Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නොමිලේ Infographics හදන්න Web Tools ටිකක්

කිසියම් තොරතුරක් පිළිබඳව සැකෙවින් ඉදිරිපත් කරන්නට හොඳම ක්‍රමය එය ඡායාරූපයක් තුළ ගොනු කිරීමයි. සමාජ ජාලවල අකුරුවලින් දැමූ Post එකකට වඩා ඡායාරූපවලට 39%ක වැඩි සාර්ථකත්වයක් තිබෙනවා. මෙම තොරතුරු චිත්‍රක හෙවත් Infographics සැකසීමට Photoshop වැනි මෘදුකාංගයක් භාවිතයේදී ඊට විශේෂ දැනුමක් අවශ්‍ය වෙනවා.

ඒ ව‍ගේම, ඔබට Photoshop නොමැති පරිගණකයක කටයුතු කරන්න ලැබුණු අවස්ථාවක දී හදිසියේ Infographic එකක් හදා ගන්න අවශ්‍ය වුණාම වඩාත්ම හොඳ ක්‍රමය Web tool එකක සහාය ලබා ගැනීම යි. එවන් නොමිලේ සපයන සේවා ටිකක් ගැන දැන් සොයා බලමු.

Canva

ඕනෑ තරම් නිර්මාණ ගබඩා කළ හැකියි (fastcompany.net)

විශාල ප්‍රමාණයක Templates අතරින් තෝරා ගන්නා ලද ‍එකක් වෙනස් කිරීම හෝ අදාල සමාජ ජාල අඩවියට ගැලපෙන ප්‍රමාණයෙන් අලුතින්ම සකසා ගන්නට Canva උදව් වෙනවා. පහසුවෙන් Designs සැකසීම සඳහා ප්‍රසිද්ධ සේවාවක් වන Canva වෙබ් අඩවිය හරහා මෙන්ම Android සහ iOS ඇප් එකක් ලෙස ද පාවිච්චි කරන්නට පුළුවන්. ඕනෑ තරම් ප්‍රමාණයක සැකසුම් Canva හි ලියාපදිංචි වීමෙන් සැකසෙන ගිණුම තුළ රඳවා තබන්නට හැකි අතර ඔබ පරිගණකයෙන් සකසන ලද ඒවා දුරකතනයේ App එකෙන් බලන්නට ද හැකියාව තිබීම වි‍ශේෂත්වයක්.

මෙහි ලියාපදිංචි වීමෙන් පසුව Template Search එකෙහි “infographic” ලෙස search කිරීමෙන් ඔබට පෙරනිමි පතොරම් සොයාගන්නට පුළුවන්. ඔබ සතු ඡායාරූප නොමිලේම මෙයට එක් කළ හැකි අතර ඔවුන් සතු සුවිසල් ගැලරියෙන් ඇතැම් ඡායාරූප, හැඩතල ආදිය තෝරාගනිද්දී නම් Pro වෙළුම මිල දී ගන්නා ලෙස පවසනවා.

මෙහි ඇති පුළුල් හැකියාවන් ප්‍රමාණය නිසා නොමිලේ එදිනෙදා භාවිතයට සුදුසු Tool එකක් ලෙස මෙය අකුරු හැඩතල විශාල ප්‍රමාණයක්, Icons සහ ඡායාරූප එකතුවක්, Undo/Redo කිරීම, Transparent කිරීම, ඕනෑ තරම් ප්‍රමාණයක් නිර්මාණ ගබඩා කර තැබිය හැකි වීම වැනි විශේෂාංග ගණනාවක් ගෙන එනවා.

පිවිසෙන්න: canva.com

Adobe Spark

“infographic” ලෙස Search කිරීමෙන් Templates සොයාගත හැකියි

දන්නා කියන Adobe සමාගම ගෙන එන Tool එකක් වශයෙන් විශ්වාසවන්තව භාවිතා කිරීමේ අවස්ථාව Spark සමග සැලසෙන අතර ඉතාම පහසුවෙන් හැසිරවිය හැකි UI එකක් සහ සරල නමුත් අත්‍යාවශ්‍යම පහසුකම් එය ලබා දෙනවා.

ලියාපදිංචි වීමෙන් අනතුරුව නව නිර්මාණයක Layout එක තෝරද්දී ඉහළින් ඇති Search bar එකෙන් “infographic” ලෙස Search කිරීමෙන් ඔබට අපූරු Templates විශාල සංඛ්‍යාවක් අතුරින් කැමති එකක් තෝරගන්නට හෝ අලුතින්ම එකක් නිර්මාණය කරන්නට හැකි වෙනවා.

Align කිරීමේ හැකියාව, Typography සඳහා පෙරසැකසූ Designs, Fonts විශාල ප්‍රමාණයක්, Layouts අවශ්‍ය ඕනෑම විටක වෙනස් කළ හැකි වීම, Drag කරමින් සකසන ලද දෑ එහා මෙහා කළ හැකි වීම ආදී පහසුකම් රැසක් මෙය නොමිලේම ගෙන එනවා. මෙහි ඇති එක් ගැටළුවක් වන්නේ දකුණු පස යටින් Adobe Spark ලෙස ඔවුන්ගේ ලෝගෝව දර්ශනය වීම යි. මුල් නිර්මාණ තුනේ දී එය ඉවත් කරලන්නට අවස්ථාව දුන්නත් ඉන් ඔබ්බට එය නොමිලේ කළ හැකි වන්නේ නැහැ. ඔබ සකසන ලද නිර්මාණ Adobe Spark මොබයිල් ඇප් එකෙන් ද දැකගන්නට පුළුවන්.

පිවිසෙන්න: spark.adobe.com

Visme

තෝරා ගැනීමට Templates විශාල ප්‍රමාණයක්

ඕනෑම කෙනෙක්ට ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකි වටපිටාවක් සපයන Visme සතුව පුළුල් පරාසයක Templates ප්‍රමාණයක් තිබෙන නිසා සියල්ලම මුල සිටම සැකසීමට අවශ්‍ය වන්නේ නැහැ. නමුත් අවශ්‍ය නම් ඔබේ ප්‍රියතාව අනුව මුල පටන්ම සකසා ගන්නට හැකි පහසුකම් සියල්ල එය සපුරනවා.

දුරකතන, විවිධ බොත්තම් ආකාරයේ Icons විශාල ප්‍රමාණයක්, Fonts, හැඩතල, ආදී විශාල එකතුවකින් සමන්විත මෙහි UI එක බොහෝ දුරට Canva සේවාව‍ට සමාන බව ඔබට දැනේවි. මෙය සතු Autosave පහසුකම නිසා ඔබ නිදහසේ නිර්මාණකරණයේ යෙදෙද්දීම එයට හානියක් වන්නට නොදී ස්වයංක්‍රීයවම සුරැකීම මහත් පහසුවක්. 

මෙහි ඔබේ නිර්මාණ 5ක් දක්වා පමණක් ගබඩාකර තබා ගත හැකි අතර 5ක් පිරුණාට පසු අනවශ්‍ය කිහිපයක් මකා දැමීමෙන් අලුත් ඒවාට ඉඩ සලසාගත හැකි නිසා ඕනෑ තරම් නිර්මාණ සකසන්නට හැකි වෙනවා. 100MB ධාරිතාවක්, JPG ලෙස බාගැනීමට සිදුවීම මෙහි ‍නොමිලේ ලබාදෙන පැකේජයෙහි සීමාකාරීකාරී සාධක වෙනවා.

පිවිසෙන්න:  visme.co 

Venngage

වෙබ් අඩවි අතුරුමුහුණත (angel.co)

අති විශාල Templates ප්‍රමාණයක් සහිත Venngage වෙතින් Infographics සඳහා පුළුල් Designs ප්‍රමාණයක් ගෙන එන නිසා ඔබට Designing හැකියාවක් නොතිබුණත් මෙහි තිබෙන එකක් පදනම් කරගෙන ඔබේ දත්ත ඉදිරිපත් කිරීම කරන්නට හැකි වෙනවා. ඒවා විවිධ මාතෘකා යටතේ වර්ගීකරණය ඇති නිසා වඩාත් උචිත ආකාරයේ තේමාවකින් යුතුව භාවිතය සඳහා තෝරාගැනීම පහසු වෙනවා.

නිර්මාණ 5ක් දක්වා සැකසීමේ පහසුකම මෙහි නොමිලේ ලබා දෙන අතර වෙබ් අඩවි ලෝගෝව ද නිර්මාණයට එකතු වෙනවා. එසේම මෙහි ප්‍රස්තාර හෝ අයිකන භාවිතයට ද නොමිලේ අවස්ථාවක් නැහැ. එනමුත් භාවිතයට පහසු අතුරුමුහුණත සහ නිසි වර්ණ සහ Fonts ගැලපීම සමග පහසුවෙන් Infographic එකක් සකසා ගැනීමේ හැකියාව මෙය ගෙන දෙනවා.

පිවිසෙන්න: venngage.com/ 

Infogram

ප්‍රස්තාර සැකසීමේ හැකියාව (visualisingadvocacy.org)

ප්‍රස්තාර දත්ත සහිත Infographics නිර්මාණයේ දී ඉතාම පහසු උපාංගය බවට පත්වන්නේ Infogram වෙබ් අඩවියයි. Photoshop හෝ Wordවලටත් වඩා පහසුවෙන් සංඛ්‍යාන දත්ත ලබා දීමෙන් තීරු ප්‍රස්තාර, වට ප්‍රස්තාර ආදිය සකසා ගන්නට මෙය සහාය වෙනවා. අවශ්‍ය ප්‍රස්තාරය ඇතුලත් කිරීමෙන් පසුව එය Double-click කළ විට එහි (Excel ආකාරයේ) Spreadsheet එක විවෘත කරගත හැකි අතර ඔබට අවශ්‍ය දත්ත එහි ඇතුලත් කිරීමට පමණයි කළ යුත්තේ.

මෙහි නොමිලේ ලැබෙන Basic පැකේජයට ප්‍රස්තාර වර්ග 37කටත් වඩා එක් වන අතර ඔබට නිර්මාණ 10ක් දක්වා ගිණුම තුළ රඳවා තබන්නට පුළුවන්. ඔබ සතුව දැනටමත් ඇති දත්ත ඇත්නම් ඒවා Upload කිරීමෙන් ද ප්‍රස්තාර සකසා ගත හැකියි. මෙහි ඇති එක් ගැටළුවක් නම්, ඡායාරූප පරිගණකය වෙතට බාගත කරගත නොහැකි වීම යි. ඒ වෙනුවට ඔබට ඍජුවම Social Media වෙතට එය හරහාම Post කරන්නට සිදු වෙනවා.

පිවිසෙන්න: infogram.com

Related Articles