Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලට ගන්න ඔබ මඟ නොහැරිය යුතු දවස්

සාමාන්‍යයෙන් භාණ්ඩයක් මිලට ගන්න ගියහම අඩුම මිල තියෙන තැනින් භාණ්ඩය මිලට ගන්න එක අපි කවුරුත් කරන දෙයක්. අන්තර්ජාලයෙන් බඩු මිල දී ගැනීමෙ දීත් මේ කාරණාව මේ විදිහටම සිදුවෙනවා. වෙබ් පිටු සිය ගණනක් පීරමින් අඩුම මිල තියෙන ඔන්ලයින් වෙළඳ සාප්පු අතර සැරිසරන එක දැන් trend එකක් බවට පත් වෙලා හමාරයි. මේ කියන්න යන්නේ එළඹෙන නිවාඩු සමයට අඩුම මිලට බඩු ගන්න ඔබට ලැබෙන අවස්ථාවන් ගැන යි. 

කළු සිකුරාදා හෙවත් බ්ලැක් ෆ්‍රයිඩේ ගැන අහලා තියෙනවා ද? 

කළු සිකුරාදා එහෙම නැති නම්, බ්ලැක් ෆ්‍රයිඩේ කියන්නේ ලංකාවට තරමක් ආධුනික සංකල්පයක්. මෙහි ආරම්භය සිදුවෙන්නේ 1952 දී පමණ ඇමෙරිකා එක්සත් ජනපදයේ දී යි. මෙය සෑම විටම යෙදෙන්නේ තෑන්ක්ස්ගිවින් ඩේ (Thanksgiving) එකට පසුව එන සිකුරාදා දිනයේ දී යි. තෑන්ක්ස්ගිවින් ඩේ එක සැමරීමේ අරමුණ වෙන්නේ ගොවියන් තමන්ගේ අස්වැන්න නෙලා ගැනීමේ සතුට සැමරීම යි. මෙය සෑම වසරකම නොවැම්බර් 4 වන සතියේ බ්‍රහස්පතින්දා දිනයේ සමරනු ලබනවා. ඊට පසුව එළඹෙන සිකුරාදා දිනය බ්ලැක් ෆ්‍රයිඩේ නමින් නම් වෙනවා. තෑන්ක්ස්ගිවින් ඩේ එක ඇමරිකානු නිල නිවාඩු දිනයක් වුවත්, මේ කළු සිකුරාදාව එලෙස ගණන් ගැනෙන්නේ නැහැ. නමුත්, එරට ප්‍රාන්ත කිහිපයක රජයන් එම ප්‍රාන්තවල නිවාඩු දිනයක් ලෙස මෙදින නම් කර තිබෙනවා. කළු සිකුරාදා හෙවත් බ්ලැක් ෆ්‍රයිඩේ කියලා මේ දවසට නම වැටුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තයේ මේ දිනයට මාර්ග තදබදය, ඝෝෂාකාරී බව, මෝටර් රථ නැවත්වීමට ඉඩකඩ නොමැති වීම, මාර්ග අනතුරු, බැණ වැදීම්, හා එකිනෙකා රණ්ඩු කරගැනීම ඉතා ඉහළ ප්‍රමාණයක් වාර්තා වෙන නිසා යි.

මහා සිකුරාදා දැනන් හිටියට, කළු සිකුරාදා ගැන ඔබ දන්නවා ද ?- theverge.com

මෙදිනට බොහොමයක් Online වෙළඳ සාප්පුවලිනුත් ඉතා ඉහළ වට්ටම් ලබාදීම සිදුවෙනවා. එනිසා එදාට ඔබ සාමාන්‍යයෙන් online shopping කරන වෙබ් අඩවිවලට පිවිසුණොත් ඉතාම ආකර්ශනීය වට්ටම් ලබා ගන්නට ඔබට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම Ebay, aliexpress, amazon වගේ වෙබ් අඩවිවල කළු සිකුරාදා කියන්නේ විශාල වශයෙන් භාණ්ඩ අලෙවි වන දවසක්. ඔබත් ඔන්ලයින් සාප්පු සවාරි යන්න කැමති කෙනෙක් නම් එදා හොඳම දවසක්. මෙවර කළු සිකුරාදා යෙදෙන්නේ නොවැම්බර් 29 වෙනිදා යි. මේ ගැන වැඩි විස්තර “කළු සිකුරාදා’ හෙවත් ‘බ්ලැක් ෆ්‍රයිඩේ’ කියන්නේ ඇත්තට ම මොකක් ද?” යන ලිපියෙන් ඔබට කියවන්න පුළුවන්. 

සයිබර් සඳුදාව

online shopping වෙනුවෙන්ම සයිබර් සඳුඳාව – blog.malwarebytes.com

මිනිසුන්ව online shopping කිරිමට පෙළඹවීම අරමුණු කරගෙන (වාණිජමය පරමාර්ථ) වෙළඳ සමාගම් නිර්මාණය කළ නිවාඩු දවසක් ලෙස මේ දිනය ප්‍රකට යි. Thanksgiving දවසට දින 4කට පසු ව එන සඳුදා දිනයේ මෙය යෙදෙනවා. බොහෝ විට නොවැම්බර් මස අවසාන දින කිහිපය තුළ Cyber Monday යෙදුණත්, කලාතුරකින් මෙය දෙසැම්බර් මස මුල් සතියේ යෙදෙන අවස්ථා ද තිබෙනවා. මෙවර මේ සයිබර් සඳුදා දිනය යෙදෙන්නේ දෙසැම්බර් දෙවනිදා යි. Cyber Monday යන යෙදුම ඇලන් ඩේවිස් (Ellen Davis) සහ ස්කොට් සිල්වර්මෙන් (Scott Silverman) යන දෙදෙනාගේ සංකල්පයන් මත භාවිතයට පැමිණ තිබෙන්නක් බව යි දැනගන්න ලැබෙන්නේ. 2005 වසරේ නොවැම්බර් මාසයේ 28 වන දින එම යෙදුම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඉතාම ඉක්මනින් වසරේ වැඩිපුරම Online Shopping සිදුවන දිනයක් බවට සයිබර් සඳුදාව පත් වුණා. සමස්ථයක් ලෙස ගත් විට, සාමාන්‍ය දිනෙක Online Shopping සිදුවන ප්‍රමාණයට වඩා 85%ක පමණ මට්ටමකින් විකුණුම් වැඩි කර ගැනිමටත් වෙළඳුන්ට හැකියාව ලැබෙන දිනයක් ලෙස මෙය සැලකෙනවා. මේ සංකල්පය ආසියානු රටවල් වෙත 2012 වසරේ දී පමණ හඳුන්වාදීම සිදුවෙන්නේ ඉන්දියාවෙන්. ඒ google සමාගම සමග එක්ව යි. Black Friday දවසේ වට්ටම් මඟ හැරුණු බොහෝ දෙනෙකුට මේ දිනයේ දී එළඹෙන නත්තල් සමය වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ 70%ක පමණ විශාල වට්ටම්/ මිල අඩු කිරිම් සමග භාණ්ඩ මිල දී ගැනීමට හැකියාව තිබෙනවා. මේ දවසත් ඔබ අමතක නොකර ඔබේ ප්‍රියතම අන්තර්ජාල වෙළඳසැල් වෙත පිවිසෙන්නම ඕනේ දවසක්. විශේෂයෙන් අන්තර්ජාලයෙන් විවිධ මෘදුකාංග මිලට ගන්න ඉන්න ඔබට මේ දවස බොහොම වටීවි.

තනිකඩයන් වෙනුවෙන් සමරන එකොළහයි-එකොළහ 

තනිකඩයින් වෙනුවෙන් එකොළහයි-එකොළහ – entrepreneur.com

මේ දිනයත් ලෝකයේ බොහොමයක් රටවල්වල වෙළඳාම් සරුවන දිනයක් වගේම තවත් සුවිශේෂිත්වයක් සහිත දිනයක්. ලෝකයේ තනිකඩයන්ගේ දිනය ලෙස හඳුන්වන්නේ මේ දිනය යි. ලෝකය පුරා වෙසෙන සහකාරියක්/ සහකරුවෙක් නොමැති තනිකඩයන් වෙනුවෙන් නිර්මාණය වූ මේ දිනය Guanggun Jie (GU案g古NJ IE) එහෙම නැති නම් Singles’ Day ලෙස හැඳින්වෙනවා. මෙය සැමරීම චීනයෙන් පැමිණි සම්ප්‍රදායයක්. තනිකඩව විසීමේ සතුට එසේ නොමැති නම්, තමන් තනිකඩ වීමේ අභිමානය සමරන දිනයක් ලෙස මෙය සැලකෙනවා. මේ දිනය සෑම වසරකම නොවැම්බර් මාසයේ 11 වෙනි දිනයේ සමරනු ලබනවා. ඔවුන්ට අනුව අංක “1” තනිකඩ බව විදහාපාන අංකයක්. හැබැයි, මේ වෙද්දී නම් මෙය සම්පුර්ණයෙන්ම පාහේ වානිජකරණය වී අවසාන යි. චීනය ඇතුළු රටවල් බොහොමයක සුවිශාල වට්ටම් සමග භාණ්ඩ විකිණීම සිදුවෙනවා. මේ දිනයට සමගාමිව ලංකාවෙත් විවිධ සමාගම් සහ අන්තර්ජාල භාණ්ඩ විකිණුම් සේවාවන් සුවිශේෂී වට්ටම් ලබාදෙනවා. හැබැයි ඉතින් බොහෝ දෙනෙක් මේ දිනය සමරන්නේ නම් තනිකඩ වීමේ සතුට සමරන්නම නෙමෙයි. කොහොම වුණත්, අන්තර්ජාලයෙන් බඩු ගෙන්වන, මිල දී ගන්න ඔබට මේ දිනයට සමගාමීව ආකර්ශනීය වට්ටම් ලබාගන්න පුළුවන්. විශේෂයෙන් AliExpress, gearbest.com වැනි වෙබ් අඩවි වෙත පිවිසෙන්න මේ දිනයේ අමතක කරන්නම එපා. 

මේ හැර විශාල වට්ටම් සමග අන්තර්ජාලයෙන් භාණ්ඩ මිල දී ගන්න පුළුවන් දවස් ගැන ඔබ දන්නවා නම්, ඒ ගැනත් අප සමග අදහස් බෙදාගන්න අමතක කරන්න එපා.

මූලාශ්‍රයයන්:

Financialexpress.com 

Entrepreneur.com 

Blog.malwarebytes.com 

Theverge.com 

Telegraph.co.uk 

කවරය- Financialexpress.com 

Related Articles