Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කළු සිකුරාදාවට නොදෙවෙනි සයිබර් සඳුදාව

Cyber Monday යනුවෙන් හඳුන්වන්නේ ඇමරිකාවේ Thanksgiving දවසට පසු ව එන සඳුදා දිනය සඳහා භාවිතා වන නමකි. මෙය පුද්ගලයින් online shoping කිරිමට පෙළඹවීම සඳහා අලෙවි කරන සමාගම් නිර්මාණය කර ගත් නාමයකි. මේ දිනය සාමාන්‍යයෙන් යෙදෙන්නේ Thanksgiving දවසට දින 4කට පසු ව එන සඳුදා දිනයේ වන අතර, මෙය Cyber Monday ලෙස online shoping කරන බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය දිනයක් බවට පත් වී ඇත. නොවැම්බර් මස 28 සහ දෙසැම්බර් මස 2 යන දින අතර සාමන්‍යයෙන් මෙම දිනය යෙදේ. බොහෝ විට නොවැම්බර් මස අවසාන දින කිහිපය තුළ Cyber Monday යෙදුණත්, කලාතුරකින් මෙය දෙසැම්බර් මස මුල් සතියේ යෙදෙන අවස්ථා ද පවතී. Cyber Monday යන යෙදුම ඇලන් ඩේවිස් (Ellen Davis) සහ ස්කොට් සිල්වර්මෙන් (Scott Silverman) යන දෙදෙනාගේ සංකල්පයන් මත භාවිතයට පැමිණ තිබේ. 2005 වසරේ නොවැම්බර් මාසයේ 28 වන දින එම යෙදුම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. මෙය ඉතා ම ඉක්මනින් වසරේ වැඩිපුර ම Online Shoping සිදුවන දිනයක් බවට පත් විය.

Online Shopping කිරිමට පොළඹවන Cyber Monday – moneycrashers.com

2005 වසරේ මේ දිනය ප්‍රකාශයට පත් කිරිම සමග ම කෙරුණු සමීක්ෂණයකින් හෙළිවුණේ අන්තර්ජාලය හරහා වෙළඳාම් කරන්න වෙළඳුන්ගෙන් 77%ක ප්‍රමාණයකට තම විකුණුම් සැලකිය යුතු මට්ටමකින් වැඩි කර ගැනීමට හැකියාව ලැබුණු බව යි. සමස්තයක් ලෙස ගත් විට සාමාන්‍ය දිනෙක Online Shopping සිදුවන  ප්‍රමාණයට වඩා 85%ක පමණ මට්ටමකින් විකුණුම් වැඩි කර ගැනිමටත් වෙළඳුන්ට හැකියාව ලැබී තිබෙනවා. එයට හේතුව වන්නේ Cyber Monday වෙනුවෙන් වෙළඳුන් ලබාදෙන විශේෂ වට්ටම් නිසාවෙන්, 2015 දී ඩොලර් බිලියන 2.98කට ආසන්න ඇණවුම් ලැබී තිබීමත්, පසුගිය වසර එනම් 2017 වසර වන විට වාර්තා ගත ලෙස  ඩොලර් බිලියන 6.59ක් දක්වා ඉහළ ගොස් තිබීමත් ය.

කළු සිකුරාදා දිනයට (Black Friday) අතිශයින් ම සමාන ලෙසින් වට්ටම් ලබාදෙන දිනයක් ලෙස Cyber Monday මේ වන විට පත්ව ඇති අතර, කුඩා ව්‍යාපාරිකයන්ට විශාල ව්‍යාපාරිකයන් සමග තරග කරමින් තමන්ගේ අලවිය සමග ම ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුතු සිදුකර ගැනීමට මේ දිනය මහඟු පිටිවහලක් සපය යි. මුල දී මෙම විශේෂ දිනය යුරෝපයේ පමණක් ප්‍රචලිත දිනයක් වුවත්, අද වන විට එය ලොව පුරා අන්තර්ජාල වෙළෙඳුන් විසින් මෙම දිනය තමන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධනයට යොදා ගනියි.

Black Friday වගේම Cyber Monday – searchnode.net

ළඟ එන නත්තල් නිවාඩු සමය අරබයා බොහෝමයක් ප්‍රධාන ගණයේ online විකිණුම් කරන සමාගම්/ වෙබ් අඩවි රාශියක් මේ දිනය භාවිතා කරමින් තමන්ගේ වෙබ් අඩවි වෙත ගැණුම්කරුවන් ගෙන්වා ගැනීම සිදුකරයි. ආසියාව සඳහා ප්‍රධාන වශයෙන් මෙම දින තේමාව යොදා ගැනීම ආරම්භ වෙන්නේ 2012 තරම් මෑත කාලයේ දී යි. ආසියාවේ ප්‍රබලයින් වන ඉන්දියාව, සහ ජපානය මේ දිනයන් ප්‍රථමයෙන් නිල වශයෙන් පැවැත්වූ රටවල් බවට පත් විය. ඉන්දීයාව 2012 වසරේ ඔවුන්ට ම ආවේණික ලෙස මෙම දිනය google සමාගම සමග එක් වී ආරම්භ කළ අතර, එම වසරේ දී ම ජපානයත් Cyber Monday සැමරීම ආරම්භ කළ රටවල් අතරට එක් විය. මේ දිනය සමරන අනෙක් රටවල් ලෙස කැනඩාව, ඕස්ට්රේලියාව, කොලොම්බියාව ප්‍රධාන තැනක් ගනී.

විශාල වට්ටම් සමග Cyber Monday – tassos.gr

අද වන විට මේ Cyber Monday ලංකාවේ online shopping සිදුකරන බොහෝ දෙනෙකු අතරත් ජනප්‍රියතාවයක් උසුල යි. Black Friday දවසේ වට්ටම් මඟ හැරුණු බොහෝ දෙනෙකුට මේ දිනයේ දී එළඹෙන නත්තල් සමය වෙනුවෙන් 70%ක පමණ විශාල වට්ටම්/ මිල අඩු කිරිම් සමග භාණ්ඩ මිල දී ගැනීමට හැකියාව පවතී.

Eflyer.lk, Mydeal.lk, Mangooutlet.com, Computravel.co.za, buyabans.com ඇතුළු වෙබ් අඩවි ගණනාවක් විශේෂිත වට්ටම් යටතේ තමන්ගේ භාණ්ඩ හා සේවාවන් ලබා දීම සිදුකර ඇත.

විශාල සමාගම්වලින් විශේෂ වට්ටම් – fifauteam.com

 

මූලාශ්‍රයයන්:

wikipedia.org

Youtube.com

Investopedia.com

Forbes.com

Related Articles