Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඩොලර් තුනට හම්බවෙන්න යන Netflix?

අතීතයේ රූපවාහිනිය සහ ගුවන් විදුලිය අතිශය ජනප්‍රිය සන්නිවේදන මාධ්‍යයන්. නමුත් තොරතුරු තාක්ෂණ පෙරළිය සමග නිර්මාණය වුණු අන්තර්ජාලය සහ smart උපාංග නිසාවෙන් අද වෙනකොට රුපවාහිනී සහ ගුවන් විදුලි තරමක් දුරට අභාවයට යමින් තියෙනවා කිව්වොත් නිවැරදි. එකට මූලික හේතුව බවට online streaming services. පසුගිය ලිපිවල දී අපි online streaming සේවාවන් කිහිපයක් පිළිබඳව කතාකළා ඔබට මතක ඇති. Netflix  කියන්නෙත් ලෝකයේ අතිශයින් සුප්‍රසිද්ධ video streaming සේවාවක්. Netflix සමාගම ඔවුන්ගේ නවතම subscription plan එක මසකට ඇමරිකානු ඩොලර් 3ක පමණ මුදලකට ($3.63) තෝරාගත් රටවල් කිහිපයකට ලබාදෙන්න පසුගිය දවසක තීරණය කළා. ඉන්දියාව කියන්නෙත් තෝරාගත් එක රටක්.

මේ වෙනකොට ඉන්දියාවට Netflix මාසික සැලසුම සඳහා වැයවෙන මුදල ඇමරිකානු ඩොලර්  $7.27 පමණ වෙනවා. මෙයින් හරි අඩකට පමණ මුදලකට තමයි මේ හඳුන්වා දීමට නියමිත නව සැලසුම ක්‍රියාත්මක වෙන්නේ. මෙය mobile plan එකක් ලෙසින් තමයි ඔවුන් හඳුන්වාදීමට තීරණය කර තිබෙන්නේ. The Verge වෙබ් අඩවියට ඔවුන් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුනේ Netflix සේවාව සමාජය තුළ වඩාත් ප්‍රචලිත කරමින්, පරිශීලකයන් වැඩි ප්‍රමානයකට සේවාව ලබාගත හැකි වන පරිදි විවිධ ජනමට්ටම් සහ විවිධ තෝරාගත් කලාපයන් ආශ්‍රිතව මෙවැනි කෙටිකාලින සැලසුම් හඳුන්වාදීම ඔවුන්ගේ අරමුණ බව යි. මේ හරහා ජනතාව වෙත මෙවැනි සේවාවන් හඳුන්වාදීම ඔවුන්ගේ එක අරමුණක් බවට පත්ව තිබෙනවා. බොහෝවිට ඉදිරි කාලය තුළ දී නෙට්ෆ්ලික්ස් සමාගම මඟින් සතිපතා ගෙවීම් සිදු කළ හැකි weekly හෝ දෙසතියකට වරක් ගෙවීම් කළ හැකි biweekly subscriptions හඳුන්වා දේවි. ඉන්දියාවේ අන්තර්ජාලය සඳහා වැයවෙන මුදල ඉතාම අඩු නිසාවෙන් ඉන්දියාවේ අන්තර්ජාල පහසුකම් ඇති ජනතාව online content කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව variety.com වෙබ් අඩවිය සඳහන් කර තිබුණා. මේ නිසාවෙන් බොහෝවිට මෙවැනි සැලසුම් අත්හදාබැලිමට බොහොමයක් සමාගම් තෝරාගන්නා රටක් බවට ඉන්දියාව පත්ව තිබෙනවා.

මෙය පරීක්ෂණයක් පමණක් නිසාවෙන් දීර්ඝකාලීන සැලසුමක් නොවන වගත් සඳහන් කළ යුතු යි. ඉන්දියාව හැරුණු විට මේ ගෙවීම් සැලසුම ක්‍රියාත්මක වෙන අනෙක් රටවල් පිළිබඳව නෙට්ෆ්ලික්ස් සමාගම නිල වශයෙන් කිසිදු සඳහනක් කර නැහැ.

අඩු මුදලට Netflix subscription plan – variety.com

Netflix උපසභාපතිවරයෙකු වන ටොඩ් යෙලින් පසුගිය දිනෙක ඉන්දියාවේ මුම්බායි නුවර පැවැත්වූ ප්‍රධාන දේශනයක් අතරතුර දී ඔවුන් සතුව streaming සේවාවන්වල අනාගතය පිළිබඳ සැලසුම් වගේම, ඉන්දියාව ආශ්‍රිත කරගෙන නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන නෙට්ෆ්ලික්ස් කතාමාලාවන් පිළිබඳවත් සඳහන් කළා. ඉන්දියාව ආශ්‍රිතව නිර්මාණය වූ Sacred Games නම් කතා මාලාවේ සාර්ථකත්වය පිළිබඳව වගේම ඒ වෙත ලෝකය පුරාම රසිකයන් ආකර්ෂණය කර ගන්න හැකි වීම පිළිබඳවත් සඳහන් කළා.

මේ හා සමානවම ඉන්දියාව ආශ්‍රිතව Hotstar සමාගමත් $5.30 වැනි අඩු මිලකට ඔවුන්ගේ සේවාව ලබා ගැනීමේ හැකියාව පසුගිය දිනෙක ලබා දීමට තීරණය කළා. ඒ වගේම Spotify සමාගමත් පසුගිය දිනෙක ඔවුන්ගේ සේවාව ඉන්දියාව වෙත නිකුත් කළා. නමුත් ලංකාවේ අන්තර්ජාල සඳහා වැයවෙන අධික මුදල නිසාවෙන් මෙවැනි සේවා ලබා දුන්නත් අප බොහෝ දෙනෙකුට ඒවා සිත්සේ භාවිතා කරන්නට හැකිවේ ද යන්න සැකසහිත යි.

මූලාශ්‍රයයන්:

Theverge.com

Variety.com

Studybreaks.com

Cover: Studybreaks.com

Related Articles