Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Windows phone මළ බව බිල් ගේට්ස් තහවුරු කරයි?

මේ වසරේ ජූලි මාසයේදී windows phone 8.1 සඳහා සහය දැක්වීම මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නවතනු ලැබූ නමුත්, පසුගියදා Fox News Sunday වෙත පැමිණි මයික්‍රොසොෆ්ට් සමාගමේ සහ-ආරම්භක බිල් ගේට්ස් පවසා සිටියේ තමා microsoft මෘදුකාංග වලින් අනූන වූ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් භාවිතයට යොමුවී සිටින බවයි. මෙය ඇත්තෙන්ම ලොව කළඹන ප්‍රකාශයක්. පසුගිය කාලයේ iPhone සහ android ප්‍රතිස්ථාපනය කරමින් ඉතා විශාල වෙහෙසක් දරමින් microsoft සමාගමේ දුරකතන මෙහෙයුම් පද්ධතියක් වන වින්ඩෝස් ෆෝන් මෙහෙයුම් පද්ධතිය සමාජගත කරන්නට ඔවුන් දැරූ උත්සාහය තත්පර කිහිපයකින් ඵල රහිත කරන්නට මෙම ප්‍රකාශය සමත් වෙනවා.

එහෙත් තවමත් Windows දුරකථන භාවිත වෙනවා

cbsistatic.com

Microsoft සමාගම  ස්මාර්ට් දුරකථන මෙහෙයුම් පද්ධතිය සඳහා නිල වශයෙන් සහය දැක්වීම නැවැත්වුවද තවමත් ලොව පුරා ඒවා මිලදී ගත් බොහෝ දෙනෙක් භාවිතා කරනවා. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත දුරකථන ප්‍රධාන වශයෙන්ම නිපද වූ නොකියා සමාගමද මේ වන විට වින්ඩෝස් වෙතින් ඉවත් වී (ඔවුන්ගේ ගිවිසුම් කාලය අවසන් වූ නිසා) ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත දුරකතන නිපදවීමට සහ වෙළෙඳපොළට ද හඳුන්වා දෙන්නට මේ වන විටත් කටයුතු කොට හමාරයි.

බොහෝ පුරෝකථනයන්ට අනුව වින්ඩෝස් දුරකතන අභාවයට යන බව කියවුණත් AdDuplex විසින් කළ සමීක්ෂණයක ප්‍රතිඵල අනුව ඔවුන් දක්වන්නේ සියයට අසූවක්ම Windows දුරකථනවල ධාවනය වන්නේ windows 7, 8 සහ 8.1 මෙහෙයුම් පද්ධති බවයි.

අවසානය එතරම්ම නරක නැහැ

xda-cdn.com

Windows phone 8 මෙහෙයුම් පද්ධතියට සාපේක්ෂව 8.1 මෙහෙයුම් පද්ධති වෙළුම් ඉතා විශාල පෙරළියක් එම මෙහෙයුම් පද්ධති සඳහා සිදුකරනු ලැබුවා. ඒවා අතර Cortana, දැනුම්දීම් මධ්‍යස්ථානයක් ඇතුළු මූලික මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන වෙනස්කම් රැසක් මෙහි අඩංගු වුණා. මයික්‍රොසොෆ්ට් සමාගමට සාපේක්ෂව මෙම මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් ඔවුන් විශාල වෙහෙසක් දරා ඇති බව පසක් වූවත් එය iphone හෝ android සමග තරඟ කරන්නට තරම් ප්‍රබල වූයේ නැහැ.

මේ වන විට වින්ඩෝස් 10 mobile මෙහෙයුම් පද්ධතිය උපාංග වලට යොදනු ලබන අතර සදහා සහය දැක්වීම ද ඔවුන් ඉදිරියටත් සිදු කරනු ලබන බවට පැහැදිලි ප්‍රකාශයක් සිදුකර නැහැ. ඒ වගේම දැනට පරිගණක සඳහා යොදවන  windows 10 creators update නවතම වෙළුම දුරකථන සඳහා අත්හදා බැලීමට ඔවුන් යොමු කර නැහැ. ඊට ප්‍රධානම හේතුව වන්නට ඇත්තේ දැනට තිබෙන දුරකථන සඳහා සහාය දීමට තරම් දෘඩාංගමය හැකියාවකින් යුතු නොවන බව වන්නට පුළුවන්.

බිල් ගේට්ස්ගේ දුරකථනය කුමක්ද?

මයික්‍රොසොෆ්ට් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා වන බිල් ගේට්ස් windows phone අගතිගාමී වී තිබෙන කාලයේදීවත් විධායක නිලධාරී තනතුරක් එම සමාගමේ දැරුවේ නැහැ. මේ නිසා කොහොමටත් අපිට ඔහු windows phone රසිකයෙක් යැයි ලේබල් කරන්නටත් අපහසුයි. වින්ඩෝස් පරිගණක මෙහෙයුම් පද්ධතියට මූලිකත්වය ගත්තත් දුරකථන මෙහෙයුම් පද්ධතිය සහ බිල් ගේට්ස් අතර මහත් සමීප සබඳතාවක් නැහැ. කොහොම නමුත් fox news අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මයික්‍රෝසොෆ්ට් සමාගමේ ඇප්ස් බොහෝ සංඛ්‍යාවක් භාවිත වන ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් ඔහු සතු බවයි. ස්ටීව් ජොබ්ස් යනු ප්‍රාඥයෙක් බව පිළිගන්නා ඔහු, තමන් windows ධාවනය වන පරිගණක භාවිතා කරන බවත් iphone සඳහා යොමුවීමට අදහසක් නොමැති බවත් සඳහන් කරනවා.

Bill Gates talks about his relationship with Steve Jobs and his smartphone of choice. Full interview on Fox News at 10pm ET.

Posted by Fox News Sunday on 24 सप्टेंबर 2017

මයික්‍රොසොෆ්ට් සමාගම මේ වන විට Samsung S8 දුරකථනවල Microsoft edition නමින් ඔවුන්ගේම වෙළුමක් වෙළඳපලට හඳුන්වාදී ඇති අතර ඒවායේ බොහෝ කොටම අඩංගු කොට ඇත්තේ මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිපදවන ලද දුරකථන යෙදුම් තමයි. මේවා මාස කීපයක සිටම ඇමරිකා එක්සත් ජනපදයේ විකිණීමට යොදා ඇති අතර එහි අන්තර්ගත යෙදුම් ලෙස Office, OneDrive, Cortana, සහ Outlook දකින්නට තිබෙනවා. ඉතින් මෙවන් පසුබිමක් යටතේ ඔහු මෙම දුරකථනය ප්‍රවර්ධනය කිරීමේ අදහසින් එම ප්‍රකාශය කරන්නට ඇතැයි සැක පළ කරන්නට පුළුවන්. ඒ කියන්නේ, බිල් ගේට්ස් සතුව තිබෙන්නේ සැම්සන්ග් S8 දුරකථනයක්.

වින්ඩෝස් ෆෝන් වලට වැරදුණේ කොතැනද?‍

ytimg.com

Windows සහ iOS කියන්නේ ආවෘත කේත සහිත  දුරකථන මෙහෙයුම් පද්ධති දෙකක්. එයින් අදහස් වන්නේ කිසිදු තෙවන පාර්ශවයකට මෙම කේත ලබා ගෙන ඊට වෙනස් කමක් කර බෙදාහැරීමට අවස්ථාවක් නොමැති බවයි. නමුත් එවැනි තත්ත්වයක් තිබියදී ඇපල් දුරකතන වලට බොහෝ දෙනෙක් windows වලට වඩා යොමු වුණේ ඇයිද කියලා ටිකක් හිතන්න වෙනවා. වින්ඩෝස් සමාගම nokia සමාගම සමඟ එක් වී තමන්ගේ දුරකථන වෙළඳපොළට හඳුන්වා දෙද්දී ඇපල් සමාගම තමන් විසින්ම තමන්ගේ iOS මෙහෙයුම් පද්ධතිය අඩංගු කරන ලද දුරකතන නිපදවූවා. මෙම iphone දුරකථන ඉතා දැකුම්කළු ස්වභාවයක් ගත් අතර තාක්ෂණය පිළිබඳව දැඩි ඇල්මක් නොමැති කෙනෙක් පවා ඇද බැඳ ගන්නා ආකාරයට ඒවායේ සැලසුම සකස් කොට තිබුණා. මේ නිසා ඉතා විශාල රසික පිරිසක්  apple වටා රොද බැඳුනු අතර windows ෆෝන් වල තිබූ කොටු හැඩැති මහත දුරකථන වලට වැඩි දෙනෙක් ආසා කළේ නැහැ.

මේ අතරේ විවෘත කේත සහිතව ඉතා විශාල නිෂ්පාදන සමාගම් සංඛ්‍යාවකින් නිපදවනු ලබන මෙහෙයුම් පද්ධතියක් වූ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මේ දෙකටම තරගයක් ලබා දෙනවා. 2016 වර්ෂයේ 99.6%ක්ම වෙළෙඳපොළ අල්වා ගන්නට සමත් වුණු android ඉතා විශාල මෘදුකාංග සංඛ්‍යාවක් සහිත play store එකෙන් ද සවිබලගැන්වී තිබෙනවා.In දෙවැනි තැන ඇපල් දුරකතන වලට ලැබුනත් windows phone වලට නම් ඒ අතින් හොඳ ඉරණමක් අත් වී නැහැ. ඉතින් මේ විදිහට පෙනුමෙන් හෝ භාවිත පහසුකම්වලින් තරගයක් වන්නට නොහැකි මෙහෙයුම් පද්ධතියකට අත්විය හැකි ඉරණම මුතුවෙන් කියන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඇත්තම කිව්වොත් එය මේ වන විටත් windows phone හරහා පසක් වී හමාරයි.

ytimg.com

ඕනෑම සමාගමක් සාමාන්‍යයෙන් තමන්ගේ අසාර්ථක ලෙස පෙනෙන ව්‍යාපෘති නවතා දැමීම හෝ ඊට නවමු හැඩයක් ලබාදී නැවත වෙළඳපොලට ඉදිරිපත් කිරීම දකින්නට ලැබෙනවා. ඉතාම ආසන්න උදාහරණයක් ලෙස මයික්‍රොසොෆ්ට් සමාගමේ ම වෙබ් බ්‍රව්සරයක් වූ Internet Explorer මේ ආකාරයට ඉවතලා ඒ වෙනුවට Microsoft Edge හඳුන්වා දෙනු ලැබූ නමුත් windows phone සඳහා නම් එවන් ප්‍රතිස්ථාපන සැලසුමක් තවම ඔවුන් සතුව නැති බවයි පෙනෙන්නට තිබෙන්නේ.

ඒ අනුව පෙනී යන පරිදි microsoft සමාගම තවදුරටත් ඔවුන්ගේ පරිගණක මෙහෙයුම් පද්ධතිය සමඟ ඉදිරියට යනු ඇති අතර දුරකථන සඳහා ඔවුන් ගේ ආගමනය සිදුවීම හුදෙක් මෘදුකාංග හරහා සිදු වනු ඇති බවයි අපට පුරෝකථනය කරන්නට හැකි වන්නේ. ඉතින් මේ ඔවුන්ගේ මේ ඉදිරි ගමන ගැන ඔබේ අදහස කුමක්ද? කමෙන්ට් එකකින් අපිට කියන්න.

කවරයේ ඡායාරූපය: techaeris.com

Related Articles