මේ වසර සඳහා වූ ඇපල් සමාගමේ මෘදුකාංග සංවර්ධක සමුළුව ජුනි 4 වන දා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී ඔවුන් අලුතෙන් හඳුන්වා දෙන නිෂ්පාදන යාවත්කාලීනයන් සහ දෘඪාංග පිළිබඳව හඳුන්වා දෙනු ලැබූ අතර හැම කෙනෙක්ම පුල පුලා බලා සිටි iOS12 නිකුතුව ද එදින එළිදක්වනු ලැබුවා. මේ, එම අවස්ථාවේදී හඳුන්වාදුන් අපූර්වතම දේවල් කිහිපයක්.