Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සෝෂල් මීඩියාවල ඕනෑම size එකකට ගැලපෙන්න Photo/Video සැකසිය හැකි Apps

අපිට නැතුව ම බැරි සෝෂල් මීඩියා වෙබ් අඩවි සහ Apps දැන් වැහි වැහැලා. Facebook, Instagram, Twitter, WhatsApp Status ආදී බොහොමයක් තිබෙන අතර, ඒවායේ size විවිධ නිසා එකම ඡායාරූපය හැම එකක ම publish කරද්දී අපිට අවශ්‍ය ආකාරයට එය පළ කරන්නට බැහැ.‍ එනිසා ඡායාරූපයක් හෝ වීඩියෝ එකක් පළ කරද්දී වඩාත් සුදුසු size එකකට සකසා පළ කරන්නට පහසුවෙන් ම පුළුවන් Apps කීපයක් ගෙන එන්නට අපි අදහස් කළා.

Google වෙතින් එන Snapseed

අවශ්‍ය කොටසක් පමණක් තෝරා වෙනස් කළ හැකියි. (droid-life.com)

කැමරාවලින් ගන්නා RAW ඡායාරූප පවා Edit කළ හැකි Snapseed සතු ව ස්වයංක්‍රීය ව ඡායාරූපයට ගැළපෙන පරිදි වෙනස්කම් කිරීමේ හැකියාව තිබෙනවා. Face Enhance විශේෂාංගයෙන් දෑස් දීප්තිමත් කරමින් මුහුණට ගැළපෙන ආලෝකයක් සහ සම සුමුදු කරලන්නට පුළුවන්. Face Pose විශේෂාංගයෙන් ඔබට හිනාවෙන්නට අමතක වුණු සෙල්ෆියකට අවශ්‍ය පරිදි සිනහව එක් කරන්නට පුළුවන්. Healing, Lens Blur, Perspective මෙන්ම Brushes වැනි Photoshop සතු tools ද මෙය සතු වීම විශේෂත්වයක්. සම්මත ප්‍රමාණයන්ට අනුව ඡායාරූපය Crop කරන්නට සහ ඡායාරූපයක අවශ්‍ය කොටසට පමණක් White balance කරන්නට හැකි වීම සුවිශේෂී යි. Editor’s Choice ඇගයුමට තමන්ගේ ම ඇප් එකක් එකතු කර ගැනීම විහිළුවක් වගේ පෙනුනත් මෙහි තිබෙන පහසුකම් ගොන්න දෙස බැලුවාම එය හරිම සාධාරණ යි.

බාගන්න: Snapseed

Adobe සමාගමෙන් එන Spark Post

අකුරු හැඩ, ඇනිමේෂන් මෙන්ම අවශ්‍ය ප්‍රමාණයට resize කළ හැකියි (idownloadblog.com)

Play Store හි 4.3ක rating අගයක් ලබා ඇති මේ ඇප් එක WhatsAppවල ඇති සීමා සහිත Fonts සහ අනෙකුත් හැකියාවන්ගෙන් ඔබ්බට යන්නට අවස්ථාව සලසනවා. මෙමඟින් සකසන ඡායාරූප ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම්වල ප්‍රමාණයට පවා ගැළපෙන සේ පහසුවෙන් crop කළ හැකි නිසා post කරන ස්ථානයට වඩාත් ගැළපෙන image size එකකින් වැඩි අවධානයක් ඔබේ post හෝ status එකට ලබා ගන්නට අවස්ථාව සලසනවා. ඔවුන් විසින් ම ලබා දෙන templates පාවිච්චි කරන්නට හෝ ඔබේ ම නව නිර්මාණයක් කරන්නට පුළුවන්. ඡායාරූපයට වඩාත් ගැළපෙන ආකාරය typography හෙවත් ෆොන්ට් එකක් තෝරන්නට හෝ Magic Text විශේෂාංගය හරහා ස්වයංක්‍රීයව ම කරන්නටත් පුළුවන්. Memes හදන්නටත් මෙය හොඳ App එකක්.

බාගන්න: Android | iOS

YouTube thumbnails පවා සැකසිය හැකි Canva

තෝරාගන්නට templates රැසක් (uptodown.com)

Facebook posts, covers සහ story, Instagram posts සහ story, WhatsApp Status, Snapchat geofilters, Etsy මෙන්ම YouTube සඳහා ද banners සහ thumbnails සැකසිය හැකි නිසා නිතර Social media සමග ගැවසෙන කෙනෙක්ට තමන්ගේ නිර්මාණයක්, Vlog එකක් ගැන පහසුවෙන් සියල්ලෙහි ම ප්‍රසිද්ධ කරලන්නට මේ ඇප් එක හරහා පහසුවක් වෙනවා. එපමණක් නොව; Invitation, Logo, Email headers, සහ Infographic සකසන්නට ද මෙය පාවිච්චි කරන්නට පුළුවන්. හැටදහසක් පමණ වූ templates නිසා ඔබට වැඩි මහන්සියක් වෙන්නට අවශ්‍යත් නැහැ. Play Storeහි Editor’s Choice ඇගයුමට පාත්‍ර ව ඇති මෙය 4.8ක rating අගයක් ද දරනවා.

බාගන්න: Canva

වීඩියෝවකින් කියන්න InShot

සමාජ ජාලවල දැන් පෙරටත් වඩා reach ලැබෙන්නේ වීඩියෝවලට යි. එනිසා ඡායාරූපයකින් යමක් කියනවාට වඩා වීඩියෝ එකකින් දෙයක් ඉදිරිපත් කිරීමෙන් ඊට වැඩි ප්‍රතිචාර ලබා ගන්නට පුළුවන්. නමුත් ඇතැම් වීඩියෝවල බාහිරින් ඇසෙන අනවශ්‍ය ශබ්ද, නිසි ආකාරයට වීඩියෝව crop වී නොමැති බව ආදිය නිසා නැරඹීමට බාධාවක් වන ආකාරය ඔබ අත්විඳ ඇති. Inshot මඟින් Instagram, IGTV, YouTube, Musical.ly, Facebook, Twitter, සහ Tik Tokවලට ද ගැළපෙන පරිදි වීඩියෝවේ ප්‍රමාණය සකසන්නට පුළුවන්. වීඩියෝ Merge කිරීම, Trim කිරීම, Filter එක් කිරීම, ශබ්ද එකතු කිරීම, හා volume පාලනය ආදී විශේෂාංග රැසක් මෙය සතු යි. බාගැනීමට වැය වන්නේ ද මෙගාබයිට් 25ක් පමණක් වන අතර, Editor’s Choice ඇගයුමට ද හිමිකම් කියනවා.

බාගන්න: Inshot

Instagram කියන්නෙත් Photo editor එකක්

Instagramවල ප්‍රමාණය බොහෝ දුරට Facebook, WhatsApp Status ප්‍රමාණයට ගැළපෙනවා. (kinstacdn.com)

ඡායාරූප සමග GIF ද එක් කරමින් අපූරු ඉදිරිපත් කිරීම් කරන්නට Instagramවලින් පුළුවන්. Snapchat අනුකරණය කරමින් ඔවුන් ද Stories ගෙන ආ අතර, ඒ සමග අපි නොදැනුවත්ව ම අපූරු Photo editor එකක් ද ලැබී තිබෙනවා. Story එකක් සකසා එය Download කරගත්තා ම වෙනත් ස්ථානයක එය publish කරන්නට පුළුවන්. Home තිරයේ වම්පස ඉහළ හෝ ඔබේ ගිණුමට පිවිස Profile Picture එක සමග ම ඇති ධන (+) ලකුණ ටැප් කර Story Editor එකට පිවිසිය හැකියි. එම තිරයේ දී යට සිට ඉහළට Swipe කළ විට ලැබෙන මෙනුවෙන් Search box එකක් වැනි අයිකනයෙන් GIF එකතු කරන්න පුළුවන්.

වැඩිදුර කියැවීමට: Instagram Stories පාවිච්චි කරන හැටි

Facebook Stories සමග ද මේ ආකාරයේ ම Editor එකක් තිබෙන අතර, එහි නම් Story එක නොදමා ම බාගත කර ගන්නට පුළුවන්. එනිසා අපි ඉහත කී ඇප්ස් බාගත කරගන්නට ෆෝන් එකේ ඉඩ නැත්නම් දැනට ම තිබෙන ඇප්ස්වලින් වුවත්, ඔබේ නිර්මාණශීලීත්වය පිටතට ගෙන එන්නට හැකියි.

කවරය: i.pinimg.com

Related Articles