Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජෝන් කීල්ස් X – ඔබේ අදහසට වටිනාකමක් දෙන්න හොඳ ආරම්භයක්

ශ්‍රී ලංකාව ගැන අපි ආඩම්බරයෙන් කතා කළත් අපේ රට දියුණුව අතින් ගොඩක් පස්සෙන් ඉන්න හේතු කිහිපයක්ම තියෙනවා. විද්‍යාත්මක, තාක්ෂණික සහ ව්‍යාපාරික දැනුමෙන් පිරිපුන් බොහෝ දෙනෙක් හිටියත් එයාලට අවස්ථාවක් ලැබෙන්නේ නැති එක වැඩි දෙනා පෙන්වන හේතුවක්. අලුත් අදහස් වලට තැනක් සහ වටිනාකමක් ලැබෙන්නේ නැති නිසා ඒ දැනුම අරගෙන එයාල වෙනත් රටවල් වලට යන කතාව තවත් එකක්. මේ හැම දෙයක්ම ඇත්ත වුණත් ඒ තත්වය වෙනස් කරන්න ගන්න පියවර බොහොමයක් කියල ලංකාවේ නැහැ. අලුත් දෙයක් නිර්මාණය කරන කෙනෙක් අධෛර්යමත් වෙනවා කියන්නේ ඒ රටට විශාල පාඩුවක්.

ජෝන් කීල්ස් හෝල්ඩින්ස් මේකට විසඳුමක් දෙන්න වෑයම් දරන්නේ ඒ නිසාමයි. හැකතෝන් සහ කෝඩින් චැලේන්ජ් (Hackathons & Coding Challenges) කියලා අලුත් අදහස් තියෙන, දක්ෂතාවය තියෙන පිරිස් හඳුනාගෙන ඉදිරියට ගන්න වැඩසටහන් ලෝකය පුරාවට වගේම ලංකාවෙත් පැවැත්වෙනවා. හැබැයි ප්‍රතිඵලය අතින් වෙනත් රටවල වැඩසටහන් වලට වඩා අපි පහළ මට්ටමකයි ඉන්නේ. ලංකාවේ අලුතෙන් දෙයක් නිර්මාණය වෙන්නේ බොහොම කලාතුරකින් වෙන්න මේක තවත් හේතුවක්. මොන තරම් හොඳ අදහසක් ආවත් ලංකාවේ ඒ අදහස ක්‍රියාත්මක කරන්න මුදල් සොයා ගන්න එක ලොකු ප්‍රශ්නයක්. මුදල් නැතිව ගොඩක් අදහස් ක්‍රියාවට නංවන්නවත්, ඒ ඇසුරෙන් ව්‍යාපාරයක් පටන් ගන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ජෝන් කීල්ස් X වැඩසටහන ආරම්භ වෙන්නේ ඒ වගේ උදව් අවශ්‍ය දක්ෂයන්ට උදව්වක් වෙන්නයි.

පසුගිය ජූලි 20 වෙනිදා ජෝන් කීල්ස් සමාගම හා පුරා කියලා පවත්වන නව නිර්මාණ අභියෝගතා වැඩසටහනට අදාළව සුහද හමුවක් පැවැත්වුණා. ජෝන් කීල්ස් X විවෘත නව නිර්මාණ අභියෝගතාවය (John Keells X Open Innovation Challenge) කියලා නම් කරලා තියෙන මේ වැඩසටහනෙන් කැපී පෙනෙන අලුත් ව්‍යාපාර අදහසක් හරි නව නිර්මාණයක් හරි අයට තමන්ගේ අදහස ක්‍රියාවට නංවන්න උදව්වක් දෙන එක තමයි සිදු වෙන්නේ. තනි පුද්ගලයන් වශයෙන් හරි කණ්ඩායමක් වශයෙන් හරි සහභාගී වෙලා අනෙක් අයත් එක්ක තරග කරන්න පුළුවන්. ජයග්‍රාහකයන්ට සහ දෙවැනි තැන දිනා ගන්න අයට විශාල මුදලක් හිමි වෙනවා තමන්ගේ අදහස ක්‍රියාවට නංවන්න. ජෝන් කීල්ස් X වැඩසටහන මගින් ඔවුන්ට සැපයෙන මූල්‍ය දායකත්වය නිසා වටිනා අදහස් තිබිලත් මුදල් නැති නිසා ඒ සිහින සැබෑ කරගන්න බැරි අයටත් මේක මහාර්ඝ අවස්ථාවක්.

ලංකාව පුරා වටිනා අදහස් වලින් පිරුණු අය කොයි තරම් හිටියත් ඔවුන් බොහෝ දෙනෙකුට මුදල් නැතිකම නිසා ඉදිරියට යන්න අපහසුයි. රූපය : assets.entreprenuer.com

ලංකාව පුරා වටිනා අදහස් වලින් පිරුණු අය කොයි තරම් හිටියත් ඔවුන් බොහෝ දෙනෙකුට මුදල් නැතිකම නිසා ඉදිරියට යන්න අපහසුයි. රූපය : assets.entreprenuer.com

මෙතනදී ලංකාව පුරාම විසිරිලා ඉන්න නව නිර්මාණකරුවන් එක්ක තරඟ කරන්න සිදු වෙන නිසා අපහසුයි වගේ හිතුණත් ලැබෙන මුදලත් එක්ක බැලුවම නම් කාට වුණත් මේකට ඉදිරිපත් වෙන්න හිතෙයි. ජයග්‍රාහකයන්ට රුපියල් මිලියන දෙකකුත්, දෙවැනි ස්ථානයට රුපියල් මිලියනයකුත් පිරිනමන්න ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සූදානම්. මේ වගේ අති විශාල මුදලක් නිකන් දෙන එක ඕනෑම නව නිර්මාණකරුවෙක්ට හීනයක්. ඕනෑම අලුත් අදහසක් ක්‍රියාවට නංවන්න, ව්‍යාපාරයක්, සමාගමක් පටන් කරන්න මේක හොඳ ආරම්භයක්. ලංකාවේ අලුතෙන් වැඩක් පටන් ගන්න කෙනෙක්ට සල්ලි හොයා ගන්න මොන තරම් අමාරුද කියන එක මේ වැඩේට ඉදිරිපත් වෙන්න හිතන ඔබ බොහෝ විට හොඳින් අත්දැකලා ඇති. බැංකුවකින් ලෝන් ගන්න ගියත්, යාළුවො එකතු කරගෙන සල්ලි දාල වැඩක් පටන් ගන්න ගියත් ගොඩක් වෙලාවට අන්තිමේදී සිද්ධ වෙන්නේ අධෛර්යමත් වෙන  එක විතරයි.

පහුගිය බදාදා තිබුණු සුහද හමුවට ජෝන් කීල්ස් සමූහයේ මූල්‍ය අධ්‍යක්ෂක රොනී පීරිස් මහත්මයාත් සහභාගී වුණා. මේ නව නිර්මාණ අභියෝගතා වැඩසටහනට ජෝන් කීල්ස් එකේ උසස් නිලධාරීන් හැමෝගෙම සහයෝගය ලැබිලා තියෙනවා. රූපය : ජෝන් කීල්ස් X

පහුගිය බදාදා තිබුණු සුහද හමුවට ජෝන් කීල්ස් සමූහයේ මූල්‍ය අධ්‍යක්ෂක රොනී පීරිස් මහත්මයාත් සහභාගී වුණා. මේ නව නිර්මාණ අභියෝගතා වැඩසටහනට ජෝන් කීල්ස් එකේ උසස් නිලධාරීන් හැමෝගෙම සහයෝගය ලැබිලා තියෙනවා. රූපය : ජෝන් කීල්ස් X

මේ තරඟයට ඕනෑම කෙනෙක්ට ඉදිරිපත් වෙන්න විවෘත අවස්ථාවක් දීලා තියෙනවා. ඔබ මේ වෙනකොට ජෝන් කීල්ස් හෝ එහි අනුබද්ධ සමාගමක සේවකයෙක් හෝ කොටස්කරුවෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මේ තරඟයට ඕනෑම අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්, නමුත් ජෝන් කීල්ස් හෝල්ඩින්ස් එකේ දැනට තියෙන ව්‍යාපාර වලට අදාළ නිර්මාණ නම් වඩාත් හොඳයි. (ජෝන් කීල්ස් සමූහය බොහෝ අංශ වලට අදාළ ව්‍යාපාර කටයුතු වල නියැලෙන නිසා අපහසුවක් නැහැ) හැම ඉල්ලුම් පත්‍රයක්ම සලකලා බලලා අවසන් වටයට තෝරා ගන්න කට්ටියට “විවෘත දිනය” (Open Day) කියලා විශේෂ වැඩසටහනක් පැවැත්වෙනවා.

මෙහිදී අනාගත නිර්මාණකරුවන්ට පුළුවන් දැනුවත් කිරීමේ වැඩමුළු වලට සහභාගී වෙලා වැඩසටහනේ ඊළඟ පියවර ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න. තමන් එක්ක මේ වැඩසටහනට ඉදිරිපත් වෙන අනිත් අය දැන හඳුනා ගන්නත් මේක හොඳ අවස්ථාවක් වෙයි. ඉන් පස්සේ මාස දෙකක කාලයක් තුළ තමන්ගේ අදහසේ මූලික ආකෘතියක් ක්‍රියාවට නංවන්න පුළුවන්. මේ වැඩේට ජෝන් කීල්ස් එකේ උපදේශකයන්ගේ නොමඳ සහයෝගය සහ උපදෙස් ලැබෙන නිසා තමන්ගේ නිර්මාණයේ ඉදිරි වැඩකටයුතු ගැන සාකච්ඡා කරන්නත්, ආයෝජකයන් එක්ක කටයුතු කරන විදිහ ගැන දැනුමක් ලබා ගන්නත් අවස්ථාව සැළසෙනවා. මේ කාලය අවසානයේ පැවැත්වෙනවා තමන්ගේ නිර්මාණය එළිදක්වන දිනය. ව්‍යාපාර අදහසක් හරි, නව නිර්මාණයක ආකෘතියක් හරි මේ දවසේ විනිසුරු මඩුල්ලක සහ නරඹන්නන් පිරිසකගේ නිරීක්ෂණය සඳහා ඉදිරිපත් කෙරෙනවා. ලැබෙන ප්‍රතිචාර සහ විනිසුරු තීරණ අනුව ජයග්‍රාහකයා සහ දෙවැනි ස්ථානය තීරණය කෙරෙනවා.

ඉතින් සරලව කිව්වොත් මේක අලුත් විදිහට හිතන හැම කෙනෙක්ටම වටිනා අවස්ථාවක්.

ජෝන් කීල්ස් සමූහයේ අධිපති සුසන්ත රත්නායක මහත්මයාත් බදාදා තිබුණු සුහද හමුවට සහභාගී වුණා.

ජෝන් කීල්ස් සමූහයේ අධිපති සුසන්ත රත්නායක මහත්මයාත් බදාදා තිබුණු සුහද හමුවට සහභාගී වුණා.

බදාදා තිබුණු හමුවට සහභාගී වුණු බොහෝ දෙනා වගේම ඔබටත් මේ ගැන යම් ගැටළු තියෙන්න පුළුවන් නිසා වැඩි දෙනෙක් අහපු ප්‍රශ්න වලට පිළිතුරු කිහිපයකුත් මේ සමගම ලබා දෙනවා. වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් ඔවුන්ගේ වෙබ් අඩවියට ගිහින් ලබා ගන්න පුළුවන්.

  • එකක් තමයි මේ නිර්මාණය ගොඩ නගන්න හරි, ව්‍යාපාරය කරන්න හරි ස්ථානයක් ලබා දෙනවාද කියන එක. ජෝන් කීල්ස් සමූහය මේ විදිහට ස්ථානයක් සපයන්නේ නැහැ. නමුත් ඔබේ අදහස ක්‍රියාවට නංවන්න අවශ්‍ය වෙනත් උදව් උපකාර සහ උපදෙස් ලබා දෙනවා.
  • අයැදුම් පත්‍රයට අදාළව ව්‍යාපෘති වාර්තාවක් ලියලා දෙන්න අවශ්‍යද කියන එක වැඩි දෙනෙක් අහලා තිබුණා. මේක ඔවුන් අත්‍යාවශ්‍ය දෙයක් විදිහට සලකන්නේ නැහැ. ඔබේ අයැදුම්පත්‍රය සහ කතා බහ කරලා දැනගන්න තොරතුරු අනුව (සම්මුඛ පරීක්ෂණ එහෙමත් පැවැත්වෙන්න පුළුවන්) තමයි බොහෝ දුරට අවසන් වටයට තෝරා ගැනීම සිදු වෙන්නේ.
  • තෝරා ගැනීම කෙරෙන්නේ කොහොමද කියන එකත් ඕනෑම කෙනෙක්ට ඇති වෙන ප්‍රශ්නයක්. ජෝන් කීල්ස් හෝල්ඩින්ස් එක ලොකු අවධානයක් යොමු කෙරෙන්නේ කණ්ඩායමේ ඉන්න පුද්ගලයන් ගැනයි. හොඳ බුද්ධියක්, දැනුමක් සහ අලුත් දේ හිතන්න තියෙන හැකියාවත් මෙහිදී සැළකිල්ලට ගැනෙනවා. යම් අත්දැකීමක් තියෙන කෙනෙක් නම් හොඳ වුණත් ඒක අත්‍යවශ්‍ය නැහැ. ප්‍රධානම කාරණය අදහසට වඩා හොඳ අදහස් හිතන්න තියෙන හැකියාවට ලොකු වටිනාකමක් ලැබෙන එකයි.
  • NDA එකක්, නැතිනම් ඔබේ අදහස ජෝන් කීල්ස් සමාගම සතු වන බවට මොකක් හරි ගිවිසුමක් අත්සන් කෙරෙනවාද කියන එකත් වැදගත් ප්‍රශ්නයක්. ඒ විදිහේ ගිවිසුම් අත්සන් කිරීමක් සිදු වෙන්නේ නැහැ. මේ ගැන වැඩි තොරතුරු දැන් ගන්න අවශ්‍ය නම් ජෝන් කීල්ස් X එකේ කොන්දේසි සහ රෙගුලාසි ගැන කොටස කියවලා බලන්න පුළුවන්.
  • කණ්ඩායමකට ඉන්න පිරිස ගැන කිව්වොත් වඩාත් හොඳ වෙන්නේ දෙන්නෙකුගෙන් හෝ තුන් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්. විශේෂයෙන් ව්‍යාපාරික අදහස් වලදී මීට වඩා වැඩි දෙනෙක් සිටීම අසාර්ථක වෙන්න ඉඩකඩ වැඩියි. කැමති නම් තනියෙන් වුණත් තරඟයට ඉදිරිපත් වෙන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා කණ්ඩායමක ප්‍රමාණය 1-3 දක්වා වෙන්න අවශ්‍යයි.
  • එකම විදිහේ අදහස් තියෙන කණ්ඩායම් කිහිපයක් තිබුනොත් මොකද වෙන්නේ කියන එකත් බොහෝ දෙනෙක් අහලා තිබුණා. ජෝන් කීල්ස් සමාගම එක කණ්ඩායමක් කරන දේවල් ගැන විස්තර අනෙක් සමාගම් සමග සාකච්ඡා කරන්නේ නැති නිසා එවන් අවස්ථාවක කාටවත් විශේෂ වරප්‍රසාද ලැබීමක් හෝ අසාධාරණයක් වෙන්නේ නැහැ. කොහොමත් ගොඩක් නව නිර්මාණ සහ ව්‍යාපාරික අදහස් සම්පුර්ණයෙන්ම සමාන නැතත් සමපාත වන අවස්ථා ඕන තරම් තියෙන්න පුළුවන්. ඒ නිසා සමාන අදහස් තරඟයට ගන්නේ නැති එක අවස්ථා අහිමි කිරීමක් වෙන්න ඉඩ තියෙනවා.
  • මේ තරඟය සඳහා අවසන් වටයට තෝරන එක ජෝන් කීල්ස් සමාගම කරන දෙයක්. ඔබේ අයැදුම් පත්‍රයට අවසන් තරඟයට යන්න බැරි වුණොත් ඒ ගැන සමාගම වගකීමක් දරන්නේ නැහැ.
  • දැනට පටන් අරගෙන තියෙන හෝ පටන් අරගන්න හිතාගෙන මුදල් යොදවපු අයට වුණත් මේ තරඟයට සහභාගී වෙන්න බාධාවක් නැහැ. කලිනුත් කිව්වා වගේ යම් අත්දැකීමක් තියෙන එක ව්‍යාපාරයක් හරි නම් නිර්මාණයක් හරි සාර්ථකව පවත්වා ගෙන යන්න හොඳ උදව්වක්.
  • මේකෙන් ලැබෙන එකම ප්‍රයෝජනය මුදලම විතරක් කියලා හිතන්න අවශ්‍ය නැහැ. ඇත්තටම මුදල් ලබා දීම කියන්නේ එක පියවරක් විතරයි. වඩා වැදගත් වෙන්නේ ඔබේ අදහස ක්‍රියාවට නංවන්න තියෙන බාධක ඉවත් කිරීම සහ උදව් ලබා දෙන එකයි.
  • මිලෙන් ඉතා අධික දෙයක් කරන්න හිතන කෙනෙක් වුණොත්? ඔබ මේ තරඟයට මුහුණ දෙන විදිහ සහ ඔබේ අදහසේ වටිනාකම අනුව ඉදිරි කාලයේ ආයෝජකයන්ගේ උනන්දුව ලබා ගන්න ලොකු පහසුවක් සැලසෙන්න පුළුවන්. ඒ නිසා අධෛර්යමත් වෙන්න එපා. මේක ආරම්භයක් කර ගන්න. ලොකු දෙයක් වුණත් පොඩි තැනකින් පටන් ගන්න තමයි පහසු.
  • යම් තාක්ෂණික දෙයක් නිර්මාණය කරනවා නම් ඒ ගැන දැනුවත් භාවයක් තියෙන එක වැදගත් වෙන්න ඉඩ තියෙනවා. හොඳම දේ තමයි ඒ ගැන තේරුමක් තියෙන, ඔබ හොඳින් හඳුනන කෙනෙක් ඔබේ කණ්ඩායමට ගන්න එක. බොහෝ ව්‍යාපාර බිඳ වැටෙන්න හේතුවක් තමයි සම්බන්ධතා දුර්වල වෙන එක. මේ නිසා වැඩක් කරන්න බලාගෙනම පටන් ගන්න ව්‍යාපාර සම්බන්ධතා බිඳ වැටෙන්න තියෙන ඉඩ වැඩියි. මේ නිසා පෞද්ගලික දැන හැඳුනුම් කමක් තියෙන එක වටිනවා.
  • ඔබ ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන්න අවශ්‍ය ආකෘතිය මොන වගේ දෙයක්ද කියන එක ගැන ගැටළුවක් තියෙනවා නම් මේ විකිපීඩියා ලිපිය කියවලා බලන්න. මේ විදිහේ ආකෘතියක් තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. හොඳින් පුරවපු අයැදුම් පතක් මේ වගේ විය යුතුයි. ඔබට වීඩියෝ එකක් හදන විදිහ දැන ගන්න අවශ්‍ය නම් ඒකට උදව් වෙන කාරණා කිහිපයක් මෙතැනින් දැන ගන්න පුළුවන්. කොහොම වුණත් ආකෘතියක් හදලා පෙන්වන එක අවසන් වටයෙන් ඉදිරියට ගිහින් ජයග්‍රහණය කරන්න අත්‍යාවශ්‍ය වෙනවා.
  • මේ වැඩසටහන අවසාන වුණාට පසුව මූල්‍ය හෝ වෙනත් දායකත්වයක් ජෝන් කීල්ස් සමාගමෙන් සපයනවද කියන කාරණය ඔවුන් තීරණය කරාවි. ඒ ගැන දැනට නිශ්චිත අදහසක් නැහැ. නමුත් වැදගත් අදහස් වලට ජෝන් කීල්ස් සමාගම යම් අධ්‍යයනයක් කරලා ඉදිරි කාලයේ උදව් ලබා දෙන්න ඉඩ කඩ තියෙනවා.
  • ඔබ හෝ කණ්ඩායමේ කෙනෙක් ලංකාවේ පුරවැසියෙක් නෙවෙයි වුණත් ජෝන් කීල්ස් සමාගම සිය උපරිම උපකාරය ලබා දෙන්න සූදානම්. නමුත් නීතිමය වශයෙන් යම් වෙනසක් හෝ බාධකයක් ඇවිත් ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ ගැන ඔබ වගකීම භාර ගත යුතුයි.
  • සමහර අයට තිබුණු ගැටළුවක් තමයි එක කණ්ඩායමකින් ඉදිරිපත් කරන්න පුළුවන් අදහස් ගණන කීයක්ද කියන එක. එක කණ්ඩායමකට අදහස් කීපයක් තියෙනවා නම් වඩාත් හොඳ බව තමයි ජෝන් කීල්ස් එකේ හැඟීම. නමුත් හැම අදහසක් සඳහාම වෙනම අයැදුම් පත්‍රයක් ඉදිරිපත් කරන්න වෙනවා. ඒ වගේම ප්‍රධානියා විදිහට කණ්ඩායමේම වෙනස් පුද්ගලයන් නම් කළ යුතුයි. (ඒ කියන්නේ එකම කණ්ඩායමේ විවිධ අලුත් අදහස් තියෙන අයට වුණත් ඉන්න අවස්ථාව තියෙනවා.)

මේ විදිහට නව නිර්මාණයක් හරි ව්‍යාපාර අදහසක් හරි ගොඩ නංවන්න අවස්ථාව ලැබෙන අතරේම ජෝන් කීල්ස් X වැඩසටහනට දායක වෙන විශේෂඥයන්ගෙන් අලෙවිකරණය, ක්‍රමෝපායන් සහ ව්‍යාපාරික සම්බන්ධතා තියා ගන්න ආකාරය ගැන ගුරුහරුකම් ලබා ගන්න පුළුවන්. ජෝන් කීල්ස් සමූහයට අයත් විවිධ ව්‍යාපාර අංශ වල ප්‍රධානීන්, වැදගත් තීරණ ගන්නා නිලධාරීන් සහ ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල විශේෂඥයන් දැන හඳුනා ගෙන ඔවුන්ගේ උපදෙස් ලබා ගන්න මේක හොඳ අවස්ථාවක්. විනෝදාත්මක කටයුතු, පාරිභෝගික ආහාර පාන ක්ෂේත්‍රය, මූල්‍ය සේවා, ප්‍රවාහනය, තොරතුරු තාක්ෂණය, දේපළ වෙළඳාම, වැවිලිකරණය වගේ පැතිරුණු ක්ෂේත්‍ර ගණනාවකට අදාළ නිර්මාණ ගොඩ නංවන්නත්, ජෝන් කීල්ස් සමූහය එක්ක සම්බන්ධතාව වැඩිදියුණු කර ගන්නත් හැකියාව ලැබෙනවා. මේ නිසා සැබෑ ලෝකයේ ගැටළු විසඳන්න උත්සාහ කරන්න නව නිර්මාණකරුවන්ට අත්වැලක් සැපයෙනවා. මෙහිදී ජෝන් කීල්ස් සමාගමේ “Hotel Availability & Bookings” වගේ ව්‍යාපාරික මෘදුකාංග ප්‍රයෝජනයට ගන්නත් අවස්ථාව තියෙනවා.

ජෝන් කීල්ස් X තරඟයට අයැදුම් පත්‍ර යොමු කරන්න අවස්ථාව එළඹුණේ ජූලි පළමුවැනිදා සිටයි. අගෝස්තු 10 වැනිදා දක්වා ලංකාවේ ඕනෑම කෙනෙකුට හෝ කණ්ඩායමකට මේ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. අපි කලින් කියපු විවෘත දිනය, නැතිනම් අවසන් වටයට තේරුණු අයට පවත්වන වැඩසටහන සැප්තැම්බර් 1 වැනිදා පැවැත්වෙනවා. ගොඩ නැගෙන නිර්මාණ සහ ව්‍යාපාරික අදහස් ප්‍රදර්ශනය කෙරෙන දිනය මේ අවුරුද්දේ ඔක්තෝබර් 31 වැනිදා.

බදාදා පැවැත්වුණු සුහද හමුවේදී නව නිර්මාණකරුවන්ට සහ අලුත් අදහස් තියෙන අයට දැන හඳුනා ගන්නත්, අදහස් සාකච්ඡා කරන්නත් හොඳ අවස්ථාවක් ලැබුණා. ජෝන් කීල්ස් සමූහයේ ඉහළ නිලධාරීන් බොහෝ දෙනෙක් මේ වැඩසටහනට සහභාගී වුණා. නියෝජ්‍ය සභාපති අජිත් ගුණවර්ධන මහත්මයාත් එතැන හිටියා. රූපය : ජෝන් කීල්ස් X

බදාදා පැවැත්වුණු සුහද හමුවේදී නව නිර්මාණකරුවන්ට සහ අලුත් අදහස් තියෙන අයට දැන හඳුනා ගන්නත්, අදහස් සාකච්ඡා කරන්නත් හොඳ අවස්ථාවක් ලැබුණා. ජෝන් කීල්ස් සමූහයේ ඉහළ නිලධාරීන් බොහෝ දෙනෙක් මේ වැඩසටහනට සහභාගී වුණා. නියෝජ්‍ය සභාපති අජිත් ගුණවර්ධන මහත්මයාත් එතැන හිටියා. රූපය : ජෝන් කීල්ස් X

ජූලි 22 වැනි බදාදා තිබුණු සුහද හමුවේ විශේෂම ලක්ෂණයක් වුණේ නව නිර්මාණකරුවන් කාටත් ජෝන් කීල්ස් හෝල්ඩින්ස් එකේ ඉහළම නිලධාරීන් එක්ක සුහදව කතා බහ කරන්න පුළුවන් වුණු එක. බොහෝ වෙලාවට මේ වගේ වැඩසටහන් වලට ඉහළ නිලධාරීන් සහභාගී වෙන්නේ කතා පවත්වන්න විතරක් වුණත් ජෝන් කීල්ස් සමුහයේ සභාපති සුසන්ත රත්නායක මහතා, නියෝජ්‍ය සභාපති අජිත් ගුණවර්ධන මහතා, සමූහයේ මූල්‍ය අධ්‍යක්ෂක රොනී පීරිස් මහතා ඇතුළු ඉහළ නිලධාරීන් කවුරුත් මුණ ගැහෙන්න මේ හමුවේදී සහභාගී වුණු කාටත් අවස්ථාව ලැබුණා. සහභාගී වුණු 120 ක් විතර පිරිසගෙන් වැඩි දෙනෙක් තමන්ගේ අදහස ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්න ආපු අය. ඒ වගේම මේ වගේ අලුත් අදහස් වලට අමාරුවෙන් සල්ලි හොයාගෙන දියුණු වුණු, අත්දැකීම් බහුල ප්‍රධානීන්, මාධ්‍ය ආයතන වගේම නව නිර්මාණ ක්ෂේත්‍රයේ ඉහළින්ම ඉන්න බොහෝ දෙනෙකුත් මේ වැඩේට සහභාගී වුණා. මේ හැම කෙනෙක්ම මුණ ගැහිලා කතා බහ කරන්නත්, සුහද සම්බන්ධතා ගොඩ නගා ගන්නත් මේක හැමෝටම ඉතා හොඳ අවස්ථාවක් වුණා.

මේ නිසා ඔබටත් යම් අලුත් නිර්මාණයක් හරි ව්‍යාපාරික කටයුත්තක් ගැන හරි අදහසක් තියෙනවා නම් තව සති දෙක තුනක් වගේ ඉතිරි වෙලා තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. කාගේ හරි යටතේ වැඩ කරන්නේ නැතිව තමන්ගේම ව්‍යාපාරයක්, සමාගමක් අරඹන්න අදහසක් තියෙනවා නම්, ලෝකයට අලුත් නිර්මාණයක් දායක කරන්න ආසාවක් තියෙනවා නම් මේ වගේ අවස්ථාවක් ඔබට ලැබෙන්නේ හරිම කලාතුරකින් වෙන්න පුළුවන්. ඒ නිසා දැන්ම ජෝන් කීල්ස් X වෙබ් අඩවියට ගිහින් අයැදුම් පත්‍රයක් යොමු කරන්න. මේ ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න.

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ 

Related Articles