Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ සෙට් එකක් නිර්මාණය කරපු, සුපිරි Multi-Player Game එකක් කරළියට එයි!

දිනෙන් දින දියුණු වන තාක්ෂණයත් සමග අද වෙද්දී ශ්‍රී ලංකාවත් ඉතා සීග්‍රයෙන් දියුණු වෙමින් පවතිනවා. තාක්ෂණික ලෝකය එසේ වෙනස් වෙද්දී මිනිසුන් තම නිදහස් කාලය ගෙවන ආකාරයේත් යම් පෙරළියක් සිදුවුණා. බොහෝ නිවෙස්වල ‘පරිගණකය’ අනිවාර්ය අංගයක් බවට පත් වීමත් සමග ම, පරිගණක ක්‍රීඩා කරළියට ආවා. පරිගණක ක්‍රීඩා එක්ක අද වෙද්දී සමාජය මුහුවෙමින්, වෙනස් වෙමින් යන ආකාරය ගැන ගේම්වලින් ගේමක් දෙන්න යන, ලංකාවේ ගේමර්ස්ලා යන ලිපියෙන් මීට පෙර අප විමසුමක් කළා ඔබට මතක ඇති. ක්‍රීඩකයන් ගැන එසේ කතා කරද්දී, එවැනි පරිගණක ක්‍රීඩා නිර්මාණය කරන නිර්මාණකරුවන් පිළිබඳවත් අමතක කරන්නට බැහැ. මේ කියන්න යන්නේ, ලංකාවේ නිර්මාණය වෙමින් පැවති සුපිරි ගණයේ Multi-Player පරිගණක ක්‍රීඩාවක නිල එළිදැක්වීම පිළිබඳව යි.

ලංකාවේ නිර්මාණය වෙමින් පවතින තවත් විශිෂ්ට ගණයේ පරිගණක ක්‍රීඩාවක් ලෙස RAM Studios කණ්ඩායම නිර්මාණය කරන Extraction Valley නම් යුධමය ක්‍රීඩාව හඳුන්වන්න පුළුවන්. ඔවුන් පවසන අන්දමට මේ තරම් සවිස්තරාත්මක සහ දියුණු graphics ලක්ෂණ සහිතව ලංකාවේ නිර්මාණය වන පළමු Multi-Player පරිගණක ක්‍රීඩාව මෙය යි. 2018 වසරේ ඇරඹුණු මෙම ක්‍රීඩාවේ නිර්මාණ කටයුතු මේ වෙද්දී අවසන් වෙලා තිබෙනවා. Pre-alpha මට්ටමෙන් මේ ක්‍රීඩාව නොමිලයේ අත්හදා බැලීමටත් පසුගිය කාලයේ ඔවුන් ලාංකිකයන් වෙත අවස්ථාව ලබා දුන්නා. “Extraction Valley™ Devil’s Curse” මේ මස 23 වෙනි දා නිල වශයෙන්  එළිදැක්විමට සියලුම කටයුතු මේ වෙනකොට සූදානම්. එදාට Roar-සිංහල කණ්ඩායමත් Online Media Partner වශයෙන් ඔවුන්ට සහයෝගය ලබාදෙන්නේ ඉතාමත් සතුටින් මෙන්ම ආඩම්බරයෙන්.

දැන් අපි බලමු මේ ක්‍රීඩාව ක්‍රීඩා කරන්න නම් ඔබේ පරිගණකයේ පැවතිය යුතු System Requirement මොනවාද කියලා.

අවම System Requirement

කෙසේවෙතත්, මේ ක්‍රිඩාව ඔබට බාගත කරගන්න නම් තව ටික දවසක් බලන් ඉන්න සිද්ධ වෙනවා. සාමාන්‍ය ජනතාව වෙත මෙය නිකුත් කරන්න ලබන මාසේ පළවෙනි සතිය පමණ ගතවේවි. Unreal Engine 4 මඟින් නිර්මාණය වෙන මෙම ක්‍රීඩාව first වගේ ම third person යන දෙයාකාරයට ම ක්‍රීඩා කරමින්, ඒ අත්දැකීම්  අත්විඳින්න ඔබට හැකියාව ලැබෙනවා. පළමු නිකුත් කිරීම වෙත ලංකාවේ අතිශය ප්‍රසිද්ධ youtubersලා ගණනාවක් සම්බන්ධ වීමටත් නියමිත යි.

Pre-alpha මට්ටමේ දී සිදුකළ අත්හදා බැලීමක් පහත වීඩියෝව හරහා දැක බලා ගන්න ඔබට පුළුවන්.

මේ Extraction Valley පරිගණක ක්‍රීඩාව නිර්මාණය කරන RAM Studios කණ්ඩායම සම්මාන උළෙලවල් කිහිපයක දී ඇගයුමට ද ලක්වුණා.

  1. Merit Award in the Digital Entertainment category under Digital Social Impact Awards at e-Swabhimani 2018.
  2. 2nd Runner-up in the individual/ team category under Best Software/ Application development at SLT Zero One Awards for the Digital Excellence 2017/ 2018.

ඔය පහත තියෙන්නේ Extraction Valley ක්‍රීඩාවේ Screen Captures කිහිපයක්.

RAM Studios කණ්ඩායම පහත සබැඳිවලින් සම්බන්ද කරගන්න ඔබට පුළුවන්.

ශ්‍රී ලාංකික නාමය ජාත්‍යන්තර තලයට රැගෙන යන්නට වෙර දරන RAM Studios කණ්ඩායමට Roar-සිංහල අපෙන් උණුසුම් සුභ පැතුම්!

Related Articles