Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ITවලට කැමති නමුත් රැකියාවක් නොමැති ඔබ වෙනුවෙන්ම එන re:START

සීග්‍ර වර්ධනයක් ඇති ලාංකේය තොරතුරු තාක්ෂණ අංශය 2020 වන විට අපනයන ආදායම්වලින් ඇමරිකානු ‍ඩොලර් බිලියන 5ක් උපයා ගන්නට සැලසුම් කරනවා. එනමුත්, තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ ඇති හිඟය නිසා එම වර්ධනය අඛණ්ඩ පවත්වා ගැනීමේ ගැටළු ඇතිව තිබෙනවා. ලංකාව තුළ රජයේ සරසවිවලින් පමණක් උපාධි ලබන 26,000ක් පමණ වූ සිසුන් ප්‍රමාණය අතරින් තොරතුරු තාක්ෂණ විෂය ධාරාව හදාරා රැකියා වෙළඳපොළට පැමිණෙන්නේ 1,900ක් තරම් කුඩා ප්‍රමාණයක්. මේ නිසා ඉහළ වැටුප් ඇති රැකියාවන් රැසක පුරප්පාඩු රැ‍ඳ‌ෙනවා.

තොරතුරු තාක්ෂණයට ඇතුළුවන සුළු පිරිස – මොරටුව සරසවිය (mrt.ac.lk)

ඇමරිකාවේ සිට යුරෝපය හරහා හොංකොං දක්වා වූ ලොව ඉදිරිපෙළ රටවල් රැසක කොටස් වෙළඳපොළ, ප්‍රවාහන සහ වෙළඳ ගනුදෙනු සිදුවන්නේ ශ්‍රී ලංකාවේ නිපැයුණු මෘදුකාංගවලින්. අමෙරිකානු කොටස් වෙළඳපොළ, සුප්‍රසිද්ධ eBay වෙබ් අඩවියේ ගනුදෙනු සිදුවීමට අවශ්‍ය ක්‍රියාකාරීත්වය ඇතුළු ලොව පුරා ත‍ොරතුරු තාක්ෂණයෙහි ආධිපත්‍යය පතුරුවාගන්නට ශ්‍රී ලංකාව මේ වන විට සමත්ව තිබෙනවා.

මෙය තවදුරටත් පවත්වා ගැනීමට සහ වැඩි වර්ධනය කරලීම සඳහා දැන් re:START නම් සය මාසික උපාධිධාරී පුහුණු වැඩසටහනක් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඉන්, විද්‍යා සහ ගණිත පසුබිමක් ඇති, තොරතුරු තාක්ෂණයට කැමැත්තක් දක්වන උපාධිධාරීන්ට මාස 6ක් ඇතුලත හැකියාවන්ගෙන් පරිපූර්ණ Full Stack Web Developer කෙනෙක් වීමට අවශ්‍ය දැනුම සහ හැකියාවන් ලබා දෙනවා.

Full Stack Web Developer කෙනෙක් සතු දැනුම් පරාස (hackerearth.com)

තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ උපදෙස් යටතේ මනාව සැකසුණු අධ්‍යාපනික වැඩසටහනක් වන මෙය රැකියාවක් ලබා ගැනීමට සුදුසු මූලික හැකියාවන් හා පසුබිම සිසුන් තුළ ගොඩනැගීම සිදු කරනවා. සිසුන්ට මාස හය තුළ දී පරිගණක ක්‍රමලේඛනයට, දත්ත පාදක සමග කටයුතු කිරීමට, වෙබ් ඇප්ලිකේශන් සැකසීමට, දුරකතන මෘදුකාංග සැකසීමට සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සම්මතයන්ට අනුකූලව හැඩ ගැසෙන්නට අවශ්‍ය දැනුම මෙහි විෂය මාලාවට ඇතුලත් කර තිබෙනවා. ආරාධිත දේශන සඳහා ක්ෂේත්‍රයේ කීර්තිමත් ප්‍රවීණයන්ගේ සහභාගීත්වය ලැබෙන අතර, පාඨමාලාව අවසානයේ සිසුන්ගේ නායකකත්ව පුහුණුව, සන්නිවේදන හැකියාවන් ලබාදීම සහ විශ්ලේෂණාත්මක චින්තනය ගොඩනැගීම ද සිදු කරනවා.

ඉගෙනුමෙන් පසුව මෙම වැඩසටහන හා සම්බන්ධව සිටින පෞද්ගලික ආයතනයක වසරක පුහුණු රැකියා (Internship) අවස්ථාවක් ලබා ගැනීමට ද සිසුන්ට අවස්ථාව ලැබෙනවා. එම සේවා ස්ථානයන් අතර Calcey Technologies, කාර්ගීල්ස් බැංකුව, IFS, London Stock Exchange Group, PricewaterhouseCoopers Sri Lanka, Smart Logic, Simcentric Technologies, Sysco Labs, Zone 24×7, 99x Technologies පමණක් නොව, Roar Global අප ද සිටිනවා.

අනුබද්ධිත සමාගම් ලැයිස්තුව

විද්‍යා ‍හෝ ඉංජිනේරු උපාධි අපේක්ෂක සහ ඉංග්‍රීසි දැනුමින් සන්නද්ධ ඔබ මේ සඳහා සහභාගී වීමට ඔබ කළ යුත්තේ http://www.sltc.ac.lk/bootcamp වෙබ් පිටුවට පිවිස ඉන් ලැබෙන අයැදුම්පත්‍රය පිරවීම පමණ යි. අන්තර්ජාලය හරහාම පැවැත්වෙන යෝග්‍යතා පරීක්ෂණයකින් තෝරා ගැනෙන අයට තාක්ෂණික ඇගයුමට හා සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වීමට අවස්ථාව ලැබෙනවා. එමඟින් තෝරා ගන්නා ලද අපේක්ෂකයන්ට ඉගැන්වීම්වලට පෙර, හවුල්කාර ආයතනයක් තුළ සතියක ප්‍රේරණ කාලයක් ද ලැබෙනවා. කුතුහලය, උනන්දුව හා ඕනෑකම සහිත අපේක්ෂකයන්ට මෙම තෝරාගැනීම්වල දී වැඩි අවස්ථාවක් හිමි වෙනවා. මෘදුකාංග ක්‍රමලේඛනය පිළිබඳව ආරම්භක මට්ටමේ සිටම මෙහි ඉගැන්වෙන නිසා ඊට ආසාවක් ඇති නමුත්, දැනුම ඉතා අල්ප කෙනෙක්ට වුවත් කිසිම ගැටළුවකින් තොරව මින් ඵල ලබන්නට අවස්ථාව තිබීම විශේෂත්වයක්.

Trace සංවිධානය සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණික විශ්විවද්‍යාලයය එක්ව ගෙන එන මෙම re:START වැඩසටහන රැකියාවක් නොමැති උපාධිධාරීන්ට සහ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයයකට පිවිසීමට Z ලකුණු මඳ නමුත් IT ක්ෂේත්‍රයට ඉහළ කැමැත්තක් දක්වන අයට ද තමන්ගේ රැකියා සිහිනය සැබෑ කරගන්නට අවස්ථාව සලසනවා. මාස හයක් තරම් කෙටි කාලයක් තුළ රැකියා වෙළඳපොළෙහි ඉල්ලුම සපුරාලිය හැකි කෙනෙක් බවට ඔබව පත් කිරීම මෙම වැඩසටහනෙහි මූලික අරමුණ යි. තෝරාගැනෙන අයට පෞද්ගලික දානපතීන්ගෙන් හා NDB බැංකුවෙන් පොලී රහිත ණය ලබා ගැනීමට ද හැකි නිසා ආර්ථික අපහසුතා ඇති නමුත් තොරතුරු තාක්ෂණය පිළිබඳව දක්වන ඉහළ ආශාවක් දක්වන කෙනෙක්ට තමන්ගේ හැකියාවන්ගෙන් දැයට දායාදයක් වන්නට මෙය මහඟු අවස්ථාවක්.

ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාල අභ්‍යන්තරය (observereducation.lk)

TRACE (Technologically Re-Awakening Culture of Excellence) කියන්නේ, ශ්‍රී ලංකාවේ තාක්ෂණය හා නව්‍යකරණය ඉදිරියට ගෙන යාමට අත දෙන ලාභ නොලබන ආයතනයක්. ඔවුන්ගේ ප්‍රසිද්ධ ව්‍යාපෘතියක් වන්නේ ව්‍යාපාරික හා අධ්‍යාපනික ආයතනයන් රැසකට සෙවණ සලසන, කොළඹ පිහිටා ඇති, අක්කර 9ක භූමි ප්‍රමාණයක පැතිරුණු Trace Expert City නවෝත්පාදන උද්‍යානය යි.

ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලය (SLTC) කියන්නේ, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් බලය ලත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ අනුමැතිය ලත්, ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) ආයතනයට අනුබද්ධ අධ්‍යාපන ආයතනයක්.

මේ දැවැන්තයෙන් දෙපළගේ සුසංයෝගයෙන් හා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම හවුල්කාර ආයතන රැසක් ද එක්ව ලාංකේය තාරුණ්‍යයට දායාද කරන re:START වැඩසටහන තාක්ෂණයෙන් පිරි හෙටක් උදෙසා අපේ බුද්ධිමතුන් සවිබල ගන්වන්නට ඉදිරිපත් වන කප්රුකක්. ඉතා සීමිත සංඛ්‍යාවක් සඳහා අවස්ථාව ලැබෙන හෙයින් 2019 අප්‍රේල් 25 වන දාට ප්‍රථම ඔබත් හැකි ඉක්මණින් http://www.sltc.ac.lk/bootcamp වෙබ් පිටුව හරහා අයැදුම් පත යොමු කරන්න. ඔබව අපේ කාර්යාලයය තුළ දී දැකගන්න Roar අපිත් බලාගෙන ඉන්නවා.

කවරය: kxcdn.com

Related Articles