Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Slack වෙනුවට නොමිලේ සහ අඩු මිලට පාවිච්චි කළ හැකි විකල්ප සේවාවන්

අලුතින් ආරම්භ කරන ලද ඔබේ ව්‍යාපාරය තුළ සන්නිවේදන කටයුතු කරන්නට Slack පාවිච්චි කරනවා නම්, එහි තිබෙන සීමාවන් නිසා ඔබ පීඩනයට ලක් වෙලා ඇති. ඒවා ඉක්මවා යන්නට නම් User කෙනෙක්ට බැගින් Slack එකට මුදල් ගෙවන්නට සිදු වෙනවා. ලාභ හොඳින් ලබන තෙක් මුල් කාලයේ වියදම් කපා හැරීමට සිදුවන නිසා ඒ වෙනුවට වෙනත් අඩු මිල සේවාවන් ගැන අවබෝධයෙන් සිටීම වැදගත්.

ගේම්වලට ආ Discord

ඕනෑම උපාංගයකින් පිවිසිය හැකියි (discordapp.com)

සම්පූර්ණයෙන්ම නොමිලේ පාවිච්චි කළ හැකි මෙය ඇත්තෙන්ම පරිගණක ක්‍රීඩා කරන අය සඳහා සන්නිවේදන කටයුතු පහසු කරන්නට සැකසූවක්. බ්‍රවුසරය හරහා, මෘදුකාංගයක් වශයෙන් හෝ Android/iOS App එකක් මඟින් ද පාවිච්චි කරන්නට පුළුවන්. Server එකක් සකසා ගැනීමෙන් පසුව Slackවල ආකාරයටම Channel සකසා ගෙන කතාබහ වර්ගීකරණය කරගන්නට පුළුවන්. Slack වල Voice calls සඳහා මුදල් ගෙවිය යුතු නමුත් මෙහි එය නොමිලේම පාවිච්චි කරන්නට පුළුවන්. මෙය සතුව bots තිබෙන නිසා YouTube audio stream කරමින් එය කාර්යයාලයේ රේඩියෝව බවටත් පත් කර ගන්නටත් පුළුවන්. සාමාන්‍යයෙන් Discord server එකකට ඕනෑම කෙනෙක්ට Connect වෙන්නට හැකියි. එය වළක්වා ගන්නට නම්, නිසි ආකාරව සැකසුම් කළ යුතු වෙනවා.

Private Server එකක් හදාගන්නේ මෙහෙම යි: Discord වෙබ් අඩවිය වෙත පිවිසී, Server එකක් සකසා ගන්න. දැන් Server Settings යටතේ ඇති Roles වෙත ගොස් @everyone සඳහා වූ සියළු Permissions ඉවත් කරන්න. එම පිටුවේ කොටසක් සඟවා ඇති නිසා එය දිග හරිමින් හා scroll කරමින් සියල්ලම පරීක්ෂා කරන්න. අනතුරුව, Roles ඉදිරියෙන් ඇති + ලකුණින් නව Role එකක් සකසා ගන්න. එයට ඔබට අවශ්‍ය Permission ලබා දෙන්න‍. අලුතින් Usersලා එකතු කරද්දී ඒ හැම කෙනෙක්ටම ඔබ දැන් සැකසූ Role එක Assign කරන්න.

Slack වගේම Flock

වම්පසින් Slackවල මෙන්ම චැට් පෙළගැස්වෙන ආකාරය (flock.com)

Slack වලට ඉතාම ආසන්න විශේෂාංග සහ Pricing plans ඇති Flock නමෙන් පවා ඊට සමාන යි. Slackවල තරම් වෘත්තීමය UI එකක් නැතත්; Google Drive, GitHub වැනි Integrations එක් කරන්නට අවස්ථාව ලබා දෙනවා. වම් පස චැනල් ලැයිස්තුව සහ Direct Messages අඩංගු කර තිබෙනවා. Theme එකෙහි වර්ණ අවශ්‍ය පරිදි සකසා ගන්නට අවස්ථාව තිබෙන නිසා අවශ්‍ය පරිදි සැකසුම් කරගත හැකියි. පුළුල් Emoji සහ GIF එකතුවක් සහිතව video හෝ audio ඇමතුම්, screen share කිරීමේ පහසුකම, Slack botට කළ හැකි reminders වැනි කටයුතු ද මෙය සතු යි. Slack වලට වඩා ඇති විශේෂත්වයන් බැලුවොත්, Free plan එක හරහා 10GB storage එකක් ලැබෙනවා. Slack වල 5GB නිසා එවන් දෙගුණයක් මෙය සතු යි. ගෙවා ලබා ගත හැකි Pro plan එකත් Slackවල Standard plan එකට වඩා මිලෙන් අඩු යි. දකුණු පස ඇති toolbar එකෙන් Notes share කරගන්නට සහ To-Do list සකසන්නට හැකියි.

Unlimited ධාරිතාවක් දෙන Glip

වෙබ් ඇමතුම් සේවා සපයන ආයතනයක් වන RingCentral සමාගමේ නිෂ්පාදනයක් වන Glip සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන සේවාවක්. නොමිලේ භාවිතා කළ හැක්කේ වීඩියෝ ඇමතුම් විනාඩි 500ක් පමණයි. Unlimited Storage සමග ගෙවීමක් නොකරම සියළු මැසේජ් search කරන්නට ද අවස්ථාව දීම Slackවලට වඩා වාසියක්. (Slack වල history search කළ හැකි වන්නේ මැසේජ් 10,000ක් පමණයි.) Integrations, Teams ද සීමා රහිතව එක් කරන්නට පුළුවන්. Task කළමනාකරණයට මෙන්ම කණ්ඩායමේ හැමට එක්වර තනි ගොනුවක් වෙනස් කිරීමේ හැකියාව, to-do ලැයිස්තුව බෙදාගත හැකිවීම, ඡායාරූප හා PDF වලට annonation එක් කළ හැකිවීම ඇතුළු Slack සතුව නොමැති විශේෂාංග පවා Glip ගෙන එනවා. ගැටළුවකට ඇත්තේ, ඔවුන් දත්ත රඳවාගැනීමේ ප්‍රතිපත්ති ලබා දෙන්නේ ගෙවීම් කරන පැකේජයට පමණයි. මේ නිසා Google වගේම, සේවාව නොමිලේ ලබා දී අපේ දත්ත රැස් කිරීම ඔවුන් ප්‍රතිදාන වාසිය ලෙස ලබා ගන්නා බව සිතිය හැකියි. ඔවුන්ගේ පෞද්ගලික ප්‍රතිපත්ති මෙතැනින් කියැවිය හැකියි.

විවෘත කේත විසඳුමක්: Riot.im

Matrix සංවාද පද්ධතිය මත පදනම් වුණු Riot.im වෙබ් අඩවිය නොමිලේ සපයන සේවාවක්. එය විවෘත කේත නිසා GitHub මත ඔවුන්ගේ කේතය පරීක්ෂා කරන්නට සහ ඒ වගේම එකක් ඔබටත් සකසා ගන්නට අවස්ථාව තිබෙනවා. එනම්, ඔවුන්ගේ සර්වරය මත යැපෙන්නේ නැතිව ඔබේම installation පවත්වාගත හැකියි. කේත බැලිය හැකි නිසාම ඔවුන් දත්ත රැස්කිරීම් හෝ වෙනත් හොර රහස් වැඩ නොකරන බවට අපටම තහවුරු කරගත හැකියි. පෙර Vector ලෙස හැඳින්වුණු මෙය බ්‍රවුසරය හරහා පමණක් නොව, ඇන්ඩ්‍රොයිඩ් සහ iOS Apps හරහා ද පාවිච්චි කළ හැකියි. (App වල ද කේත විවෘතයි.) මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ Slack, Gitter, IRC, Twitter මෙන්ම SMS හරහා සිදුවන සංවාදයන් ද ඊට bridge කරන්නට හැකි වීමයි. Slack bot වැනි Riot Bot නම්වූ bot කෙනෙක් ද සිටිනවා. වර්ණ හැරුණු විට Slackවල UI එකට ඉතාම සමාන අත්දැකීමක් සීමා රහිතව මෙයින් ද ලබන්නට පුළුවන්.

Zoho වෙතින් එන Cliq

Mobile Apps ද සහිතයි (zoho.com)

මාර්ගගත Office පැකේජයක් ගෙන එන Zoho වෙතින් සන්නිවේදන කටයුතු කරගන්නට ලැබෙන සේවාව තමයි Cliq කියන්නේ. ඔවුන්ගේම Word, Spreadsheet වැනි සේවාවන්ට ද සබඳතාවන් සහිතව සැපයෙන මේ සේවාව ගොනු සංස්කරණය කිරීමේ දී ද පහසුවක් වෙනවා. Group video call, Screen sharing මෙන්ම apps ද තිබෙන නිසා Slack වලට සමාන පහසුකම් රැසක් නොමිලේ ලැබිය හැකියි. ගබඩා ධාරිතාව ලෙස 100 GB ලැබෙනවා. Integrations ප්‍රමාණය 10කට සීමා වන අතර චැනල් එකක සිටිය හැක්කේ උපරිම 100 දෙනෙක්ට පමණයි. කුඩා ව්‍යාපාරයකට එය හොඳටම ප්‍රමාණවත්. ගෙවීම් කිරීමට ඇති පැකේජය ද Slackවල මිල මෙන් අඩක් පමණ අගයක්.

වැඩිපුර දෙකක්: Facebook හා Google වෙතින්

ඉහත සඳහන් කළ ඒවාට අමතරව, අප දන්නා කියන සමාගම් වන Facebook මෙන්ම Google වෙතින් ද team messaging සේවාවන් සැපයෙනවා. ෆේස්බුක් වෙතින් එන Workplace ද ෆේස්බුක් අතුරුමුහුණතම තිබෙන, කාර්යයාලයීය සන්නිවේදන සේවාවක්. ඔෆිස් එකේ දී ෆේස්බුක් UI එක භාවිතය ඇතැමුන්ට Professional මඳි වගේ දැනෙන්නට පුළුවන්. නැතහොත්, දැනටමත් ඔබ ආයතනය G-Suit මිල දී ගෙන තිබෙනවා නම් ඉන් ලැබෙන Chat නමැති සේවාව ද Slackවලට සමාන යි. අවාසනාවකට ඔවුන් එම සේවාව G-Suit නොමැතිව පාවිච්චි කරන්නට තවම අවස්ථාව දෙන්නේ නැහැ.

කවරය: unity3d.com

Related Articles