Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2017 වර්ෂයේ තාක්ෂණික ලොව ධනවතුන් පස්දෙනා

තාක්ෂණය හරහා ලොවට යමක් දායාද කරමින් සිත් දිනා ගන්නා අතරතුරේම, ලොව වැඩිම ධනස්කන්ධයකට ද හිමිකම් කියන්නට සමර්ථ වුණු පස් දෙනකු ගැනයි මේ ලයිස්තු ලිපිය ගොඩනැඟෙන්නේ. මොවුන් පිළිබඳව දැනගැනීමෙන් අතර පොරොත්තු විය යුත්තේ අපටත් එම ස්ථානයට යාම සඳහා ඉලක්කයක් ඇති කර ගැනිමින් ‘හැමදේම ඇමෙරිකාවට සහ වෙනත් රටවලටය’ යන මතයෙන් මිදීමයි.

බිල් ගේට්ස්

photoshelter.com

ලෝක ධනවතුන් ලැයිස්තුගත කිරීමේ දී හැම කාලයක් මුළුල්ලේ සිටම එහි මුල් තැනට පත් වූයේ මොහුයි. මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘවරයකු වූ මොහු ඔහුගේ බිරිඳ වන මෙලින්ඩා ගේට්ස් සමග දැන් ලොව විශාලතම පෞද්ගලික දානපති ආයතනය වන බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් පදනමෙහි කටයුතු කරනවා. මෙය හරහා ලෝක සෞඛ්‍යය නගා සිටුවීමට කටයුතු කරන අතර ඔවුන් පෝලියෝ රෝගය සම්පූර්ණයෙන්ම ලෝකෙන් තුරන් කිරීම සඳහා Rotary International ආයතනය සමඟ කටයුතු කරමින් පවතිනවා. අවුරුදු විසි හතරක් තිස්සේ ධනවත් ලැයිස්තුවේ ඉහළින්ම සිටින බිල් ගේට්ස් ගේ වත්මන් ආදායම නොවැම්බර් මාසය වනවිට ඩොලර් බිලියන 89ක් වනවා.

ජෙෆ් බෙසෝස්

cgtn.com

ඇමසන් ප්‍රධානී ජෙෆ් බෙසෝස් 2017 වර්ෂයේ ජූලි මාසයේ දී ඉතා කෙටි කාලයක් සඳහා ලොව ධනවත් ලැයිස්තුවේ මුල් තැනට ද පත් වූවා. ඔහුද amazon 1994 වර්ෂයේදී ගරාජය අරඹන ලද අතර මේ වන විට ඔහු එම සමාගමේ 17%ක වත්කම් හිමිකාරිත්වයක් දරනවා. ඔහු අභ්‍යවකාශ ගමනාගමනය ගැන වැඩි කැමැත්තක් දක්වන ඔහුගේම සමාගමත් වන Blue Origin සමාගම නැවත භාවිතා කළ හැකි ආකාරයකට නිපදවමින් අනාගතයේ දී මිනිසුන් ප්‍රවාහනය කරන සමාගමක් බවට පත්වීමට සූදානම්ව සිටිනවා. 2013 වර්ෂයේදී ඔහු ඇමෙරිකාවේ දිනපතා පුවත්පතක් වූ The Washington Post පුවත්පත ද මිලදී ගනු ලැබුවා. ඔහුගේ වර්තමාන වත්කම බිලියන 95 ක් පමණ වෙනවා.

මාක් සකර්බර්ග්

sheleadsafrica.org

2004 වර්ෂයේ දී හාවඩ් විශ්ව විද්‍යාලයේ සිටියදී ව්‍යාපෘතියක් වශයෙන් ඔහු facebook අරඹන ලද්දේ අවුරුදු 19 ක් වෙද්දී යි. 2012 මැයි මාසය වනවිට ඔහු එය ප්‍රසිද්ධියට පත් කරන ලද අතර මේ වනවිට ඔහු facebook හි ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයුතු කරමින් 17% ක කොටස් හිමිකාරිත්වයක් ද දරනවා. ඔහු තම භාර්යාව වන ප්‍රිශිලා චෑන් සමඟ ඈරඹූ චෑන් සකර්බර්ග් ආයතනය හරහා 2005 වර්ෂයේ දෙසැම්බර් පළවෙනිදා ඔවුන්ගේ facebookහි වෙළඳපොළ කොටස් වලින් සියයට අනූ නවයක්ම ලෝක දරිද්‍රතාවය නැති කිරීම වෙනුවෙන් ලබා දෙන්නට තීරණය කළා. මේ වනවිට ඔහුගේ සම්පූර්ණ කම ඩොලර් බිලියන 73.8 ක් පමණ වනවා.

ලැරී එලිසන්

incimages.com

1977දී ඔරකල් මෘදුකාංග සමාගම ඇරැඹීමට දායක වූ ඔහු Relationship දත්ත පාදක වෙනුවෙන් වැදගත් දායකත්වයක් ලෝකයට සිදු කරනු ලැබුවා. 2014 වර්ෂයේ දී එහි ප්‍රධාන නිලධාරී තනතුරෙන් ඉවත් වූ ඔහු ඉන් අනතුරුව අද වනතුරුම එහි සභාපති ධූරය සහ ප්‍රධාන තාක්ෂණික නිලධාරියා වශයෙන් කටයුතු කරනවා. 2010 වර්ෂයේදී ඔරකල් සමාගම වලාකුළු පරිගණකකරණයට අත්පොත් තබමින් ඩොලර් බිලියන 9.3කට NetSuite සමාගම මිලදී ගත්තා. ඉන්පසු දෘඩාංග තාක්ෂණය වෙත යොමු වෙමින් Sun Microsystems සමාගම 2010 වර්ෂයේදී බිලියන 7.4 කට මිළදී ගත්තා. 2016 වර්ෂයේදී එලිසන් තම වත්කමෙන් ඩොලර් මිලියන 200 ක් වියදම් කරමින් ඇමරිකාව දකුණු කැලිෆෝර්නියානු සරසවියට පිළිකා ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ඇරඹීම සඳහා මුදල් වෙන් කළා. මේ වනවිට ඔහුගේ වත්කම ඩොලර් බිලියන 59.6ක් වනවා.

ලැරී පේජ්

qz.com

1997 වර්ෂයේ දී ඔහුගේ විශ්ව විද්‍යාලය වූ ස්ටැන්ෆර්ඩ් සරසවියේදි එහි සිටි සර්ජි බ්‍රින් සමග එක්ව ගූගල් සමාගම අරඹනු ලැබුවා. ගූගල් සෙවුම් යන්ත්‍රයේ ප්‍රධානම කොටස වන වෙබ් අඩවි ශ්‍රේණිගත කිරීමේ ඇල්ගොරිතමය වන PageRank සංකල්පයේ නිර්මාතෘ වරයා වනවා. මෑතකදී ගූගල් සමාගම Alphabet Inc. ලෙස නම් කරන ලද අතර ඔහු දැන් එහි ප්‍රධාන නිලධාරියා වශයෙන් කටයුතු කරනවා. 2017 වර්ෂයේ ඔක්තෝබරයේ දී මුළු ලෝකයේම ධනවතුන් අතර දොළොස්වන තැනට හිමිකම් කී ඔහු ඇමරිකානු ඩොලර් බිලියන 44ක වත්කමකට හිමිකම් කියනවා.

මූලාශ්‍රය: Forbes

Related Articles