Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හෙළකුරු අරන් එන හපන්

ලංකාවේ අපිට සිංහලෙන්ම ටයිප් කිරීමේ හැකියාව අරන් ආපු හෙළකුරු ඇප් එක ගැන නොදන්න කෙනෙක් නැතිතරම්. මිලියන 3කට අධික බාගත කිරීම් ප්‍රමාණයක් මේ වෙනකොටත් තිබෙන හෙළකුරු ගැන නම් නෙවේ මේ කියන්න යන්නේ. හෙළකුරු නිර්මාණය කල Bhasha Lanka සමාගමේ අලුත්ම හදුන්වා දීම වන “හපන්” ගැනයි.

මොකද්ද මේ හපන්?

Formidapps

මේ අපි ගෙවන්නේ තාක්ෂණික යුගය. එදිනෙදා ජිවිතයේ හැම දෙයක් සදහාම තාක්ෂණය භාවිතා කරන වටපිටාවක තමයි අද අපි ජීවත් වෙන්නේ. ඇත්තටම කියනවා නම් අද කාලේ අම්මලා තමන්ගේ දරුවන්ව නලවන්න උදව් කරගන්නෙත් වෙනදෙයක් නෙවෙයි. තමන්ගේ ජංගම දුරකථනය. කාටුන් එකක් හරි සින්දුවක් හරි ෆෝන් එකෙන් තමන්ගේ සිඟිත්තට දාලා දීලා තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගන්න බොහෝ දෙමව්පියෝ අද පෙළඹිලා ඉන්නවා. තමන්ගේ අතිශය කාර්යබහුල ජීවන රටාවත් එක්ක තමන්ගේ සිඟිත්තන් එක්ක අකුරු ලියන්න, අකුරු කියලා දෙන්න වෙලාවක් හොයාගන්න එක අද අම්මලට තාත්තලට ඇත්තටම ප්‍රශ්නයක් වෙලා.

ඉතිං මෙන්න මේ ප්‍රශ්නයට විසදුමක් විදිහට තමයි හපන් ඇප් එක හදුන්වාදෙන්නේ. හපන් ඇප් එක සිඟිත්තන්ට අකුරු නිවැරදි විදිහට ලියන්න විතරක් නෙවෙයි අකුරු කියන්නත් පුරුදු කරවන හරිම අපූරු ඇප් එකක්. ප්‍රධාන වශයෙන් මේ ඇප් එකෙන් පොඩ්ඩන්ට සිංහල අකුරු, ඉංග්‍රීසි අකුරු විතරක් නෙවෙයි ඉලක්කම් හා විවිධ හැඩතල අඳින්නත් අවබෝධය ලබලා දෙනවා. විශේෂම කාරණය තමයි මේ මගින් පොඩ්ඩන්ට රිපෝර්ට් කාර්ඩ් එකක් දෙනවා. ඉතිං දෙමව්පියන්ට පොඩ්ඩෝ අකුරු ලියනකම් බලං ඉන්න ඕනි නැහැ. පොඩ්ඩන්ට අකුරු ලියන්න දීලා තමන්ගේ වැඩක් කරන්න පුළුවනි. ඒ වගේම පස්සේ තමන්ගේ පොඩ්ඩගේ ප්‍රගතිය බලන්නත් පුළුවන්කම හපන් ඇප් එක දෙමව්පියන්ට ලබාදෙනවා.

ඇප් එකෙන් කරන්න පුළුවන් මොනවද?

1mobile.com

කලින් කිව්ව විදිහට මේ ඇප් එක ප්‍රධාන වශයෙන් හැඩතල, ඉලක්කම්, සිංහල අකුරු, ඉංග්‍රීසි අකුරු විදිහට ප්‍රධාන කොටස් 4කින් යුක්තයි. මූලික වශයෙන් මෙහිදී මෙම සෑම හැඩතලයක්, ඉලක්කමක් මෙන්ම අකුරක්ම අඳින්න පටන්ගන්නා ස්ථානයේ සිට ඇඳීම අවසන් කරන ආකාරය දක්වා පෙරහුරුවක් පොඩ්ඩන්ට ලබාදෙනවා. පොඩ්ඩන්ගේ ලෝකයේ වීරවරියක් වන සුරංගනාවක් විසින් තමයි ඒ පෙරහුරුව පොඩ්ඩන්ට ලබලා දෙන්නේ. ඒ වගේම ඒ සුරංගනාව විසින් පොඩ්ඩන්ට අදාළ අකුර හෝ ඉලක්කම මෙය යැයි අවබෝධයක්ද ලබාදෙනවා. ඊට පස්සේ පොඩ්ඩන්ට පුළුවනි ඒ සුරංගනාව ඇන්ද ආකාරයටම අදාළ අකුර, ඉලක්කම හෝ හැඩතලය අදින්න. හරියටම ඇන්දට පස්සේ පොඩ්ඩන්ට තෑගිත් ඒ සුරංගනාවගෙන් හම්බෙනවා. මේ විදිහට පොඩ්ඩන්ගේ ලෝකයට ගැලපෙනම විදිහට තමයි මේ ඇප් එකේ පසුබිම් සංගීතයේ ඉඳන් හැමදෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම අකුරු ලියන අතරේ පුංචි පුංචි ගේම් එක්ක විනෝද වෙන්නත් මේ ඇප් එකෙන් පොඩ්ඩන්ට හැකියාව ලබාදෙනවා.

1mobile.com

රිපෝර්ට් කාර්ඩ් එකක් බලන්නත් පුළුවන්

1mobile.com

තමන්ගේ පොඩ්ඩා හරියටම අකුර ඇන්දාද, එහෙම නැත්නම් තවදුරටත් පොඩ්ඩා එම අකුර අදින්න උත්සාහ කරන්න ඕනිද කියන අවබෝධය දෙමව්පියන්ට ලබාදෙන එක තමයි මේ රිපෝර්ට් කාර්ඩ් එකේ මූලික අරමුණ. පොඩ්ඩා යම් අකුරක් අඳින්න වැය කරන කාලය අනුව

Very Good හෝ Learning ලෙස තමන්ගේ පොඩ්ඩා ගැන යම් ප්‍රගති වාර්තාවක් මේ මගින් දෙමව්පියන්ට ලබාගන්න පුළුවනි. ඒ මගින් තමන්ගේ පොඩ්ඩාව තවදුරටත් උනන්දු කරවන්න ඕනේ මොන අකුර, ඉලක්කම අදින්නද කියලා දැනුමක් දෙමව්පියන්ට ලබාදෙනවා.

කොහොමද මේ ඇප් එක ගන්නේ?

1mobile.com

හපන් ඇප් එකේ Android සහ ios ලෙස ප්‍රධාන සංස්කරණ දෙකක් මේ වනවිට නිකුත්කර තිබෙනවා. Android පරිශීලකයන් හට Google Play Store හරහා ද  ios පරිශීලකයන් හට Apple App Store හරහාද මෙම යෙදුම බාගත කරගත හැකියි.

එමෙන්ම මෙම යෙදුම ඔබේ දරුවාට ප්‍රයෝජනවත් වේ යැයි හැඟේ නම් සම්පුර්ණම යෙදුම මිලදී ගන්නත් ඔබට පුළුවන්. මිලදී ගැනීමට ප්‍රථම සෑම කොටසකම මුල් අකුරු/ඉලක්කම් දෙක නොමිලයේ අත්හදා බැලීමට ඇප් එක මගින් අවස්ථාව ලබාදී තිබෙනවා. එමෙන්ම හැඩතල කොටස සම්පුර්ණයෙන්ම නොමිලේ ලබාදී තිබෙනවා.

මිලදී ගැනීමේදී සිංහල අකුරු සදහා රු.290ක්, ඉංග්‍රීසි අකුරු සදහා රු.190ක් මෙන්ම ඉලක්කම් සඳහා රු.50ක මුදලක් වැයවෙනවා.

ඔබගේ ඩයලොග් ජංගම දුරකථනය භාවිතා කර එකවර මුදල් ගෙවා හෝ දිනකට රු.2 බැගින් අයවෙන පහසු ගෙවීමේ ක්‍රමයට මෙම යෙදුම ඔබට මිලදීගත හැකියි. එමෙන්ම ඔබ ඩයලොග් පාරිභෝගිකයෙක් නොවේ නම් ඔවුන් ලබාදී ඇති දුරකථන අංකයට අමතා ගෙවුම් පත් අංකයක් මගින්ද මේ මිලදී ගැනීමට ඔබට පුළුවන්.

එමෙන්ම නුදුරු අනාගතයේම කාඩ්පත් මගින් ගෙවීම් සිදුකර මෙය මිලදී ගැනීමටද ඔබට අවස්ථාව සලසා දීමට Bhasha ආයතනය සූදානමින් පසුවෙනවා.

පුංචි හපන්නුන්ට හපන්

අකුරු කියවන්නත් කලින් Smart ජංගම දුරකථනය හරි අපූරුවට හසුරුවන පොඩ්ඩෝ ඔබ අනන්තවත් දැක ඇති. අලුත් පරම්පරාව ලෝකය එලිය දකින්නෙම නවීන තාක්ෂණය අතේ දරාගෙන බව නොකියා කියන හොදම උදාහරණයක් තමයි ඒක. ඉතිං තාක්ෂණය එක්ක මුහුවෙච්ච නව අධ්‍යාපන ක්‍රමයක් පිලිබඳ කතිකාවතක් ගොඩනැගී ඇති සමයක අලුත් යුගයක ආරම්භය හපන් සනිටුහන් කරන බව නම් නිසැකයි.

Cover Image: Youtube screengrab

Related Articles