Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ෆේස්බුක් එකේ අලුත්ම Explore tab එකට බය වෙන්න ඕනෑ ද?

අපේ ගම් පළාතට, මාතර ප්‍රදේශයට උල්කාපාතයක් කඩා වැටීමත් එක්කම හැමෝටම ඊට පස්සෙන්දා දකින්නට ලැබුණ තවත් අමුතුම දෙයක් තමයි ෆේස්බුක් app එකේ තවත් අලුත් රොකට් එකක් වගේ button එකක් add වෙලා තියෙන බව. පසුගිය කාලය මුළුල්ලේම ඔවුන් විවිධාකාර යාවත්කාලීන කිරීම් පරිගණකය සහ දුරකථන වලට ලබා දුන් අතර බොහොමයක් මෙතෙක් පැවති ක්‍රමය වෙනස් කරන ආකාරයේ දේවල් බවට පත්වුණා. මෑතක දී පැමිණි Facebook instant articles ක්‍රමවේදය යටතේ blogsද facebook යටතට ගැනුණු අතර ඊට සමගාමීව ඔවුන් මාර්ගගත වෙළඳ පොළද ෆේස්බුක් පිටු හරහා භාවිතා කිරීම අවස්ථාව ලබාදෙමින් මාර්ගගත වෙළඳපොළ වෙබ් අඩවි වලට අපෙන් වැයවන කාලය ද facebook වෙතම රඳවා ගන්නට කටයුතු කළා.

මේ අතරතුරේ තමයි අපිට දැන ගන්නට ලැබුණේ ඔවුන් මුරපදය අමතක වෙලා හෝ වෙනත් හේතු නිසා අපිට ගිණුම් වලට පිවිසීමට නොහැකි වූ විට ඒ සඳහා මෙතෙක් පැවති email, SMS ආදී ක්‍රමවේදයන්ට අමතරව මුහුණු සලකුණු හෙවත් මුහුණු හඳුනාගෙන අපගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමේ නව ක්‍රියාවලියක් ඊට එකතු කරන බවයි.

News feed එකට වෙනසක්

zilo.com

මෙතෙක් කල් අපිට දකින්නට ලැබුණු newsfeed එකේ තිබුණේ යහළුවන් විසින් දමන ලද status, ඡායාරූප, වීඩියෝ, share කරපු දේවල් සහ වෙළෙඳ දැන්වීම් සියල්ලම එක ගොඩේ කවලමේයි. ඒ දේවල්නුත් පිළිවෙලට නොමැතිව අපි කැමති අයගේ ඒවා වැඩිපුර පෙන්වමින්, එක අතකට අපව ඒ දේවල් වලටම කොටුකරන ලද පෝස්ට් ලයිස්තුවකටයි. ඉතින් අපට ලයික් නොකරන ලද අලුත් දෙයක් දැන ගන්නට නම් අනිවාර්යෙන්ම එය යහළුවෙක් විසින් ශෙයා කරපු එකක් ම විය යුතු වුණා. ඔවුන්ගේ algorithm ඒ සඳහා වන කරුණු හතරක් ෆීඩ් එක පෝස්ට් එකක් තෝරා ගැනීමේදී භාවිත කරනු ලැබුවා. ඒවා නම්; පෝස්ට් එක දමන ලද වේලාව, එය පළකරන ලද පුද්ගලයාට ඔබේ ඇති කැමැත්ත, වෙනත් අය එම පෝස්ට් එකට කෙතරම් ප්‍රතිචාර දක්වා ඇති ද යන්න සහ වර්ගය (අකුරු, ඡායාරූප, video) වැනි දේවල් අනුවයි.

පෝස්ට් එක පළ කරන ලද වේලාව

මූලික ලයිස්තුවක දී අපට පෙන්විය යුතු වන්නේ ඉතාම මෑතකදී දමන ලද ඒවා පමණක් නොව මෙහි තිබෙන විශේෂ ඇල්ගොරිතමය නිසා ඔබ නිතර facebook එන්නේ නැති කෙනෙක් නම් ඔබ දැකිය යුතු වැදගත් විය හැකි දේවල් මඳක් පැරණි වුවත් ඒවා ඉහළට ගෙන පෙන්වන්නට Facebook news feed එක කටයුතු කරනවා. ඒ වගේම ඔබ විනාඩි දහයෙන් දහයට facebook එනවා නම් ඉතාම මෑත ඒවා ඔබට දකින්නට ලැබෙනවා.

පළ කරන ලද පුද්ගලයාට ඔබේ ඇති කැමැත්ත

මීට පෙර අවස්ථාවන්හිදී ඔබ විසින් කිසියම් කෙනෙකුගේ පෝස්ට් වලට වැඩිපුර like, comment ආදිය දමනවා නම් ඔවුන්ව ඉතා වැදගත් පුද්ගලයන් වශයෙන් සලකා ඔවුන්ගේ දේවල් ඔබට වැඩිපුර පෙන්වන්නට ෆේස්බුක් බුද්ධිමත් වෙනවා. ඒ වගේම ඔබ එවන් වැඩිපුර සබඳතා දක්වන කෙනෙක් තවත් ඔබේ ම යහළුවකුගේ පෝස්ට් එක ප්‍රතිචාර දක්වා තිබුණා නම් ඒවාද ඉහළට ගෙන එනු ලබනවා.

වෙනත් අය දක්වන ප්‍රතිචාර

පල කරන ලද පෝස්ට් එකකට බොහෝ වැඩිපුර ප්‍රතිචාර දක්වනවා නම් එය වටිනා කියන එකක් බවට හඳුනා ගන්නට facebook සමත් වෙනවා. ඒ අනුව ඔබත් එයට උනන්දු බව දන්නා නිසා අනිවාර්යයෙන්ම එය ඔබේ දෑස මායිමට ගෙන එන්නට එය අමතක කරන්නේ නැහැ.

පෝස්ට් එකේ වර්ගය

ඔබ වැඩිපුර ප්‍රතිචාර දක්වන පෝස්ට් එකේ වර්ගය අනුව ඒවා ශ්‍රේණිගත කරන්නට ඔවුන් කටයුතු කරනවා. මෙසේ කිරීමෙන් පසුව දෙනෙකු ඡායාරූප අඩංගු ඒවාට වැඩිපුර ප්‍රතිචාර දක්වන්නට වූ නිසා අක්ෂර අඩංගු ඒවාට ඇති අවධානය බොහෝ සෙයින් ගිලිහී ගියා. මේ නිසා තමයි මෑතකදී අක්ෂර අඩංගු ඒවාටද පසුබිම් රටාවන්, වර්ණයන් එකතු කිරීම සඳහා ඔවුන් පහසුකමක් සලසා දුන්නේ.

Explore feed එකේ අන්තර්ගතය වෙනස්

cnet.com

පළකිරීම්වල ශ්‍රේණිගත කිරීම සඳහා වෙනසක් සිදු වී නැතත්, විවිධ වාසි වගේම අවාසිත් රැසක් නවතම රොකට් ටැබ් එකත් එක්ක ලැබී තිබෙනවා. සාම්ප්‍රදායක අච්චාරු news feed එක වෙනුවට මෙය හරහා page වලින් පළ කරන ලද ඒවා වෙනමම පෙන්වනු ලබනවා. මෙහි ඇති වෙනස නම් ඔබ like කරලා නැති pages වල ඒවා වූවත් මෙහි අන්තර්ගත වීමයි. මේ නිසා ඔබ එකම අපි ඒවාට කොටු නොවී විවිධ මූලාශ්‍ර වලින් ලැබෙන දේවල් සමඟ දැනුවත් වීම, යාවත්කාලීන වීම සිදුවෙනවා. අත්හදා බැලීම සඳහා විවිධ රටවල කිරීමෙන් අනතුරුව මේ වන විට එය හැමෝටම පරිගණකයට සහ දුරකථන වලට ලබා දී තිබෙනවා.

මෙය පැමිණීමත් සමඟම පේජ් ඇඩ්මින්ලා බොහොම බය වුණා – පණ එපා වුණා. මොකද, මේ නව විශේෂාංගයක් සමඟ සාමාන්‍ය newsfeed එකේ තිබුණු පේජ්වල පෝස්ට් සියල්ලම ඉවත් කර explore feed එකට යොදනු ලැබුවා. ඒ නිසා ඔවුන්ට හැමෝම කලබල වුණේ මේ පටන් කිසිවකුත් ඔවුන්ගේ නිර්මාණ නොදකිනු ඇතැයි කියායි. නමුත් ඇත්තම කතාව වෙනත් දෙයක්. මෙම නව විශේෂාංග හරහා like නොකරන ලද නමුත් අපි කැමති ප්‍රවර්ග වලට අදාල වෙනත් ආකාර වලින් පළ කරන ලද post ද මෙම feed එකට අන්තර්ගත වෙනවා. උදාහරණයක් වශයෙන් ඔබ Roar ටෙක් facebook පිටුවට like කර තිබෙනවා නම් අපි වගේම තාක්ෂණික ලිපි පළ කරන වෙනත් සයිට් ද මෙතැන් පටන් ඔබට දකින්නට ලැබෙනවා. මේ නිසා එකම ප්‍රවර්ගයක තිබෙන පේජ් වලට අමතර වාසියක් මෙයින් සැලසෙනවා.

Page වලින් වෙළඳ දැන්වීම් වශයෙන් පළ කරන ඒවා සාමාන්‍ය newsfeed එකටද යනු ලබන අතර දැනට නම් explore feed එකේ වෙළඳ දැන්වීම් පෙන්වන බවක් නම් දක්නට නැහැ. ඒ කොහොම නමුත් මෙම නව පිටුව හරහා ඔවුනට මුදල් සෙවීම සඳහා නව මාර්ගයක් විවෘත වෙනවා. ඊටත් වඩා ඔබව තවත් වැඩිපුර කාලයක් ඔවුන්ගේ සේවාවෙහි රඳවා ගන්නට ඔවුන්ට මේ හරහා හැකියාව උදා වෙනවා. කොහොමටත් දැනටත් බොහෝ දෙනෙක් සමාජ ජාලා වෙබ් අඩවි වල පළ කරන දේවල් අනුව ඔවුන් කියා සිටින්නේ යාළුවන්ගේ කපල් ෆොටෝ, ෆේස්බුක් වීරයන්/keyboard වීරයන්ගේ පල්හෑලි වැනි විකාර වලින් ඉවත් වෙලා යමක් දැනුමට එකතු කරගන්නට හෝ විනෝදමත් ආකාරයේ post දකිමින් කාලය ගත කරන්නට මේ හරහා අවස්ථාව සැලසෙන බවයි.

(Thambaru/Roar)

 

ඔබට Roar ෆේස්බුක් පිටුවේ අලුත්ම දේවල් මුලින්ම දකින්න ඕන නම් මෙහෙම කරන්න. අපේ ෆේස්බුක් පිටුවට ගිහින් එතැන තියෙන Follow බොත්තම මත ක්ලික් කරලා එවිට ලැබෙන තිරයෙන් හෝ මෙනුවෙන් See First යන්න තෝරන්න. දැන් ඔබට අපේ කිසිම ලිපියක් මඟ හැරෙන එකක් නැහැ.

ඉතින් මේ නවතම අංගය ගැන ඔබේ අදහස කුමක්ද?

කවරයේ ඡායාරූපය: Thambaru/Roar

Related Articles