Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 අලුත් වෙන පරණ වෙබ් බ්‍රවුසර

2019 වසර තාක්ෂණික ලෝකයේ විශාල පෙරළි ගණනාවක් සිදු වෙන්ට නියමිත වසරක් ලෙසින් හැඳින්වුවොත් එහි වරදක් නම් නැහැ. මේ වසරේ ගෙවුණු කෙටි කාලය ඇතුළත සිදුවූ බොහෝ දේ පිළිබඳ තොරතුරු අප ඔබ වෙත ගෙන ආවා. මේ කියන්න යන්නේ නව වසරත් සමගින් අලුත් වෙන, වෙනස් වෙන වෙබ් බ්‍රවුසර (web browser) පිළිබඳව යි. අපට අන්තර්ජාලයේ සැරිසරන්න පහසු කරවන web browser 21 වෙනි සියවසේ ජීවත් වෙන බොහෝ දෙනෙකුට නුහුරු දෙයක් නෙවෙයි. කාලයෙන් කාලයට විවිධ, අලුත් පහසුකම් එකතු කරමින් මේ web browsers වෙනස් මුහුණුවරක් ගන්නවා. ආරක්ෂාව, සහ පරිශීලක කැමැත්ත මත නව සංස්කරණයන් වෙත විවිධ අංගයන් එකතු කරන්නත් ඔවුන් කටයුතු කරනවා .

Reborn වෙන Opera web browser එක

1995 වසරේ Opera Software AS සමාගම මඟින් නිකුත් කළ opera web browser එක ඔබ හොඳින් දන්නා web browser එකක්. මෙහි නවතම සංස්කරණය සහ එහි එන නව විශේෂාංගයන් පිළිබඳව ඔවුන්ගේ නිල බ්ලොග් අඩවියේ සටහනක් තබා තිබුණා. ඔවුන් මේ නවතම සංස්කරණය හඳුන්වා තිබෙන්නේ R3 (Reborn 3) නමින්. නවතම අංගයන් රාශියකින් සහ නව අතුරු මුහුණතක් සමගින් මෙය ඉතාම ඉක්මනින් නිකුත් වීමට නියමිත යි. මේ වන විටත් මෙහි developer සංස්කරණය නිකුත් කර අවසාන යි. තවමත් පරීක්ෂණ මට්ටමේ තිබෙන මෙහි සමහර අංගයන් ඔබේ අන්තර්ජාල අත්දැකීම නවමු මානයකට රැගෙන යාමට සමත් වෙයි කියල යි ඔවුන් විශ්වාස කරන්නේ. මේ වන විටත් Web Browser Market Shareවලින් 2.91%ක් පමණ හිමිව තිබෙන්නේ opera සමාගම වෙත යි. ඔවුන්ට අනුව මේ නව Web Browser එක හරහා වඩාත් ඉක්මනින් සහ වේගවත්ව අන්තර්ජාලයේ සැරිසරන්නට හැකියාව ලැබේවි. ඒ වගේම මෙයට නව dark theme පහසුකමක් ද එකතු වන්නට නියමිත යි. නව toolbar area එක ඇතුළත නව අංගයන් ගණනාවකුත් ඇතුළත් කිරීමට ඔවුන් සුදානමින් සිටිනවා.

Reborn වෙන නව මුහුණුවර – blogs.opera.com

පසුගිය දිනෙක වසරේ Opera Browser (android version) එකට ethereum tokens සමග ගනුදෙනු කළ හැකි cryptocurrency wallet එකක් එකතු කරන්න සමාගම කටයුතු කළා. මේ නව Reborn වීම සමග ඒ පහසු කම පරිගණකය සමග සම්බන්ධ කර ගැනීමටත් අවස්ථාව ලබා දෙන්නට opera සමාගම සුදානම් වෙනවා.

ඔවුන්ගේ ජංගම දුරකථන වෙත ලබාදෙන opera සංස්කරණය සමග ඔවුන් පෙර නවතා දැමුණු opera VPN පහසුකම යළි ලබා දීමත් සිදු වුණා.

Never Slow වෙන google chrome?

google සමාගමේ නිල web browser එක – pixabay.com

2008 වසරේ google සමාගමේ නිල web browser එක ලෙසින් නිකුත් වුණ google chrome අද වෙනකොට ලෝකයේ වැඩිම දෙනෙක් භාවිතා කරන web browser එක බවට පත්වී තියෙනවා. Web browser market share එකෙන් 70%කට පමණ හිමිකම් කියන්නේ google chrome. කොතරම් ජනප්‍රිය  වුණත් මෙය device එකේ memory, processing power, battery power අධිකව භාවිතා කරන resource hungry web browser එකක් ලෙසින් කා අතරත් කුප්‍රකට යි. වසර ගණනාවක් තිස්සේ web browser එකට ආදරය කරන බොහෝ දෙනෙක් මේ ගැන මැසිවිලි නැගුවත් ඒ පිළිබඳව කිසිවක් කරන්නට සමාගම ක්‍රියා කළේ නැහැ. නමුත් දැන් Chromium Gerrit (Chromium ව්‍යාපෘතිය) සම්බන්ධව නිකුත් කරන ලද commit එකක මේ පිළිබඳව සඳහනක් තිබෙනවා. කෙසේ වෙතත් තවමත් development stage එකේ පවතින මෙම පහසුකම, ජනතාවට නිකුත් කෙරෙන public version එකට ලබා දීමට තවත් කාලයක් ගතවනු ඇති බව තමයි බොහෝ දෙනෙකුගේ මතය. Chrome Canary හෝ Beta සංස්කරණයක් භාවිතා කරනවා නම් ඔබට මෙම පහසුකම් අත් විඳින්නට හැකියාව ලැබේවි. ඒ වගේම අලුතින් මේ වෙබ් අතිරික්සුවට වෙත dark mode එකකුත් හඳුන්වා දීමට නියමිත යි. එය ස්ථායී ලෙසින් පැමිණෙන තෙක් දැනට ඔබට ඒ වෙනුවට theme එකක් යොදා ගන්නට හැකියාව තියෙනවා.

ඒ වගේම Chrome භාවිතා කරන ඕනෑම device එකකින් browser history එක ඔබගේ සෑම Windows 10 device එකකම Timeline එකත් සමග sync වෙන ආකාරයේ extension එකකුත් Microsoft සමාගම නිකුත් කරලා තියෙනවා.  

Do Not Track පහසුකම ඉවත් කළ Safari Browser එක

අන්තර්ජාලයේ දී ප්‍රවේශම් විය යුතු ආකාරය ගැන ලිපි ගණනාවක දී ඔබව දැනුවත් කළා. ඔබ safari වෙබ් browser එක භාවිතා කරන පුද්ගලයෙක් නම් එහි තිබූ Do Not Track පහසුකම පිළිබඳව හොඳින් දන්නවා ඇති. පසුගිය දිනක දී apple සමාගම මෙම පහසුකම ඉවත් කරන්නට තීරණය කළා. මේ option එක මඟින් සිදු වන්නේ track වීම block වීමක් නෙවෙයි, අදාළ පරිශීලකයා track නොකරන ලෙස වෙබ් අඩවිවලට පණිවිඩයක් ලබා දීම පමණ යි. නමුත් බොහෝ වෙබ් අඩවි එය පිලි නොගෙන සිතැඟි පරිදි පරිශීලකයා track කරන බව ප්‍රසිද්ධ රහසක්. iOS 12.2 වල සිට ජංගම දුරකථන සඳහාත්, macOS 12.14.4 beta සිට පරිගණක සඳහාත් මෙම පහසුකම ඉවත් කිරීමට ඔවුන් තීරණය කළා.මේ වෙනු‍වට Intelligent Tracking Prevention නම් දියුණු පද්ධතියක් හඳුන්වාදීමට ඔවුන් සුදානම් වෙනවා.

අලුතින් කරළියට එන Brave Browser

Windows/ Mac/ Linux/ IOS/ Android ඇතුළු බොහොමයක් platform සඳහා සහය දක්වන web browser එකක් ලෙසින් තමයි Brave Browser කරළියට එන්නේ.

මේ browser එක හදල තියෙන්නෙ chromium වල තියෙන ගොඩක් අනවශ්‍ය telemetry codes clean කිරීමක් සිදු කරලා. Powerful adblocker + tracking protection + script blocker + https everywhere වගේම  feature add කිරීමක් සිදු කරලා තියෙනවා. මේක open වෙන්න & web surfing speed එක තරමක් වැඩි. ram usage එක අනෙක් chromium පාදක web browser වලට සාපේක්ෂව අඩු යි. ඒ වගේම මෙහි private mode (incognito mode) කොටස් දෙකක් සහිත යි. අවශ්‍ය නම් Tor tunnel එකක් සමග private window එකක් open කිරීමක් කරන්නත් හැකියාව තිබෙනවා. මෙහි UI එකත් සරල වීම මෙහි  දකින්න පුළුවන් තව ලක්ෂණයක්. Chromium based නිසා chrome store එකේ තියෙන ඕන extension එකක් මේ සමග භාවිතා කරන්නට හැකියාව තිබෙනවා.

කරළියට එන Brave Browser – brave.com

මේ වෙබ් බ්‍රවුසර මිස තව දුරටත් Internet Explorer භාවිතා කිරීම නවතා දමන ලෙස “The perils of using Internet Explorer as your default browser” යන ලිපියක් ඉදිරිපත් කරමින් Microsoft සමාගම Windows පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ ලිපිය හරහා එහි ඇති අවදානම පිළිබඳව විස්තර කෙරෙනවා. ඉදිරියේ දී chromium පාදක කර ගනිමින් වඩාත් වේගවත් සහ ආරක්ෂාකාරී ලෙසින් නව මුහුණුවරක් සහිත වෙබ් අතිරික්සුවක් හඳුන්වා දීමට Microsoft සමාගම සමාගම සූදානමින් සිටිනවා.

මූලාශ්‍රයයන්:

Blogs.opera.com

Techcrunch.com

Theverge.com

Technews.lk

Chromestory.com

Chromium-review.googlesource.com

Chrome.google.com

Xda-developers.com

Softpedia.com

Techdows.com

Chromestory.com

9to5mac.com

Webkit.org

Blogs.windows.com

Techcommunity.microsoft.com

brave.com

Cover -pixabay.com

Related Articles