Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හසුනොවී Instagram Story වල Screenshot ගන්නා හැටි

අවසන් වරට Instagram පාවිච්චි කළ වේලාව පෙන්වන නවතම update එකක් Instagram වෙත පැමිණීමත් සමඟ මීළඟට පැමිණෙන්නේ Stories වල screenshot ගත්විට එය පළකරන ලද කෙනාට ඒ බව දැනුම් දෙන ආකාරයේ update එකකුයි. Snapchat වල වගේම ඔබට අදාල තිරයක screenshot එකක් වෙනත් කෙනෙකු ගත් විට notification එකකින් ඒ බව ඔබට දැනුම් දෙනවා.

මෙය වළක්වාගමින් screenshot එකක් ගන්නා හැටි අපි ඔබට ගෙන එන්නේ අත්‍යාවශ්‍ය අවස්ථාවක දී, උදාහරණයක් ලෙස කිසියම් භාණ්ඩයක් විකිණීමට ඇති දෙයක් දුටුවිට, ඔබේ සිත්ගත් ඇඳුමක් හෝ පළඳනාවක් යහළුවකු පැළඳ සිටිනවා නම් එය මිලදී ගැනීමට පහසු වීමට එහි ඡායාරූපයක් ගැනීම හෝ ඇතැම් අයගේ පුරුද්දක් වන Stories වල ඇති අලංකාර පරිසරවල ඡායාරූප තම wallpaper එක ලෙස භාවිත කිරීම වැනි දේවල් සඳහා පහසුවක් වීමටයි. ඔබ මේ දැනුම එවන් කිසිවකුටවත් අවැඩක් නොවන දේකට පමණක් භාවිත කරනු ඇතැයි අප විශ්වාස කරනවා.

තවමත් අත්හදා බලමින්

mshcdn.com

මේ වන විටත් අත්හදා බැලෙමින් පවතින මෙම විශේෂාංගය ඒ මට්ටමෙන්ම වියැකී යතැයි සිතීම අපහසුයි. අනෙකුත් Snapchat විශේෂාංග අනුකරණය කළ Instagram මෙය ද ඉතාම උනන්දුවෙන් ගෙන එනු ඇති. මෙම විශේෂාංගය අපේ දත්ත වෙනත් කෙනෙක් විසින් උපුටාගත් බවට කියමින් notification එකක් එවනවා මෙන්ම Stories නැරඹූ අයගේ ලැයිස්තුවෙහි ද ඉදිරියෙන් කුඩා අයිකනයකින් ඔවුන් අපේ story එක Screenshot කළ බවට දක්වනු ලබනවා.

නමුත් මෙය පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ මුහුණුවරකින් ලබා දෙන විශේෂාංගයක් නම් Facebook guard කළ profile pictures වල වගේ සම්පූර්ණයෙන්ම Screenshot ගැනීම තහනම් කළ හැකි පහසුකමක් වූවා නම් වටිනවා. එසේ නැතිව screenshot එක ගන්නා තෙක් බලා සිට එය අපිට දැනුම්දීම හුදෙක් කේලාම් කීමක් වැනියි.

Instagram වෙබ් අඩවියෙන් ගන්න

Thambaru/Roar

Instagram මුල් කාලයේ දුරකථනයටම සීමා වූ සේවාවක් වුවත් දැන් එහි වෙබ් අනුවාදයකුත් තිබෙනවා. ඡායාරූප පළ කරන්නට නොහැකි වුවත් යහළුවන්ගේ ඡායාරූප බලන්නට, like, comment කිරීමට මෙන්ම stories බලන්නට ද ඒ හරහා අවස්ථාව සලසා තිබෙනවා. මෙය හරහා ලබාගන්නා screenshot සඳහා අදාල පුද්ගලයන්ට notifications නොයන අතර වඩාත්ම ආරක්ෂිත ක්‍රමය මෙය ලෙස දැක්විය හැකියි.  පරිගණකයෙන් හෝ දුරකථනයෙන් instagram.com වෙත පිවිසීමෙන් Instagram වෙබ් අඩවිය භාවිත කරන්නට පුළුවන්. එයට ඔබේ පිවිසුම් විස්තර ලබාදීමෙන් අනතුරුව ඇප් එකේ වගේම feed එක බලන්නට අවස්ථාව ලැබෙනවා.

පරිගණකයෙන් තිර දසුනක් ගන්නවා නම් PrintScr යතුර තදකොට, අනතුරුව Paint, Photoshop වැනි ඡායාරූප සංස්කරණ මෘදුකාංගයක් වෙත ගොස් Paste කිරීමෙන් හෝ වින්ඩෝස්වල Snipping Tool එකෙන් ගත හැකියි. එසේත් නැත්නම් Awesome Screenshot වැනි extension එකක් Chrome හෝ Firefox සඳහා ස්ථාපනය කරගත හැකියි.

Storiesig වෙබ් අඩවිය

Thambaru/Roar

Stories වල ඡායාරූප ගැනීම සඳහා විශේෂයෙන්ම සකසා ඇති Storiesig වෙබ් අඩවිය හරහා ඉතා පහසුවෙන් story බාගත කරගන්න පුළුවන්. එය ඔබේම story එකක් වුවත් කිසියම් හේතුවක් නිසා නැවත ලබා ගැනීමට අවශ්‍ය නම් එම වෙබ් අඩවියට පිවිසී ඔබේ username එක ඉහළින් ඇති text box එකට ලබා දී Enter කිරීමෙන් stories ලයිස්තුව දැකගන්නට පුළුවන්. ඒ හැම එකක් සමගම download බොත්තමක් ද තිබෙන නිසා අවශ්‍ය එක පමණක් පහසුවෙන්ම බාගත කරගන්නට පුළුවන්. මෙය ලබා ගැනීමේදී ඔබ Instagram log වී සිටිය යුතු නැති නිසා ඔබේ කිසිදු තොරතුරක් අදාල පාර්ශවයන්ට ලැබීමේ හැකියාවක් නැහැ.

තෙවන පාර්ශවීය ඇප්ස්

Google Play Store

වෙබ් අඩවියකට පිවිසීමේ අවස්ථාව නොමැති නම් ඇප් එකක පිහිට ලබා ගන්නට සිදු වෙනවා. Android මෙන්ම iOS සඳහාද Stories බාගත කිරීම වෙනුවෙන් සකසන ලද ඇප්ස් බොහොමයක් තිබෙනවා. නමුත් මේ ඇතැම්වාට log වීමට සිදුවන නිසා ඉන් එතරම්ම සැඟවීමක් ලැබෙනු ඇත්දැයි සැක සහිතයි. කොහොම නමුත් භාවිත කළ හැකි option එකක් වශයෙන් මේවාත් අපේ එකතුවෙහි තබා ගත හැකියි. ඇන්ඩ්‍රොයිඩ් සඳහා StorySaver, Story Assistant, Story Save යන ඇප්ස් මෙන්ම iOS සඳහා Story Reposter සහ Repost Story වැනි ඇප්ස් භාවිත කරන්නට පුළුවන්.

වෙනත් දුරකථනයක් පාවිච්චි කරන්න

cloudfront.net

එකවර සිහියට නොආවත්, මේ කෝකටත් වඩා ආරක්ෂිතම සහ අහපු ගමන් “ඕකත් කියන්න ඕනද” කියලා හැඟීමක් එන විසඳුම තමයි වෙනත් දුරකථයක් පාවිච්චි කරන එක. දුරකථනයෙන් Story එක විවෘත කරලා එහි කාලය ඉකුත්වීම නවත්වන්න අයිනකින් ඇඟිල්ල තියාගෙන touch කරගෙන වෙනත් දුරකථනයකින් හෝ කැමරාවකින් එහි ඡායාරුවක් ගන්නට පුළුවන්. එසේ කිරීමේදී තිරය මත ඇතිවන ඉරි ආදිය නැති කරලන්නට brightness වැඩි කර අඳුරු ස්ථානයක සිට ඡායාරූපය ගන්නට පුළුවන්.

කවරයේ ඡායාරූපය: slashgear.com

Related Articles