Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අප්‍රේල් 5 වැනිදා පැවැත්වෙන වින්ඩෝස් 11 hybrid work event 

Windows 11 Hybrid work event එළඹෙන අප්‍රේල් 5 වැනිදා පැවැත්වීමට නියමිත යි. මේ විශේෂාංගය  ඔස්සේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ අනාගතය කෙබඳු වේවිදැයි තීරණය  වනු ඇති බව  තාක්ෂණික ලෝකයේ බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. මේ event එකේ දී Panos Panay (chief product officer for Windows+ devices), Satya Nadella (Microsoft CEO) යන දෙදෙනා ම අදහස් දැක්වීමට නියමිත යි.

ඔවුන් දෙදෙනාගේ sessions අතරතුර දී Windows මෙහෙයුම් පද්ධතියට අලුතෙන්  එකතු වීමට නියමිත පහසුකම්, සේවා, ආරක්ෂණ ක්‍රමවේද, කාර්යක්ෂමතාව සහ පලදායිතාව වර්ධනය කර ගැනීමේ ක්‍රමවේද වැනි බොහෝ දේ හඳුන්වා දීමට නියමිත යි. 

දැනට ලැබෙන තොරතුරු අනුව අනාගත ලෝකය උදෙසා මයික්‍රොසොෆ්ට් සමාගමේ දැක්ම සහ නව ප්‍රවණතා සමඟ සමාගම ඉදිරියට යන්නේ කෙසේද වැනි බොහෝ දේ ඇතුළු ව ඉදිරි කාලය සඳහා මයික්‍රොසොෆ්ට් සමාගමේ දැක්ම මෙහිදී එළිදැක්වෙනු ඇති.

Microsoft CEO Satya Nadella පවසන අන්දමට මයික්‍රොසොෆ්ට් සමාගම තම මෙහෙයුම් පද්ධතිය වෙත ඔවුන් එක් කිරීමට නියමිත නව පහසුකම්වලින් සමන්විත පරිගණකයක් වුවත් ඉතා පහසුවෙන් hybrid work පරිගණකයක් බවට පත් කර ගැනීමට හැකිවනු ඇත. මුළු ලෝකය ම මේ වෙද්දී කොවිඩ් හේතුවෙන් පීඩාවට පත්ව ඉන්නවා සේම බොහෝ දෙනෙක් තම ගෙදර ඇති පරිගණකයෙන් ම රාජකාරී කටයුතු වල නිරත වෙනවා (Work from home). මේ සියලු දෙනාට නව මෙහෙයුම් පද්ධතියේ පහසුකම් එක්ක ඒ සියලු දේ වඩා පහසුවෙන් කර ගැනීමට හැකි වේවි යයි ඔවුන් විශ්වාස කරනවා. කොවිඩ් කාලය පුරාවට ම විවිධ සමාගම් ඔවුන්ගේ සේවාවලට විවිධ පහසුකම් එක් කරන්නට කටයුතු කළා. multiple monitors, multitasking,Teams integration වැනි බොහෝ දේට improvements සිදු කරන්නට මයික්‍රොසොෆ්ට්  සමාගමත් කටයුතු කළා.

smarter වන Windows  clipboard එක – Twitter.com

Smarter Clipboard

එළඹෙන 5 වැනිදා එළිදැක්වේවි යැයි විශ්වාස කෙරෙන පහසුකම් අතරින් එකක් තමයි smarter clipboard කියන්නේ. දැනටමත් Windows 11වල මේ පහසුකම තිබුණත් වඩාත් improved පහසුකම් ඉදිරියෙස්දී දැකගැනීමට හැකිවේවි යයි විශ්වාස  කෙරෙනවා. මේ නව පහසුකම වින්ඩෝස් 11ට එක්වීමට නියමිත අතර එය productivity feature එකක් ලෙසයි සැලකෙන්නේ.

Tabs පහසුකමක් File Explorerවලට?

File Explorer වෙත tabs open කිරීමට හැකි වෙන ලෙස පහසුකම් එක් කිරීමට මයික්‍රොසොෆ්ට් සමාගම සුදානම් ව ඉන්නවා. එයත් පෙර Dev Buildවල දැක ගැනීමට හැකි වුණා. මෙය මුලින් ම වින්ඩෝස් 10ට එක් කිරීමට තිබුණු පහසුකම් වුවත් පසුව එය අත්හැර දැමුණා. වින්ඩෝස්11 නිකුත් වූ විට එහි මුල් කාලයේ Dev Buildවල මේ පහසුකම දැකගැනීමට හැකි වුණත් පසුව එය අක්‍රීය කර දැමුණා. කොහොම නමුත් මේ පහසුකම වින්ඩෝස් පරිශීලකයන්ට අලුත් ම අත්දැකීමක්  ලබා දේවි.

 .File Explorerවලට Tabs? – Theverge.com

 

අලුත් වෙලා වෙනස් වෙන Windows email app

Windows 11 හරි කලින් තිබුණු OS  එකක හරි Email යවන්න තියෙන app එක වෙන්නේ Outlook app එක. හැබැයි බොහෝ දෙනෙක් මේක භාවිත කරන්නේ නම් නැහැ. මේ නව හයිබ්‍රිඩ් සංකල්පය එක්ක අලුත් වෙන පහසුකම් අතරට මේ නව Outlook app එකත් අයිති වෙනවා කියලා දැනගන්නට ලැබෙනවා. එය දැනට නම් කර තිබෙන බවට ආරංචි වෙන්නේ “One Outlook” ලෙස යි. 

 අලුතෙන් One Outlook – Theverge.com

 

3D metaverse වෙත එන Microsoft Teams

Metaverse  කියන සංකල්පය දැන් තාක්ෂණික ලෝකය ආක්‍රමණය කර අවසන්. මයික්‍රොසොෆ්ට් ආයතනයත් මෙටාවර්ස් එකට එකතු වෙන බවට කාලයක ඉදන් ඉඟි පළකරමින් ඉන්නවා. එළඹෙන 5 වැනිදාට අපිට මයික්‍රොසොෆ්ට් හි මෙටාවර්ස් ආගමනය ගැන  හරියට ම බලාගන්න පුළුවන් වේවි. 3D avatars Microsoft Teams වෙත ගෙන එන බවට සමාගම ප්‍රකාශ කළේ 2022 මුල් කාලයේදී ම යි.

මේ පහසුකම ඔස්සේ ඔබට ඔබේ වෙබ් කැමරාවෙන් ම කිසිඳු VR උපකරණයක් භාවිත නොකර 3D avatars භාවිත කරමින් meetings සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. මෙහි තිබෙන වඩාත් අපුර්වත ම තාක්ෂණයක් වෙන්නේ ඔබ meetingsවලට සම්බන්ධ වෙන සෑම අවස්ථාවක ම ඔබේ වෙබ් කැමරාව සක්‍රීය කිරීම අත්‍යවශ්‍ය  නොවීම යි. ඔබේ හඬ අනුව 3D avatarsවල සරල විවිධ ලෙස චලනය කරන්නත් හැකි ලෙසින් ඉතාම දියුණු කෘත්‍රිම බුද්ධිමය වැඩසටහනක් (AI) මේ සමඟ ක්‍රියාත්මක වෙනවා.

 Metaverse එන්න අඩි තියන Microsoft – Theverge.com

 

Microsoft Edge එකත් අලුත් වෙයි ද? 

Edge browser එකට Microsoft සමාගම නව්‍ය ආරක්ෂණ සහ වැඩ පහසු කර ගත හැකි features රැසක් විටින් විට එකතු කරන්නේ ඒ සමඟ තරතරගකාරී ව පවතින අනෙක් වෙබ් බ්‍රව්සර්ස් අතරින් කැපී පෙනෙන්න යි. දැනට දැනගන්නට ලැබෙන ආකාරයට Microsoft Edge බ්‍රව්සර් එකේ PDF reader එකට විශාල improvements රැසක් එක වීමට නියමිත යි. ඊට අමතර ව බ්‍රව්සර් එකට කාලයකට පෙර අත්හදා බැලු Workspaces feature එකත් එකතු වනු ඇති බවට අනුමාන පළ වෙනවා.

එතකොට Security and management?

මේ 5 වැනිදා පැවැත්වෙන ඉවෙන්ට් එක හුදෙක් ම Microsoft business-focused ඉවෙන්ට් එකක් පමණක් ම බවට පත් වේවි Security and management කියන කොටසට කිසිම දෙයක් එහිදී නොකළොත්. එය එහෙම වෙන්නේ නැහැ. මයික්‍රසොෆ්ට් සමාගම වින්ඩෝස් 11වල ආරක්ෂාව පිළිබඳ මෙහෙයුම් පද්ධතිය නිකුත් කරද්දී දැඩි ලෙස සැලකිලිමත් වෙන බව  TPM සහ  Secure Boot නොමැති ව එය ස්ථාපනයට ඉඩ නොදීමෙන් ම අපිට හිතා ගන්නට පුළුවන්. 

 Remote Work වලට වැඩි ආරක්ෂාව – Theverge.com

 

වින්ඩෝස් ඩිෆෙන්ඩර් වෙත මෑතක එකතු වූ  vulnerable driver blocklist වැනි පහසුකම් වගේ ම නුදුරේදී ම එක්වේවි යයි අනුමාන කෙනෙර තවත් ආරක්ෂණ ක්‍රමවේද සහ පහසුකම් හරහා මේ මෙහෙයුම් පද්ධතිය වඩ වඩාත් remote work වැනි දේ වෙනුවන් වැඩි ආරක්ෂාවක් එක් කරාවි.

කවරයේ ඡායාරූපය-  theverge.com 

මූලාශ්‍ර : 

theverge.com

zdnet.com

twitter.com 

windowscentral.com 

pcgamer.com 

Related Articles