Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නාසා ආයතනය නිසා ලොවට බිහි වුණු අපූර්ව දේවල් 5ක්

මිනිසාට අභ්‍යවකාශ තරණය කිරීමේ දී ඒ සඳහා විවිධ ආරක්ෂක උපක්‍රම වගේම නවතම ආකාරයේ උපාංග අවශ්‍ය වුණා. ඒ සඳහා ඒවා විශේෂයෙන්ම නිපැයුණු අතර පසුකාලීනව පෘථිවියේ එදිනෙදා ජීවිතය සඳහා ද එම සොයාගැනීම් භාවිතා කරන්නට පටන් ගැනුණා. මේ ලයිස්තුවෙන් අපි ඔබට ගෙන එන්නේ ඒ ආකාරයෙන් එදිනෙදා ජීවිතයට එක් වුණු, නාසා ආයතනය විසින් ලොවට හඳුන්වා දුන් නිපැයුම් කිහිපයකුයි.

මෙමරි ෆෝම්

පිට කොන්දේ සෞඛ්‍යය ද රැකදෙන මෙමරි ෆෝම්(memoryfoamwarehouse.co.uk)

අපේ කොට්ටවල, සීට්වල, සපත්තුවල, හෙල්මට්වල නිතර දකින්නට ලැබෙන මෙමරි ෆෝම් නිපදවනු ලැබුවේ ගුවන් යානාවල ගමන් කරන මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටයි. ඒ අනුව 1970 දී ඒම්ස් පර්යේෂණ මධ්‍යස්ථානය විසින් මෙය හඳුන්වා දෙනු ලැබුවා එය ඒ තරම් සවිමත් සහ ගැටීමක් අවශෝෂණය කර ගැනීමේ හැකියාවෙන් යුතු ද යත් අඩි 10 ක ඉහළ සිට බිමට වැටුණු වැඩිහිටියකුගේ පතිත වීමෙන් ඇතිවන ගැටීම අවශෝෂණය කර ගන්නට තරම් එය සවිමත් වූවා.

ගිනි නිවන ඇඳුම් කට්ටල

pxhere.com

අභ්‍යවකාශ ගමන්වලදී අවශ්‍ය වන ඔක්සිජන් ටැංකි ඉතා අඩු බරකින් යුතුව පිටෙහි එල්ලා ගෙන යා හැකි ආකාරයට නාසා ආයතනය විසින් නිපදවනු ලැබුවා. ඒ වගේම අභ්‍යවකාශ ගත කිරීම් වලදී ඇති විය හැකි හදිසි ගිනි ගැනීම් හෝ පිපිරීම් නිසා අජටාකාශගාමීන්ට සිදුවන අනතුරු වළක්වන්නට ඔවුන්ගේ ඇඳුම් ගින්නට ඔරොත්තු දෙන ආකාරයට සහ ඔවුන් පළඳින මුහුණු ආවරණය හරහා හානි සිදු නොවන්නට එය සවිබල ගැන්වීම ද සිදු කරන්නට අවශ්‍ය වුණා.

ඒ අනුව ගිනි නිවන භටයන්ට ද ඉතා දුම් සහිත, ගිනි ඇවිලුණු ස්ථානයන්හි ගමන් කිරීමේදී ඔක්සිජන් ටැංකි සහ මෙන්ම ගින්දර මැදින් වුව ඇවිද යා හැකි ඇඳුම් කට්ටල යොදා ගැණුනා. එයට අභ්‍යවකාශ ඇඳුම්වල වගේම රේඩියෝ පද්ධතියක් ද අඩංගු කෙරුණු නිසා ගිනි නිවීමේ නිරතව සිටිය දී නිලධාරීන් සමඟ තොරතුරු හුවමාරු කරගන්නට එය පහසුවක් වුණා.

සූර්ය බලයෙන් විදුලිය

amazonaws.com

නාසා ආයතනය ද සම්බන්ධ ගෝලීය කාලගුණ වෙනස්කම් නිරීක්ෂණය කිරීම සඳහාවූ ERAST නමැති ව්‍යාපෘතියක් වෙනුවෙන් තනන ලද විශේෂ යානා වර්ගයකට විදුලි බලය සපයා ගැනීම සඳහා ක්‍රමවේදයක් අවශ්‍ය වුණා. ඒ සඳහා SunPower නම් සමාගම විසින් සිලිකන් වලින් සකසන ලද කෝෂ වර්ගයක් හරහා හිරු එළියෙන් ලැබෙන ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් කිරීමේ අපූරු ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා. මෙම ඉහළ කාර්යක්ෂමතාවයක් සහ අඩු පිරිවැයක් සහිත තාක්ෂණය ඉන් අනතුරුව ෆොසිල ඉන්ධන දහනය හරහා ගෝලීය උණුසුම ඉහළ යාමටද විසඳුමක් වශයෙන් ලොව පුරා භාවිතයට ගැනුණා.

ජල පිරිපහදුව

charitywater.org

පෘථිවිය මත 71% ක භූමියක පැතිර තිබෙන්නේ සාගරයයි. එහි ලෝක ජල ප්‍රමාණයෙන් 97% ක්ම අඩංගු වෙනවා. ඉතා සීඝ්‍රයෙන් ඉහළ යන ලෝක ජනගහනයට පානය කරන්නට ජලය ඇත්තේ 1%ක ප්‍රමාණයක් පමණයි. අජටාකාශගාමීන්ට අභ්‍යවකාශයේදී පානය කිරීමට අවශ්‍ය ජලය විශාල ප්‍රමාණවලින් ගෙනයාමේ හැකියාවක් නොමැති නිසා ඔවුන්ගේ මළ මුත්‍රා වලින් පවා තෙතමනය නැවත ජලය බවට පත්කර ගැනීමට සිදුවෙනවා. මේ සඳහා භාවිතා කරන ලද සාර්ථක තාක්ෂණය මේ වනවිට ජලය සොයා ගැනීමට අපහසු රටවල් වල ඉතා විශාල වශයෙන් භාවිතා වෙනවා. මෙහිදී අපජලයෙන් රසායනික අධිශෝෂණය, අයන හුවමාරුව, සහ අධි පෙරහන් කිරීම හරහා අපද්‍රව්‍ය ඉවත් කිරීමෙන් බීමට සුදුසු තත්ත්වයේ නැවුම් පිරිසිදු ජලය බවට පත් කරගනු ලබනවා.

කුඩා ප්‍රමාණයේ කැමරා

කැමරාවක අඩංගු CMOS සෙන්සරයක් (timeincuk.net)

නාසා ආයතනය විසින් කුඩා ප්‍රමාණයේ කැමරා සඳහා අවධානය යොමු නොකළා නම් අද ඔබගේ අතේ තියෙන දුරකතනයේ කැමරාවක් තිබෙන එකක් නැහැ. මේ කාලය වනවිට දුරකතන හරහා ඡායාරූප ගැනීම ඉතා විශාල වශයෙන් සාමාන්‍කරණයට පත් ව තිබෙන අතර කුඩා ප්‍රමාණයේ කැමරා සැකසීමේ වඩාත් අවශ්‍යතාවය ඇති වූයේ අභ්‍යාවකාශයට යවන උපාංගවල සවි කිරීම සඳහා යි. ඒ අනුව 1990 වර්ෂයේදී නාසාහි Jet Propulsion Laboratory කණ්ඩායම විසින් chip එකක් මත කැමරාවක් රැඳවිය හැකි ආකාරයේ CMOS සෙන්සරය සොයාගනු ලැබුවා.

මෙයාකාරයට එදිනෙදා ජීවිතයට මෙන්ම තාක්ෂණයේද පෙරලියක් ඇතිකිරීමට අභ්‍යවකාශ තාක්ෂණය ඉවහල් වූ ආකාරය පුදුම සහගතයි. ඒ අනුව අනාගත තාක්ෂණය ගැන නිමිති කීමද මේ අනුව අපහසු බවයි පෙනී යන්නේ.

කවරයේ ඡායාරූපය: browardcollegeblog.com

Related Articles