Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රුපියල් 499ට Unlimited Netflix ඩේටා පැකේජයක් Dialog Home Broadband වෙතින්

හොඳම චිත්‍රපට සහ TV Series පමණක් නොව, ලොව ඉහළම Ratings ලබන Netflix Originals බලන්න තිබෙන එකම තැන Netflix බව ඔබ හොඳින්ම දන්නවා. ඒත් Netflixවලට ගෙවන ගමන් ලොකු ඩේටා පැකේජ් එකකුත් දාගන්න එක ලොකු ගැටළුවක්. මෙය විසඳන්නට දැන් Dialog සමාගම අපූරු විසඳුමක් ලබා දී තිබෙනවා.

අලුතින් හඳුන්වා දී තිබෙන නව පැකේජ HD Quality එකෙන් කිසිදු ඩේටා සීමාවක් නොමැතිව Netflix බලන්නට අවස්ථාව ලබා දෙනවා. Money Heist, Dark, Friends, Sex Education, Narcos, Stranger Things වගේ TV Series දැන් එක දිගට HD වලින්ම ඩේටා ගැන කිසිම බයක් නැතුව බලන්න පුළුවන්.

Netflix පාවිච්චි කරද්දී Download වගේම Uploadවලට වැයවන ඩේටා සියල්ලම මේ හරහා Unlimited ලැබෙන නිසාත්, Quota සීමාවක් නැති නිසාත් හොඳ Quality එකෙන් Netflix බලද්දි දෙපාරක් හිතන්න වෙන්නේ නැහැ.

ඔබත් Dialog Home Broadband Postpaid පාරිභෝගිකයෙක් නම් හෝ අලුතින් සබඳතාවක් ලබා ගන්නට අපේක්ෂා කරනවා නම් මේ වාසිය ඔබටත් ලබා ගන්න පුළුවන්. අලුතින් හඳුන්වා දුන් පැකේජ පහත දැක්වෙනවා.

දවස් 07කට රු. 499/-

මෙය ඔබට අවශ්‍ය අවස්ථාවක රු. 499 කින් සතියක් පුරාවට HD වලින් Netflix බලන්න මින් හැකියාව ලැබෙනවා.

දවස් 30කට රු. 999/-

මින් මාසයක් පුරාවට HD වලින් Netflix බලන්න පුළුවන්. අවශ්‍ය අවස්ථාවක Active කරගන්න විදියට වගේම, Auto renew වෙන විදියටත් මේ පැකේජය ලබා ගන්න පුළුවන්.

මේ පැකේජවලට Netflix Account එක වෙනුවෙන් ගෙවන මුදල ඇතුලත් වෙන්නේ නැහැ. මේවායෙන් සිදුවන්නේ ඔබට Netflix බලන්නට සතියක් හෝ මාසයක් පුරාවට ‍Unlimited ඩේටා ලැබීමයි.

පහත ආකාරයට ඒවා අන්තර්ජාලයෙන් Activate කරගන්න පුළුවන්.

  1. http://hbb.dialog.lk/video වෙබ් පිටුවට යන්න
  2. එයට ඔබේ Dialog Home Broadband ගිණුම් අංකය ඇතුලත් කර, Send OTP බොත්තම ක්ලික් කරන්න.
  3. දැන් ඊට සම්බන්ධ කර ඇති ඔබේ දුරකථනය වෙත ලැබුණු OTP කේතය ටයිප් කර, Login බොත්තම ක්ලික් කරන්න.
  4. පැකේජ ලැයිස්තුවෙන් ඔබට අවශ්‍ය Netflix පැකේජය Activate කරන්න.

එසේත් නැත්නම් SMS හරහා ද ඒවා සක්‍රීය කර ගත හැකියි.

දවස් 07 පැකේජය

BB<හිස්තැනක්>499<හිස්තැනක්>ඔබේ Home Broadband ගිණුම් අංකය යොදා 678 ට Send කරන්න. Dialog නොවන අංකයකින් නම් 0777678678 ට Send කරන්න.

දවස් 30 පැකේජය

BB<හිස්තැනක්>999<හිස්තැනක්>ඔබේ Home Broadband ගිණුම් අංකය යොදා 678 ට Send කරන්න. ඩයලොග් නොවන අංකයකින් නම් 0777678678 ට Send කරන්න.

දවස් 30 පැකේජය Auto Renew ලෙස

BB<හිස්තැනක්>R999<හිස්තැනක්>ඔබේ Home Broadband ගිණුම් අංකය යොදා 678 ට Send කරන්න. Dialog නොවන අංකයකින් නම් 0777678678 ට Send කරන්න.

මෙමඟින් ඔබට සතිපතා හෝ මාස්පතා ඔබේ Home Broadband Postpaid රවුටරයෙන් ඩේටා සඳහා වැයවන විශාල මුදලක් ඉතිරි කරගෙන Netflix HD වලින්ම බලන්නට හැකියාව ලැබෙනවා. මෙම ඩේටා පැකේජය පිළිබද වැඩි විස්තර ලබාගැනීමට https://www.dialog.lk/netflix-unlimited යන සබැඳියට පිවිසෙන්න.

Activate කරගත්තාට පස්සේ ඔබ අනිවාර්යයෙන්ම බැලිය යුතු Netflix movies සහ tv series ටිකක් පහතින් දැක්වෙනවා.

  • Money Heist – ත්‍රාසයෙන් උපරිමයෙන් පිරුණු මෙය බැංකු මංකොල්ලකෑම් සම්බන්ධ කතාවක්. හොඳටම සෙට් වෙන්න නම්, 6 වැනි Episode එක වෙනකම්වත් අනිවාර්යයෙන් බලන්න.
  • Marvel’s Daredevil – Marvel සමාගමේ ඩෙයාර්ඩෙවිල්ගේ චරිතය වඩා ගෙතුණු කතා මාලාවක්
  • El Camino: A Breaking Bad Movie – Breaking Bad බලපු අයට ජෙසී පින්ක්මන් වටා ගෙතුණු මේ චිත්‍රපටයෙන් පැරණි මතකය නැවතත් අවධි කරගන්න පුළුවන්. Breaking Bad වගේම එහි සිටින Saul වටා ගෙතුණු Better Call Saul ද Netflix එකෙන් බලන්න පුළුවන්.
  • The Witcher – ගේම් ඔෆ් ත්‍රෝන්ස් රසිකයන්ට වෙනත්ම ආකාරයකින් ඊට සමාන අත්දැකීමක් මින් ලබාගන්න පුළුවන්.
  • You – තමන්ගේ පෙම්වති(යන්) ගැන හොරෙන් විස්තර හොයමින් තමන්ට බාධාවක් වන සියලුම දේවල් හොඳින් හෝ නරකින් ඉවත් කරන අමුතු ජාතියේ පෙම්වතෙක් ගැනයි මේ Series එක.
  • Ozark – මුදල් විශුද්ධිකරණය (Money laundering) කරන පිරිසක් වටා මේ කතාව දිවෙනවා.

Related Articles