Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අප්‍රසිද්ධ නමුත් වැදගත් විය හැකි ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් (Apps) කිහිපයක්

මේ ලිපිය ඔබ වෙත ගෙන එන්නේ ඩයලොග් වෙතිනි.

අළුතෙන් දුරකථනයක් ගත්තාම ඒක පිරෙන්න පෙරනිමි වශයෙන්ම අපිට යෙදුම් සියයක් විතර ලැබෙනවා. ඉතින් අපි ඒ බොහෝ ඒවාට නිතැතින්ම පුරුදු වෙනවා වගේම පරිගණකයේත් භාවිතා කරන ලද දන්නා කියන ඇප්ස් නම් අනිවාර්යයෙන්ම ඒවාත් දුරකථනයේ ස්ථාපනය කර ගන්නවා.

ඒත් අපි නොදන්නා ඇප්ස් සියදහස් ගණනක් යෙදුම් ගබඩාවේ තිබෙනවා. ඒවා ඇතැම් විට අපි මෙතෙක් භාවිතා කළ ලබා ඇති පහසුකම්වලට වඩා අගනා දේවල් ගෙන එනවා වෙන්නට පුළුවන් නමුත් මේ තියෙන හැම එකක්ම උත්සාහ කරලා බලන්නට කාලය සහ මොබයිල් දත්ත නැහැ. අනෙක, ඇතැම්වායේ ඇති වෛරස අවධානම නිසා නොදන්නා යෙදුම් හැම එකක්ම ස්ථාපනය කර ගැනීම නුවණට හුරු නැහැ.

ගූගල් මේ වන විට අන්තර්ජාලය යන්නට සමාන පදයක්වී හමාරයි. ඔබට කිසියම් හෝ ප්‍ර‍ශ්ණයක් ආවාද, ඊට පිළිතුරක් සැණෙකින් සොයා දෙන්නට එයට පුළුවන්. ඔබට යන්නට අවශ්‍ය කොතැනටද, ගූගල් මැප්ස් ඒ ගැන සීයා කෙනෙක් වගේ දන්නවා. ඉතින් අපි දන්නා කියන මේ දෙවියන් මෙන් අදහන, ෂුවර් මනුස්සයාගෙ වැඩිය ප්‍ර‍සිද්ධියක් නැති නමුත් බලසම්පන්න ඇප්ස් රැසක් තිබෙනවා. අන්න ඒවා ගැන ඔබව දැනුවත් කරන්නයි අද සූදානම.

1. Google Fit

(netdna-cdn.com)

(netdna-cdn.com)

කාර්යබහුල ලෝකයේ හැම කෙනෙක්ම පාහේ තමන්ගේ ශරීර සුවතාව ගැන වධ වෙනවා. හැමදාම ජිම් යන්න ඕන, ජොගිං කරන්න ඕන කියලා හිත හිතා හිටියත් ඒක මතක් වෙන්නේ කණ්ණාඩියෙන් බඩේ තරම දැක්කාම සහ වාහනයකට නැග්ගාම වාහනේ පහත් වෙලා බිම ගැවෙන්න ගියාම තමයි. කොහොම හරි ශරීර සුවතා ව්‍යායාම ආදිය කරන්නට ගියත් ඒවා කොතරම් කෙරෙනවාද යන්න බලා ගැනීම සඳහා ඒ සඳහා ම වූ අත්පටියක් හෝ උපකරණයක් මිළදී ගන්නට සිදුවෙනවා. ඒත් මේ ගූගල් ෆිට් යෙදුමට නම් ඔබ එදිනෙදා ඇවිදින ප්‍ර‍මාණය, දුවන ප්‍ර‍මාණය ආදිය ඔබේ දුරකථනයේම සිට වාර්තාගත කිරීමේ හැකියාව තිබෙනවා.

ඔබට අවශ්‍ය පරිදි ඉලක්කයන්ද සැකසිය හැකි නිසා දවසකට, සතියකට හෝ මාසයකට ආදී වශයෙන් කිසියම් කාල පරාසයකදී කිසියම් ක්‍රියාකාරකමක් සකසන ලද කාල ප්‍ර‍මාණයක් තුළ කළ යුතුයැයි ඊට ලබාදිය හැකියි. ඉන් පසු එය නිතරම ඒ ගැන ඔබට සිහිකැඳවීම් කරන අතර ඔබ ඒවායේ නිරත වීමේදී දිරිගැන්වීමේ වැකි ද පවසනවා. ඒ අතරතුර ඔබ දක්වන ලද චලනයන් සම්බන්ධ සියළු දත්ත එය රැස් කරගන්නවා.

මෙසේ සටහන් තබාගන්නා ලද දත්ත ඔබට සජීවීව මෙන් ම දවස අවසානයේ ප්‍ර‍ස්ථාර ආදිය ද සමඟ නැරඹිය හැකි අතර එම දත්ත ඔබේ ගූගල් ගිණුම සමඟ සම්බන්ධව තිබීම ඉතා වැදගත් වෙනවා. මන්ද, එවිට ඔබ වෙනත් දුරකථනයක් මිළදී ගත්ත ද පැරණි දත්ත එලෙසින් ම එහිදීද බලාගත හැකි නිසා යි. සැම්සුන්ග් දුරකථන සමඟ ලැබෙන S Health යෙදුමේ ද මෙම ක්‍රියාකාරීත්වය ම තිබෙනවා.

2. Google Keep

(apkpl.us)

(apkpl.us)

තාක්‍ෂණික ලෝකයේ ඉන්නා ඔබ තවමත් ගෙදරට අවශ්‍ය බඩු ලැයිස්තුව, අමතක වෙනවාට ලියා ගන්නා අනිකුත් සටහන් ආදිය සඳහා කොළ කැබලි භාවිතා කර සාක්කු, මේසය සහ පරිගණක තිරය වටේ කොටස පුරවාගෙන ඉන්නවා නම් ගූගල් දෙයියාගේ නාමයෙන් දැන් ඒවා ගලවා විසිකරන්නට පුළුවන්. අනෙක, ඒවා ලියලා තබා ගත්තාට ලියපු කොළේ බලන්න කියලා මතක් වෙන්න තවත් කොළයක් ලියාගන්න වෙනවානෙ. නමුත්, ගූගල් කීප් ලෙස නම් කර ඇති මෙම සටහන් තබා ගැනුම් යෙදුමෙහි ඔබට කරන ලදැයි හරි ලකුණු දැමිය හැකි ලැයිස්තු, නිදහස් සටහන් සහ සටහන් සඳහා සිහි කැඳවුම් එක් කරන්නට හැකි නිසා ලියා තැබූ දෙයක් අමතකව යාමක් කිසි විටෙකත් සිදු වන්නේ නැහැ.

මෙහි කටහඬ හරහා ද ඉංග්‍රීසි බසින් සටහන් තැබිය හැකි මෙන්ම චිත්‍ර‍ක සටහන් තබන්නටත් පුළුවන්. එනිසා කම්මැලි විටෙකදී චිත්‍ර‍ අඳිමින් ඉන්නත් පුළුවන්. එසේ ම මෙලෙස තබාගන්නා සටහන් පරිගණකය හරහා ද keep.google.com වෙබ් සේවාව හරහා ද බැලිය හැකි නිසා ඔබේ සියළු උපාංග හරහා ඔබ තැබූ සටහන්වලට පිවිසුම් හැකියාව ලැබෙනවා. මේවා යහළුවන් සමග බෙදා හදා ගන්නට ද හැකියි.

3. YouTube Kids

(nimblechapps.com)

(nimblechapps.com)

ඉස්සර කාලේ අවුරුදු තුනක් හතරක් වෙද්දී අපි නම් බිම තියෙන ජාති ඇහිඳගෙන කන්න, අම්මාගේ අතේ එල්ලි එල්ලී කිරි ටිකක් ඉල්ලගන්න වලි කෑවත් දැන් ඉන්න දරුවන්ට නම් ටැබ් එකක්, ෆෝන් එකක් අතට දුන්නාම ඕනෑ තරම් කවන්න විතරක් නෙවෙයි නාවලා වේලෙන්න වැලේ දැම්මත් මෙලෝ සිහියක් නැතිව ඒක ඔබ ඔබා ගේම් ගහන්නයි, වීඩියෝ බලන්නයි පුරුදු වෙලා ඉන්නවා. එහෙත් මේ ආකාරයෙන් අන්තර්ජාල පිවිසුම් පාලනයකින් තොරව දරුවන්ට ලැබුණොත් ඔවුන් නොදැනුවත්කම නිසා මත්ද්‍ර‍ව්‍ය, කාමය ආදී අනවශ්‍ය පැතිවලට යොමුවීමේ අවධානමක් තිබෙනවා.

සාමාන්‍යයෙන් යූ ටියුබ් එක අපේ කලාපයේ වැඩිපුරම නරඹන ලද වීඩියෝ අපටද බලන්නැයි යෝජනා කරමින් මුල් පිටුවේම දැක්වූවත් ඉන් බොහෝ ඒවා දැක්කාම අපේ අය බලන්නේ මේ වීඩියෝදැයි කළකිරීමකුත් එනවා. අපි කොහොම නමුත් දරුවෙකුට යූටියුබ් ඇප් එක භාවිතා කරන්නට දෙනවා නම් මේ වගේ අනවශ්‍ය දේවල් ඔවුන්ගෙන් ඈත් කර තබා සුන්දර මනසක් සහිතව පූර්ව ළමාවිය ගොඩනගා ගන්නට අපිට ඔවුන්ට උපකාර වන්නට පුළුවන්. එවිට යහපත් ආකල්ප සහ චර්යා වලින් යුතු දරු පරපුරක් රටට දායාද වේවි.

මෙම යූටියුබ් කිඩ්ස් යෙදුම සම්පූර්ණයෙන් ම දරුවන් වෙනුවෙන් නිපදවා ඇති අතර එහි පෙන්වන්නේද විවිධ වයස් කාණ්ඩයන් සඳහා සුදුසු සළරූ පමණයි. එනිසා ඔබ දුරකථනය දරුවා අතට දී වෙනත් අවධානයක සිටියදී ඔවුන් නරඹන්නේ කුමක්ද යන්න පිළිබඳව ඔබට වධ වෙන්නට අවශ්‍ය නැහැ. මෙහි කොටු දැමීම් ආදී ප්‍රයෝගද අඩංගු කර ඇති නිසා යම් හෙයකින් හෝ කාටූන් වීඩියෝවක නුසුදුසු දසුනක් තිබුණහොත් ඒවාද ස්වයංක්‍රීයව ඉවත් කර දමන අතර ඔවුන්ට Search කර වීඩියෝ බැලිය හැකිද නැත්ද යන්න ඔබට පාලනය කිරීමට අවස්ථාව ලබා දෙනවා.

4. Google Goggles

ඔබ කුතුහලයෙන් ඔද වැඩුණු කෙනෙක් නම් ගූගල් ගොග්ල්ස් නිපදවා ඇත්තේ ඔබ වෙනුවෙන්මයි. කිසියම් නොදන්නා ඡායාරූපයක් වැනි යමක් දුටු විට ඒ පිළිබඳව විස්තර දැනගන්නට ළඟ කිසිවකුත් නොමැති නම් ඒ ගැන පූර්ණ විස්තරයක් ලබා දෙන්නට මේ යෙදුම සමත් වෙනවා.

ඔබ කිසියම් මංසලකුණක්, චිත්‍ර‍යක්, ස්ථානයක්, ප්‍ර‍සිද්ධ පින්තූරයක් හෝ QR/Bar කේතයක් දුටු විට කළ යුත්තේ මේ යෙදුම විවෘත කර එහි කැමරාවෙන් ඡායාරූපයක් ගැනීම පමණයි. එය ඔබ ගත් ඡායාරූපය විශ්ලේෂණය කරමින් සොයා බලා ඒ පිළිබඳව ඔබට විස්තර කියනවා. එසේම කිසියම් ඉංග්‍රීසි, ජපන්, හින්දි වැනි විදෙස් භාෂාවක් ඇති අකුරු පේළියක පරිවර්තනය ලබා ගන්නට, පොතක ඇති යමක් නම් ඒ අකුරු කොපි කරගත හැකි ආකාරයට පත්කරගැනීමට ද මෙය දක්වන්නේ පුදුමාකාර සහයෝගයක්.

5. Dialog ViU

Dialog ViU

ඩයලොග් වියු ලෙසින් ඩයලොග් වෙතින් හඳුන්වාදී ඇති මේ යෙදුම භාවිතයෙන් ඔබට ඕනෑම වෙලාවක, ඕනෑම තැනක සිට විනෝදාත්මක, ක්‍රීඩා ආශ්‍රිත, අධ්‍යාපනික වගේම එදිනෙදා දිවියට සම්බන්ධ රුපවාහිනී මාධ්‍ය නරඹන්නට අවස්ථාව සලසාදී තිබෙනවා.

යෙදුමට පිවිසීමෙන් පසු ඔබට කරන්නට ඉතුරුව තියෙන්නේ ඔබේ අවශ්‍යතාවයට අදාළ මාධ්‍ය අයිකනය එබීම පමණයි.

 

 

ඔබ භාවිතා කරන මෙවන් අප්‍ර‍සිද්ධ නමුත් ඵලදායී යෙදුම් කිසිවක් තිබෙනවා ද? අපිටත් ඒ ගැන කියන්න.

ඩයලොග් - ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි සංදේශ සේවාදායකයා.

ඩයලොග් – ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි සංදේශ සේවාදායකයා.

කවරයේ පින්තූරය: alphr.com

Related Articles