Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වැඩිම ආදායමක් ලබන තාක්ෂණික ආයතන 5

මේ ලැයිස්තුව ලෝකයේ නමක් දරන විශාලතම තාක්ෂණික ආයතන ගැන නම් නොවෙයි. Fortune සඟරාව විසින් පරිගණක දෘඩාංග, මෘදුකාංග, ඉලෙක්ට්‍රොනික් උපාංග, අර්ධ සන්නායක, අන්තර්ජාල සේවා, දුරකථන උපාංග සහ අන්තර්ජාල වෙළඳපොළ සේවාවන් ආදී දේහි නිරත වන තාක්ෂණික සමාගම් ලබන ආදායම අනුව කළ Fortune 500 ශ්‍රේණිගත කිරීම මත ගොඩනගන ලද ලැයිස්තුවක්.

1. ඇපල් සමාගම

gothamcityesq.com

ඇමරිකාවේ පිහිටා ඇති බහුජාතික සමාගමක් වන ඇපල් සමාගම එදිනෙදා භාවිත වන ඉලෙක්ට්‍රොනික් උපකරණ, මෘදුකාංග නිපැයීම සහ අන්තර්ජාල සේවා සැපයීම සිදු කරනවා. මෙම සමාගමේ දෘඩාංග අතර iPhone, iPad, මැක් පරිගණක, Apple Watch සහ ශ්‍රව්‍ය දෘෂ්‍ය ධාවකයක් වන Apple TV අඩංගු වෙනවා. 1976 වර්ෂයේදී අරඹන ලද මෙම සමාගමේ නිර්මාතෘවරුන් වූයේ ස්ටීව් ජොබ්ස්, ස්ටීව් වොස්නියැක් සහ රොනල්ඩ් වේන් යන අයයි. ආදායම අතින් මෙම සමාගම 62 සිටියද 2016 වර්ෂයේ දෙවන කාර්තුව වනවිට වෙළඳපොළ කොටස් හිමිකාරිත්වය අතින් ඔවුන් 22.3%ක්වූ සැම්සන්ග් සමාගමට පමණක් 12.9% ලෙස දෙවැනි වෙනවා. 2015 වර්ෂයේදී ඇපල් සමාගම Google සමාගම ද අභිබවා යමින් ලොව වැඩිම වටිනාකමක් ඇති සන්නාමය බවට පත්වුණා. දැනට ඔවුන්ගේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 229.2 ක් වනවා.

2. සැම්සන්ග් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම

wccftech.com

දකුණු කොරියාව කේන්ද්‍ර කරගත් බහු ජාතික සමාගමක් වන සැම්සන්ග් රටවල් 80 ක, 308,700ක් පමණ ජනතාවකට රැකියා සපයා තිබෙනවා. 1969 වර්ෂය අරඹන ලද මෙම සමාගම එදිනෙදා අවශ්‍ය වන ලේඛන උපාංග, අර්ධ සන්නායක සහ ගෘහ උපකරණ නිෂ්පාදනය කරන සමාගමක් වනවා. මෙම ආයතනය ලිතියම් අයන බැටරි, අර්ධ සන්නායක, චිප්, මතක පත් සහ දෘඪ තැටි ආදී උපාංග තැනීම සඳහා නම් දරා සිටින අතර Apple, Sony, HTC සහ Nokia සමාගම්වලටද කොටස් නිෂ්පාදනය වෙනුවෙන් සහාය වෙනවා. මේ වන විට ඔවුන්ගේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 174 ක් පමණ වෙනවා.

3. ඇමසන්

scpolicycouncil.org

1994 වර්ෂයේදී ආරම්භ කරන ලද ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ පිහිටා ඇති මාර්ගගත වෙළඳපොළ සේවාවක් සහ වලාකුළු පරිගණකකරණ සේවාවන් සපයන ආයතනයක් වන ඇමසන් ප්‍රථමයෙන් පැවතුණේ පොත් විකුණන වෙබ් අඩවියක් ලෙස යි. ඉන් අනතුරුව සීඩී, ගීත, පරිගණක මෘදුකාංග, පරිගණක ක්‍රීඩා, ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහ භාණ්ඩ, ආහාර, සෙල්ලම් බඩු සහ ආභරණ ආදී සෑම ආකාරයකම භාණ්ඩ විකුණන සමාගමක් බවට පත්වූ අතර මේ වනවිට ටැබ් පරිගණක සහ ගෘහස්ථ කෘත්‍රිම බුද්ධිමය සහායක උපාංග නිපදවීම අරඹා තිබෙනවා. ඔවුන්ගේ වර්තමාන වාර්ෂික ආදායම ඩොලර් බිලියන එකසිය තිස් හයක් පමණ වනවා.

4. ෆොක්ස්කෝන්

cultofmac.com

Foxconn සමාගම තායිවානයේ පිහිටා තිබෙන අතර කොන්ත්‍රාත් පදනම මත ඉලෙක්ට්‍රොනික් උපාංග නිපදවන ලොව විශාලතම නිෂ්පාදකයා වශයෙන් නම් දරා තිබෙනවා. 1974 වර්ෂයේ අරඹන ලදුව මේ වනවිට ඇමෙරිකානු, කැනේඩියානු, ජපන් ආදී රටවල ඉලෙක්ට්‍රොනික උපාංග සකසා දෙන ආයතනයක් බවට පත්ව තිබෙන අතර බ්ලැක්බෙරි, ඇපල්, සෝනි, ඇමසන් වැනි ලොව ප්‍රසිද්ධ ආයතන ඒ අතුරෙහි සිටිනවා. සේවකයන් පාලනය කිරීමේ දී ඇති වූ ගැටලු නිසා මෙම ආයතනයේ සේවකයන් දාහතර දෙනෙක් පමණ 2010 වර්ෂයේදී සියදිවි හානිකර ගැනීම්වලට ලක්ව තිබෙනවා. මේ නිසාම ඒවා වැළැක්වීම සඳහා වුන්ගේ ආයතන ගොඩනැගිලිවල ඒ සඳහා ආරක්ෂක උපක්‍රමද සකසනු ලැබුවා. මේවා නිසා ලොව දැඩි කතාබහට ලක් වූ ආයතනයක් වශයෙන් පැවතියදීත් Steve Jobs මෙම ආයතනය එසේ නොකරන බවටත්, ඉතා හොඳ ආයතනයක් බවටත් ප්‍රකාශයක් ලබා දෙමින් ඔවුන්ව ආරක්ෂා කළා. මේ වන විට ඔවුන්ගේ වාර්ෂික ආදායම ඇමරිකන් ඩොලර් බිලියන එකසිය තිස්පහක් පමණ වනවා.

5. ඇල්ෆබට්

dailyforexreport.com

Alphabet කියනවාට වඩා මේ සමාගම අපට හුරු පුරුදු වන්නේ ගූගල් සමාගම ලෙස හැඳින්වීමෙනුයි. එම සමාගමේ නිෂ්පාදන ප්‍රමාණය වැඩි වීමත් සමගම ඒ සියල්ලම එක් නිවහනක් යටතට ගැනීමේ පරමාර්ථය ඇතිව alphabet ලෙස එය 2015 වර්ෂයේදී නම් කරනු ලැබුවා. මන්ද ඒ වන විටත් ඉංග්‍රීසි හෝඩ්ය හැම අකුරකම පාහේ නමකින් යුත් නිෂ්පාදනයක් ඔවුන් සතුව පැවැතුණා. මෙම සමාගමේ නිර්මාතෘ වරයා වශයෙන් ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් හඳුන්වනු ලබනවා. ඇමරිකාවේ කැලිෆෝනියාවේ පිහිටා ඇති මෙහි සේවා නියුක්තිකයන්ගේ 78,800 ක් පමණ 2017 වර්ෂය වන විට සේවය කරමින් සිටිනවා. abc.xyz යන අපූරු ඩොමේන් නාමයට හිමිකම් කියන මොවුන්ට alphabet.com යන්න ලබා ගැනීමට නොහැකි වූයේ එය BMW සමාගම විසින් ලබාගෙන තිබීම නිසයි. ඔවුන්ගේ වත්මන් වාර්ෂික ආදායම ඩොලර් බිලියන 90.2ක් පමණ වෙනවා.

මෙම ලයිස්තුවේ ඉතිරි ස්ථානවල Microsoft, Hitachi, IBM, Huawei, Sony ආදී සමාගම් සිටින අතර ඇමරිකාව, ජපානය සහ චීනය මෙම ලැයිස්තුවට එක් වූ රටවල් අතර ඉහළින්ම සිටිනවා. ඉතින්, ශ්‍රී ලංකාව මෙතැනට යන්නෙ කවදාද?

කවරයේ ඡායාරූපය: grist.org

Related Articles