Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Instagram සඳහාත් වයස් සීමා!

සාමාන්‍යයෙන් බොහොමයක් සමාජ ජාලාවන් භාවිත කරන්න යම් ආකාරයක වයස් සීමාවක් තිබෙනවා. මෙයට ප්‍රධාන හේතුව වෙන්නේ අන්තර්ජාතික ළමා ආරක්ෂණ නීති පද්ධතිය යි. Child Online Privacy Protection Act එක එහෙම නැති නම්, COPPA එකට අනුව වයස අවුරුදු 13ට අඩු බාලවයස්කාරයින්ගේ දත්ත දෙමාපිය හෝ බාරකාර අනුමැතිය සහ අධීක්ෂණය නොමැතිව කිසිදු අන්තර්ජාල සේවාවක් ඔස්සේ එකතු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. ඇමරිකානු ඩොලර් 40,000ක් හෝ ඊට ඉහළ දඩයක් වුවත් COPPA පනත උල්ලංඝනය කිරීම වෙනුවෙන් නියම වෙන්න ඉඩ තිබෙනවා. නමුත්, ඔබත් මමත් කාලයක සිට භාවිත කරන සමහර සමාජ ජාලාවන් මේ නියාමනයන් නොසාලකා හරින බව ඔබ දන්නවා ද? සමාජ ජලා හෝ අන්තර්ජාල සේවාවන් වෙත ලියාපදිංචි වීමේ දී අවම වශයෙන් උපන්දිනයවත් ඒ ක්‍රියාවලියේ දී ඇතුළත් කිරීමට ඔබට සිදුවෙනවා. ලෝකයේ ජනප්‍රිය සමාජ ජාලයක් වූ instagram වෙතත් ලියාපදිංචි වීමට කිසිදු ආකාරයක වයස් සීමාවක් මෙතෙක් පැනවී තිබුණේ නම් නැහැ.

COPPA පනතට අනුගත වෙමින් instagram වෙතත් වයස් සීමාවක්- techcrunch.com

කොහොම වුණත් පරිශීලකයින් ප්‍රමාණය වැඩි වෙන නිසාවෙන්, විශේෂයෙන් ඇතැම් සමාජ ජාලා මේ පිළිබඳව එතරම්ම තැකීමක් කරන්නේ නැහැ. එනිසාවෙන්ම තවදුරටත් මේ ගැන නොසලකා ඉන්නට ඔවුන්ට හැකියාව ලැබෙන්නේ නැහැ. පසුගිය දිනෙක techcrunch.com වෙබ් අඩවිය මේ පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් පළ කරමින් මෙලෙසින් නිසි අධීක්ෂණයක් නොමැතිව කුඩා දරුවන්ට අන්තර්ජාලය සහ සමාජ ජාලා පරිශීලනය කිරීමට අවස්තාව ලබාදීම විශාල ගැටළු ප්‍රමාණයකට අත වැනීමක් බව කියා සිටියා. දිගින් දිගටම අන්තර්ජාලය හරහා සිදුවන අකටයුතුකම් වෙත දරුවන් ඉතා ඉක්මනින් හසුවීමට ඉඩ තිබෙන බවත් ඔවුන් පෙන්වා දෙනවා. අවම වශයෙන් Instagram මඟින්, ඒ වෙත ලියාපදිංචි වෙන පරිශීලකයන්ගෙන් වයස හා උපන්දිනය ඇතුළත් කරන ලෙස දැනුම් දිය යුතු අතර, තවත් ප්‍රයෝගික ක්‍රමවේදයන් ඔස්සේ ඒ පරිශීලකයන් ඇතුළත් කරන දත්ත තහවුරු කර ගැනීම සිදුකළ යුතු යි. Instagram සමාගමේ මව් සමාගම වන Facebook ආයතන, පරිශීලකයන්ගේ වයස් තහවුරු කර ගැනීමට විවිධ ක්‍රමවේදයන් භාවිතා කරනවා. තහවුරු කර ගත නොහැකි අවස්ථාවන්වල දී එවන් ගිණුම් තාවකාලිකව අත්හිටුවීමටත් Facebook සමාගම කටයුතු කරනවා. මේ සඳහා ඊටම වෙන් වූ වෙනම ඇල්ගොරිතමයන් පවා භාවිත වෙනවා. එලෙස තාවකාලිකව අත්හිටවනු ලබන ගිණුම් නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වෙන්නේ රජය මඟින් අනුමත කරන ලද පුද්ගල අනන්‍යතාව හඳුනාගැනීමේ ලියැවිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි. 

මේ සියල්ල වෙනස් කරමින් පසුගිය දිනෙක Instagram වෙතත් Age Restriction හඳුන්වාදීමට යන බව දැනගන්න ලැබුණා. COPPA ඇතුළු ළමා ආරක්ෂණ පනත්වලට අවනත නොවී කටයුතු කළ සමාගම් ගණනාවකට ඉතා විශාල වන්දි මුදල් ගෙවන්නට සිදුවුණා. ලෝකයේ ශීඝ්‍රයෙන් වර්ධනය වෙන short video sharing platform එකක් වන TikTok වෙතත් මෙවැනි චෝදනා නිසා ඇමරිකානු ඩොලර් මිලියන 5.7ක් පමණ වන්දි ලෙස ගෙවන්නට සිදුවුණා. ඉන් අනතුරුව ඔවුන්, බාලවයස්කරුවන්ට තමන්ගේ සේවාව වෙත Register වෙන්න ඉඩ ලබා දුන්නත්, video පළ කිරීම හෝ comment කිරීමට හැකියාවක් ලැබෙන්නේ නම් නැහැ. ඔබට මතක ඇති අප මීට පෙර ලිපියකින් TikTok වාරණය කිරීමට රටවල් කිහිපයක් ගත් තීරණ සහ ඒවාට හේතු පිළිබඳව දැනුවත් දැනුවත් කළා. මේ නව Age Restriction එක බලපාන්නේ අලුතෙන් ඒ වෙත ලියාපදිංචි වෙන පරිශීලකයන්ට පමණයි. 

sing in වීමේ දී නව පරිශීලකයන් හට තම වයස ඇතුළත් කිරීමට සිදුවේවි.- techcrunch.com 

මූලාශ්‍රයයන්: 

Help.instagram.com

Techcrunch.com 

Youtube.com 

Related Articles