Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 වසරේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම Mobile Games 5ක්

පරිගණකවලටත් වඩා හැම කෙනෙක්ගේම අතේ තිබෙන මොබයිල් ෆෝන් නිසා දැන් Mobile Gaming රැල්ලක් බවට පත්ව තිබෙනවා. තමන්ගේ දක්ෂතාවන් වර්ධනය කරගනිමින් ත්‍යාග පවා දිනාගත හැකි අපේ රටේ ක්‍රියාත්මක වන තරගාවලි වලට පවා Mobile Games දැන් මූලිකවී තිබෙනවා. අපි බලමු දැනට අපේ අය වැඩිපුරම කැමති Mobile Games මොනවාද කියලා.

5. 8 Ball Pool

ෆෝන් එකේ තිරය Pool table එකක් කරගන්න (ඡායාරූපය: Google Play Store)

පරිගණකයෙන් Flash Games ගහපු අයට හුරුපුරුදු සමාගමක් වන MiniClip ගෙන එන 8 Ball Pool ගේම් එක Pool ක්‍රීඩාවට කැමති අය අතර බොහොම ජනප්‍රියයි. Play Store එකේ Editor’s Choice බවට ද පත් වුණු මෙය Pool ක්‍රීඩාව ෆෝන් එක හරහා අත්විඳින්නට අවස්ථාව සලසනවා.

බෝලවලට පහර දුන් විට භෞතික විද්‍යාත්මකව ඉතා නිවැරදි චලන දක්වන නිසා ෆෝන් එකෙන් Play කරන බවක් නොදැනෙන තරම්. Multiplayer ගේම් එකක් ලෙස ලොව එහා කෙළවර සිටින කෙනෙක් වෙත පවා අභියෝග කරමින් ඔබේ Pool ගැසීමේ දක්ෂතාවන් පෙන්වන්නට 8 Ball Pool ගේම් එක අවස්ථාව සලසනවා.

බාගත කරගන්න:  8 Ball Pool

4. Asphalt 8: Airborne

සිහින කාර් රථයෙන් පියඹා යන්න (ඡායාරූපය: apkmody.io)

කාර් ගේම්වලට ආස අය අතර වඩාත්ම ජනප්‍රිය මෙය  Lamborghini Veneno, Bugatti 16.4 Grand Sport Vitesse, Ferrari LaFerrari, McLaren P1, Porsche 911 GT3 RS, Ducati Monster 1200 ඇතුළු අපි කාටත් හීනයක් බඳු කාර් වර්ග රැසකින් රවුමක් යන්නට අවස්ථාව ලබා දෙනවා. ලොව ප්‍රසිද්ධ අධි වේගී ධාවන පථ 40ක පමණ විවිධ සැකසුම් 16ක් යටතේ තරග වදින්නට මෙහි පුළුවන්.

8 දෙනෙක්ට එක්ව Multiplayer ආකාරයට තරග වදින්නට, තමන්ගේ කාර් එකට Upgrades යොදන්නට, අංශක 360ක Barrel roll වැනි විශේෂ හැකියාවන් පෙන්වමින් ලකුණු ලබන්නට වැනි විශේෂාංග රැසක් මෙහි අඩංගු වෙනවා. Asphalt 8හි අලුත්ම ගේම් එක වන Asphalt 9: Legends පවා කරළියට පැමිණ තිබෙන බව අපි පෙර ලිපියක ගෙන ආවා.

බාගත කරගන්න: Asphalt 8: Airborne

3. Bubble Shooter

සමාන වර්ණ ගලපන්න (ඡායාරූපය: Google Play Store)

කුඩා දරුවන්ට වුව පහසුවෙන් තේරුම් ගන්නට සහ ඉලක්කය, වර්ණ හඳුනා ගැනීම, කාලයට අනුව ක්‍රියාත්මක වීමෙන් තමන්ගේ ප්‍රතිචාර දැක්වීමේ වේගය වැඩි කරගන්නට අවස්ථාව සලසන Bubble Shooter ඉතා සරල නමුත් නොදැනුවත්වම අපේ හැකියාවන් වර්ධනය කරවන Game එකක්.

ප්‍රහේලිකා විසඳීමට ප්‍රිය කරන අයට වඩාත් උචිත මෙය තමන්‍ට ලැබෙන වර්ණ බෝලයෙන් ඉහළින් ඇති සමාන වර්ණ බොලයකට පහර දීම කළ යුතු වෙනවා. එවිට ඒ අසල ඇති වෙනත් සමාන වර්ණ බෝල පවා පුපුරා ගොස් අපට ලකුණු ලැබෙනවා. Levels ගණනාවක් දක්වා මෙලෙස ලකුණු එක්රැස් කරමින් ඉදිරියට ඇදෙන්නට පුළුවන්.

බාගත කරගන්න: Bubble Shooter

2. PUBG

ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම ආකර්ෂණය කරගත් Game එකක් (ඡායාරූපය: aolcdn.com)

Android Play Store හි 4.5ක rating අගයක් ලැබූ මෙය, කාන්තා පාර්ශවය ද යුද්ධකාමී ගේම්වලට කැමති බව ලොවට හෙළි කළා. ක්‍රීඩකයන් 100 දෙනෙකු පැරෂූටවලින් කි.මී. 8×8 දූපතකට ගොඩ බැස; ඇඳුම්, ආයුධ, වාහන, සහ බෙහෙත් ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය එහි දී ප්‍රථමයෙන් සොයාගෙන තමන්ගේ ජයග්‍රහණය සලසා ගැනීම කළ යුතු වෙනවා.

වාහන පැදවීමේ හැකියාව, Kill එකකට පසු අනෙක් අයගෙන් ආයුධ හා යුද්ධෝපකරණ ලබා ගැනීම, තුවක්කුව අනුව වෙඩි තැබීමේ හැකියාවන් වෙනස්වීම පමණක් නොව Frying Pan පවා පහරදීම්වලට යොදාගත හැකි Online Multiplayer ගේම් එකක් ලෙස ලංකාවේ මෙන්ම බොහෝ රටවල PUBG ප්‍රසිද්ධියට පත් වුණා.

බාගත කරගන්න: PUBG

1. Kingdom Battles

අධිරාජ්‍යයෙක් වෙන්නට අවස්ථාවක්

මේ Game එකේදි හැම කෙනෙක්ටම රාජධානියක් හිමි වෙනවා. ජනගහණය වර්ධනය කරමින් අනෙක් අයට වඩා ධනවත්ම සහ බලවත්ම රාජධානියේ උරුමක්කාරයා වීම ඔබේ වගකීමයි. විවිධ ආකාරයේ උගුල්, ආරක්ෂක කුළුණු, ආරක්ෂකයන් සමග තමන්ගේ රාජධානිය ආක්‍රමණ වලින් ආරක්ෂා කරගන්නවා වගේම, අනෙක් රාජධානි ආක්‍රමණය කර මුදල් ‍රාජසන්තක කර ගැනීමට අවශ්‍ය උපායමාර්ගික කෞෂල්‍යයන් බුද්ධිය මෙහෙයවා සැලසුම් කරන්නට ඔබට මේ Game එකෙන් අවස්ථාව ලැබෙනවා.

Mobile ‍Game එකක් සඳහා ශ්‍රී ලංකාවේ විශාලතම මුදල් ත්‍යාග ගෙන එන එකම සමාගම වන Dialog සමාගම 4 වැනි වරටත් පවත්වනු ලබන Dialog Gaming Game Hero Tournament එකට සමගාමීව හඳුන්වාදෙන Kingdom Battles සමග ඔබට මුදල් ත්‍යාග දිනන්නත් අවස්ථාව තිබෙනවා. 2019 ‍ජුලි 7 වැනිදා සිට නොවැම්බර් 6 වැනිදා දක්වා මේ තරගාවලිය පැවැත්වෙනවා. ඔබ වෙනුවෙන් රුපියල් මිලියන 3ක මුදල් ත්‍යාග දෙන්නට Dialog Gaming Game Hero සූදානම්ව ඉන්නවා.

PvP ආකාරයේ උපායමාර්ගික ගේම් එකක් (ඡායාරූපය: Google Play Store)

Kingdom Battles සමග තමන්ගේ උපායමාර්ගික හැකියාවන්ගෙන් අද්විතීය රාජධානියක් ගොඩනගමින් ප්‍රථම ස්ථානයට ලක්ෂ 10ක්, දෙවැනි ස්ථානයට ලක්ෂ 5ක්, තෙවැන්නට ලක්ෂ දෙකක් ආදී ලෙස 30 වන ස්ථානය දක්වාම මුදල් ත්‍යාග දිනාගන්නට අවස්ථාව තිබෙනවා. Android මෙන්ම iOS (Apple) දුරකතන තියෙන අයටත් මේ Game එක දාගන්න පුළුවන්. දිනකට රු. 5ක් (සහ අදාල බදු) අය කෙරෙනවා. වැඩි විස්තර සඳහා gamehero.lk වෙත පිවිසෙන්න.

බාගත කරගන්න: Android | iOS

Related Articles