Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Programming රැකියාවක සම්මුඛ පරීක්ෂණවලට උපදෙස් සහ වෙබ් අඩවි

රැකිය‍ාවක් ලබා ගනිද්දී, රැකියාව ලබාගෙන කරනවාටත් වඩා සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීම තමයි විශාලම ගැටළුව බවට පත් වෙන්නේ. එයට සූදානම් වීම සඳහා විවිධ මාවත් අන්තර්ජාලය පුරා තිබෙන නිසා ඔ‍බේ හැකියාවන් සමග විශ්වාසය වර්ධනය කරගත්තාම නොබියව ඊට මුහුණ දෙමින් රැකියාව ඔබේ කරගන්නට අවස්ථාව ලැබෙනවා.

සූදානම් වීමට ප්‍රශ්න 10ක්

හොඳින් සූදානම් වුණාම ආත්ම විශ්වාසය ගොඩනැඟෙනවා (thebalancecareers.com)

සම්මුඛ පරීක්ෂණයකට ‍මුහුණ දීමේ දී ආයතනයක් විසින් අපෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න අවබෝධ කරගත්තාම ඉතාම පහසුවෙන්, විශ්වාසයෙන් යුතුව ඊට මුහුණ දෙන්නට අපිට හැකියාව ලැබෙනවා. පොදුවේ ආයතනයක් විසින් අපේක්ෂා කරනු ලබන දේවල්වලට පිළිතුරු මේ ප්‍රශ්න හමුවේ ඔබේ සිත තුළ ගොඩනඟා ගන්න.

1. ඔබේ තිබෙන අඩුපාඩු මොනවාද? (මෙවන් පැනයකට ධනාත්මක පිළිතුරක් දෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස, “මගේ තිබෙන එකම දුර්වලතාව තමයි ගන්න ජොබ් එකට කැපවීමෙන් වැඩ කරන්න හිතෙන එක!” කියමින් ඔවුන්ගේ හිත් දිනාගන්න පුළුවන්)

2. ඔබව මේ තනතුරට තෝරා ගත්තොත්, ඔබට මුහුණ දෙන්නට සිදුවන අභියෝගවලට මුහුණ දෙන්නේ කොහොමද?

3. සාර්ථක කණ්ඩායමක් හැදෙන්න නම් මොන වගේ දේවල් ඔබ තුළ තිබෙන්න ඕන ද?

4. ඔබ මෑතක දී කළ හෝ සහභාගී වුණු ව්‍යාපෘති (projects) මොනවා ද?

5. ඔබට ලබාදුන් කර්තව්‍යයක් කෙතරම් හොඳට කරන්න පුළුවන් කියා ඔබ සිතනවා ද?

6. ඔබ අලුත්ම තාක්ෂණික ප්‍රවෘත්ති දැනගන්න වෙබ් අඩවි පාවිච්චි කරනවා ද? ඒවා මොනවා ද? (ඔබ දැනටමත් Roar ටෙක් කියවමින් සිටින නිසා මෙය නම් ගැටළුවක් නැහැ)

7. ඇයි ඔබ කලින් රැකියාවෙන් ඉවත් වෙලා මේ නව රැකියාව තෝරා ගන්නට හිතුවේ?

8. ඔබ වැඩ කරද්දී ඔබ සමග සිටින කණ්ඩායම එක්වරම නැතිව ගියහොත්? ඔබට තනිව සියලු වැඩ කරගන්නට හැකි වේවි ද? ඔව් නම්, ඒ කොහොම ද?

9. මේ රැකියාවට අපි ඔබව තෝරාගත යුත්තේ ඇයි? සහ ඔබ මෙයට අයැදුම් කළේ ඇයි? (උත්තරේ “සල්ලි නැති නිසා” බව ඇත්ත නමුත්, ඔබේ හැකියාවන් ගැන හොඳින් මෙහි දී විස්තර කිරීම වැදගත්)

10. දැනට තිබෙන ව්‍යාපෘතියක් ඔබේ නව අදහස් සමග වෙනස් කළ හැකි ආකාරයක් ගැන විස්තර කරන්න?

Pramp

අන්තර්ජාලයෙන් මුහුණ දිය හැකි සම්මුඛ පරීක්ෂණ (dailykobo.com)

මෙම වෙබ් අඩවියේ නම [PRA]ctice [M]akes [P]erfect හෙවත් “පුහුණු වන තරමට දක්ෂකම වැඩි වේ” යන කියමන මුල් කරගෙන එහි ඇති අකුරු යොදාගෙන සකසා තිබෙනවා. සම්පූර්ණයෙන්ම නොමිලේ සැපයෙන මේ සේවාව සමාජ ජාලයක් වැනි යි. පරිගණක ක්‍රමලේඛකයෙකු, පරිගණක ඉංජිනේරුවරයෙකු වශයෙන් සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වන්නට අවශ්‍ය දක්ෂතා මෙයින් ගොඩනඟා ගන්නට පුළුවන්. ‍මෙහි සම්මුඛ පරීක්ෂණයන් කරන්නේ පරිශීලකයන් විසින් ම යි. ඒ කියන්නේ ඔබටත් පරීක්ෂකවරයෙකු/වරියක බවට පත් වන්නටත් අවස්ථාව තිබෙනවා.

අවශ්‍ය පරිගණක ක්‍රමලේඛන භාෂාව තේරීමෙන් පසු, අපිට ගැළපෙන තවත් පරිශීලකයෙකු සමග සබඳතාව ගෙ‍ාඩනඟා දෙනවා. ඔවුන් අපව පරීක්ෂණයට ලක් කර ලකුණු ලබාදෙන අතර, ඉන්පසු අපිට ඔවුන්ව පරීක්ෂා කරන්නට පුළුවන්. මෙම ක්‍රමයේ ඇති විශේෂත්වයක් වන්නේ රැකියා අපේක්ෂකයෙකු පමණක් නොව, පරීක්ෂකයෙකු වශයෙන් එවැන්නෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද, කරන අඩුපාඩු දකින්නට ලැබීම වැනි ‍දෑ හරහා ඊට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය පුහුණව ලැබීම යි. ඕනෑ තරම් වාරයක් මෙලෙස පුහුණු විය හැකි අතර, ඔබට දුර්වල යැයි හැ‍ඟ‌ෙන අංශයන් තෝරා, ඒවා වැඩිපුර පුහුණු වන්නට ද අවස්ථාව සලසා තිබෙනවා.

පිවිසෙන්න: pramp.com

InterviewBit

වෙබ් අඩවි අතුරුමුහුණත- පාඨමාලා හැදෑරීමට ද හැකියි.

C, C++, Java, Python යන පරිගණක ක්‍රමලේඛ භාෂාවන් මුල් කර ගත් මෙම වෙබ් අඩවිය if-else, loops, සහ variableවල scope එක, Data typeවල size එක පිළිබඳ මූලික දැනුමක් ඇති කෙනෙක්ට පාවිච්චි කළ හැක්කක්. මෙහි ක්‍රියාවලිය සිදුවන්නේ Course එකක් වශයෙනුයි. කේත කිරීම් සම්බන්ධ ගැටළු විසඳමින් ඔබේ Profile එකට වටිනාකමක් ගොඩනඟා ගන්නට සිදුවෙනවා. දිනකට පැය 2-3ක් පමණ ගත කරමින් points 200ක් පමණ එකතු කරගත හැකි නම් මාස තුනකින් පමණ මෙහි තිබෙන පාඨමාලාවන් සම්පූර්ණ කරගන්නට පුළුවන්. විසඳීමේ දී ගැටළු ඇති වුණොත් මේ අඩවියේම සිටින වෙනත් පරිශීලකයන්ගේ උදව් ලබා ගැනීමට ද අවස්ථාව ලබා දී තිබෙනවා.

මෙලෙස පුහුණු වත්ම ඔබේ හැකියාවන් දියුණු වන නිසා අවසානයේ ලොව වටා වූ රැකියාවන්ට ඔබ සුදුසු පුද්ගලයෙකු බවට පත්වෙනවා. ෆේස්බුක්, ඇමසන්, සැම්සන්ග් ආදී ආයතනයන්ගේ පුරප්පාඩුවලට ඔබ සුදුසු මට්ටමකට පැමිණි විට ඒවාට පහසුවෙන්ම ඉල්ලුම් කරන්නට අවස්ථාව උදා වෙනවා. වෙබ් අඩවිය විසින් අපේ අයැදුම් පත්‍රය පරීක්ෂා කර, අපේ සුදුසුකම් තීරණය කිරීමෙන් අනතුරුවයි අදාළ ආයතනයෙන් සම්මුඛ පරීක්ෂණයක් ලබාගත හැකි වෙන්නේ. දැනට එසේ තෝරාගැනුණු අය විසින් මුහුණ දුන් සම්මුඛ පරීක්ෂණවල තිබූ ප්‍රශ්න ලබාගෙන, ඒවාට ද අපිට සූදානම් වෙන්නට පුළුවන්. ඉතින්, මෙවන් ලොකු එකකට නොගියත් ලංකාවේ ඉහළ පෙළ ආයතනයකට අවශ්‍ය පරිදි අන්තර්ජාතික සම්මත මට්ටමකින් ඔබේ හැකියාවන් වර්ධනය කරගන්නට මේ වෙබ් අඩවිය ඉඩ ප්‍රස්ථාවන් සලසා දෙනවා.

පිවිසෙන්න: InterviewBit.com

Interviewing

වෙබ් අඩවි අතුරුමුහුණත- කේත මඟින් පිළිතුරු සපයන ආකාරය

තාක්ෂණික ආයතනයක රැකියාව ලබාගනිද්දී කේත ගැටළුවලට අපිට මුහුණ දීමට ඇති හැකියාව පරීක්ෂා කරනවා. මෙම වෙබ් අඩවිය C, C++, Go, Java, MySQL, PHP, Python, Visual Basic ඇතුළු පරිගණක ක්‍රමලේඛ භාෂා රැසකට පහසුකම් සපයනවා. සාමාන්‍යයෙන් පරීක්ෂණයකට මුහුණ දීමේ දී අපි කරදර වෙන ප්‍රධානම දෙයක් තමයි අපේ ප්‍රතිරූපයට ඉන් හානියක් පැමිණේදැ යි කියන එක. හැබැයි, මේ නොමිලේ සැපයෙන සේවාවේ ඇති විශේෂත්වයක් තමයි අපි එහි Register වුණාට පරීක්ෂණවලට Anonymous (අඥාතව) ලෙස පෙනී සිටීමට හැකි වීම. මෙලෙස පරීක්ෂණවලට මුහුණ දීමෙන් පසු ඔබ කැමති නම් අදාළ ආයතනයට ඔබ ගැන හෙළිදරව් කර, රැකියාව සඳහා පිවිසීමට අවස්ථාව සලසා ගන්නට පුළුවන්.

පුහුණු වීමේ දී අපේ Profile එකෙහි වටිනාකම වැඩි වන අතර, එවිට එම සුදුසුකම්වලට ගැළපෙන සමාගම්වලින් ඇරයුම් ලැබෙනවා. මේ නිසා ජොබ් එකක් ඉල්ලාගෙන යනවා වෙනුවට ඔබේ හැකියාවට ගැළපෙන රැකියාවක් ඔබවම සොයාගෙන එන එක වෙනස්ම අත්දැකීමක් බවට පත් වේවි‍. ගූග්ල්, මයික්‍රොසො‍ෆ්ට්, ඌබර් වැනි සමාගම් රැසක් මෙම අඩවිය හා සම්බන්ධව සිටින නිසා අන්තර්ජාතික මට්ටමේ පළපුරුද්දක් මේ හරහා ඔබට ලබා ගන්නට හැකි වේවි.

පිවිසෙන්න: Interviewing.io

කවරය: awesomelytechie.com

Related Articles