Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Dialog සේවා සම්බන්ධ විමසීම්වලට ක්ෂණික ව පිළිතුරු ලබාගන්නට තවත් ක්‍රමයක්

ගෝලීය වසංගත උවදුරක් හමුවේ නිවසින් බැහැර යාම අවදානම් නිසාත්, Dialog සේවා මධ්‍යස්ථාන වෙත ළඟාවීමට නොහැකි වීම, මෙන් ම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වෙත ඇමතුම් ලබා ගැනීමට ඇති අපහසුතාවලටත් ඔබ මුහුණ දෙනවා ඇති. එහෙත් Dialog පාරිභෝගිකයන් අතරින් ම සකසන ලද නව සේවාවක් හරහා ඔබට දැන් ඔබේ Dialog සබඳතා සම්බන්ධ ගැටලු විසඳාගන්නට අවස්ථාව උදා වෙනවා.

ඔබගේ Dialog සේවාව සම්බන්ධ විමසීම්වලට ක්ෂණික පිළිතුරු ලබා ගැනීමට හඳුන්වා දී ඇති මේ සේවාව Dialog Support Community Forum නම්වනවා. Dialog පාරිභෝගික සමූහයක් ලෙසින් ක්‍රියා කරන මේ Forum එක එකිනෙකාට උපකාර කරගනිමින් Points ලබා ගන්නටත් හැකි සුවිශේෂී ක්‍රමවේදයක් ද සහිත ව එළි දැක්වුණා.

Dialog මොබයිල්, Television, Home Broadband, Mobile Broadband, Fixed Line හා අනෙකුත් සේවා (VAS), දුරකථන හා උපාංග, නවතම Dialog පුවත්, සහ වෙනත් සේවා ලෙස නව වෙබ් අඩවිය කොටස් රැසකට වෙන් කර තිබෙනවා. ඒවාට පිවිස  ඊට අදාළ ප්‍රශ්න  යොමු කළ හැකි අතර, 20,000කට අධික පරිශීලක ප්‍රජාවකගෙන් ඊට පිළිතුරු ලබා ගන්නට අවස්ථාව උදා වෙනවා. මෙතරම් විශාල පිරිසක් සිටින නිසාම එය ශ්‍රී ලංකාවේ විශාලත ම පරිශීලක ප්‍රජාවක් සිටින Forumවල මුල් පෙළට එක්වන්නේ නිතැතින්ම යි.

මේ Forum එක මගින් Dialog සේවා සම්බන්ධ විමසීම්වලට ක්ෂණික සහාය ලබාගන්නට ඔබට එහි පළමුවෙන් ම register වීමට සිදුවෙනවා. ඔබේ Social Logins ලබා දී පහසුවෙන් ම මෙම Forum එකට register වීමට ඔබට පුළුවන්. ඊට අමතර ව register වන අවස්ථාවේ දී ඔබේ eZ Cash ලියාපංදිචි මොබයිල් අංකය ලබා දීමෙන් ඉදිරියේදී eZ Cash ලබා ගැනීමටත් හැකියාවක් පවතිනවා. මේ පිළිබඳ ව වැඩි දුරටත් විස්තර අපි ඉදිරියේදී කතා කරමු.

1 වෙබ් අඩවි මුල් පිටුව

ප්‍රශ්න ඇසීමේදී මෙන් ම, අන් අයඅසන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමෙනුත් තමන්ගේ නමට ඉදිරියෙන් Badge එකක් පෙන්වන්නට හැකියාව ලැබෙනවා. වැඩිපුර ම ක්‍රියාකාරී පරිශීලකයන්ට ඉහළ මට්ටමේ Badges ලැබෙන බැවින් ඉහළ ගෞරව නාමයක් ප්‍රදර්ශනය කරන්නට අවස්ථාව උදා වී තිබෙනවා. එපමණක් ද නොව, ඉහළ ම Points ලබා ගන්නා අයට Dialog වෙතින් දීමනාත් හිමි වනවා.

community.dialog.lk වෙත පිවිස ලියාපදිංචි වූ විට Welcome සහ Meteor යන Badge දෙක ලැබෙනවා. අනතුරුව Profile එකේ සියලු ම විස්තර ලබා දී, ප්‍රථම ප්‍රශ්නය විමසා එය අනුමත වී පසුව Comet යන දෙවැනි මට්ටමට ළඟා වෙනවා. තවත්  කෙනකුගේ  පැනයකට පිළිතුරු දී, Likes 100ක් ලැබුණොත් Asteroid යන තෙවන මට්ටමට උසස් වෙනවා. මේ ආකාරයට ප්‍රශ්න 10ක් ඇසූ විට Moon, ප්‍රශ්න 25ට Planet, 50කට Proto Star දක්වා මට්ටම්වලට ඔබ ඉහළ යන අතර, ඉන්පසු Likes 1000ක්, සාර්ථක පිළිතුරු 50ක් ලබා දුන් විට Giant Star මට්ටමටම යා හැකියි. Explorer badge එක ලැබුණු පසු Super Nova යන උසස් ම ගෞරව නාමය ලැබෙනවා. මේ සියල්ල login වී, community.dialog.lk/profile/badges-rewards යන වෙබ් පිටුවට පිවිස ඔබට දැනගත හැකියි.

2 Badges ලැයිස්තුව

community.dialog.lk/member/all යන පිටුවට පිවිසුණු විට දැනට ලියාපදිංචි වී ඇති සියලු ම පරිශීලකයන් දැකගන්නටත්, ඔවුන්ගේ Badge එක සහ Profile එක බලන්නටත් හැකි වෙනවා. තමන් සිටින මට්ටම සහ අනෙක් අය‍ගේ Badges ගැන සොයා බලන්නට පමණක් නොව, නිරන්තරයෙන් සක්‍රීය ව පිළිතුරු සපයන අය Follow කර, ඔවුන් සමඟ සම්බන්ධ වීමටත් ඔබට මේ හරහා හැකි වෙනවා.

මෙතෙක් අනෙක් අය අසා ඇති ප්‍රශ්න Search කර සොයා ගත හැකි නිසා ප්‍රශ්නයක් සිතට ආ සැණින් එයට විවිධ අය ලබා දී ඇති පිළිතුරු බලන්නට ඔබට අවස්ථාව උදා වෙනවා. මේ නිසා එක ම ප්‍රශ්නයට ලැබුණු විවිධ ආකාරයේ විසඳුම්, විවිධ කෝණවලින් යුත් පිළිතුරු අත්හදා බලමින් ඔබට ම ගැළපෙන විසඳුම වෙත යොමු වන්නට හැකි වෙනවා.

මෙම සේවාවට අමතර ව, අවශ්‍ය ඕනෑම වේලාවක දී ක්ෂණික සහාය ලබාගන්නට 0777 678 678 ඔස්සේ Dialog ඩිජිටල් සහායක DIA සමඟ WhatsApp හරහා සම්බන්ධ වීමෙන්, fb.com/dialog.lk Facebook පිටුවෙන් හෝ [email protected] වෙත ඊමේල් කිරීමෙන් ද ගැටලු විසඳාගන්නට ඔබට හැකියාව තිබෙනවා.

කවරයේ ඡායාරූපය- burst.shopifycdn.com

Related Articles