැකි අතර ඔබට සිංහල ටයිප් කිරිම සදහා යතුරු පුවරුවක් නොමැති වුවත් phonetic ක්‍රමය හරහා සිංහල ටයිප් කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා. මෙය භාවිතා කිරීම සඳහා සජීවී අන්තර්ජාල සබඳතාවක් වන්නේ ද නැහැ.

04. කෑම වට්ටෝරු දුරකථනයට

Google Play Store

තාක්ෂණය දියුණු වී ඇති මේ කාලයේ පොත් පෙරලා ආහාර වට්ටෝරු සොයන්නට කොහොමවත්ම අවශ්‍ය වන්නේ නැහැ. කෑමක් හදලා පෙන්නන්න කියලා කවුරුන් හෝ කිව්වොත් අතේ දුරකථනය තිබෙනවා නම් පොඩ්ඩක්වත් බය නොවී, කියන ඕනම ආහාරයක් සකසා පෙන්වන්නට දැන් ඔබට හැකියාව තිබෙනවා. ඕනෑම දුරකථන මාදිලියකට හා ප්‍රමාණයකට ගැලපෙන ආකාරයට සකසා ඇති මෙම ඉවුම් පිහුම් ඇප් එක පොල් සම්බලයේ සිට පීසා එක දක්වා ආහාර වට්ටෝරු රැසක් අඩංගු කර තිබෙනවා. මෙහි අන්තර්ගතය විවිධ වෙබ් අඩවි හරහා ලබාගත් ඒවා සහ පුද්ගලයන් විසින් යවන ලද ඒවා වන නමුත් ඒ සියල්ලම එකම ස්ථානයකින් බලාගැනීමට හැකි නිසා වඩාත් පහසුවක් වෙනවා.

05. හප්පලා ගිය වාහනයේ විස්තර දැනගන්න

Thambaru/Roar

ලංකාවේ සාමාන්‍යයෙන් රජයෙන් ලබාදෙන ලද දුරකථන යෙදුම් සංඛ්‍යාව අවම වුවත් හදිසි අවස්ථාවකදී කිසියම් වාහනයක ලියාපදිංචි අංකය එහෙමත් නැත්නම් අංක තහඩුවේ ඇති අංකය ලබා දීමෙන් එහි හිමිකරුවා පිළිබඳව විස්තර සොයා ගැනීමේ සේවාවක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබෙනවා. Sri Lanka vehicle info ලෙස නම් කර ඇති මෙම යෙදුමේ අතුරු මුහුණත එතරම් ලස්සන නොවුණත් එයින් ලැබෙන ප්‍රයෝජනය නම් අති මහත්.

කවරයේ ඡායාරූපය: alicdn.com

Related Articles