Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබේ ජංගම දුරකථනයේ මැයි මාසයේ තිබිය යුතු ම apps 5ක්

කාලයත් එක්ක ම  ජංගම දුරකථනවල ඇතුළත් කරන ඇප්ස් වෙනස් වෙන්න පටන්ගෙන තියෙනවා. දැන් වෙද්දි ඉස්සර සාමන්‍ය දුරකථනයකට වඩා අපි ජංගම දුරකථනය එක්ක ගැටෙනවා වැඩියි. අපි අපගේ ජංගම දුරකථන උපරිම විදියට හා පලදායි විදියට භාවිත කරන්නෙ කොහොමද කියන එක ගැන අවධානය යොමු කරන්න ඕන කාලය ඇවිල්ලා. ඉතින් මේ ලිපිය හරහා අපි බලපොරොත්තු වෙන්නේ අන්න ඒ ගැන විස්තර ඔබට අරගෙන එන්න.

1.Unpluq 

ජංගම දුරකථනය කියන්නේ කොයිතරම් ප්‍රයෝජනවත් දෙයක් වුණත් අද වෙද්දී අපි බොහෝ දෙනෙක් මේකට ඇබ්බැහි වෙලා තියෙන බව නම් නොරහසක්.  බොහෝ දෙනකුගේ වැඩ පාඩු වෙන්න හෝ මග ඇරෙන්නත් ජංගම දුරකථනය කියන්නේ ලොකු හේතුවක් බව අද වැඩිහිටි සමාජය බොහෝවිට චෝදනා කරනවා. මේ චෝදනාවෙන් ගැලවෙන්න අපේ කාර්‍යක්ෂමතාව වැඩි කරගන්න හොඳ ම ඇප් එකක් තමයි Unplug කියන්නේ. මේ ඇප් එකට පුළුවන් ඔබේ ජංගම දුරකථන භාවිතය අනුව ඔබ distract කරන එහෙම නැති නම් ඔබේ අවධානය බිඳින apps සහ notifications හඳුනා ගන්න. ඒවගේ ම ඔබේ ඔබේ කාලයෙන් වැඩි වශයෙන් වෙන් කරන්නේ මොනවගේ ඇප් අතර සැරි සරන්නද කියන එකත් මේ ඇප් එකෙන් හඳුනා ගන්නවා. 

මේ කරුණ තේරුම් ගන්නත් වෙනස් කර ගන්නත් Unplug හරහා ඔබට පුළුවන්. මේ app එක ක්‍රියාත්මක කළ විගස ඔබේ අවධානය ජංගම දුරකථනය වෙත ඇද ගන්නා ඇප්ස් සහ notifications පෙන්වීම වලක්වා දමනවා. ඒවගේම ඔබට නැවත app එකේ lock එක අරිනතෙක්  apps බලන්න හැකියාවක් ලැබෙන්නේ නම් නැහැ.

මේකේ app ලොක් එක අරින්න තියෙන්නෙත් බොහොම අපුරු ආකාරයකට. ඔබට සිදු වෙනවා ඔබේ ජංගම දුරකථනය එක දිගට වේගයෙන් සොලවන්න.  ටික වෙලාවකින් ඔබට ඔබේ apps භාවිත කරන්න එයින් ඉඩ ලැබෙනවා. එහෙම නැති නම් මේ ඇප් එක ම ලබාදෙන තවත් පහසුකම් කිහිපයකුත් තිබෙනවා. මේවා අතරින් එකක් ඔබට තෝරාගන්න පුළුවන් ඇප් එක setup කරන අවස්ථාවේදී. තවත් මෙවැනි ම ඇප්ස් ගණනාවක් ඔබට ඔබේ දුරකථනයේ plAYSTORE හෝ ඇප්ස් STORE එකේදී නොමිලේ ම සොයාගන්නට පුළුවන් වෙනවා. ඇතැම් ආයතන ඒවා දුරකථනයේ ස්ථාපනය කොට ම එවනවා.

 කාර්‍යක්ෂමතාව වැඩි කරන Unpluq – play.google.com

2.Flat Equalizer – Bass Booster

ඕනෙම කෙනෙක් ආසයි  සින්දු අහද්දී එහි ගුණාත්මකභාවය වැඩි දියුණු කර ගන්න. අපි භාවිත කරන දුරකථන සමහරක් නම් එතරම් හොඳ speakers ඇතුළත් වෙන්නේ නැහැ. ලංකාවේ දැන් තියෙන තත්ත්වය එක්ක ඉතාම හොඳ මට්ටමේ ස්පීකර්ස් තියෙන දුරකථන අපිට මිලදී ගන්නත් ටිකක් අමාරුයි. මේ තියෙන්න ඔබට දුරකථනයේ music අත්දැකීම පැහැදිලි වෙනසකට ලක් කරන්න පුළුවන් app එකක්.  

Flat Equalizer – Bass Booster app එක download කරගෙන ඔයාට පුළුවන් සින්දුවක් speaker එකෙන් ප්ලේ වෙද්දී  සම්පුර්ණයෙන් ම සින්දුවේ අත්දැකීම වෙනස් කරගන්න. app එකේ ඔබට  පුළුවන් presets ප්‍රමාණයක් තියෙනවා. ඒවගේම ඔබ ම කැමති විදියට මේකේ තියෙන sound bars එහෙ මෙහෙ කරලා අවශ්‍ය විදිහට ඔයාගෙ ම preset එකක් ඔයාගේ phone එකට ගැළපෙන්න හදාගන්න පුළුවන් වෙනවා.

 music අත්දැකීම වෙනස් කරන Flat Equalizer – play.google.com

3.Microsoft Launcher 

 ඔයාලගේ android දුරකථනය පොඩ්ඩක් වෙනස් විදිහකට  හාවිතා කරන්න උත්සහ කරනවා නම් මේ තියෙන්නේ එකට හොඳ ම ක්‍රමවේදය. දුරකථන සමාගම් කාලෙන් කාලෙට android  phonesවල UI  එක වෙනස් කරන්න සහ පරිශිලකයන්ට වෙනස් වගේ ම අලුත් අත්දැකීමක් ලබා දෙන්න විවිධාකාරයේ වෙනස්කම් එකතු කරනවා ඒ විදිහට කාලයක් නොඉඳ ඉක්මනින් අපේ දුරකථනයේ පරිශීලක අත්දැකීම වෙනස් කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි Launcher එකක් භාවිත කිරීම. මේ අතරිනුත් තරමක් underrated launcher එකකක් තමයි Microsoft Launcher එක. Microsoft සමාගමෙන් ම නිකුත් කරන මේ Microsoft Launcher එක දාගෙන ඔබට අපුර්ව අත්දැකීමක් ගන්න වගේම වෙනස් විදියට icons shortcuts වගේ දේවල් වෙනස් කර ගන්නත් ඉඩ තියෙනවා.

 වෙනස් විදියකට phone එක පාවිච්චි කරන්න කැමති අයට –  play.google.com

 

4. Screenshot Flow 

මේ ලිපිය කියවන ඔබ තමයි බොහෝ විට ඔබේ පවුලේ IT සම්බන්ධ ව ඉන්න expert.  බොහො විට කෙනෙකුට මොනවා හරි දැනගන්න ඕනේ වුනාම කතා කරන්නේ ඔයාට. එයාලට සමහර වෙලාවක පියවරෙන් පියවර කියලා දෙන එක ටිකක් අපහසු වැඩක්. ඔන්න ඔය වැඩේ හරිම ලේසියෙන් කරගන්න පුළුවන් විදිහක් තමයි Screenshot Flow කියන්න. මේ app එක ඔයාට ඔයාගේ හිතවතුන්ට පියවරෙන් පියවර අවශ්‍ය screenshot සහ tap කරන්න අවශ්‍ය තැන සලකුණු කරන්න අවස්ථාව ලබා දෙනවා. ඒවගේම ලොකු diagram විදිහට අවශ්‍ය පියවර ටික ලබා ගන්නත් ඔබට පුළුවන් වෙනවා.

අවශ්‍ය screenshot පියවරෙන් පියවර – chrome.google.com

 

5.Antistalker 

ඔයාගේ දුරකථනයේ ආරක්ෂාව හොඳින් ම වැඩි කරගන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන තමයි මේ කියන්න යන්නේ. Antistalker කියන්නේ සම්පුර්ණයෙන් ම නොමිලේ download කරගන්න පුළුවන් app එකක්. ඔයාගේ ජංගම දුරකථනය හරහා ඔයාගෙ දත්ත හොරෙන් එකතු කරන apps වගේ දේවල් තියෙනවා නම් ඒ ගැන ඉතාම ඉක්මනින් මේ හරහා දැන ගන්න පුළුවන් වෙනවා. හිතන්න මොකක් හරි ඇප් එකක් ඔයාගේ කැමරා එක හරි මයික් එක හර්ෆි එහෙම නැති නම් location වගේ දෙයක් access කරන්න උත්සහ කරනවා නම් ඉතාම ඉක්මනින් මේ හරහා ඔයා ඒ ගැන දනුම්වත් කරනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ දත්ත ඔයාට හොරෙන් එකතු කරන අනෙක් apps ගැනත් මේ හරහා දැනුම්වත් කරනවා. android 12වලත් මේ හා සමාන පහසුකමක් එකතු වෙලා තියෙනවා. හැබැයි මේ app එක ඊට වඩා පහසුකම්වලින් වැඩි බව කියන්න පුළුවන්.

දුරකථනයේ ආරක්ෂාව හොඳින්ම වැඩි කරන Antistalker – mallocprivacy.com

 

ඔයාගේ දත්ත අනවසරයෙන් අරගන්න app එකක් හමුවුණොත් මේ ඇප් එකේ තියෙන විශේෂත්වය තමයි මොනවද ඒ app එක ඔබෙන් ගත්ත data සහ ඒ දත්ත කොහෙටද යැවුණේ කියන එක ඉතා ම පහසුවෙන් හොයා ගන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ app එක ඔයාට ලබාදෙන දත්ත ඇතුළේ ඔයාගේ දත්ත හොරකම් කරපු IP ලිපිනය ගබඩා වන සර්වර් එක ගැන විස්තර වගේ ම අදාළ රටත් ඔයාට දැන ගන්න මේ හරහා පුළුවන් වෙනවා.ඔයාගේ හොරකම් කරන දත්ත මේ  appsවල නිර්මාණකරුවන් භාවිත කරන්නේ මොනවගේ අරමුණු වලට ද කියන එකත් මේ හරහා ඔබ දැනුම්වත් කෙරෙනවා.

කවරයේ ඡායාරූපය - inews.co.uk

මූලාශ්‍ර:

Youtube.com 

Play.google.com 

Related Articles