Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෙදර Plan එක ඇඳගන්න වෙබ් අඩවි 5ක්

ඔබේ සිහින නිවහන වෙනත් කෙනෙක් ලවා කරගන්නවා වෙනුවට තමන්ම එය සැලසුම් කරගැනීම මඟින් වැඩි තෘප්තියක් ලබන්නට හැකි වෙනවා. කිසිදු මෘදුකාංගයක් ස්ථාපනය කිරීමෙන් ‍‍හෝ AutoCAD පිළිබඳ දැනුමකින් තොරව ඉතාම පහසුවෙන් නොමිලේම ප්ලෑන් අඳින්න පුළුවන් Web tools ටිකකුයි මේ.

Planning Wiz

ත්‍රිමාණ ව්‍යුහය දැකගත හැකියි

භාවිතයට පහසු අතුරුමුහුණතක් සමග නොමිලේ පහසුකම් රැසක් ගෙන එන Planning Wiz වෙබ් අඩවිය 2D මෙන්ම 3D ආකාරයට ද ඔබේ නිවස සැලසුම් කරගන්නට අවස්ථාව සලසනවා. මෙහි ලියාපදිංචි වීමට අවශ්‍ය වන්නේ ඊමේල් ලිපිනය යි.

ඔබට වඩාත් හුරු 2D ආකෘති සැකසීම නම්, එහි Grid එක මත ඇඳීම අරඹන්නට පුළුවන්. අවසානයේ ඉහළ මෙනු තීරයෙන් 3D View යටතේ ඇති View බොත්තම ක්ලික් කර ත්‍රිමාණ ආකෘතියක් බවට පත් කරගත හැකියි. අවශ්‍ය නම් එලෙස පවතිද්දීම දොර, ජනෙල්, ගෘහ භාණ්ඩ, කාර් රථ, එළිමහනේ තබන කුඩ වැනි දෑ ද එකතු කරගෙන සත්‍යරූපීවම නිවාස සැලැස්ම ගොඩනගා ගන්නට ඔබට පුළුවන්.

මෙහි වම් පස මෙනුවේ යටින් ඇති තෙවැනි බොත්තමින් පෙර සැකසූ බිම් සැලැස්මක් ගෙන එහි වෙනස්කම් කරන්නට ද අවස්ථාව සලසනවා. සියල්ල අවසානයේ අයිකන සහිත ඉහළ මෙනුවෙන් Export බොත්තම ක්ලික් කර 800×600 උපරිමයක් දක්වා PNG, JPG මෙන්ම PDF ලෙස පවා Save කරගන්නට හැකියි.

පිවිසෙන්න: planningwiz.com 

Visual Paradigm

Floor Plan යටතින් කැමති එකක් තෝරාගන්න

‍Visual Paradigm කියන්නේ ඇත්තටම Floor plan පමණක් නොව Flow charts පවා ඇඳීමට අවස්ථාව සලසන Web tool එකක්. එහි ලියාපදිංචි වීමෙන් පසුව අපට අවශ්‍ය Diagram එකක් ද නැත්නම් Form එකක් සැකසීමට ද යැයි විමසන අතර, මෙහි දී අප සැරසෙන්නේ බිම් සැලැස්මක් සැකසීම සඳහා නිසා Diagram තෝරන්න.

එවිට Templates විශාල ප්‍රමාණයක් ලැයිස්තුගත වන අතර එහි පහළට යද්දී Home Office, Living Room ආදී ලෙස නිවාස සැලසුම් ද දකින්නට ලැබෙනවා. නැතහොත් වම්පස Floor Plan යටතේ ඇති එකකින් ඔබට අවශ්‍ය සැලැස්ම තෝරා ක්ලික් කර, ඔබේ නිර්මාණශීලීත්වය කොළය පුරා දිග හරින්න.

වම්පසින් මෙනුවෙන් දොරවල්, බිත්ති, ෆෑන් ආදිය තෝරන්නටත් ඉහළ මෙනුවෙන් වර්ණ ගැන්වීම් සහ දකුණුපස මෙනුවෙන් Layer වෙනස් කිරීමත් කළ හැකි අතර අවසානයේ, File මෙනුවෙන් Export As හරහා PNG, JPG, SVG හෝ PDF ලෙස ද ද්විමාන ආකෘතිය Save කරගන්නට පුළුවන්.

පිවිසෙන්න: online.visual-paradigm.com

Floorplanner

Wizard එක මඟින් සකසා ගත් සැලැස්මක්

ද්විමාන සැලසුම්කරණය ගැන වැඩි දැනුමක් නැති කෙනෙක්ට පවා ඉතාම පහසුවෙන් සැලසුමක් සකස් කර දෙන්නට Floorplanner වෙබ් අඩවිය සමත් වෙනවා. එහි ලියාපදිංචි වීමෙන් අනතුරුව එළඹෙන පිටුවේ ඉහළ ඇති නිල් පැහැති Create Project බොත්තම ඔස්සේ නව සැලැස්මක් විවෘත කරගත හැකියි.

එහි දී අපිට මුල සිටම සැකසීම හෝ Wizard එකක් හරහා සැකසීමට අවශ්‍යදැ යි අසනවා. එම Wizard එකෙන් අපි සැලසුම් කරන කාමරයේ හැඩය, ප්‍රමාණය, භාණ්ඩ ස්ථානගත කිරීම් ආදිය සකසන්නට පුළුවන්. Room layout අදියරේ ඇති Magic layout බොත්තම අපි සකසන කාමරය ආහාර ගන්නා තැනක් හෝ නැත්ද යන්න මත ස්වයංක්‍රීයව සකසා දෙන නිසා ඉතාම පහසු යි. ‍ඒවා Load වීමට ටිකක් කල් ගත වන නිසා Click කිරීමෙන් පසු මඳක් රැ‍ඳී සිටින්නට සිදුවෙනවා. අවසාන අදියරේ දී සම්පූර්ණ කරන ලද කාමරය අපිට ත්‍රිමාණව දැකගන්නට අවස්ථාව සලසන අතර ත්‍රිමාණ ඡායාරූපය Export කරගන්නට ද අවස්ථාව සලසනවා. තවදුරටත් වෙනස්කම් කරන්නට අවශ්‍ය නම් Start බොත්තමින් Edit mode එකට පිවිසෙන්නට ද හැකියි.

පිවිසෙන්න: floorplanner.com

Floor Plan Creator

මිනුම් පැහැදිලිව දක්වයි

නොමිලේ එක් Project එකක් පමණක් සකසා ගන්නට ඉඩ දෙන Floor Plan Creator වෙබ් අඩවිය සතුව ද ද්විමාන බිම් සැලසුම් ඇඳීම ඉතා පහසුවෙන් කරන්නට පුළුවන්. හැඩ සහිත බිත්ති, ජනෙල් දොරවල්, පඩිපෙල ඇතුළු ගෘහ නිර්මාණයන්ට අවශ්‍ය සියලු පහසුකම් එය සපයන අතර සකසා ගත් සැලැස්ම ත්‍රිමාණ ආකෘතියෙන් බලන්නට ද අවස්ථාව තිබෙනවා.

බිත්තිවල ඝනකම, දිග හා පළල ආදිය මිනුම් සහිතව දක්වන අතර පහසුවෙන් ඒවා Drag කරමින් අපට අවශ්‍ය ආකාරයට සකසා ගන්නට හැකියාව තිබෙනවා. සියල්ල අවසානයේ වම් පස මෙනුවෙන් Share ක්ලික් කර PNG, JPG, PDF මෙන්ම AutoCad (.dxf) ආකාරයට ද Save කරගන්නට පුළුවන්.

පිවිසෙන්න: floorplancreator.net

Planner 5D

ත්‍රිමාණව දකිමින් වෙනස්කම් කරගත හැකියි

වෙබ් අඩවියක් ලෙස මෙන්ම Google Play Store හි Editor’s Choice වෙත ද හිමිකම් කියන ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ලෙසත් iOS app එකක් ලෙසත් භාවිතා කළ හැකි මෙය Planning Wizවලට බොහෝ දුරට සමාන අතුරුමුහුණතක් සහ විශේෂාංග ප්‍රමාණයක් දරනවා. මෙහි කටයුතු කිරීමට ලියාපදිංචි වෙන්නට අවශ්‍ය නොවීම විශේෂත්වයක්. ඔබ සතුව දැනට බිම් සැලැස්මක් තිබෙනවා නම් එය Upload කර කෘත්‍රීම බුද්ධිය භාවිතයෙන් එය ත්‍රිමාණ අනුරුවක් බවට පත් කරගන්නටත් හැකියි.

Templates මඟින් එකක් තෝරාගැනීම හෝ අලුතින්ම සැලැසුමක් සකසන්නට හැකි අතර වම්පස මෙනුවෙන් බිත්ති, ගෘහ භාණ්ඩ, කාර් රථ ආදිය ඇතුළත් කරන්නට පුළුවන්. ද්විමාන ආකාරයෙන් මෙන්ම ත්‍රිමාණ ආකෘතිය වෙත ද ඒවා එක් කළ හැකි නිසා ඔබට පහසුවෙන්ම ඔබේ සිතේ ඇඳුණු සැලැස්ම පරිගණක තිරය හරහා මෙලොවට බිහි කරන්නට හැකි වෙනවා.

පිවිසෙන්න: planner5d.com

ඔබේ නිවස හදද්දී ඒ වෙනුවෙන් කරන්න ඉන්න විශේෂ සැකසුම් මොනවා ද?

Related Articles