Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබේ නිර්මාණ රැකගන්නට CopyRight වෙනුවට CopyLeft

අන්තර්ජාලයේ ආගමනයත් සමගම කතුහිමිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධීන් ඉතා බහුල වශයෙන් දකින්නට ලැබෙනවා. මෙලෙස කතු හිමිකම් උල්ලංඝනය කිරීම ඉතා පහසු දෙයක් බවටත් පත්ව තිබෙනවා මෙන්ම එම උල්ලංඝනය කිරීම් නවතාලන්නට ද ක්‍රම රැසක් බිහිව තිබෙනවා.

නිර්මාණකරුවෙක් වශයෙන් ඔබට ඔබගේ බුද්ධිමය දේපල රැක ගැනීමේ දී, ඡායාරූපකරණ ශිල්පීන් තමන්ගේ ඡායාරූප වලට කතුහිමිකම් ඇතුළත් කිරීමත්, මෘදුකාංග සංවර්ධනයන් මෘදුකාංග බලපත්‍ර ඇතුළත් කිරීමත්, බ්ලොග් රචකයන් ඒවා සඳහා DMCA දැන්වීම් අඩංගු කිරීමත් සිදු කළ යුතු වෙනවා. නමුත් ඔබ මහා පරිමාණ වශයෙන් නිර්මාණ කටයුතු කරනවා නම් එය එතරම් පහසු දෙයක් වන්නේ නැහැ.

මෙන්න මේ ගැටළුවට විසඳුමක් වශයෙන් නිර්මාණකරුවන් විසින් CopyRight වෙනුවට CopyLeft භාවිත කරනවා.

Copyright කියන්නේ මොකක්ද?

sbcinterlaw.com

කොපිරයිට් ලෙස හඳුන්වන්නේ නීතිමය පසුබිමක් මත නිර්මාණකරුවෙක් විසින් තමන්ගේ නිර්මාණයට ලබාදෙන බලපත්‍රය යි. එම නිර්මාණය උපුටා ගත යුත්තේ කෙසේ ද, වෙනස් කළ යුත්තේ කෙසේ ද, සහ නැවත බෙදාහැරිය යුත්තේ කෙසේ ද යන්න එහි දක්වා තිබෙනවා. මෙම සීමාවන් ඉක්මවා යමින් තහනම් කරන ලද වෙනස් කිරීමක් සහ බෙදා හැරීමක් සිදු කරන ලද අවස්ථාවක දී එයට විරුද්ධව නීතිමය පියවර ගන්නට නිර්මාණකරුවාට මෙය හරහා හැකියාව ලැබෙනවා. මෙම කතුහිමිකම යන සංකල්පයෙහි මූලික අරමුණ වන්නේ නිර්මාණකරුවා විසින් ඔහුගේ නිර්මාණයක් පිළිබඳව දැඩි නීති බාධක පනවාලීම යි. අවශ්‍ය අවස්ථාවන්හි දී තනි පුද්ගලයන්ට එය ඉක්මවා යන්නට විශේෂ අවසර නිර්මාණකරුවා විසින් ලබා දිය හැකියි.

Copyleft සංකල්පය

designsocietydevelopment.org

Copyleft බලපත්‍ර ද Copyright බලපත්‍රවල නීතිමය පදනම යටතේම පවතිනවා. කතුහිමිකම් එහි අනු කොටසක් වනවා. මෙය සියලුම පරිශීලකයන්ගේ නිදහස ලබාදීම වෙනුවෙන් පෙනී සිටින අතර එය කතු හිමිකම් උල්ලංඝනය කිරීම පමණක්ම අරමුණු කර ගන්නේ නැහැ. මෙම සංකල්පයෙන් දැක්වෙන්නේ සියලුම නිර්මාණ ඕනෑම කෙනෙක්ට නිදහසේ භාවිතා කරන්නට, උපුටා ගන්නට, වෙනස් කරන්නට, සහ යළි බෙදා හැරීමට හැකියාව ලැබිය යුතු අතර එසේ කරන ලද නව නිර්මාණ පෙර නිර්මාණයේ තිබූ නිදහස එලෙසින්ම පවත්වා ගත යුතු බව යි. 2010 වර්ෂයේ දී නිදහස් මෘදුකාංග නීති සම්පාදක මධ්‍යස්ථානය (Software Freedom Law Centre) විසින් නීති පද්ධතියක් අනුමත කර ගැනීමෙන් අනතුරුව Copyleft බලපත්‍ර උල්ලංඝනය කිරීම් නීතිය හරහා දඬුවම් දිය හැකි වරදක් බවට පත්කරගැනීමට ඇමරිකාවේ දී හැකියාව ලැබුණා. එවන් වරදක් සඳහා නියම කරනු ලබන උපරිම දඩ මුදල ලෙස $90,000ක් පනවනු ලැබුවා.

Share-alike හරහා නිදහස බෙදාදීම

Roarහි අපි අනිවාර්යයෙන්ම ඡායාරුවක හිමිකාරීත්වය සඳහන් කළත්, මේ බීතෝවන්ගේ ඡායාරුව Public domain යටතේ ඇති නිසා එය උපුටාගත් තැන සඳහන් කළ යුතු නැහැ. එනමුත්, (flicker.com)

Copyleft බලපත්‍රයක් අවසර ලබාදීමේ බලපත්‍රයක මට්ටමෙන් නවතින්නේ නැහැ. එසේම එය හරහා කිසිවෙකුටවත් ඔවුන්ට ඕනෑම දෙයක් කිරීමේ හැකියාව ලබා දෙන්නේ ද නැති අතර එය තවත් පැතිකඩ වෙත විහිදී යනවා. එහි ප්‍රධාන අංගයක් වන්නේ කිසිවකු විසින් වෙනස් කර බෙදාහරිනු ලබන නිර්මාණයක් එහි පෙර නිර්මාණය තිබූ බලපත්‍රය එලෙසින්ම පවත්වා ගැනීමයි. ඡායාරූප ශිල්පියෙක් විසින් තමන් ලබාගන්නා ලද ඡායාරූපයක් මුදා හැරිය විට, එය බාගත කරගෙන, ඔබට අවශ්‍ය ලෙස වෙනස් කර නැවතත් බෙදා හැරීමේ දී ඔබ අනිවාර්යයෙන්ම ඔබේ නිර්මාණයට ද වෙනස්කම් කොට බෙදා හැරීමට අනෙකුත් අයට අවසර ලබා දීමට ද සුදානම්ව සිටිය යුතු වෙනවා. Share-alike ලෙස හැඳින්වෙන්නේ මෙයයි.

පොදු වසම් (public domain) බලපත, MIT බලපත copyleft ගණයට නොගැනෙන්නේ මේ නිසාමයි. පොදු වසම් බලපත කියන්නේ බුද්ධිමය දේපල හිමිකාරීත්වය අහෝසි වුණු ශේක්ස්පියර්, බීතෝවන් ආදීන්ගේ නිර්මාණ, පැරණි චිත්‍ර හා ඡායාරූප, නිව්ටන්ගේ සූත්‍ර, මුල්කාලීන නිහඬ චිත්‍රපට ආදිය යි. ඒවා මෙන්ම මෘදුකාංගවලට MIT බලපත යොදන ලද විට ඒ මූලාශ්‍ර අවශ්‍ය පරිදි වෙනස් කොට, ඊට වඩා බලපෑමෙන් වැඩි බලපතක් යොදා, කිසිවකුටත් එම නව නිර්මාණය වෙනස් කළ නොහැකි සේ බෙදා හැරීමේ හැකියාව තිබෙනවා. නමුත් copyleft බලපත් නිදහස ලබාගැනීම පමණක් නොව නිදහස බෙදාලීම ගැනත් පදනම් වෙනවා.

නිදහස හැමවිටම නොමිලේ ලැබෙන්නේත් නැහැ

gigaom.com

Copyleft බලපතෙන් ව්‍යුත්පන්න (derivative) නිර්මාණයක් කිරීමට අවසර දෙනවා වගේම ව්‍යුත්පන්න නිර්මාණයකින් තවත් ව්‍යුත්පන්න නිර්මාණයක් කරද්දී එහි පළමු නිර්මාණයේ තිබූ නිදහසම ලබන්නට ඕනෑම කෙනෙක්ට අවස්ථාව සලසා දෙනවා. එනමුත් එය හැමවිටම නොමිලේ ලබන්නට බැහැ. මුල් නිර්මාණකරුවා විසින් copyleft බලපත මුදලක් නියම කොට ලබා දෙන්නට තීරණය කළහොත් එය මිල දී ගැනීමෙන් පමණයි ව්‍යුත්පන්න නිර්මාණ කරන්නට අවස්ථාව ලැබෙන්නේ.

මෙයට හොඳම උදාහරණයක් වන්නේ ලිනක්ස් වෙළුමක් වන Red Hatහි Enterprise බෙදාහැරුම යි. Red Hat මෙහෙයුම් පද්ධතිය GNU General Public License (GPL) හෙවත් copyleft ආකාරයේ බලපතකින් ආවරණය කොට ඇති ලිනක්ස් කර්නලය පාවිච්චි කරනවා. ඉතින් එය ඩොලර් 49ක් වැනි මුදලකට නම් කරද්දී ඔවුන්ට Red Hatහි මූලකේත (source code) ටිකත් එ් අනුව GPL වරපතට යටත් නිසා ලබා දෙන්නට සිදුව තිබෙනවා. මේ අවසරයෙන් Red Hat මත පදනම්වූ ව්‍යුත්පන්නයක් වන CentOS බිහිවුණා. එය, ප්‍රථම නිර්මාණය වූ ලිනක්ස් කර්නලය මෙන්ම නොමිලේ බෙදාහරින්නක්. නමුත් කිසිවෙකුටවත් Red Hat Enterprise Linux (RHEL) යන නම භාවිතා කරන්නට නොහැකිව තිබෙන්නේ එය වෙළඳනාමයක් ලෙස ලියාපදිංචි කර ඇති නිසායි.

Creative Commons සතු බලපත්‍ර

pixabay.com

බලපත් නිකුත් කරන සහ නිර්මාණ අයිතීන් වෙනුවෙන් කැපවුණු, ධන පරිත්‍යාගයන් මතින් මූලිකව යැපෙන සේවාවක් වන Creative Commons හරහා Copyleft ආකාරයේ බලපත්‍ර වර්ග දෙකක් ලබාගන්නට පුළුවන්.

ඉන් එකක්, Creative Commons Attribution-ShareAlike license (CC BY-SA) හෙවත් නිර්මාණයක නිර්මාතෘවරයාගේ නම සඳහන් කොට, share-alike ආකාරයට එම බලපතම යොදා වෙනස්කර බෙදාහරින්නට අවසර ලබා දෙනවා. අනෙක, Creative Commons Attribution-NonCommercial-ShareAlike license (CC BY-NC-SA) හෙවත් පෙර බලපත්‍රයේ කරුණු යටතේම අදාල නිර්මාණය කිසිදු වෘත්තීයමය වශයෙන් විකිණීමකට යොදා ගත නොහැකි ලෙස තවදුරටත් ආවරණය කරනු ලබනවා.

මේ බලපත්‍ර ඔබට Creative Commons වෙබ් අඩවිය හරහා ලබාගෙන ඔබේ නිර්මාණවල ඇතුලත් කරන්නට පුළුවන්. චිත්‍ර හරහා මෙන්ම අැතැම්වා සිංහල බසින් ඉදිරිපත් කර ඇති නිසා වෙනත් බලපත් මෙන් මෙම Creative Commons බලපත්‍ර වටහා ගැනීමට පිටු ගණන් ලියූ විස්තර කියවන්නට අවශ්‍ය වන්නේත් නැතිවීම විශේෂත්වයක්.

කවරයේ ඡායාරූපය: diggndeeper.com

Related Articles