Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්න වෙබ් අඩවි සහ ඇප්ස්

මානව සන්නිවේදනයේ මූලික අවයවයක් තමයි භාෂාව කියන්නේ. එකම භාෂාවක් වුණත් විවිධ පළාත් අනුව වෙනස් බව ඔහේලා දන්නවා නෙව! සිංහල හොඳින් ඉගෙන ගන්නවා වගේ ම වෙනත් භාෂාවක් උගනින එකත් තමන්ගේ වටිනාකම වැඩි කරවනවා. හැබැයි තවත් භාෂාවක් ඉගෙන ගන්න ඕන අවශ්‍ය අවස්ථාවක දී පාවිච්චි කරන්න මිසක්, ඒ බස නොහැකි කෙනෙක් එක්ක කතා කරලා තමන් වැඩ්ඩෙක් බව පෙන්වන්න නම් නෙවෙයි. බිකෝස් අයි පාස්ඩ් අ’වේ ඉංග්ලිෂ් යූ නෝ, අපේ ගෙදර හරියට ඉන්නවා හූ නෝ.

ලෝකයේ බහුතරයක් භාවිත වන භාෂාව වශයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම එදිනෙදා වැඩවලට වඩාත් පහසුවක් වෙනවා. නමුත් ඉගෙන ගන්නට ලොකු මුදලක් වියදම් වන නිසා බොහෝ දෙනෙක් ඊට කැමැත්තක් දක්වන්නේ නැහැ. එනිසා දවසේ වැඩි කාලයක් ගතකරන අන්තර්ජාලය සහ දුරකථනය පාවිච්චි කරගෙන ම නොමිලේ ම අවශ්‍යතාව සපුරාගත හැකි ක්‍රම අපි ඔබට ගෙන එන්නට යි මේ ලැහැස්තිය.

British Council වෙබ් අඩවිය

britishcouncil.org

LearnEnglish නමින් British Council වෙබ් අඩවිය සතු ව නොමිලේ මූලික ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගත හැකි පාඨමාලා තිබෙනවා. තමන්ගේ දැනට තිබෙන ඉංග්‍රීසි දැනුම් ප්‍රමාණය මැන ගැනීමට පරීක්ෂාවක්, ශබ්ද මාලාව, ව්‍යාකරණ, ව්‍යාපාරික ඉංග්‍රීසි භාවිතය, ඊ මේල් යවද්දී දත යුතු දේවල් හා භාෂා භාවිතය ඇතුළු පුළුල් පරාසයක දැනුමක් මේ සේවාව හරහා උකහා ගන්නට පුළුවන්.

මෙතනින් පිවිසෙන්න: LearnEnglish

Tinycards

venturebeat.com

ඕනෑම භාෂාවක් ඉගෙන ගත හැකි Duolingo ඇප් එකෙහි නිෂ්පාදකයන් විසින් ම සකසා ඇති Tinycards සේවාව වචන මතක තබාගැනීමට, අලුත් වචන ඉගෙන ගන්නට අවස්ථාව සලසනවා. අලුතෙන් වචන ඉගෙන ගනිද්දී ඒක පොතක පිළිවෙලට ලියලා, දිනපතා බැලීම හෝ කාඩ්පත්වල ලියා තබා නිදහස් වේලාවන්හි දී නැවත නැවත බලමින් මතකය අලුත් කරගැනීම භාෂාවක් ඉගෙනීමේ දී කළ හැකි හොඳ ක්‍රමයක්. මෙය තාක්ෂණයට මුසු කරලමින් වචන, තේරුම් කාඩ්පත්වලට අඩංගු කරමින් සකසන ලද Tinycards හරහා වෙබ් අඩවියක් මෙන්ම ඇප් එකක් ද හරහා එය පාවිච්චියට ගත හැකියි.

පිවිසීමට: වෙබ් අඩවිය, Android, iOS

Do people say

dopeoplesay.com

කථනය මෙන්ම ලිවීම ඉගෙනීමේ දී විවිධ වැකි යොදාගන්නා ආකාරය පිළිබඳ ව ගැටලු ඇතිවෙන්නට පුළුවන්. කිසියම් යෙදීමක් වාක්‍යයක ඇතුලත් විය යුතු ආකාරය, යොදාගත යුතු තැන් මෙන්ම කටවහර සඳහන් කරද්දී එයට උචිත වාක්‍ය ඛණ්ඩයක් ව්‍යාකරණානුකූල ව පාවිච්චි කිරීම ගැන සැකමුසු තැනක් ආවොත් Google කරනවාට වඩා dopeoplesay.com වෙබ් අඩවියේ search කිරීම පහසු යි.

උදාහරණයක් ලෙස “take it easy” වැනි ඛණ්ඩයක් කෙසේ වාක්‍යයක් තුළ යොදාගත යුතු ද යන්න අපැහැදිලි නම්, එය search කළ විට Reddit වැනි වෙබ් අඩවිවල තිබෙන සංවාද උපයෝගී කරගෙන එය පාවිච්චි කරන්නේ කෙසේ ද යන ආකාරය පිළිබඳ උදාහරණ රැසක් ගෙන එනවා.

Jennifer සමඟ ඉංග්‍රීසි

organicenglish.org

මූලික ඉංග්‍රීසි දැනුම මෙන්ම එදිනෙදා සමාජයේ දී, ව්‍යාපාරික ලෝකයේ දී, රැකියාවේ දී බස හැසිරවිය යුතු ආකාරයන් ද ඉගෙනීම අත්‍යවශ්‍ය වෙනවා. පොතෙහි අකුරු ලියන්නාක් සේ ම ප්‍රායෝගික ව බස හසුරුවද්දී කල්පනාකාරී විය යුතු ස්ථාන, උගත යුතු දේවල් බොහොමයක් තිබෙනවා. ව්‍යාකරණ භාවිතය, වෙනත් භාෂාවලින් ඉංග්‍රීසි බසට එක්වූ වචන, රැකියාවකට සම්මුඛ පරීක්ෂණයක දී ඉංග්‍රීසි බස පාවිච්චි කළ යුතු ආකාරය, වේගවත්ව ශබ්ද නිවැරදි ව උච්චාරණය කරන ආකාරය ආදී පුළුල් පරාසයක ඉතාම වැදගත් දැනුම් සම්භාරයක් සරලව ඉදිරිපත් කරන YouTube චැනල් එකක් තමයි JenniferESL කියන්නේ.

Youtube ලින්ක් එක: JenniferESL

Engvid

engvid.com

ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම වෙනුවෙන් වීඩියෝ 1340ක් පමණ අඩංගු කර සකසන ලද Engvid වෙබ් අඩවිය පන්ති කාමරයක අත්දැකීම තිරය මතට ගෙන එනවා. Whiteboard එකක් ඉදිරියේ සිටිමින් ඉගැන්වෙන මෙම පාඨමාලාව YouTube වීඩියෝ ම යොදාගෙන තිබුණත් වෙබ් අඩවිය හරහා ඒවා මනාව පිළිවෙලකට ගොනු කරමින් වඩාත් පහසුවක් සලසා දෙනවා. ව්‍යාකරණ, ශබ්ද මාලාව, උච්චාරණය, හයිකු කවි ලිවීමට උපදෙස්, කුමන අවස්ථාවල දී පමණක් කැපිටල් අකුරු ලිවිය යුතු ද, රැකියා සම්මුඛ පරීක්ෂණයක් සමත් වන්නේ කෙසේ ද ආදී ලෙස නිතර අවශ්‍ය වන තේමාවන්ගෙන් ඔබ්බට යමින් භාෂාවේ දැවැන්තයකු වීමට තරම් දැනුම් සම්භාරයක් මේ වෙබ් අඩවියේ වීඩියෝ පාඨමාලාවන් හරහා නොමිලේ ම ගෙන එනවා. පාඩම අවසානයේ ප්‍රශ්නාවලියකට මුහුණ දෙන්නට, වීඩියෝවේ තිබූ දේ ගැන අනෙක් අය හා අදහස් හුවමාරු කරගන්නට ද හැකි නිසා උගත් දේ වඩාත් විශ්ලේෂණාත්මක ව හිස දරාගන්නට අවස්ථාව සැලසෙනවා.

මෙතනින් වෙබ් අඩවියට පිවිසෙන්න: engvid.com

කවරයේ ඡායාරූපය: ghostwritingllc.com

Related Articles