Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පොඩි කාලේ Play කරපු පරණ Games 7ක්

Windows 95-98 කාලයේ System Unit එක මත තැබූ සුවිසල් CRT මොනිටරය, ටයිප් කරද්දී මහත් හඬක් නඟන Mechanical කීබෝඩ් එක, සහ බොත්තම් දෙකක් පමණක් තිබූ විශාල මවුසය සමග ඔබටත් පළමු පරිගණකය ගැන රසවත් අත්දැකීමක් ඇතිවාට සැක නැත. ඒ කාලයේ තිබුණු DOS ගේම් කෙතරම් කුඩා ද යත්, දැන් බ්‍රවුසරයෙන් Play කරන්නට අවස්ථාව තිබේ.

කුමරිය බේරාගැනීමේ මෙහෙයුමක යෙදෙන Prince of Persia

දැන්වීම සහ ක්‍රීඩා‍ තිරදසුන් (mobygames.com)

අතීත පර්සියාව පදනම් කරගත් මේ ගේම් එකෙහි පැයක් තුළ කුමරියක් බේරාගැනීමට සිදු වේ. මුල්වරට 1989 දී නිකුත් වුණු මෙය, Prince of Persia: The Forgotten Sands වැනි ත්‍රිමාණ වෙළුම් හරහා ගමන් කොට, 2018 දී Prince of Persia: Escape නම් මොබයිල් ගේම් එකක් බවට ද පත් විය.

රාජ්‍ය උපදේශක මායාකරුවකු වන ජැෆාර් නමැත්තා සුල්තාන්වරයාගේ දුව කුටියක රඳවා, විනාඩි 60ක් ලබා දී බලෙන් විවාහ කරගැනීමට තැත් කරයි. ඇගේ පෙම්වතා සිරකර ඇති අතර, ඔහු එම කුටිය වෙත ගෙන යාම අපට පැවරෙන කාර්යභාර්ය යි. උල් කටු, ගිලටින (හිස ගසා දැමීමට යොදාගන්නා උපකරණයක්), මට්ටම් 3කට වැඩි පතල්, සහ කඩු අතැති ආරක්ෂකයන් යන බාධක මෙහි දී පසු කිරීමට සිදු වේ.

Online Play කරන්න: Prince of Persia (1990)

මරණය තෙක් සටන් වදින Mortal Kombat

MK II ආරම්භක තිරය (wallpaperaccess.com)

ෆැන්ටසි ලෝකයක විවිධ හැකියාවන්ගෙන් යුත් චරිත රැසක් එකිනෙකා හා සටන් වදින මෙය කොමික්, කාඩ් ගේම් මෙන්ම චිත්‍රපට වෙත ද පැතිර ගියේ සියල්ලන්ගේම සිත් ගත් ගේම් එකක් වශයෙනුයි. ලේ වැගිරීම් ද ඇතුළුව කෲරත්වය පදනම් වුව ද, එකල පරිගණක සඳහා තිබුණු හොඳ Fighting Game එකක් ලෙස මෙය බැහැර කළ නොහැකිය. මෙය සතු අද්වීතීය ලක්ෂණයක් වූයේ Fatality හෙවත් ප්‍රතිවාදියා අඩපණ වූ පසු විවිධ ක්‍රමවේදවලින් මරණයට පත් කළ හැකි අවස්ථාවක් ලබාදීමෙනි.

1992 දී මුල් වරට නිකුත් වුණු මෙය 2019 MK 11 දක්වා දුර ගමනක් පැමිණ තිබේ. එහි මුල්කාලීන වෙළුම් දැන් බ්‍රවුසරය හරහා ම නැවත අත්විඳින්නට අවස්ථාව තිබේ.

Online Play කරන්න: Mortal Kombat I / Mortal Kombat II / Mortal Kombat 3

Aladdin ගේ පුදුම පහන

ගිනි අඟුරු සහ දමා ගසන පිහිවලින් බේරී ගමන් කළ යුතු වේ (ytimg.com)

1992 දී ඩිස්නි සමාගම නිපැයූ චිත්‍රපටය පදනම් කර ගනිමින් 1993 දී සකසා ඇති මේ ක්‍රීඩාව අඛණ්ඩව පටියක ආකාරයෙන් (වැඩි වශයෙන්) දකුණු පසට ගමන් ගන්නා එකකි. මෙහි හඳුන්වාදීමේ උත්සවය සඳහා එකල $250,000ක් වියදම් කර තිබිණි.

කඩුවෙන් හෝ අතරමඟ දී හමුවන ඇපල් එකතු කරගෙන ඉදිරියට පැමිණෙන ප්‍රතිවාදීන්ට පහරදීමත්, ගිනි අඟුරු, ඉහළින් දමන වළං, දමා ගසන පිහි ආදියෙන් ගැලවෙමින් ඉදිරියට ගමන් කළ යුතු වේ. එකතු කරගන්නා මැණික් විකුණා අමතර lives සහ wishes ලබා ගත හැකි වන අතර, Genie Tokens එකතු කර ගත් විට Level එක අවසානයේ Mini Game එකක් ලැබෙයි.

Online Play කරන්න: Disney’s Aladdin 

SkyRoads – ගුරුත්වය මැදින් ඉදිරියට

අභ්‍යවකාශ පාරවල්? (ytimg.com)

අභ්‍යවකාශ යානාවක් බාධක සහිත මාර්ගය දිගේ ඉදිරියට ගෙන යාමට ඇති මෙය 1993 දී නිකුත් වූවකි. ඕනෑම level එකකින් මෙය පටන් ගත හැකි අතර, සෑම ග්‍රහලොවක්/ස්ථානයක් සඳහාම මාර්ග 3ක් බැගින් ලැබේ. තෝරාගන්නා ස්ථානය අනුව ගුරුත්වය වෙනස් වේ.

බාධක මඟහැරීමට Arrow keysවලින් ඉදිරියට හා දෙපසට ගමන් කරමින් Spacebar එකෙන් උඩ පැනීම මෙහි කළ යුතු අතර, පහළ ඇති මීටර්වලින් යානයේ වේගය, ඔක්සිජන් ප්‍රමාණය, ඉන්ධන ප්‍රමාණය සහ ස්ථානික ගුරුත්වය දක්වනු ලබයි.

Online Play කරන්න: SkyRoads

අහිංසකයන්ටත් වෙඩි තැබූ VirtuaCop 2

පොලිස් කාර් ගිනි තැබූ සොරු (replayers.org)

මෙය ක්‍රීඩකයාට දෙන ලද ගමන් මාර්ගයක ගමන් කිරීමට සිදුවන, ඇතැම් ස්ථානවල දී පමණක් සිතැඟි මාර්ගයක් ‍තෝරාගන්නට අවස්ථාව දෙන සීමාකාරී Game එකකි. එහෙත් කුඩා කල ඉන් ලද වින්දනය නම් අසීමිත බව නොරහසකි. 1997 දී පරිගණක වෙත ආ මෙය Sega ආයතනයේ නිෂ්පාදිත තවත් ජනප්‍රිය Game එකකි.

Rage, Smarty, සහ කාන්තා පොලිස් නිලධාරිනියක වන Janet යන තිදෙනාගෙන් සමන්විත මෙහි කළ යුත්තේ කාලය ඉක්මවීමට පෙර සොරුන්ට වෙඩි තබමින් ඉදිරියට යාම යි. සාමාන්‍ය පුද්ගලයින්ට වෙඩි නොතැබීම සිහි තබා ගත යුත්තක් වන අතර, අමතර උපකරණ ආදියට වෙඩි තබා rewards ලබා ගන්නට ද අවස්ථාව තිබේ.

මෙය බාගත කරගෙන Play කරන්නට සිදුවන අතර, මෙගාබයිට් 32.4ක් වැය වේ.

බාගන්න: VirtuaCop 2 ZIP 

ප්‍රචණ්ඩත්වය සමග ධාවනයට Road Rash

ආරම්භයේ දී බයික් එකේ ඉදිරිපස රෝදය එසවෙයි (filehorse.com)

බයික් රේස් එකක් සහ සටන් වැදීම එක්තැන් කළ Road Rash යනු Electronic Arts සමාගමේ තවත් අපූරු පරිගණක ක්‍රීඩාවකි. 1991 දී මුල්වරට Sega Genesis උපාංග වෙත හඳුන්වාදුන් අතර, පසුව පරිගණක සඳහා ද සකස් කරන ලදී. කැලිෆෝනියාවේ විවිධ මාර්ග පුරා රේස් පදිමින් පොලීසියෙන් ද ගැලවී ජය කණුව කරා ගමන් කිරීම මෙහි කළ යුතු වේ.

Road Rash සතු Busted, New Level, Loser වැනි විශේෂ අවස්ථාවන්හි දී ධාවනය වන සියලු වීඩියෝ ඉහත වීඩියෝවේ එක්තැන් කර තිබේ. ඒවායේ සත්‍ය ධාවනකරුවන් යොදාගෙන ඇති අතර, ඒවායේ දක්නට ලැබෙන කහ පැහැති යතුරුපැදිය ගේම් එකේ නිෂ්පාදකයා සහ නිර්මාණකරු වන රැන්ඩි බ්‍රීන්ට අයත් එකක් වීම විශේෂත්වයකි.

මෙය බාගත කරගෙන, Install කරගතයුතු අතර, වැය වන්නේ මෙගාබයිට් 27.8ක් පමණි. එම 7zip ගොනුව තුළ Game Files > CHEATS.txt වෙත පිවිස‍ීමෙන් Cheat Codes විවෘත කරගත හැක. ඒවා ටයිප් කිරීමට පෙර, රේස් එක අතරතුර දී XYZZY ලෙස ටයිප් කර chead mode එක සක්‍රීය කරගත යුතු වේ.

බාගන්න: Road Rash

කාර් ගේම් අත්පොත බඳු Need for Speed II

Ford GT90 කාරය (autovisie.nl)

Lotus Esprit V8, Jaguar XJ220 ආදියේ සිට McLaren F1 සහ Ford GT90 වැනි සුපිරි ගණයේ කාර් රථ අත්දැකීමක් පරිගණකය හරහා අත්විඳින්නට අවස්ථාව දුන් NFS II, කවුරුත් එක සේ ප්‍රිය කරන ‍පරිගණක ක්‍රීඩාවකි. Electronic Arts වෙතින් 1997 දී මෙය නිකුත් විය.

ගේම් එකේ ඇති සියලුම ධාවන පථවල තරග කළ හැකි Tournament mode එක, කෙටි තරග ඇති Single Race, සහ පරාජිතයා බැගින් ඉවත් කරමින් ජයග්‍රාහකයකු තෝරාගැනීම සිදුකෙරෙන Knockout යන modesවලින් මේ ගේම් එක රසවිඳින්නට අවස්ථාව ලැබෙයි.

මෙය ද බ්‍රවුසරය හරහා Play කළ හැකි අතර, V අකුරින් Race එක ඇරඹිය යුතු අතර, Z අකුරින් ඉදිරියට යාමත්, Arrow Keysවලින් හැරවීමත් කළ හැක. අනිකුත් ඒවා Inputs පිටුවේ දක්වා ඇත.

Online Play කරන්න: Need for Speed II

නූතන Edge බ්‍රවුසරයේ ද අතීත ආභාසය ගත් Game එකක් ලැබීමට නියමිත යි. ඒ ගැන ‘අලුත් Edge බ්‍රවුසරයේ සැඟවුණු Surfing ගේම් එක’ ලිපියෙන් බලන්න. මේවා හැර ඔබ එකල වැඩිපුරම ප්‍රිය කළ Games මොනවාද?

කවරය: ytimg.com

Related Articles